𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

Description
Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰
Advertising
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 1 month, 3 weeks ago

♥ ලැබෙන හැම තප්පරේකම හිස් තැනක් නොතියාම ආදරෙ කරන්න ©️♥

Love every second you get without leaving an empty space 💋💕
.
.
.
R O M A N T I C ʰᵒᵘʳ ツ💋
@Romantic_Hour

Buy ads: telega.io/channels/SinhalaStatus/card?r=maGjLQZn

Last updated 1 month ago

Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰

Last updated 3 weeks, 3 days ago

2 weeks, 4 days ago

මම අහපු ලස්සනම, ආත්මාර්ථයෙන් තොර වුණු, ආදර කතාව මම ඇහුවෙ අර්යානා රෝස් කියන ගැහැණියගෙන්. මේ තියෙන්නෙ ඒ කතාව.

Telegraph

මම අහපු ලස්සනම, ආත්මාර්ථයෙන් තොර වුණු, ආදර කතාව මම ඇහුවෙ අර්යානා රෝස් කියන ගැහැණියගෙන්. මේ තියෙන්නෙ ඒ කතාව.

" මට ඒ වෙද්දි අවුරුදු 45යි. Jean Michaelට අවුරුදු 29යි. අපි මුණගැහුණෙ ලස්සන ප්‍රංශ ගම්මානයක. මට ඉඳලා තියෙන සහකරුවන් අතරින් එයා වගේවෙන කිසිවෙක් මට මුණගැහිලා නැහැ. ඔහු මහා පුදුමාකාර මනුස්සයෙක්. ඔහු චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්…

[මම අහපු ලස්සනම, ආත්මාර්ථයෙන් තොර වුණු, ආදර කතාව මම ඇහුවෙ අර්යානා රෝස් කියන ගැහැණියගෙන්. මේ තියෙන්නෙ ඒ කතාව.](https://telegra.ph/%E0%B6%B8%E0%B6%B8-%E0%B6%85%E0%B7%84%E0%B6%B4-%E0%B6%BD%E0%B7%83%E0%B7%83%E0%B6%B1%E0%B6%B8-%E0%B6%86%E0%B6%AD%E0%B6%B8%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%80%E0%B6%AB-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-%E0%B6%9A%E0%B6%AD%E0%B7%80-%E0%B6%B8%E0%B6%B8-%E0%B6%87%E0%B7%84%E0%B7%80-%E0%B6%85%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1-%E0%B6%BB%E0%B7%83-%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9C%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-%E0%B6%B8-%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B6%B1-%E0%B6%92-%E0%B6%9A%E0%B6%AD%E0%B7%80-05-14)
3 weeks, 3 days ago

හේතුවක් ඇතුව හෝ නැතුව දුක්වෙන (බොහෝවිට අඬන) මනුස්සයෙක් ඔයාටත් මුණගැහිලා තියනවද ? " අපෝ! මෙයාගෙ වැඩේ අඬන එකමනෙ. මෙයත් එක්ක හිටියොත් මටත් අවුලෙන් ඉන්න වෙන්නෙ... ". මෙහෙම ඔයාටත් හිතිලා ඇති. ඒත් ඔයා කවදාම හරි හිතලා තියනවද, " ඇයි මේ මනුස්සයට මෙච්චර පොඩි දේකටත් දුක හිතෙන්නෙ කියලා ? ". බොහෝ විට නැතුව ඇති.

ජීවත් වෙන හැම මනුස්සයෙක්ම කරන්නෙ නැවතුමක් නැතුව දුවන එක. එහෙම දුවන ඔයාගෙ ජීවිතෙන් ඒ මනුස්සයා වෙනුවෙන් ටික වෙලාවක් කැප කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න. ඒ මිනිස්සුන්ට ඕනෙ ලොකු ලොකු දේවල් නෙවෙයි. මොකද පොඩි දෙයකින් දුක් වෙන මිනිස්සුව සතුටු කරන්නත් පොඩි දෙයකින්ම පුළුවන්.

අපිට එහෙම මිනිස්සු අඬන එක නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන් එයා අඬලා ඉවර වෙනකල් අපේ උරහිස එයාගෙ ඔළුවට වෙන් කරන්න. අඬලා ඉවර වුණහම කඳුළු පිහදාන්න. අන්තිමට මෙන්න මේ මැජික් වචන පාවිච්චි කරන්න.
" මොන දේ වුණත්, මම ඉන්නවා ඔයත් එක්ක ! ".
හැබැයි ඒ මැජික් වචනවල එක නීතියක් තියනවා. ඒ මැජික් වචනවල බලය තියෙන්නෙ අපි ඒ පොරොන්දු වුණ විදිහට වැඩ කරනකල් විතරයි.

ඉතින් මම ඔයාට කියන්නෙ,
අපිට බෑ ඒ මිනිස්සු අඬන එක නවත්තන්න. ඒත් අපිට පුළුවන් ඒ මිනිස්සුන්ගේ හිනාවට හේතුවක් වෙන්න!

