Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

Description
Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰
Advertising
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 3 weeks, 6 days ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 2 days, 20 hours ago

Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰

Last updated 2 months ago

2 months ago

නමුත් මම හැම මොහොතකම ඇහැ ගහගෙන හිටියා කියලා ඔයා දන්නෑ නේ...?

අවස්ථාව දෙනවා, ඔයාටම තේරුම් ගන්න, තීරණ ගන්න.... ඒක තමයි හොඳම පාඩම, ඉදිරි ජීවිත කාලයම තමන්ව පරිස්සමෙන් බලගන්න..ඔයාට ඒක හොඳ පාඩමක් වෙයි ජීවිතේට...

පසුතැවෙන්නවත්, ලැජ්ජවෙන්නවත් නෙවෙයි, වෙන හැමදේකින්ම අත්දැකීම් ගන්න, මිනිස්සු ගැන තේරුම් ගන්න,අපි හිතන දේවල් ඒ විදියට ම වෙන්නෑ කියලා තේරුම් ගන්න, මිනිස්සු වෙනස් වෙන බවත්, ආත්මාර්ථයෙන් පිරිච්ච ලෝකයක් බවත් තේරුම් ගන්න,ප්‍රේමය කියන්නේ අද කාලයේ පාරිශුද්ධ හැඟීමක් ම නෙවෙයි, මිනිස්සු තමන්ට ඕන දේ අනෙකාගෙන් ලැබෙනකම් ප්‍රේමය කියලා නමක් පටබැඳගෙන කරන ගනුදෙනුවක් මේක, ඒක මට එදා පළවෙනිම දවසෙ මෙහෙම තේරුම් කරන්නත් බෑ, ඒක මෙහෙම තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක ඔයා හිටියෙත් නෑ,

ඉතින්, දැන් දුවට පුළුවන් මේ මාස තුනේ හිටියටත් වඩා හොඳට සූදානම් වෙලා පාඩම් කරලා විභාගෙට ගොඩ දාගන්න...
තමන්ව පාවිච්චි කරපු කෙනෙක් වෙනුවෙන් තමන් තමන්ට තියෙන ආදරේ වත්,ඔයාට ආදරේ කරන පවුලේ අයගෙ විශ්වාසයවත් නැති වෙන්න දෙන්න එපා දරුවෝ.....
අම්මා මගේ හිස අතගාමින් සිනාසෙන්නට වූයේ, තව ඉස්සරහට ඔයිට වඩා විශම ලෝකෙකට,දරුණු සමාජෙකට,පුදුම මිනිස්සු අතරට ඔයා එකතු වෙන්න යන්නෙ දරුවෝ, පරිස්සමෙන් කියන්නාක් මෙනි...

ඇත්තටම ස්තුතියි අම්මේ,

එහෙම නොවූණානම් අදටත් මම ,එච්චර අහිංසක එයාව මට මග ඇරුණනේ කියන එකක් හිතේ තියාගෙන ඒ ගැන පසුතැවෙයි...එයාව මතක්වෙන හැම වාරයක් ගානෙම අම්මට වෛර කරයි.

ඔව්, දැන් මම නිදහස්...

වචනෙන් තේරුම් කරනවට වඩා, අත්දැකීමෙන් තේරුම් ගන්න ඇරිය එකට ස්තුතියි අම්මේ...
©කුමුදි නෙත්තසිංහ 🫂👆💗

Copied

2 months ago

මම ඒ සම්බන්ධෙ පටන්ගත්තේ, කිසිම දෙයක් නොදැනුවත්ව ම, සමවයසේ
යෙහෙළියන්ටත් ඒ වෙද්දි කොල්ලො හිටපු නිසා..
එයාලගේ තොරතෝංචියක් නැති කතා අහගෙන කොන්වෙන්න බැරි කමට...
"එයා සවිඳු, මගේ ම වයසෙ,අපි එතකොට ඕලෙවල් පංති යනවා,

යාලුවෙක් අතේ එයා මට කැමතියි කියලා එව්වා, මම හා කිව්වා" එච්චරයි.

දවසක් බස් එකෙන් බැහැලා එද්දි ආච්චිඅම්මා අපි දෙන්නව දැකලා අම්මට ඇවිත් කියපු දවසෙ,
මට අද වගේ මතකයි මම ලැජ්ජ වුණ හැටි අම්මා ඉස්සරහට එන්න බැරිව...

පේනවද මුංගෙ තරම,ඇටෙන් පොත්තෙන් එළියට එන්න කටින් මගුල් විසේ, ඉස්කෝලේ යන ළමයි කරන වැඩද මේවා...අපි නම් උඹලට ඕවා කරන්න ඉඩ තිබ්බේ නෑ පුතේ, ආච්චිඅම්මා අම්මා පරළවෙලා...

ආච්චිගේ ගෝරනාඩුව එක්ක ඊළඟ මොහොතේ මං බලාපොරොත්තු වුණේ හොඳටම
ගුටිකන්න වෙයි, අහගෙන ඉන්න බැරි විදියට බැණුම් අහන්න වෙයි කියලා...
මොකද මම යාලුවන්ගෙ ඒ කතන්දරත් අහලා තියෙනවා...

