See Your Miracle 💕

Description
අලුත්වෙන්න, එකතුවෙන්න! @Seeyourmiracle 💕

📖️Book reviews 📚Study tips

🌻Life tips/quotes 🧠Psychology facts

📑 Articles

Contact Us - @see_your_miracle_bot

Crosspromotion- @miras_girl
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 6 months, 3 weeks ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 month, 1 week ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 3 weeks, 3 days ago

1 month, 2 weeks ago
2 months ago
2 months ago
6 months, 1 week ago
8 months, 2 weeks ago

Psychology facts

? වර්ණ මනෝවිද්‍යාව
? Colour Psychology

? දන්නවද මේ ලෝකයේ තියෙන විවිධ වර්ණවලට පුළුවන් අපේ හැගීම්වලට බලපෑම් කරන්න. ඉතින්, විවිධ වර්ණවලින් අපේ හැගීම්වලට කරන බලපෑම මොකක්ද කියලා හොයන එකට තමයි මේ වර්ණ මනෝවිද්‍යාව / Colour Psychology කියලා කියන්නේ.

මේ Colour Psychology වලට අනුව මේ ලෝකයේ තියෙන හැම වර්ණයක්ම මිනිස් හැගීම්වලට කරන බලපෑම ගැන පර්යේෂණාත්මකව හොයලා තියෙනවා.

? මනෝවිද්‍යාවට අනුව නිල් වර්ණය මිනිස්සුන්ගේ ඵලදායිතාවය ( Productivity එක) වැඩි කරන්නත් , නිර්මාණශීලිත්වය වැඩි කරන්නත් හේතූ වෙනවා.

ඒ නිසාම තමයි බොහෝ කාර්යාලවල මේ නිල් වර්ණය වැඩි වශයෙන් භාවිතා කරන්නේ.

? රතු , තැඹිලි හා කහ යන උණුසුම් වර්ණයන් බොහෝ විට සුවපහසු බව වැනි හැගීම්වල සිට වෛරය වැනි හැගීම් දනවන්න හේතු වෙනවා.

? මිනිසුන්ගේ අවධානය ලබා ගන්නත් හේතු වන වර්ණයක් තමයි රතු! ඒ නිසාම තමයි අවධානමක් පවතින බව වැනි අවස්ථා දනවන්න මේ රතු වර්ණය භාවිතා කරන්නේ.

? **ඇමරිකාවේ එක් විශ්වවිද්‍යාලයක් මගින් කරපු පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා යම් විභාගයකට මුහුණ දීමට පෙර රතු වර්ණය දැකීම මගින් ශිෂ්‍යයන්ගේ කාර්යසාධනය / විභාගයට මුහුණ දීමේ හැකියාව හා ආත්මශක්තිය යම් තරමකින් අඩු වන බව.

⚫️ කළු වර්ණය බොහෝ ශක්තිමත් වර්ණයක් විදිහට මනෝවිද්‍යාව හඳුන්වනවා. බොහෝ ජනප්‍රිය මිල අධික වෙළඳ භාණ්ඩ තම ව්‍යාපාර සන්නාමයට කළු වර්ණය භාවිතා කරන්න හේතුවත් මේක තමයි!

⚪️ සුදු වර්ණය හැම විටම නැවුම් බව , පිරිසිදු බව හා අලුත් ආරම්භයක් දනවන්න හේතු වෙනවා. ඒ වගේම තමයි නිවාස වර්ණ ගැන්වීමේ දී සුදු වර්ණය භාවිතා කිරීම මගින් නිවෙස තුළ වැඩි ඉඩකඩක් පවතින බව ඒත්තු ගන්වනවා.

? ඒ වගේම තමයි බොහෝ විට ලා පැහැති වර්ණ භාවිතා කරන්න තරුණ පිරිස් වැඩි කැමැත්තක් දක්වන බවත් ඔවුන් වයසින් වැඩීමත් සමග සාම්ප්‍රදායික වර්ණ භාවිතයට නැඹුරු වන බවත් මේ වර්ණ මනෝවිද්‍යාවට අනුව පවසනවා.

? වැදගත්ම දේ තමයි කිසියම් කෙනෙක් තමන්ගේ ප්‍රියතම වර්ණ හා අකමැතිම වර්ණ තෝරා ගැනීමේදී තමන් කලින් ලද අත්දැකීම් ඒ සඳහා හේතු වන බවත් මේ වර්ණ මනෝවිද්‍යාවට අනුව පවසනවා.*?* උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාගේ ළමා කාලයේදී ඔයා කහ පැහැති ඇඳුමක් ඇඳගෙන ඔයාගේ පාසලට ගියා කියලා.

එතකොට පාසලේදී ඔයාගේ ඇදුම ගැන කවුරු හෝ ළමයෙක් ඔයාට විහිළු කළා කියලා හිතන්නකෝ. එතකොට ඔයා ඒ සිදුවීම නිසා යම් අපහසුතාවයකට පත් වෙනවා නේ. ඉතින් ඒ නිසාම සමහරවිට ඔයා අකමැතිම පාටක් බවට කහ පාට පත් වෙන්න පුළුවන්.