- නවිෂ්ක -

https://www.facebook.com/share/v/V814kC8aZEvTZygV/?mibextid=WC7FNe

Facebook

Log in or sign up to view

See posts, photos and more on Facebook.

1 month ago

~ මට සතුටුයි ~

මට සතුටුයි මං ජීවිතේ පරාද වෙච්චි තැන් ගැන, මාව රිජෙක්ට් වෙච්චි තැන් ගැන , මාව විහිලුවට නැත්නම් අපහාසයට ලක් වෙච්චි තැන් ගැන , මං ෆේල් උන විභාග ගැන , මං ෆේල් උන රිලේශන්ශිප් ගැන , මට වැරදුණු තැන් ගැන , මං හරි යයි කියල ප්‍රාර්ථනා කරත් හරි නොගිය හැම සිදුවීමක් ගැනම.

මං ස්තූතිවන්ත වෙනවා මාව ජජ් කරපු හැම මනුස්සයෙක්ටම , කෙල වෙනකන් බලන් ඉන්න හැමෝටම , අන්තිමට වැටිල ඉන්නකං ආසාවෙන් බලාගෙන හිටිය වටේම හිටපු අපූරු ආත්මාර්ථකාමී සනුහරේටම , හිනාවෙන්න ඇදයක් හොයන්නම බලන් හිටිය හිත මිත්‍රාදීන්ට , මොනම අවස්ථාවකදීවත් තමන්ට තමන් ඇරෙන්න කිසිම කෙනෙක්ගේ හව් හරණක් නෑ කියල මට ඒත්තු ගන්වන්න උදව් කරපු සියලුම ජීවීන්ට !

ඉතින් මට සතුටුයි මං ෆේල් උන එක ගැන , රිජෙක්ට් උන එක ගැන , ඉග්නොර් උන එක ගැන ! මොකද මට පුළුවන් ඒ දේවල් වලින් ඉගෙන ගත්ත බොහොමයක් දේවල් ඔයාල එක්ක බෙදාගෙන ඉස්සරහට යන්න !

ඉතින් ; ජීවිතේ ඔයාට මොන පාඩමක් ඉගැන්නුවත් , මතක තියාගන්න ඒකෙන් කවදාම හරි ඔයාට වෙන්නේ හොඳක් ! 😊🌸😍

Yes , I'm so happy that I was rejected, failed,judged and ignored in many times !

#පතොක්මල්_byPoori
#Poornima_Mirihagalla

3 months ago

නමුත් මම හැම මොහොතකම ඇහැ ගහගෙන හිටියා කියලා ඔයා දන්නෑ නේ...?

අවස්ථාව දෙනවා, ඔයාටම තේරුම් ගන්න, තීරණ ගන්න.... ඒක තමයි හොඳම පාඩම, ඉදිරි ජීවිත කාලයම තමන්ව පරිස්සමෙන් බලගන්න..ඔයාට ඒක හොඳ පාඩමක් වෙයි ජීවිතේට...

පසුතැවෙන්නවත්, ලැජ්ජවෙන්නවත් නෙවෙයි, වෙන හැමදේකින්ම අත්දැකීම් ගන්න, මිනිස්සු ගැන තේරුම් ගන්න,අපි හිතන දේවල් ඒ විදියට ම වෙන්නෑ කියලා තේරුම් ගන්න, මිනිස්සු වෙනස් වෙන බවත්, ආත්මාර්ථයෙන් පිරිච්ච ලෝකයක් බවත් තේරුම් ගන්න,ප්‍රේමය කියන්නේ අද කාලයේ පාරිශුද්ධ හැඟීමක් ම නෙවෙයි, මිනිස්සු තමන්ට ඕන දේ අනෙකාගෙන් ලැබෙනකම් ප්‍රේමය කියලා නමක් පටබැඳගෙන කරන ගනුදෙනුවක් මේක, ඒක මට එදා පළවෙනිම දවසෙ මෙහෙම තේරුම් කරන්නත් බෑ, ඒක මෙහෙම තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක ඔයා හිටියෙත් නෑ,

ඉතින්, දැන් දුවට පුළුවන් මේ මාස තුනේ හිටියටත් වඩා හොඳට සූදානම් වෙලා පාඩම් කරලා විභාගෙට ගොඩ දාගන්න...
තමන්ව පාවිච්චි කරපු කෙනෙක් වෙනුවෙන් තමන් තමන්ට තියෙන ආදරේ වත්,ඔයාට ආදරේ කරන පවුලේ අයගෙ විශ්වාසයවත් නැති වෙන්න දෙන්න එපා දරුවෝ.....
අම්මා මගේ හිස අතගාමින් සිනාසෙන්නට වූයේ, තව ඉස්සරහට ඔයිට වඩා විශම ලෝකෙකට,දරුණු සමාජෙකට,පුදුම මිනිස්සු අතරට ඔයා එකතු වෙන්න යන්නෙ දරුවෝ, පරිස්සමෙන් කියන්නාක් මෙනි...

