🍃🖤...Cute heart...🍃🖤

Description
Tags
We recommend to visit

@Echem_memes24_bot
[ ඔයාලගෙ Memes අපිට එවන්න 🤠👆 ]

|| ᴄʜᴇᴍɪꜱᴛʀʏ ᴍᴇᴍᴇꜱ ʙʏ 24 ᴛʜᴇᴏʀʏ ʙᴀᴛᴄʜ ||

Last updated 1 month, 1 week ago

Last updated 1 month, 3 weeks ago

එතිකල් හැකින් ඉගන ගැනීමට කැමති අය subscribers කරන්න.

Last updated 2 years, 8 months ago

1 month, 3 weeks ago
Good Morning ***🌅******♥️******✨***

Good Morning 🌅♥️

1 month, 3 weeks ago
🍃🖤...Cute heart...🍃🖤
1 month, 3 weeks ago
[ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් …

ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන....☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇

අන්න ඒ වෙලාවට කාටවත්ම කියන්න බැරි සතුටක්...😊 දුකක්..😔 හෝ වෙන ඕනම හැඟීමක්,🙃 ඔලුවට බර ප්‍රශ්නයක් අනිත් අය එක්ක බෙදාගන්න තැනක් ඕනද...?🥰

ඔයාගෙ අදහස් තීරණ ගැන අනිත් අයගෙ අදහස දැනගන්න තැනක් නැද්ද??😕

එහෙම නැත්නම් ඔයා අනික් අයට සවන්දෙන්න ,අනික් අයගේ ප්‍රශ්න වලට විසඳුම් හොයල දීල සතුටක් ලබන්න කැමති කෙනෙක්ද..🍃💫

එහෙනම් ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇
එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න..
අනික් අයට මග පෙන්නන්න..💫💐

දැන්ම එකතු වෙන්න අපිත් එක්ක👇 https://t.me/Give_way2Freedom

GIVE WAY TO FREEDOM 💌

4 months ago
*****?***** **ජීවිතේ වෙනස් කරන NIGHT එකට …

*? *ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 03යි *?
?  *PRACTICAL NIGHT '24?විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු ?
?ලංකාවටම නොමිලේ ‼️

? විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/--ucCxIm7Co?si=GWPR_0YbMu46Krsz

සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024

? අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️

???????

????????

4 months ago
***?***

?

4 months ago
***?***

?

7 months, 1 week ago

නංගියෙ කොල්ලව ගෙදර තියලා වරෙන්...

හැමදාම අහන සුපුරුදු දේ එදත් මට අහන්න හම්බ වුනා. මං අමල්. ඒ වෙද්දි වයස අවුරුදු දාහතරක් විතර. මට ඉන්නෙ අම්මයි අක්කයි විතරයි. මට වෙලාවකට හිතුනා මම තමයි මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම කෙනා කියලා. මොකද මම ඉපදුනේ උපතින්ම ආබාධිතයෙක් විදියට.

මගෙ අත් දෙක උපතින්ම  කොටයි. "උඹ ඉපදුන දවසෙ උඹව දැකල අම්ම ඇඬුව විලාප තියල. හරි විරූපියි." මැගි අත්තම්මා දවසක් මට කිව්වා.

පුංචි කාලෙ ඉඳන් මම හිටියේ තනියම. ඉස්කෝලේ ගියේ අවුරුදු දෙක තුනයි. "හූ..හූ...අත කොටෝ...හූ..." ළමයින්ගෙ ඇනුම්පද මගෙ හිතට බර වැඩි වුනා. "ඔයාගෙ පුතාට මේ ඉස්කෝලෙ හරියන්නේ නෑ. අපිටත් එක ළමයෙක් වෙනුවෙන් අවධානය දෙන්න අමාරුයි." ඉස්කෝලෙට ගියා අම්මට ටීචර්ලා කිව්වා. "ගෙදර ඉඳන් පාඩම් කරමු මයෙ පුතේ"අම්මා කිව්වම  මම ඔලුව වනල හා කිව්වා.