**ඉතින් මේ විදිහට ඔයා වර්ණ තෝරා ගැනීමේදී ඔයාගේ අතීත අත්දැකීම් පවා ඒ සඳහා හේතු වෙන්න පුළුවන්!

ඉතින් මේ විදිහට මිනිස්සු භාවිතා කරන වර්ණ ඔවුන්ගේ හැගීම්වලට මෙන්ම පෞර්ශ්‍යත්වයටත් බලපාන බව තමයි මනෝවිද්‍යාවට අනුව කියන්නේ!**

ඉතින්, මේ වගේ එක එක වර්ණ ගැන ඔයාට දැනෙන විදිහත් කියන්න!☺️

@seeyourmiracle?

Information from verywellmind.com

8 months, 2 weeks ago
9 months ago

? හිත රිද්දගන්නෙ නැතුව යාළුවො ආශ්‍රය කරන්න ඕනෙනම්,

⭐️ අද වගේම හෙටත් මෙයා මගෙ යාළුවා වෙයි කියල මිනිස්සු ගැන අධික විශ්වාසයෙන් ඉන්න එපා ,හේතුවක් ඇතුව ,හේතුවක් නැතුව හෝ හේතු හදාගෙන හරි මිනිස්සු වෙනස් වෙනවා

☀️ එයා කාටවත් කියන එකක් නෑ කියල හිතල ඔයා ගැන කවදාවත් කවුරුවත් දැන ගන්න ඕනේ නැති රහස් කියන්න එපා ,දවසක ඒ රහස එළි වෙයි කියන බයට ඔයාට ඒ යාළුකමට ගැති වෙන්න වෙනවා

☀️ දෙන්නම දන්න අඳුනන යාළුවොන්ගේ ගැන වැරදි අඩුපාඩු අනවශ්‍ය දේවල් කථා කරන්න එපා ,දවසක එයා හොඳ වෙලා ඔයා නරක මනුස්සය වෙනවා

☀️ මූණට තියල අහන්න අකමැති නම් කේලම් කියන්න එපා ,වෙන අයගෙ කේලම් විශ්වාස කරන්නත් එපා ,මොකද පණ පිහිටුවල බොරු කියන්න දන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා

☀️ එයා තරහයි ඒ නිසා මාත් තරහ වෙනවා කියල කා එක්කවත් හවුලේ තරහ වෙන්න එපා ,දවසක එයාල දෙන්න යාළුවෙලා ඔයා විතරක් තරහ වෙනවා .

☀️ උපන්දිනයක් අමතක උනාට කෝල් එක ආන්සර් නොකලාට යාළුකම් පළුදු කරගන්න එපා ,මිනිස්සුන්ට තව වැඩ තියනවා

☀️ එයා ඔයා අකමැති දේවල් කලාට ඒවට විරුද්ධ වෙන්න එපා ,එයාට වෙනම ජීවිතයක් තියනවා

☀️ එයාගෙ ප්‍රේම සම්බන්ධ වල,අනියම් සම්බන්ධවල විවාහ ජීවිත වල ප්‍රශ්න වලට මැදට පැනගෙන දඟලන්න එපා ,ප්‍රශ්නෙ ඉවර වුනාම එයාල හොඳ වෙලා ඔයා නරක් වෙනවා .

☀️ යාළුවො නිසා ,පෙම්වතා ,පෙම්වතිය ,අම්මා ,තාත්ත ,පවුලෙ අය එක්ක ප්‍රශ්න හදාගන්න එපා ,යාළුකම් වලට එහා ගිය තව බැඳීම් ලෝකෙ තියනවා .

අවශ්‍ය වෙලාවට දෙසැරයක් නොහිතා පෙනහළු වකුගඩු පවා දෙන යාළුවො එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න හිටියට ඇහි පිය ගහන පමාවෙන් බෙල්ල මිරිකන යාලුවො තොග වශයෙන් ඉන්නවා ..

බැඳීමක් බිඳුණු දවසට අපිට වැඩිපුරම රිදෙන්නෙ එයාලගෙ හැසිරීම ගැන උනාට ,එයා ඉස්සරහදි ඔයාගෙ හැසිරීම හොඳ වෙලා තිබ්බ දවසට යන කෙනාට යන්න දීලා පාඩුවෙ හිත හදාගෙන ඔයාගෙ ගමන යන්න ලේසි වෙනවා .

මොකද මොන තරම් හොඳ ,බොක්කෙ යාළුවෙක් උනත් ඔයා එක්ක ඉන්නෙ එක්තරා සීමාවක් දක්වා විතරයි ..

එතනින් එහාට ඔයාට තනිවෙන්නම වෙනවා ,අන්න එදාට දුකක් නොදැනෙන පසුතැවිලි නොවෙන විදිහට යාළුකම් තියාගන්න ,එච්චරයි ??

_Copied_

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(physiological counsellor)

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 6 months, 3 weeks ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 month, 1 week ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 3 weeks, 3 days ago