ඇත්තටම ස්තුතියි අම්මේ,

එහෙම නොවූණානම් අදටත් මම ,එච්චර අහිංසක එයාව මට මග ඇරුණනේ කියන එකක් හිතේ තියාගෙන ඒ ගැන පසුතැවෙයි...එයාව මතක්වෙන හැම වාරයක් ගානෙම අම්මට වෛර කරයි.

ඔව්, දැන් මම නිදහස්...

වචනෙන් තේරුම් කරනවට වඩා, අත්දැකීමෙන් තේරුම් ගන්න ඇරිය එකට ස්තුතියි අම්මේ...
©කුමුදි නෙත්තසිංහ 🫂👆💗

Copied

3 months ago

මම ඒ සම්බන්ධෙ පටන්ගත්තේ, කිසිම දෙයක් නොදැනුවත්ව ම, සමවයසේ
යෙහෙළියන්ටත් ඒ වෙද්දි කොල්ලො හිටපු නිසා..
එයාලගේ තොරතෝංචියක් නැති කතා අහගෙන කොන්වෙන්න බැරි කමට...
"එයා සවිඳු, මගේ ම වයසෙ,අපි එතකොට ඕලෙවල් පංති යනවා,

යාලුවෙක් අතේ එයා මට කැමතියි කියලා එව්වා, මම හා කිව්වා" එච්චරයි.

දවසක් බස් එකෙන් බැහැලා එද්දි ආච්චිඅම්මා අපි දෙන්නව දැකලා අම්මට ඇවිත් කියපු දවසෙ,
මට අද වගේ මතකයි මම ලැජ්ජ වුණ හැටි අම්මා ඉස්සරහට එන්න බැරිව...

පේනවද මුංගෙ තරම,ඇටෙන් පොත්තෙන් එළියට එන්න කටින් මගුල් විසේ, ඉස්කෝලේ යන ළමයි කරන වැඩද මේවා...අපි නම් උඹලට ඕවා කරන්න ඉඩ තිබ්බේ නෑ පුතේ, ආච්චිඅම්මා අම්මා පරළවෙලා...

ආච්චිගේ ගෝරනාඩුව එක්ක ඊළඟ මොහොතේ මං බලාපොරොත්තු වුණේ හොඳටම
ගුටිකන්න වෙයි, අහගෙන ඉන්න බැරි විදියට බැණුම් අහන්න වෙයි කියලා...
මොකද මම යාලුවන්ගෙ ඒ කතන්දරත් අහලා තියෙනවා...

ඔහොම වුණාම හවස පන්ති වලින් අයින් කරගෙන,යාලුවෙක්ගෙ ගෙදරටවත් යන්න නොදී, අඩුමගානේ හවසට පන්සල් යන එකත් තහනම් කරලා, ඒ ඔක්කොමත් හරි වැරැද්දක් අහුවෙනකම් සෙක්ෂන් එකම ගිනි තියන්න බලන්න ඉන්න විනය භාර ගුරුතුමියටත් ඇවිත් කියලා දෙන්නම් එකතු වෙලා ආයෙ බනින එක,එහෙම දෙයක් වුණා අපෙ පන්තියේ හිටපු කවීෂාට,
කවීෂගෙ අම්මාටත් තමන් කරපු වැඩේ මෝඩකම තේරෙන්නේ ඇත්තෙ, තමන්ටම පේන්න දකින දකින ගුරුවරයා කවීෂාට බනින්න යි,ළමයි ටික හිනාවෙන්න යි ගත්තම තමයි...

ඒත්, මං නොහිතපු දෙයක් වුණේ මට වුණේ...
අම්මා ඇඬුවා..අම්මට දුක හිතෙන්න ඇති, යාලුවෙක් වගේ මාත් එක්ක අදහස් විවෘතව බෙදාගන්න හිටපු අම්මට මම බොරුකළා නේද කියලා හිතිලා වෙන්නැති කියලා මට හිතුණා.මම වැරැද්දක්ද කළේ කියලා ඒ වෙලාවේ හිතන්න කැමති වුණේ නැහැ.

"බැහැ ,බැහැ, මම සවිඳුට කැමතියි,එයත් මට කැමතියි,අම්මා මොනා කිව්වත් දැන් ඒක වෙනස් කරන්න බැහැ."
මම එහෙම හිතාගත්තා.

අම්මා කඳුළු පිහදාගෙන
"එහෙම පාරවල් වල රස්තියාදු වෙන්න එපා පුතේ කිව්වා"...
තාත්තටවත් කිව්වේ නෑ..
ආච්චිට නම් වෙච්ච දේ මදියි...