ගමේදිත්  මට යාලුවො කවුරුත් හිටියෙ නෑ. මාව සෙල්ලම්වලට ගන්නෙත් නෑ, මං ඉන්න පිල පරදිනවා කියලා. ඇත්තනේ මගෙන් කාටවත් වැඩක් තිබුනෙ නෑ.

අපෙ පවුලේ ගොඩක් වැදගත් අවස්ථාවලදි හෙම මාව හංගනවා. ගෙදරට කව්රුහරි එද්දිත් මං හැංගෙන්න පුරුදු වෙලා හිටියා. දවසක් අපේ අක්කව බලන්න මනමාලයෙක් ආවා.

"මල්ලි පොඩ්ඩක් වහං වෙලා ඉන්න. මතකනේ ගිය පාර ආව කෙනත් ඔයාව දැකලා හැරිලා ගියා." අක්කා කිව්වම මගෙ ඇස්වලට කඳුලුට් ආවා.

"නෑ අක්කේ මේ පාර නම් මං හැංගිලාම ඉන්නම්" මං එයාලා යනකන්ම වත්ත පහල ළිඳ ළඟට වෙලා හිටියා.

"මොකද අක්කේ ආව කට්ටිය කියන්නෙ?" පහුවදා ආව කපු නැන්දාගෙන් අම්මා ඇහුවා.

"මේ ගෙදර ආබාධිත ළමයෙක් ඉන්නවා කියල ගමේ වසංගතයක් කියලලු බන්. කැමති නෑලු උන්. අපි වෙන කාවහරි බලමු"
අක්කා මං දිහා රවල බලල කාමරේට ගිහින් අඬනවා මං අහගෙන.

අපේ ලොකු අම්මගෙ දුව නාමලී ලොකු ළමයෙක් වුනෙත් ඔය අතරෙ.
"නංගියෙ, නංගි විතරක් එන්න. පුතාව එක්කන් එන්න එපා. සුබ කටයුත්තක්නෙ. දන්නවනේ ඉතින්."

අම්මා බිම බලන් බුලත් කොළෙ ගත්තා. අම්මට මේ කතා හුරුයි. කිරි දාන පවා අම්මට මඟහැරුනෙ ආබාධිත ළමයෙක් ඉන්න නිසා කියල මැගි අත්තම්මා දවසක් කිව්වා.

දවසක් පන්සලේදි සතෙක්ට ගගහ ඉඳපු ළමයෙක්ටත් ඒ ළමයගෙ අම්මා මාව පෙන්නලා කිව්වේ "පව් වැඩ කළොත් අර වගේ වේවි" කියලයි.

දවසක් බූලා දම්වැලෙන් ගලෝගෙන පාරට දිව්වා. මට පාරට යන්න එපා කියලනෙ තියෙන්නේ. ඒත් අනේ බූලා නැති වුනොත් හෙම. මම බූලා පිටිපස්සෙන් දිව්වා.

"බූලෝ ඔහොම ඉන්න..ඉජු...ඉජූ..." මම කෑගගහ දිව්වා.

ලොකු අම්මයි, නාමලීයි පාරට ආවෙත් ඔය අතරෙ. "ලොකු අම්මේ බූලව දැක්කද?" මං ඇහුවා.

"බූලා....නොදෝමකින්...අද මේ කෙල්ලට විභාගයක්...තෝව ඉස්සරහට මුලිච්චි වුනා කියන්නේ ඒකෙන් වැඩක් නෑ. කෙල්ලෙ උඹ අනිවාර්යයෙන් ෆේල් වෙයි."
ලොකු අම්මා මගෙ ඇඟට කඩන් පැන්නා. නාමලීටත් දුකයි. "අනේ අම්මෙ, මට බයයි."