ඔහොම වුණාම හවස පන්ති වලින් අයින් කරගෙන,යාලුවෙක්ගෙ ගෙදරටවත් යන්න නොදී, අඩුමගානේ හවසට පන්සල් යන එකත් තහනම් කරලා, ඒ ඔක්කොමත් හරි වැරැද්දක් අහුවෙනකම් සෙක්ෂන් එකම ගිනි තියන්න බලන්න ඉන්න විනය භාර ගුරුතුමියටත් ඇවිත් කියලා දෙන්නම් එකතු වෙලා ආයෙ බනින එක,එහෙම දෙයක් වුණා අපෙ පන්තියේ හිටපු කවීෂාට,
කවීෂගෙ අම්මාටත් තමන් කරපු වැඩේ මෝඩකම තේරෙන්නේ ඇත්තෙ, තමන්ටම පේන්න දකින දකින ගුරුවරයා කවීෂාට බනින්න යි,ළමයි ටික හිනාවෙන්න යි ගත්තම තමයි...

ඒත්, මං නොහිතපු දෙයක් වුණේ මට වුණේ...
අම්මා ඇඬුවා..අම්මට දුක හිතෙන්න ඇති, යාලුවෙක් වගේ මාත් එක්ක අදහස් විවෘතව බෙදාගන්න හිටපු අම්මට මම බොරුකළා නේද කියලා හිතිලා වෙන්නැති කියලා මට හිතුණා.මම වැරැද්දක්ද කළේ කියලා ඒ වෙලාවේ හිතන්න කැමති වුණේ නැහැ.

"බැහැ ,බැහැ, මම සවිඳුට කැමතියි,එයත් මට කැමතියි,අම්මා මොනා කිව්වත් දැන් ඒක වෙනස් කරන්න බැහැ."
මම එහෙම හිතාගත්තා.

අම්මා කඳුළු පිහදාගෙන
"එහෙම පාරවල් වල රස්තියාදු වෙන්න එපා පුතේ කිව්වා"...
තාත්තටවත් කිව්වේ නෑ..
ආච්චිට නම් වෙච්ච දේ මදියි...

අම්මා කිව්වා ඔය වගේ දේකදි ආච්චිඅම්මා හැසිරුණේ කොහොමද කියලා, අම්මා බැනුම් අහලා විතරක් නතර වෙලා නෑ ගුටිකාලා හොඳටම...

ඒ ඉස්කෝලේ කාලේ, අම්මගෙ ම වයසෙ පිරිමි ළමයෙක් අම්මට birthday card එකක් එවපු එකකට, අම්මත් පැත්තක ඉඳලා ගුටිකාලා, ඒ කෙනාටත් ගෙදරට ගිහින් එයාලගෙ අම්මා ඉස්සරහම බැනලා, කාඩ් එකත් ඉරලා දාලා ඇවිල්ලා.

ඒත් මට ...?

එහෙම කළේ නැත්තේ ඇයි...?

අම්මා දවසක් එයාව දැක්කා..
එයා එක්ක අම්මාම ගිහින් හොඳ යාළුවෙක් වගේ කතා කළා..
මට හරි පුදුමයි,මට සතුටුයි...
අපි දෙන්නා ගැන අම්මා ඈතින් ඉඳන් බලාගෙන හිටියා...
අපි කතා කළා,එයයි මමයි හවස පන්ති වලදි හම්බවුණා,ඔහොම අවුරුද්දක් ගෙවිලා ගියා...

විභාගය කරන්න මාස හතරක් පහක් තියෙද්දි එයා මාව මග අරින්න ගත්තා,
කාලයක් යද්දි මට එයාගෙ
කැත වැඩ ගැන දැනගන්න ලැබුණා,පංති කට් කරලා යන ගමන් ගැන, බොරු කියන එක,වෙනත් සම්බන්ධතා ගැන ආරංචි වෙන්න ගත්තා..හැම ඉස්කෝලෙකින් ම එක ගෑණු ළමයෙක් ගානේ යාලුවෙලා ඉඳලා,එක පාර තුන් හතර දෙනෙක් එක්ක... ඒවා දැනගත්තේ එයාගෙම සහ එයා සම්බන්ධකම් පවත්වපු ගෑණු ළමයින්ගෙන්මයි.

ඉවසලා ඉවසලා බැරිම තැන මම ඇඬුවා... හොඳටම ඇඬුවා...
එයාගෙ හැටි තේරුම් අරගෙන එයාගෙන් ඈත් වුණා...
එයා මගෙ ගතිගුණ එක්ක කොහොමටවත් ගැළපෙන කෙනෙක් නෙවෙයි කියලා මමම තේරුම් ගත්තා...
එහෙම හිතුවම මගෙ හිතට නිදහසක් දැනෙන්න ගත්තා...

සමහර දේවල් එයා ගැන මට හොයලා දුන්නේ අම්මා..එයාගෙ ගෙදර කියලා කියලා තිබ්බෙත් වෙන ගෙදරක්... අවුරුදු 17 ක් කොල්ලෙක් ට මෙච්චර බොරු කරන්න පුළුවන් ද කියලා මට ඇස්දෙකට දැකලත් විශ්වාස කරන්න බැරි වුණා.