අම්මා කිව්වා ඔය වගේ දේකදි ආච්චිඅම්මා හැසිරුණේ කොහොමද කියලා, අම්මා බැනුම් අහලා විතරක් නතර වෙලා නෑ ගුටිකාලා හොඳටම...

ඒ ඉස්කෝලේ කාලේ, අම්මගෙ ම වයසෙ පිරිමි ළමයෙක් අම්මට birthday card එකක් එවපු එකකට, අම්මත් පැත්තක ඉඳලා ගුටිකාලා, ඒ කෙනාටත් ගෙදරට ගිහින් එයාලගෙ අම්මා ඉස්සරහම බැනලා, කාඩ් එකත් ඉරලා දාලා ඇවිල්ලා.

ඒත් මට ...?

එහෙම කළේ නැත්තේ ඇයි...?

අම්මා දවසක් එයාව දැක්කා..
එයා එක්ක අම්මාම ගිහින් හොඳ යාළුවෙක් වගේ කතා කළා..
මට හරි පුදුමයි,මට සතුටුයි...
අපි දෙන්නා ගැන අම්මා ඈතින් ඉඳන් බලාගෙන හිටියා...
අපි කතා කළා,එයයි මමයි හවස පන්ති වලදි හම්බවුණා,ඔහොම අවුරුද්දක් ගෙවිලා ගියා...

විභාගය කරන්න මාස හතරක් පහක් තියෙද්දි එයා මාව මග අරින්න ගත්තා,
කාලයක් යද්දි මට එයාගෙ
කැත වැඩ ගැන දැනගන්න ලැබුණා,පංති කට් කරලා යන ගමන් ගැන, බොරු කියන එක,වෙනත් සම්බන්ධතා ගැන ආරංචි වෙන්න ගත්තා..හැම ඉස්කෝලෙකින් ම එක ගෑණු ළමයෙක් ගානේ යාලුවෙලා ඉඳලා,එක පාර තුන් හතර දෙනෙක් එක්ක... ඒවා දැනගත්තේ එයාගෙම සහ එයා සම්බන්ධකම් පවත්වපු ගෑණු ළමයින්ගෙන්මයි.

ඉවසලා ඉවසලා බැරිම තැන මම ඇඬුවා... හොඳටම ඇඬුවා...
එයාගෙ හැටි තේරුම් අරගෙන එයාගෙන් ඈත් වුණා...
එයා මගෙ ගතිගුණ එක්ක කොහොමටවත් ගැළපෙන කෙනෙක් නෙවෙයි කියලා මමම තේරුම් ගත්තා...
එහෙම හිතුවම මගෙ හිතට නිදහසක් දැනෙන්න ගත්තා...

සමහර දේවල් එයා ගැන මට හොයලා දුන්නේ අම්මා..එයාගෙ ගෙදර කියලා කියලා තිබ්බෙත් වෙන ගෙදරක්... අවුරුදු 17 ක් කොල්ලෙක් ට මෙච්චර බොරු කරන්න පුළුවන් ද කියලා මට ඇස්දෙකට දැකලත් විශ්වාස කරන්න බැරි වුණා.

මං අම්මගෙන් ඇහුවා ,"ඇයි ,ඇයි මට එදා ඒ සම්බන්ධෙ නතර කරන්න කියලා ගැහුවේ නැත්තේ" කියලා....
එහෙනම් අද මෙහෙම දුකක් නැහැනෙ කියලා...මම අඬුණා...එදා අම්මා ඇඬුවා වගේම.

මගෙ අම්මා හරි නිව්න ගති තියෙන කෙනෙක්,
එයා මෙහෙම කිව්වා..
"නැහැ එහෙනම් අද ඔයා ඉන්නේ මීටත් වඩා දුකකින්..."
"ජීවිත කාලයම පසුතැවිල්ලක..."
"අනේ සවිඳු කොච්චර හොඳද, අම්මා නිසා මට එයාව නැතිවුණා කියලා ඔයා මුළු ජීවිත කාලෙම දුක්වෙන ගමන් මටත් වෛර කරයි..."

එහෙම වුණාම ළමයි හිතුවක්කාර මුරන්ඩු තීරණ ගන්නවා...

මම ඔයාට අවැඩක් කරන්න නෙවෙයි නිහඬව හිටියේ,මම දැනගෙන හිටියා අපේ කාලේ අය කළා වගේ දැඩිව තරවටු කරලා දැන් ළමයිව පාලනය කරන්න සුදුසු නෑ කියලා ,

ඔයාට දැනෙන්නේ ඇරියා ඔයා ගත්ත තීරණය ගැන, ඒ ළමයා හොඳයි නම් කිසි ප්‍රශ්නයක් නෑ,ඔයත් එක්කම ඉඳීවි,විභාගයෙදි ඔයාවත් ඉස්සරහට ඇදගෙන ගිහින් විභාගෙ ගොඩ දා ගනී කියලා, ඒ එයා හොඳ කෙනෙක් වුණා නම්,

නමුත් දැන් ඔයා දන්නවනෙ හරියටම එයා කව්ද? මොනවගේද කියලා? ,ඔයාම තේරුම් අරන් ඈත් වෙච්ව එකද වටින්නේ,මගේ බලකිරීමකට ඈත් වෙන්න වුණානම් ඒකද වටින්නේ...?