බූලා එන වෙලාවක ඒවි. මං හැරුනා ආපහු.

"තොගෙ තාත්තා අකාලෙ මළෙත් තොගෙ අවාසනාවට..."ලොකු අම්මා කෑගහල කිව්වා.

ඒකට නම් මට හොඳටෝම රිදුනා.
ගෙදර ගිහින් මං හොඳටෝම ඇඬුවා.

"ඇයි පුතේ...ගමේ උන් මොනාහරි කිව්වද අදත්. උඹ කොහෙද ගියේ. ඒකනෙ මං පාරට යන්න එපා කියල තියෙන්නේ..."

"ඇයි අම්මේ මාව ඉපැද්දුවේ? මාව මරන්න අම්මේ. මට බෑ මෙහෙම දුක් විඳින්න. මට මැරෙන්න ඕනි අම්මේ..."

මම දුවන් ගියා ළිඳ ගාවට.

"අනේ මගෙ දෙය්යෝ....මගෙ පුතේ..." දුවන් ආව අම්මා මාව බදාගෙන විලාප තිබ්බා.

"උඹ මළාම මම තනි වේවි පුතේ. මාව තනි කරන්න එපා රත්තරනේ....උඹ මැරෙනවා නම් මාවත් මරලා මැරියං.."

මං අම්මට තුරුල් වෙලා ඇඬුවා.

"උඹ දිනපන් පුතේ කොහොමහරි...ජීවත් වෙයන් මගෙ දෙයියා..."

එදා ඒ කිව්ව වචනෙ මම ඇහුවෙ නැත්තම් අද මෙහෙම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නෙ නෑ. අද මම මුළු ගමටම රස්සා දෙන කුළුබඩු ව්‍යාපාරිකයෙක්. අද ගමේ මඟුලක්, වැදගත් කටයුත්තක් මට මඟ ඇරෙන්නෙ කලාතුරකින්.     මාව දැකලා යන ගමන් තක්කෙටම හරියනවලු. ඒක නිසා මාව බලලම රස්සාවලට යන්න හෙම කට්ටිය හුරු වෙලා. ටීවී එකෙත් මං ගැන වැඩසටහන් යනවා දැන් ඉඳහිට.

"මහත්තයා වාසනාවන්තයි කියලා මං කියන්නේ එදා ඉඳන්" මැගි අත්තම්මා මුණ ගැහුනම කියනවා.

"පුතේ..."

අම්මට උඩ තට්ටුව නගින්න අමාරුයි.

"ඉන්න මං පහලට එනවා අම්මේ."

"පුතේ ලොකු අම්මා යෝජනාවක් ගෙනත් උඹට. නාමලීව. මොකද කියන්නේ උඹ?" අම්ම ඇහුවා.

මොනවා කියන්නද? කියන්න තියෙන දේ මං කෙලින්ම කිව්වා අම්මට.

"මට බෑ අම්මේ, මට කෙනෙක් ඉන්නවා. එයත් ආබාධිතයි. ඒත් හිත හොඳයි. ලොකු අම්මට පණිවිඩේ යවන්න..."

Copied

මිනිස්සුන්ට තීන ප්‍රශ්නත් එක්ක ඔයාලට තියෙන ප්‍රශ්න ප්‍රශ්නද ළමයි.....?
විකාර නැතුව වැඩ කරන්න..☺️

We recommend to visit

@Echem_memes24_bot
[ ඔයාලගෙ Memes අපිට එවන්න 🤠👆 ]

|| ᴄʜᴇᴍɪꜱᴛʀʏ ᴍᴇᴍᴇꜱ ʙʏ 24 ᴛʜᴇᴏʀʏ ʙᴀᴛᴄʜ ||

Last updated 1 month, 1 week ago

Last updated 1 month, 3 weeks ago

එතිකල් හැකින් ඉගන ගැනීමට කැමති අය subscribers කරන්න.

Last updated 2 years, 8 months ago