මං අම්මගෙන් ඇහුවා ,"ඇයි ,ඇයි මට එදා ඒ සම්බන්ධෙ නතර කරන්න කියලා ගැහුවේ නැත්තේ" කියලා....
එහෙනම් අද මෙහෙම දුකක් නැහැනෙ කියලා...මම අඬුණා...එදා අම්මා ඇඬුවා වගේම.

මගෙ අම්මා හරි නිව්න ගති තියෙන කෙනෙක්,
එයා මෙහෙම කිව්වා..
"නැහැ එහෙනම් අද ඔයා ඉන්නේ මීටත් වඩා දුකකින්..."
"ජීවිත කාලයම පසුතැවිල්ලක..."
"අනේ සවිඳු කොච්චර හොඳද, අම්මා නිසා මට එයාව නැතිවුණා කියලා ඔයා මුළු ජීවිත කාලෙම දුක්වෙන ගමන් මටත් වෛර කරයි..."

එහෙම වුණාම ළමයි හිතුවක්කාර මුරන්ඩු තීරණ ගන්නවා...

මම ඔයාට අවැඩක් කරන්න නෙවෙයි නිහඬව හිටියේ,මම දැනගෙන හිටියා අපේ කාලේ අය කළා වගේ දැඩිව තරවටු කරලා දැන් ළමයිව පාලනය කරන්න සුදුසු නෑ කියලා ,

ඔයාට දැනෙන්නේ ඇරියා ඔයා ගත්ත තීරණය ගැන, ඒ ළමයා හොඳයි නම් කිසි ප්‍රශ්නයක් නෑ,ඔයත් එක්කම ඉඳීවි,විභාගයෙදි ඔයාවත් ඉස්සරහට ඇදගෙන ගිහින් විභාගෙ ගොඩ දා ගනී කියලා, ඒ එයා හොඳ කෙනෙක් වුණා නම්,

නමුත් දැන් ඔයා දන්නවනෙ හරියටම එයා කව්ද? මොනවගේද කියලා? ,ඔයාම තේරුම් අරන් ඈත් වෙච්ව එකද වටින්නේ,මගේ බලකිරීමකට ඈත් වෙන්න වුණානම් ඒකද වටින්නේ...?

ඒ තේරම් ගැනීමට ගෙවුණු පොඩි කාලය ගැන වද වෙන්න එපා...

ඒක ඔයාට ඉස්සරහට තීරණ ගනිද්දී සෑහෙන්න වටින අත්දැකීමක් වෙනවාමයි...
මම ඔයාට කවදාවත් බලකරන්නෙත් නෑ,මට වෙච්ච දේවල් ඔයාටත් වෙන්න දෙන්නෙ නෑ....

2 months, 1 week ago

නිකමට ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවම තේරෙනවා බොහෝ මිනිස්සු අපිට අහිමි වුනෙ අහේතුකව නේද කියලා ,

එක එක කාළවල ජීවිතේ එක එක පරිච්චේද වලට අරක් ගෙන දිවෙන් දිව ගාගෙන හිටපු දැවැන්ත චරිත අද බලනකොට ඉන්න තැනක්වත් නොදන්නා තරමට අපෙන් ඈත් වෙලා ගිහින් නේද කියල හිතෙනවා .

එකට ඉගනගත්ත තැන්වල ,ඔෆිස් වල පණ ඇරගෙන ඉන්න කාලෙ මලත් නැති වෙන එකක් නෑ කියල හිතපු යාළුකම් සහෝදරකම් කවද කොහොම උනාද කියල නොදන්න තරමට වෙනස් වෙලා .
එක්කො අපි දන්නෙත් නැතුව තරහත් වෙලා .

ඒකට හේතුව ,ඒ කිසිම කෙනෙක් අපේ ඒ වෙලාවට එළියට පෙනෙන වටපිටාව මිසක් අපේ අධ්‍යාත්මය ඇබින්දක් වත් ස්පර්ශ කරලා නැහැ .

මේ ලඟදි දවසක් එක්තරා විශ්ව විද්‍යාලයක බාහිර zoom දේශනයක් ඇතුලේ එක දරුවෙක් මට කිව්වා එයාගේ හොඳම මිතුරිය බස් එකේ යනකොට වැටිලා කකුලක් කැඩුනා කියලා .

යාලුවගෙ ගම කොහෙද ඇහුවම කියනවා ඒ දරුවගේ උත්තරේ උනෙ ,

ඔය මතුගම පැත්තෙ කොහෙහරි ..

අවුරුදු හතරක් තිස්සේ හොඳම යාළුවා උනාට ඒ දරුව යාලුවගෙ ගමවත් හරියට දන් නෑ .

ඇත්තටම ඒකට ඒ දරුවට දොස් කියන්න කලින් මට මතක් උනා මගෙත් එක්ක අවුරුදු ගානක් එකට වැඩ කරපු කෙල්ල මලෙශියාවේ කියල මිසක් ඊට එහා කිසිම දෙයක් මන් දන්නෙත් නැහැ නේද කියල .

මොකද ඒ හැම සම්බන්ධයක්ම අපි පවත්වාගෙන ගිහින් තියෙන්නේ ඒ ඒ මොහොතේ පැවැත්ම වෙනුවෙන් පමණයි .