ඒ තේරම් ගැනීමට ගෙවුණු පොඩි කාලය ගැන වද වෙන්න එපා...

ඒක ඔයාට ඉස්සරහට තීරණ ගනිද්දී සෑහෙන්න වටින අත්දැකීමක් වෙනවාමයි...
මම ඔයාට කවදාවත් බලකරන්නෙත් නෑ,මට වෙච්ච දේවල් ඔයාටත් වෙන්න දෙන්නෙ නෑ....

3 months ago

නිකමට ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවම තේරෙනවා බොහෝ මිනිස්සු අපිට අහිමි වුනෙ අහේතුකව නේද කියලා ,

එක එක කාළවල ජීවිතේ එක එක පරිච්චේද වලට අරක් ගෙන දිවෙන් දිව ගාගෙන හිටපු දැවැන්ත චරිත අද බලනකොට ඉන්න තැනක්වත් නොදන්නා තරමට අපෙන් ඈත් වෙලා ගිහින් නේද කියල හිතෙනවා .

එකට ඉගනගත්ත තැන්වල ,ඔෆිස් වල පණ ඇරගෙන ඉන්න කාලෙ මලත් නැති වෙන එකක් නෑ කියල හිතපු යාළුකම් සහෝදරකම් කවද කොහොම උනාද කියල නොදන්න තරමට වෙනස් වෙලා .
එක්කො අපි දන්නෙත් නැතුව තරහත් වෙලා .

ඒකට හේතුව ,ඒ කිසිම කෙනෙක් අපේ ඒ වෙලාවට එළියට පෙනෙන වටපිටාව මිසක් අපේ අධ්‍යාත්මය ඇබින්දක් වත් ස්පර්ශ කරලා නැහැ .

මේ ලඟදි දවසක් එක්තරා විශ්ව විද්‍යාලයක බාහිර zoom දේශනයක් ඇතුලේ එක දරුවෙක් මට කිව්වා එයාගේ හොඳම මිතුරිය බස් එකේ යනකොට වැටිලා කකුලක් කැඩුනා කියලා .

යාලුවගෙ ගම කොහෙද ඇහුවම කියනවා ඒ දරුවගේ උත්තරේ උනෙ ,

ඔය මතුගම පැත්තෙ කොහෙහරි ..

අවුරුදු හතරක් තිස්සේ හොඳම යාළුවා උනාට ඒ දරුව යාලුවගෙ ගමවත් හරියට දන් නෑ .

ඇත්තටම ඒකට ඒ දරුවට දොස් කියන්න කලින් මට මතක් උනා මගෙත් එක්ක අවුරුදු ගානක් එකට වැඩ කරපු කෙල්ල මලෙශියාවේ කියල මිසක් ඊට එහා කිසිම දෙයක් මන් දන්නෙත් නැහැ නේද කියල .

මොකද ඒ හැම සම්බන්ධයක්ම අපි පවත්වාගෙන ගිහින් තියෙන්නේ ඒ ඒ මොහොතේ පැවැත්ම වෙනුවෙන් පමණයි .

බොහොමයක් මානව සම්බන්ධතා වල ස්වභාවය එහෙමයි .

ඉන් එහාට ගිහින් එක මොහොතක් ඒ ජීවිත් දිහා බලන් ඉන්න අපට වෙලාවක් තිබිල නැහැ .
ඒ මිනිස්සු කැමති අකමැති දේවල් හොයන්න අහන්න අපිට වුවමනාවක් තිබිල නෑ
එයාල කටින් කියන දේ මිසක් ඒ ඇස්වල ඒ හිත්වල තියන දේවල් තේරුම් ගන්න අපි උත්සහ කරලා නැහැ .

සරළවම කිව්වොත් අපි කවුරුත් ඒ මිනිස්සුන්ට මිසක් ඒ ආත්මයට ලං වෙන්න හිතලවත් නැහැ .
එතකොට එහෙම මිනිසුන්ගෙන් ඈත්වෙන්න අපිට හේතු ඕනේ නැහැ
ඒ මිනිස්සුන්ට අපෙන් ඈත්වෙන්න හේතු ඕනෙත් නැහැ .

ඔන්න ඕකයි සමහර වෙලාවට අපි වටේ කොච්චර මිනිස්සු හිටියත් අපිට තනිකමක් දැනෙන්නේ .

මොකද දාහක් හිටියත් ඒ අයට අපිව දැනෙන්නෙත් නැහැ
අපිට එයාලව දැනෙන්නෙත් නැහැ .

