Science සිංහලෙන්

Description
Science සිංහලෙන් Channel හි අරමුණ අන්තර්ජාලය තුල හමුවෙන වැදගත් විද්‍යාත්මක ලිපි ඔබ වෙත ගෙන ඒමයි ⚗️?????????

https://t.me/ScienceSinhalen
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago

3 months, 1 week ago

? නොබෙල් තෑග්ගේ කතාව
The Story Behind the Nobel Prize

සෑම වර්ෂයකම දෙසැම්බර් 10 කියන්නේ මනුෂ්‍ය සංහතියේ ඉදිරි ගමන වෙනුවෙන් ඉතා අගනා සේවාවක් කල මිනිසුන් ලොව උසස්ම සම්මානයෙන් පිදුම් ලබන දවස.ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රයන් 5ක දියුණුව වෙනුවෙන් කටයුතු කල පුද්ගලයන් හට නොබෙල් ත්‍යාගය පිරිනමන දිනය.ඉතින් මේ නොබෙල් ත්‍යාගය පිටු පස්සේ තියෙන්නේ අමුතුම කතාවක්.කවුද මේ නොබෙල් තෑග්ග නිර්මාණය කලේ? ඇයි එහෙම තෑග්ගක් දෙන්න තීරණය කලේ?මොකක්ද ඒ පිටුපස තියෙන කතාව?

මේ පිළිබඳ සැකසූ වීඩියෝව මෙතනින් ?
https://t.me/ScienceSinhalen/298

නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘ තමයි ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන්නේ.1833 වර්ෂයේ ඔක්තෝම්බර් 21 ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ උපත ලද ඇල්‍ෆ්‍රඩ් නොබෙල් කුඩා කල ඉදන්ම විවිධ නව සොයාගැනීම් කල,නිපැයුම් කල නව නිපැයුම්කරුවෙක්. ඔහු ඉංජිනේරුවෙක් මෙන්ම රසායන විද්‍යාඥයෙකුත් වුණා. ඇල්ෆ්‍රඩ් නොබෙල් ඔහුගේ ජීවිත කාලය තුළ නව සොයාගැනීම් 355ක් පමණ සිදු කළ බව සදහන් වෙනවා. එයින් වැඩි හරියක්ම හමුදා සඳහා නිර්මාණය කළ යුධ උපකරණ. ඔහු මේ නිපැයුම් මගින් සොයා ගත් මුදල් වලින් අති විශාල ධනපතියෙක් බවට පත් වුණා.මුළු ලෝකයම දන්නා, ඔහුගේ සුප්‍රසිද්ධම නිර්මාණය තමයි ,පුපුරන ද්‍රව්‍යයක් වන ඩයිනමයිට්.ඉතින් මේ ඩයිනමයිට් සොයාගැනීනත් සමග ලෝකය පුරා විශාල ඉල්ලුමක් ඇතිවුණා.මේ ඉල්ලුමත් එක්ක ඔවු සුපිරි ධනවතෙක් වුණා.

1888 වර්ෂයේදී ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ සහෝදරයෙක්වන ලුඩ්විජ් නොබෙල් මිය යනවා. නමුත් කරුණු හරි හැටි නොදත් ප්‍රංශ පුවත්පතක් මේ පුවත වාර්තා කර තිබුණේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය ලෙසටයි. ඔවුන්ගේ සිරස්තලය ලෙස යොදාගෙන තිබුණේ "ම.රණයේ වෙළෙන්දා මිය යයි" කියලා.ඉතින් මේ පුවත දැකපු නොබෙල්ට මොනා හිතෙන්න ඇත්ද?ඔහු දුක්වුණා,කලකිරුණා.තමත් එදා සොයාගත් ඩයිනමයිට් නිසා මිනිසුන් කොතරම් පීඩාවට,කරදරයට පත්වෙලාද කියලා මේ නිසා ඔහුට තේරුම් ගියා.තමන් මිය ගිය දවසක ලෝකය තමන් ගැන මතක තබා ගන්නේ මේ විදිහටද කියන එක ගැන ඔහු පසුතැවිලි වුණා.කොතරම් ඵලදායී එකක් වුණත්, ඒ විනාශකාරී නව නිපැයුම තම නමට ඈදෙනවාට අකමැති වූ නොබෙල් ඒ වෙනුවට, නොබෙල් නාමය වෙනුවෙන් වෙනත් වැදගත් දෙයක් ලෝකයට ඉතුරු කරලා යන්න උපායක් කල්පනා කළා. එහි ප්‍රතිඵලය තමයි, නොබෙල් ත්‍යාගයේ ආරම්භය. ඇල්ෆ්‍රඩ් නොබෙල් සිය මරණින් පසු ඔහු සිය මුළු බූදලයෙන් වැඩි කොටසක් යොදවා ලෝකයේ යහපත සඳහා නව අදහස්, නව නිපැයුම් කරන අයට සම්මාන පිරිනමන ලෙස 1895 නොවැම්බර් 27 දා ලියූ ඔහුගේ අන්තිම කැමැත්තෙහි සඳහන් කර තිබුණා.