බොහොමයක් මානව සම්බන්ධතා වල ස්වභාවය එහෙමයි .

ඉන් එහාට ගිහින් එක මොහොතක් ඒ ජීවිත් දිහා බලන් ඉන්න අපට වෙලාවක් තිබිල නැහැ .
ඒ මිනිස්සු කැමති අකමැති දේවල් හොයන්න අහන්න අපිට වුවමනාවක් තිබිල නෑ
එයාල කටින් කියන දේ මිසක් ඒ ඇස්වල ඒ හිත්වල තියන දේවල් තේරුම් ගන්න අපි උත්සහ කරලා නැහැ .

සරළවම කිව්වොත් අපි කවුරුත් ඒ මිනිස්සුන්ට මිසක් ඒ ආත්මයට ලං වෙන්න හිතලවත් නැහැ .
එතකොට එහෙම මිනිසුන්ගෙන් ඈත්වෙන්න අපිට හේතු ඕනේ නැහැ
ඒ මිනිස්සුන්ට අපෙන් ඈත්වෙන්න හේතු ඕනෙත් නැහැ .

ඔන්න ඕකයි සමහර වෙලාවට අපි වටේ කොච්චර මිනිස්සු හිටියත් අපිට තනිකමක් දැනෙන්නේ .

මොකද දාහක් හිටියත් ඒ අයට අපිව දැනෙන්නෙත් නැහැ
අපිට එයාලව දැනෙන්නෙත් නැහැ .

මොකද අපි බොහෝවිට ,හිනාවෙන්න කන්න බොන්න ට්‍රිප් යන්න එකට වැඩ කරන්න මිනිස් සම්බන්ධතා පවත්වනවා මිසක් ඒ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය ස්පර්ශ කරන්න ඕන කියල එක මොහොතකට වත් හිතන්නෙ නැහැ .

ඉතින් පුද්ගලිකව අපි හැමෝම එක එක තැන්වල තනිවෙලා ,පිරිස වටකරගෙන ඉන්නවා ..එච්චරයි වෙන්නේ .

නිකමට හිතල බලන්න අපි කොච්චර මිනිස්සුන්ව දන්නවා උනත් ,ඒ අයගෙන් කී දෙනෙක්ව අඳුරනවද කියල ,
අන්න එතකොට තත්වෙ තේරෙයි .🤞

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor)

3 months, 3 weeks ago

මිනිස්සුන්ව miss කරගන්න එපා..

ජීවිතය අපිට විවිධාකාර මිනිස්සු මුණගැහෙනවා, අපිට විවිධාකාර මිනිස්සුත් එක්ක එකට වැඩ කරන්න සිද්ධ වෙනවා, ඒ වගේම...

අපිට ජීවිතය හම්බවෙන සමහර මිනිස්සු හරිම විශේෂ මිනිස්සු, සමහර මිනිස්සුත් එක්ක අපිට හිතෙනවා කතාබහ කරන්න, සමහර මිනිස්සුන්ව අපිට අපේ යාළුවෙක් විදියට තියාගන්න අවශ්‍ය වෙනවා, සමහර අයට අපිට ආදරේ කරන්න හිතෙනවා,

ඒ වගේම,

සමහර මිනිස්සු අපි ප්‍රතික්ෂේප කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව, ආපස්සට කල්පනා කරලා බලද්දි අපිටම තේරෙන්නේ නැහැ ඇයි අපි ඒ මනුස්සයව ප්‍රතික්ෂේප කළේ කියලා.. ඒ වුණාට අපිට හිතෙනවා ඒ අය අපිට ගැලපෙන්නෙ නෑ, සමහර විට කාලයක් ගියායින් පස්සේ අපිට ඒ අය ජීවිතේ නැතුවම බැරි මිනිස්සු වෙන්නත් පුළුවන්.. නමුත් මිනිස්සු විදිහට අපිට තව කෙනෙක්ව හරියටම හඳුනා ගන්න ජීවිතයේ සෑහෙන කාලයක් ගත වෙනවා.. මම හිතන්නේ මිනිස්සුන්ට කරන්න අමාරුම දේවල් වලින් එකක් තමයි මිනිස්සුන්ව හඳුනාගන්න එක..

මොනව උනත්, ජීවිතය ඔයා ඔයාට කතා කරන්න ඕන කියලා හිතන කෙනෙක්ව හරි, ආශ්‍රය කරන්න ඕන කියලා හිතෙන කෙනෙක්ව හරි, කිසිම හේතුවකට මිස් කරගන්න එපා, මොකද ඒ මිස් වීම කාලෙකට පස්සේ අපිට ගිල්ටි ෆීලින් එකක් ගෙනත් දෙනවා, "අනේ මට මේ මනුස්සයව ආශ්‍රය කරන්න බැරි උනානේ කියලා"

මගේ පුද්ගලික ජීවිතය ඇතුලේ මුල් කාලයේදී මම අපෝ වැඩක් නෑ කියලා අත්හැරපු ගොඩක් මිනිස්සු පසු කාලීනව මගේ අතිශය මිත්‍රය බවට පත්වුණා. ජීවිතයට ළඟම මිනිස්සු බවට පත්වුණා..