මොකද අපි බොහෝවිට ,හිනාවෙන්න කන්න බොන්න ට්‍රිප් යන්න එකට වැඩ කරන්න මිනිස් සම්බන්ධතා පවත්වනවා මිසක් ඒ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය ස්පර්ශ කරන්න ඕන කියල එක මොහොතකට වත් හිතන්නෙ නැහැ .

ඉතින් පුද්ගලිකව අපි හැමෝම එක එක තැන්වල තනිවෙලා ,පිරිස වටකරගෙන ඉන්නවා ..එච්චරයි වෙන්නේ .

නිකමට හිතල බලන්න අපි කොච්චර මිනිස්සුන්ව දන්නවා උනත් ,ඒ අයගෙන් කී දෙනෙක්ව අඳුරනවද කියල ,
අන්න එතකොට තත්වෙ තේරෙයි .🤞

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor)

4 months, 2 weeks ago

මිනිස්සුන්ව miss කරගන්න එපා..

ජීවිතය අපිට විවිධාකාර මිනිස්සු මුණගැහෙනවා, අපිට විවිධාකාර මිනිස්සුත් එක්ක එකට වැඩ කරන්න සිද්ධ වෙනවා, ඒ වගේම...

අපිට ජීවිතය හම්බවෙන සමහර මිනිස්සු හරිම විශේෂ මිනිස්සු, සමහර මිනිස්සුත් එක්ක අපිට හිතෙනවා කතාබහ කරන්න, සමහර මිනිස්සුන්ව අපිට අපේ යාළුවෙක් විදියට තියාගන්න අවශ්‍ය වෙනවා, සමහර අයට අපිට ආදරේ කරන්න හිතෙනවා,

ඒ වගේම,

සමහර මිනිස්සු අපි ප්‍රතික්ෂේප කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව, ආපස්සට කල්පනා කරලා බලද්දි අපිටම තේරෙන්නේ නැහැ ඇයි අපි ඒ මනුස්සයව ප්‍රතික්ෂේප කළේ කියලා.. ඒ වුණාට අපිට හිතෙනවා ඒ අය අපිට ගැලපෙන්නෙ නෑ, සමහර විට කාලයක් ගියායින් පස්සේ අපිට ඒ අය ජීවිතේ නැතුවම බැරි මිනිස්සු වෙන්නත් පුළුවන්.. නමුත් මිනිස්සු විදිහට අපිට තව කෙනෙක්ව හරියටම හඳුනා ගන්න ජීවිතයේ සෑහෙන කාලයක් ගත වෙනවා.. මම හිතන්නේ මිනිස්සුන්ට කරන්න අමාරුම දේවල් වලින් එකක් තමයි මිනිස්සුන්ව හඳුනාගන්න එක..

මොනව උනත්, ජීවිතය ඔයා ඔයාට කතා කරන්න ඕන කියලා හිතන කෙනෙක්ව හරි, ආශ්‍රය කරන්න ඕන කියලා හිතෙන කෙනෙක්ව හරි, කිසිම හේතුවකට මිස් කරගන්න එපා, මොකද ඒ මිස් වීම කාලෙකට පස්සේ අපිට ගිල්ටි ෆීලින් එකක් ගෙනත් දෙනවා, "අනේ මට මේ මනුස්සයව ආශ්‍රය කරන්න බැරි උනානේ කියලා"

මගේ පුද්ගලික ජීවිතය ඇතුලේ මුල් කාලයේදී මම අපෝ වැඩක් නෑ කියලා අත්හැරපු ගොඩක් මිනිස්සු පසු කාලීනව මගේ අතිශය මිත්‍රය බවට පත්වුණා. ජීවිතයට ළඟම මිනිස්සු බවට පත්වුණා..

සමහර වෙලාවට අපි මිනිස්සුන්ගේ ජජ් කරන්න උත්සාහ කරනවා, ආ මෙයා හොඳයි, මෙයා නම් නරකයි මෙයාගෙන් වැඩක් නෑ, නමුත් ගොඩක් වෙලාවට අපි කරන විනිශ්චයන් සියයට සියයක්ම අසාර්ථක වෙනවා කියලා පසු කාලීනව අපිට තේරුම් යනවා..

ජීවිතය ඔයාට හම්බෙන හැම මනුස්සයත් එක්කම වචනයක් දෙකක් හරි කතා කරල බලන්න, මොකද හැම හමුවීමකම අපිට ජීවිතේට ඉගෙන ගන්න දෙයක් ලැබෙනවා, හැම හමුවීමකටම හේතුවක් තියෙනවා, ඒ නිසා මිනිස්සුත් එක්ක කතාබහ කරලා ඉන්න බය වෙන්න එපා, ඒ වගේම මිනිස්සුත් එක්ක කතාබහ කරද්දි තමන්ගේ සීමාව දැනගෙන ආශ්‍රය කරන්නත් අමතක කරන්න එපා..

ඇත්තටම සත්තුන්ට වඩා මිනිස්සු හරි හොඳයි, ප්‍රශ්නෙ තියෙන මිනිස්සු හිතාගෙන ඉන්නව මිනිස්සුන්ට වඩා සත්තු හරි හොඳයි කියලා...

තො මී
#ThomiThoughts

4 months, 2 weeks ago
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰
4 months, 2 weeks ago

කොහොමද අද දවස?
මහන්සිද?
වැඩ වල තත්වය කොහොමද?
ඔයා හොඳින්ද?
ඔයාට පුලුවන්.
හිමින් හිමින් කරන්නකෝ.
මං ඉන්නවා ඔයා ළඟ.

සමහර වෙලාවට මේ වගේ වචන ටිකක් ඇති මනුස්සයෙක්ව cheer up කරන්න.

දවස පුරාවටම ගතෙන්, හිතෙන් මහන්සි වෙන මිනිස්සු
තනියම හැමදේම කරගන්න මිනිස්සු
හීන වෙනුවෙන් නිදිමරන මිනිස්සු
බැරිමර ගාතේම හරි තමන්ට තේ එකක් හදාගෙන ආයෙත් වැඩ කරන මිනිස්සු
පීඩනයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු
පාලුවෙන් හුදකලාවෙන් දවස් ගෙවන මිනිස්සු
තනිකම සාංකාව දරාගන්න මිනිස්සු
දාහක් ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න මිනිස්සු
පවුලෙම බර කර ගහන මිනිස්සු
දරුවෝ වෙනුවෙන්ම නැහෙන මිනිස්සු.......

මේ සමහර විට ඔයාගේ සහකරු/ සහකාරිය වෙන්න පුලුවන්. සහෝදරයා/ සහෝදරිය වෙන්න පුලුවන්, අම්මා තාත්තා වෙන්න පුලුවන්, යාලුවෙක් වෙන්න පුලුවන්. වැඩ කරන තැන කෙනෙක් වෙන්න පුලුවන්. මග තෝටේ හමුවෙන දන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාම වෙන්නත් පුලුවන්.

කවුරු වුණත් මෙහෙම මිනිස්සු ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාලව සනසවන්න පොඩි වචන ටිකක් හොඳටම ඇති. එයාලා ඔයාට මුකුත්ම කරන්න කියන්නෙත් නෑ. එයාලට ඕනා පොඩි තල්ලුවක් විතරයි. කවුරුම හරි කෙනෙක් එයාලා ගැන හොයනවා කියලා එයාලට දැනෙන්නයි ඕනා.

ඉතිං ඔයාගේ ආදරණීයන්ගෙන් අහන්න එයාලාට මහන්සිද කියලා. පොඩි msg එකක් දාලා check කරන්න. Random call එකක් අරං check කරන්න.

කෙනෙක් "මට මහන්සියි" කියලා ඔයාට කියනවා නම් ඒ එයා ඔයාව විශ්වාස කරන නිසයි. ඔයාගෙන් එයාට පොඩි energy එකක් ලැබෙයි කියලා එයා හිතන නිසයි. මොකද මිනිස්සු එහෙම ලේසියෙන් තමන්ට දැනෙන දේවල් කියන්නේ නැති නිසා.

සමහර විට ඔයත් මහන්සියෙන් ඇත්තේ. ඒත් එහෙම වෙලාවට ඔයාගේ මහන්සිය ගැනම නොකියා "ඉතිං මං මොකක් කරන්නද?" කියලා පෙරලා ප්‍රශ්න කරන්නේ නැතුව එයාට cheer එකක් දෙන්න. අඩුම තරමේ අහන් ඉන්න. පිටට තට්ටුවක් හරි දාන්න. කර වටේ අතක් දාගන්න. අත තදින් අල්ලගන්න. එයාගේ වටිනාකම මතක් කරලා දෙන්න. එයා වෙනුවෙන් status එකක් දාන්න. Image එකක් send කරන්න. සිංදුවක link එකක් යවන්න.

ලඟම ඉන්නවා නම් උණු තේ එකක් හදලා ගිහින් දෙන්න. Stress එක නිසාම බර වෙලා ගල් වෙලා තියෙන උරහිස් දෙක ටිකක් massage කරන්න. ඔලුව පොඩ්ඩක් අතගාන්න. "මං ඔයා ගැන ආඩම්බරයි" කියලා පොඩි kiss එකක් දෙන්න.

මේවා සුරංගනා කතා කියලා හිතෙයි. ඒත් විඩාපත් වෙච්ච මනුස්සයෙක්ට මේ හොඳටම ඇති එයාගේ මහන්සිය නිවාගන්න. එයාට ඕනමත් එහෙම දෙයක්මයි.

හැමදාම අන්තිම නරකම දෙයක් වුණාම විතරක් කෙනෙක් ගැන "අනේ" කියලා දුක් වෙලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනා අනුකම්පාව නෙවෙයි. සංවේදි බවයි.