සමහර වෙලාවට අපි මිනිස්සුන්ගේ ජජ් කරන්න උත්සාහ කරනවා, ආ මෙයා හොඳයි, මෙයා නම් නරකයි මෙයාගෙන් වැඩක් නෑ, නමුත් ගොඩක් වෙලාවට අපි කරන විනිශ්චයන් සියයට සියයක්ම අසාර්ථක වෙනවා කියලා පසු කාලීනව අපිට තේරුම් යනවා..

ජීවිතය ඔයාට හම්බෙන හැම මනුස්සයත් එක්කම වචනයක් දෙකක් හරි කතා කරල බලන්න, මොකද හැම හමුවීමකම අපිට ජීවිතේට ඉගෙන ගන්න දෙයක් ලැබෙනවා, හැම හමුවීමකටම හේතුවක් තියෙනවා, ඒ නිසා මිනිස්සුත් එක්ක කතාබහ කරලා ඉන්න බය වෙන්න එපා, ඒ වගේම මිනිස්සුත් එක්ක කතාබහ කරද්දි තමන්ගේ සීමාව දැනගෙන ආශ්‍රය කරන්නත් අමතක කරන්න එපා..

ඇත්තටම සත්තුන්ට වඩා මිනිස්සු හරි හොඳයි, ප්‍රශ්නෙ තියෙන මිනිස්සු හිතාගෙන ඉන්නව මිනිස්සුන්ට වඩා සත්තු හරි හොඳයි කියලා...

තො මී
#ThomiThoughts

3 months, 3 weeks ago
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰
3 months, 3 weeks ago

කොහොමද අද දවස?
මහන්සිද?
වැඩ වල තත්වය කොහොමද?
ඔයා හොඳින්ද?
ඔයාට පුලුවන්.
හිමින් හිමින් කරන්නකෝ.
මං ඉන්නවා ඔයා ළඟ.

සමහර වෙලාවට මේ වගේ වචන ටිකක් ඇති මනුස්සයෙක්ව cheer up කරන්න.

දවස පුරාවටම ගතෙන්, හිතෙන් මහන්සි වෙන මිනිස්සු
තනියම හැමදේම කරගන්න මිනිස්සු
හීන වෙනුවෙන් නිදිමරන මිනිස්සු
බැරිමර ගාතේම හරි තමන්ට තේ එකක් හදාගෙන ආයෙත් වැඩ කරන මිනිස්සු
පීඩනයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු
පාලුවෙන් හුදකලාවෙන් දවස් ගෙවන මිනිස්සු
තනිකම සාංකාව දරාගන්න මිනිස්සු
දාහක් ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න මිනිස්සු
පවුලෙම බර කර ගහන මිනිස්සු
දරුවෝ වෙනුවෙන්ම නැහෙන මිනිස්සු.......

මේ සමහර විට ඔයාගේ සහකරු/ සහකාරිය වෙන්න පුලුවන්. සහෝදරයා/ සහෝදරිය වෙන්න පුලුවන්, අම්මා තාත්තා වෙන්න පුලුවන්, යාලුවෙක් වෙන්න පුලුවන්. වැඩ කරන තැන කෙනෙක් වෙන්න පුලුවන්. මග තෝටේ හමුවෙන දන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාම වෙන්නත් පුලුවන්.

කවුරු වුණත් මෙහෙම මිනිස්සු ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාලව සනසවන්න පොඩි වචන ටිකක් හොඳටම ඇති. එයාලා ඔයාට මුකුත්ම කරන්න කියන්නෙත් නෑ. එයාලට ඕනා පොඩි තල්ලුවක් විතරයි. කවුරුම හරි කෙනෙක් එයාලා ගැන හොයනවා කියලා එයාලට දැනෙන්නයි ඕනා.

ඉතිං ඔයාගේ ආදරණීයන්ගෙන් අහන්න එයාලාට මහන්සිද කියලා. පොඩි msg එකක් දාලා check කරන්න. Random call එකක් අරං check කරන්න.

කෙනෙක් "මට මහන්සියි" කියලා ඔයාට කියනවා නම් ඒ එයා ඔයාව විශ්වාස කරන නිසයි. ඔයාගෙන් එයාට පොඩි energy එකක් ලැබෙයි කියලා එයා හිතන නිසයි. මොකද මිනිස්සු එහෙම ලේසියෙන් තමන්ට දැනෙන දේවල් කියන්නේ නැති නිසා.

සමහර විට ඔයත් මහන්සියෙන් ඇත්තේ. ඒත් එහෙම වෙලාවට ඔයාගේ මහන්සිය ගැනම නොකියා "ඉතිං මං මොකක් කරන්නද?" කියලා පෙරලා ප්‍රශ්න කරන්නේ නැතුව එයාට cheer එකක් දෙන්න. අඩුම තරමේ අහන් ඉන්න. පිටට තට්ටුවක් හරි දාන්න. කර වටේ අතක් දාගන්න. අත තදින් අල්ලගන්න. එයාගේ වටිනාකම මතක් කරලා දෙන්න. එයා වෙනුවෙන් status එකක් දාන්න. Image එකක් send කරන්න. සිංදුවක link එකක් යවන්න.