ජීවිතේ හරි මහන්සියි තමයි. ඒ නිසාම ආදරණීයන්ට ආදරේ වෙන්න. එකිනෙකාගේ අමාරු කාල වලදි එකිනෙකාව බලාගන්නවා කියන්නේ ඒකටයි.

Copied

4 months, 3 weeks ago

⚡️කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්,

⚡️එළියට එන්න දඟලන්නේ අනුන්ගේ අඩුපාඩුවක්‍ නම්,

⚡️කරන්න හදන්නේ කාටහරි ගිණිගෙඩියක් දෙන එක නම්,

⚡️පෙන්නන්න හදන්නේ කාගෙ හරි කැතක්‌ නම්,

⚡️එළියට දාන්න හදන්නේ හිතෙන දෙයක් මිසක් හරියටම දන්න දෙයක් නෙමෙයිනම්,

⚡️කථාව කාගෙ හරි පවුලක් හෝ ජෝඩුවක් ගැන නම්,

⚡️පනින්න හදන්නේ අනුන්ගේ ප්‍රශ්නෙකට නම්

හරි,

⚡️ළඟ ඉන්නෙ කිසිම දෙයක් කිව්වට තේරුම් ගන්නෙ නැති, තේරුම් ගන්න බැරි රට පඬියෝ රැළක් නම්

➡️අනේ පිංසිද්ද වෙයි,කරුණාකරලා කියන්න හදපු දේ ගිලලා ඔය කට කියන අවයවය වහගෙනම ඉන්න.🙏🏾🙏🏾

මේ ලෝකෙ වැඩිම අපරාධ තොගයක්, වැඩිම ප්‍රශ්න ගොඩක්, වැඩිම සිත් රිදීම් ප්‍රමාණයක්‌ ඇතිවෙන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි "කටවල් "හින්දා.

ඉස්සරනම් කිව්වේ ගෑනුන්ගේ කටවල් හින්දා කියලා, හැබැයි දැන්නම් සමහර පිරිමින්ගේ කටවල් ගෑණුන්ට හපන්, ☹️

තාම වචන පිටකරනවට tax ගහන්න ගැසට් ගහලා නැති හින්ද ද මන්දා උදේ ඉඳලා රෑ වෙනකම් දන්න නොදන්න, අවශ්‍ය අනවශ්‍ය, හැම මංගල්ලෙටම කට ඇරගෙන දඟලන එකෙන් වෙන්නෙ, තමනුත් නැතිවෙලා අනිත් මිනිහත් කැත වෙන එක විතරයි.

වාචාල මිනිස්සු වැඩි වෙන්න වැඩි වෙන්න මුඛරි මිනිස්සු නිහඬ වෙනවා,

එතකොට ඉතින් අර වාචාල සෙට් එක ඒ කටවල් වලින් ගෙවලුත් ගිනිතියල ගමත් ගිණිතියලා රටත් ගිණි තියලා තමයි පස්ස බලන්නේ.

මේ ලෝකෙ ලේසියෙන්ම ලස්සන කරන්න පුළුවන් එකම අවයවයත්, තත්පරෙන් චොර කරලා කැත කරලා ලේසියෙන්ම ගිණි තියන්න පුළුවන් එකම අවයවයත් ඔය නහයට පහලින් තියන "කටවල් "ම තමයි.

අන්න ඒ නිසා අරින්න කලින්, අරමුණ හොඳ දෙයක්ද, නරක දෙයක්ද කියලා ආයෙත් සැරයක් හිතලා ඊට පස්සේ අරින්න. (කට )

අනිත් හැමවෙලේම පුළුවන්තරම් ඔය කට කියන අවයවය වහගෙනම ඉන්න.
ඒක ලොකු උදව්වක්‌.

සමහරක් කටවල් වැහිලම තිබ්බනම් අද අපේ රටවල් වලට උනත් මේ තරම් කරදර නැහැ.

ලබන අවුරුද්දේ ඉඳන් වත්,පුළුවන් තරම් කට වහන් ඉන්න බලන්න,
රටට සේවය කරන්න මහ ලොකු දේවල්ම කරන්න ඕනෙ නැහැ, තමන්ගෙ කට පරිස්සම් කර ගත්තම ඇති.
ඇත්තටම ඒක ඔයා හිතනවට වඩා ලොකු සමාජ සේවයක් 🙏🏾😔

අනිශා ජයකොඩි ✍️

We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 1 month, 3 weeks ago

♥ ලැබෙන හැම තප්පරේකම හිස් තැනක් නොතියාම ආදරෙ කරන්න ©️♥

Love every second you get without leaving an empty space 💋💕
.
.
.
R O M A N T I C ʰᵒᵘʳ ツ💋
@Romantic_Hour

Buy ads: telega.io/channels/SinhalaStatus/card?r=maGjLQZn

Last updated 1 month ago

Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰

Last updated 3 weeks, 3 days ago