ලඟම ඉන්නවා නම් උණු තේ එකක් හදලා ගිහින් දෙන්න. Stress එක නිසාම බර වෙලා ගල් වෙලා තියෙන උරහිස් දෙක ටිකක් massage කරන්න. ඔලුව පොඩ්ඩක් අතගාන්න. "මං ඔයා ගැන ආඩම්බරයි" කියලා පොඩි kiss එකක් දෙන්න.

මේවා සුරංගනා කතා කියලා හිතෙයි. ඒත් විඩාපත් වෙච්ච මනුස්සයෙක්ට මේ හොඳටම ඇති එයාගේ මහන්සිය නිවාගන්න. එයාට ඕනමත් එහෙම දෙයක්මයි.

හැමදාම අන්තිම නරකම දෙයක් වුණාම විතරක් කෙනෙක් ගැන "අනේ" කියලා දුක් වෙලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනා අනුකම්පාව නෙවෙයි. සංවේදි බවයි.

ජීවිතේ හරි මහන්සියි තමයි. ඒ නිසාම ආදරණීයන්ට ආදරේ වෙන්න. එකිනෙකාගේ අමාරු කාල වලදි එකිනෙකාව බලාගන්නවා කියන්නේ ඒකටයි.

Copied

3 months, 4 weeks ago

⚡️කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්,

⚡️එළියට එන්න දඟලන්නේ අනුන්ගේ අඩුපාඩුවක්‍ නම්,

⚡️කරන්න හදන්නේ කාටහරි ගිණිගෙඩියක් දෙන එක නම්,

⚡️පෙන්නන්න හදන්නේ කාගෙ හරි කැතක්‌ නම්,

⚡️එළියට දාන්න හදන්නේ හිතෙන දෙයක් මිසක් හරියටම දන්න දෙයක් නෙමෙයිනම්,

⚡️කථාව කාගෙ හරි පවුලක් හෝ ජෝඩුවක් ගැන නම්,

⚡️පනින්න හදන්නේ අනුන්ගේ ප්‍රශ්නෙකට නම්

හරි,

⚡️ළඟ ඉන්නෙ කිසිම දෙයක් කිව්වට තේරුම් ගන්නෙ නැති, තේරුම් ගන්න බැරි රට පඬියෝ රැළක් නම්

➡️අනේ පිංසිද්ද වෙයි,කරුණාකරලා කියන්න හදපු දේ ගිලලා ඔය කට කියන අවයවය වහගෙනම ඉන්න.🙏🏾🙏🏾

මේ ලෝකෙ වැඩිම අපරාධ තොගයක්, වැඩිම ප්‍රශ්න ගොඩක්, වැඩිම සිත් රිදීම් ප්‍රමාණයක්‌ ඇතිවෙන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි "කටවල් "හින්දා.

ඉස්සරනම් කිව්වේ ගෑනුන්ගේ කටවල් හින්දා කියලා, හැබැයි දැන්නම් සමහර පිරිමින්ගේ කටවල් ගෑණුන්ට හපන්, ☹️

තාම වචන පිටකරනවට tax ගහන්න ගැසට් ගහලා නැති හින්ද ද මන්දා උදේ ඉඳලා රෑ වෙනකම් දන්න නොදන්න, අවශ්‍ය අනවශ්‍ය, හැම මංගල්ලෙටම කට ඇරගෙන දඟලන එකෙන් වෙන්නෙ, තමනුත් නැතිවෙලා අනිත් මිනිහත් කැත වෙන එක විතරයි.

වාචාල මිනිස්සු වැඩි වෙන්න වැඩි වෙන්න මුඛරි මිනිස්සු නිහඬ වෙනවා,

එතකොට ඉතින් අර වාචාල සෙට් එක ඒ කටවල් වලින් ගෙවලුත් ගිනිතියල ගමත් ගිණිතියලා රටත් ගිණි තියලා තමයි පස්ස බලන්නේ.

මේ ලෝකෙ ලේසියෙන්ම ලස්සන කරන්න පුළුවන් එකම අවයවයත්, තත්පරෙන් චොර කරලා කැත කරලා ලේසියෙන්ම ගිණි තියන්න පුළුවන් එකම අවයවයත් ඔය නහයට පහලින් තියන "කටවල් "ම තමයි.

අන්න ඒ නිසා අරින්න කලින්, අරමුණ හොඳ දෙයක්ද, නරක දෙයක්ද කියලා ආයෙත් සැරයක් හිතලා ඊට පස්සේ අරින්න. (කට )

අනිත් හැමවෙලේම පුළුවන්තරම් ඔය කට කියන අවයවය වහගෙනම ඉන්න.
ඒක ලොකු උදව්වක්‌.

සමහරක් කටවල් වැහිලම තිබ්බනම් අද අපේ රටවල් වලට උනත් මේ තරම් කරදර නැහැ.

ලබන අවුරුද්දේ ඉඳන් වත්,පුළුවන් තරම් කට වහන් ඉන්න බලන්න,
රටට සේවය කරන්න මහ ලොකු දේවල්ම කරන්න ඕනෙ නැහැ, තමන්ගෙ කට පරිස්සම් කර ගත්තම ඇති.
ඇත්තටම ඒක ඔයා හිතනවට වඩා ලොකු සමාජ සේවයක් 🙏🏾😔

අනිශා ජයකොඩි ✍️

3 months, 4 weeks ago
4 months ago

ගිය අවුරුද්දෙන් මේ අවුරුද්දට එනකොට මන් එකම එක ගතියක් අතම අත ඇරියා ..

ඒ තමයි ,use වෙන එක ..

ආපහු හැරිලා බැලුවම පසුගිය අවුරුදු කිහිපය පුරාම සමහරු මාව
පුදුම විදිහට use කරලා තිබ්බා .

මේක මට විතරක් නෙමෙයි ,පොදුවෙ අපි හැමෝටම වෙන දෙයක් .

කෙනෙක් use කරනවා කියන එක උදව් කරන එක එක්ක පටලගන්න පුළුවන් ..

පටලගන්න එපා ,ඒ එකක් නෙමෙයි දෙකක් .

කොල්ලටයි බල්,ලටයි ඕන එකාටයි ,එපා එකාටයි ,ඔය කියන ඕනම කෙනෙක්ට පුළුවන් හැම විදිහටම උදව් කරන එක ,අන්න ඒ තමයි මනුස්සකම , එහෙම කෝටියක් උදව් කරලා පෙරලා සතේක දෙයක් බලාපොරොත්තු නොවන එක ,ඒකත් මනුස්සකම .

හැබැයි ,Use වෙනව කියන්නෙ ඒකට නෙමෙයි ..

කෙනෙක් කපටි කමෙන් ,වක්‍රාකාරව අවස්ථාවාදී වෙමින් තමන්ගෙ වැඩේ ඔබ ලව්වා කරගැනීම තමයි use කරනවා කියන්නෙ.😔

ඔබ පිළිගත්තත් නැතත් මේ සමාජය ඇතුලේ අපි හැමෝම එක එක විදිහට සෑහෙන්න use වෙනවා.මිනිස්සු අපිවත් නොදැන අපිව පාවිච්චි කරනවා .

හුඟක් වෙලාවට අපිව වැඩිපුරම use කරන්නේ අපි ලඟම කවය ඇතුලෙ ඉන්න පිරිස තමයි .

මොකද ඒ අය අපේ දුර්වල තැන් හොඳින්ම දන්නවා සහ ලඟම කෙනෙක් වෙනුවෙන් දෙයක් කරද්දී අපි හදවත මිසක් මොළේ පාවිච්චි කරනව අඩුයි .
අන්න එතකොට වටේ ඉන්න අයට හිතේ හැටියට අපිව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා .

තමන්ගෙ වැඩේ කරගෙන ලස්සනට ශේප් වෙලා ආයෙත් වැඩක් කරගන්න තියෙද්දී අයිසින් කේක් අරන් ලංවෙන්නේ ඔන්න ඔය use කප්පිත්තෝ තමයි .
හැබැයි වැඩේ කරගත්තට පස්සේ ආයෙ උන් ලොවෙත් නෑ ..

ඕක හරියටම තේරුණ දවසට මිනිස්සු කළකිරෙනවා .
කිසිම දවසක ආයේ ඒ මිනිස්සු දිහා හැරිලවත් නොබලන තරමට කලකිරෙනවා .හැබැයි ඒ වෙනකොට පෙරහැර ගිහින් ,පෙරහැර බලන්න ආපු මිනිස්සු ගෙදරත් ගිහින් ඉවරයි .🥲
එතකොට ඔයා පපරක්කු වැඩි වෙන්න පුළුවන් .
හැබැයි ඔයා තාම පරක්කු නැහැ .

දෙයියනේ කියල මේ අවුරුද්දේ හැදෙන්න ගොඩයන්න කියල මහ ලොකු දේවල් කරන්න ඕනෙ නැහැ .
එක එක්කෙනාට ඔයාව පාවිච්චි කරන්න ඉඩ නොදි ඉන්න ,
ඒ කිව්වෙ use නොවී ඉන්නකෝ ,ඒ ඇති .....😊

මොකද සමහරවිට අපිට අපි වෙනුවෙන් ජීවත් වෙන්න තියන අපේ ජීවිත පැය නාස්ති කරන් හුසේන් බෝල්ට්ටත් වඩා හයියෙන් දුවල තියෙන්නෙ ,අපි වෙනුවෙන් එක කකුලක්වත් උස්සන්නෙ නැති මිනිස්සු වෙනුවෙන් නේද කියල ඔයාට තේරෙනකොට ඔයාට හොඳටම හති .ඒ නිසා දැන් ඔය ඇති ..🙏

උදව් කරනවයි ,පාවිච්චි වෙනවයි කියන්නෙ එකක් නෙමෙයි දෙකක් .

ඔයා හැමෝටම උදව් කරන්න ..
ඒක ඔයාගෙ මනුස්සකම ...
හැබැයි ,

කාටවත් පාවිච්චි වෙන්න එපා .
සරළවම කිව්වොත් කාටවත් ඔයාව Use කරන්න ඉඩ දෙන්න එපා ..
ඒක ඔයාගෙ බුද්ධිමත්කම ..

කාටවත් ඔයාව use කරන්න ඉඩ දෙන්න එපා.
ඒක ඔයා ඔයාටම කරන ගෞරවයක්
ඒකට කියන්නෙ Self Respct ,

හැබැයි ඔය හැමදේටම පස්සෙ එකතරා සීමාවකදි,
අපි හැමෝම ජීවිතේ කවදාහරි කාවහරි use කරපු මිනිස්සු ,
ඒ වගේම කාට හරිම use වුන සහ use වෙන මිනිස්සු ,
ඒකයි ඇත්ත ..💜

අනිශා ජයකොඩි ✍️

5 months, 3 weeks ago

ඉතින් ඔන්න බටුස් අද ඔයාලට කියන්න ආවෙ විභාග වලට එක මාසෙකින් හොදට පාඩම් කරන්න ස්ටඩී ප්ලෑන් එකක් අරගෙන🤫.

හැබැයි ඉතින් ක්ලාස් අස්සෙ මේක කරන්න පුළුවන් වෙයිද දන්නෑ කියවල බලන්නකෝ idea එකක් ඒම ගන්න🤭.

ඉතින් ඔන්න මෙන්න මේකයි ඔයාල කරන්න ඕනි 👇

ඉතින් දැන් ඔය ලමයා මුලින්ම ඔයාට පාඩම් කරන්න ඔක්කොම සබ්ජෙක්ට් වල පාඩම් ගාන ගනන් කරලා ඒ එකතුව 30 න් බෙදන්න🥵.

ඒ කියන්නෙ ඔයාට ඔක්කොම පාඩම් අනූවක් තියේනම් ඒක තිහෙන් බෙදන්න.

90/30=3

ඉතින් ඔහොම බැලුවොත් ඔයාට එක දවසකට පාඩම් තුන පාඩම් කරන්න වෙනව ඒත් එතකොට ඔයාට රිවිශන් කරගන්න වෙලා මදිනෙ ලමයෝ💔.

ඉතින් දැන් ඔයා එක දවසකට පාඩම් 5 ගානෙ පාඩම් කරන්න එතකොට ඔයාට ඔය පාඩම් අනූව දවස් 18 කින් කවර් කරගන්න පුළුවන්(මේ ගනන් ඔයාට තියෙන පාඩම් ගාන අනුව ඩිපෙන්ඩ් වෙනව ලමයෝ ඉතින් ඔයාගෙ පාඩම් ගාන අනුව හදාගන්න මන් මේ උදාහරණයක් කියන්නෙ)😈.

ඒවගේම ඔයාට ආයෙ තව දවස් දොලහක් තියේ රිවිශන් වැඩ ටික කරගන්නත්😍.

ඒ ටිකටත් අර අපි කලින් කරේ 90/30 න් බෙදලා අන්න ඒවගේම ආයෙම ඔයාට තියෙන පාඩම් ගාන ඒ ඉතුරු දවස් ගානෙන් බෙදලා රිවිශන් ටිකත් ටක් ගාලා කරගන්න🤩.

ඔන්න ඔය විදියට ඔයා මහන්සිවෙලා හරියටම හදාගත්තු ප්ලෑන් එකට වැඩ කරොත් මාසෙකින් ඔයාට සිලබස් එකම කවර් කරගන්න පුළුවන්😌.

ඔය ලමයා කැමතිනම් මන් මේ පල්ලෙහායින් දාල තියෙන රූටින් පාඩන් කරන්න යූස් කරන්නත් පුළුවන්🤓.

`📚For early bird 👇🏻
5:30am : wake up
5:30 to 6:00 : freshen up
6:00 to 9:00 study session 1
9:00 to 10:00 : Break
10:00am to 1:00pm : study session 2
1:00 to 3:00 : long break
3:00 to 6:00 : study session 3
6:00 to 7:00 : Evening break
7:00 to 9:00 : revision time
9:00 : dinner
10:00 : sleep

📚For night owl 👇🏻
12:30pm : wake up
12:30 to 1:00 : freshen up
1:00 to 3:00: revision time
3:00 to 4:00 : Brunch
4:00 to 7:00 : study session 1
7:00 to 7:30 : Break
7:30 to 9:30 : study session 2
9:30 to 10:30 : Dinner screen time
10:30pm to 1:30am : study session 3
1:30 to 2:00 : coffee break or music
2:00 to 5:00 : study session 4
5:00am : sleep

REPEAT`

ඒනම් ලමයෝ මහන්සි වෙලාවැඩ කරන්න ඔයාට පුලුවන් මේක දිනන්න😌.

©බටුස්🌻.
@wagee21🤓🫰.
batumoju🖤💛.
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰.
T.me/LittleSecretSL

Telegram

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

Study Tips***📚*** | Motivation***💥*** 𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉***💑*** | Psychology***💆‍♂*** 𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒***🤪*** | Self Love***♥*** එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න***🤩*** Since : 24|03|2021***🖤******💫*** Admin : @Eins\_on\_tele ***🖤******😈*** #Srilanka***🇱🇰***

ඉතින් ඔන්න බටුස් අද ඔයාලට කියන්න ආවෙ විභාග වලට එක මාසෙකින් හොදට පාඩම් කරන්න ස්ටඩී ප්ලෑන් එකක් අරගෙන***🤫***.
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 3 weeks, 6 days ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 2 days, 20 hours ago

Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰

Last updated 2 months ago