නොබෙල් තෑග්ග ආරම්භ වුණේ එහෙමයි. 1896දී ඇල්ෆ්‍රඩ් නොබෙල් අවසන් හුස්ම හෙළුවා. ඒ ඔහුට වයස අවුරුදු 63දී. ඔහුගේ අවසන් කැමැත්ත අනුව ඔහුගේ සමස්ත උරුමයෙන් 94%ක් නොබෙල් තෑගි සඳහා වෙන් කෙරුණා. මුලදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය සහ සාමය යන ක්ෂේත්‍ර සඳහා නොබෙල් තෑගි පිරිනමන්නට කටයුතු කලා. තෑගි පිරිනැමීම සඳහා 1900දී ස්වීඩනයේදී නොබෙල් සංවිධානය පිහිටුවා ගැනුනා. පස්සේ කාලෙකදී, 1968දී ස්වීඩනයේ ජාතික බැංකුව එහි 300 වන සංවත්සරය සමරා නොබෙල් සංවිධානයට විශාල මුදලක් පරිත්‍යාග කරමින් "ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් අනුස්මරණ ත්‍යාගය" හඳුන්වා දුන්නා.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ඔහුගේ අන්තිම කැමැත්තෙන් වි‍ශේෂයෙන් නම් කළා නොබෙල් ත්‍යාගය සඳහා සුදුස්සන් තේරීම සිදු කළ යුත්තේ කවුරුන්ද කියා. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වෙනුවෙන් සම්මාන තේරීම ස්වීඩනයේ විද්‍යාව සඳහා වූ රාජකීය ඇකඩමියටත්, වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාවට සම්මානලාභීන් තේරීම ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය පර්යේෂණ ආයතනයටත්, සාහිත්‍යය සඳහා වූ සම්මානයට සුදුස්සන් තේරීම නොබෙල් ත්‍යාග පිරිමන ස්වීඩන ඇකඩමියටත්, නෝර්වේජියානු පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන කමිටුවක් මගින් සාමය සඳහා සුදුස්සා තේරීමටත් ඔහු අන්තිම කැමැත්තෙන් යෝජනා කර තිබුණා. ඒ අනුව නොබෙල් සම්මාන ආරම්භ වූයේ 1901දියි.

පළමු නොබෙල් සමුළුව 1901දී පැවැත්වුණා. එහිදී භෞතික විද්‍යාව සඳහා එක්ස් කිරණ සොයාගැනීම වෙනුවෙන් විල්හෙල්ම් රොන්ට්ජන්ටත්, රසායන විද්‍යාව සඳහා චාලක රසායන නියම සොයාගැනීම වෙනුවෙන් ජේකොබස් වැන් ට්'හොෆ් ටත්, වෛද්‍ය විද්‍යාව සඳහා ඩිප්තීරියාව සඳහා ප්‍රතිකාරයක් සොයා ගත් එමිල් වොන් බේරිංටත්, සාහිත්‍යය සඳහා සලී පෘඩෝම්ටත්, සාමය සඳහා රතු කුරුස ව්‍යාපාරය ඇරඹීම වෙනුවෙන් ජීන් හෙන්‍රි ඩුනන්ට් ටත් ත්‍යාග පිරිනැමුණා.

නොබෙල් ත්‍යාග පිරිනැමීම සිදුකරන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ජන්ම දිනය යෙදී ඇති දෙසැම්බර් 10 වනදායි. ඉතින් මේක තමයි ම.රණයේ වෙළෙන්දාගෙන් උපන් නොබෙල් තෑග්ගේ කතාව.

#DarshanaUkuwela #Physics #AL #NobelPrize #NobelPrizeWinner #Knowledge

3 months, 1 week ago
Science සිංහලෙන්
3 months, 2 weeks ago

ඉලොන් මස්ක් නිතරම කිවූ දෙයක් තමයි "හොදම කොටස තමයි කොටසක් නොමැතිවීම" කියලා.

ඔහු එයින් අර්ථවත්කලේ, ස්පේස්එක්ස් රොකට්වල ඇති කොටස් ගණන අඩුකර එහි ක්‍රියාකාරීත්වය සරළ කරන ලෙසයි. එහෙම කොටස් ගණන අඩුවුනාම, යානයේ අසාර්ථක වෙන්න පුළුවන් අවස්ථාවන් ප්‍රමාණයත් අඩුවෙන බව ඔහු පැහැදිලි කලා.

ඊයේ ස්පේස්එක්ස් සමාගම ඔවුන්ගේ රැප්ටර් රොකට් එංජිමේ අලුත්, 3වෙනි පරම්පරාව හදුන්වා දුන්නා. එය කලින් තිබුනු එංජිමට වඩා බෙහෙවින් සරල බව අන්තර්ජාලයේ සදහන් උනා. මේ පින්තූර බැලුවාම රැප්ටර් රොකට් එංජින්වල පරිණාමය ගැන අදහසක් ලබාගන්න පුළුවන්.

5 months, 2 weeks ago

යම් හෙයකින් රටවල් හෝ පාර්ශව ද්විත්වයක් අතර න්‍යෂ්ටික යුද්ධයක් සිඳුවුවහොත් එය අවසානයේදී සැබෑම ජයග්‍රාහකයෙකු නොමැති වීම සහ ජයග්‍රාහකයට ඉතිරි වනුයේ හුදෙක් මාරාන්තික විකිරණ, අළු බවට පත්වූ නඟර, කඳුලු, වේදනාවන් සහ අදෝනා වලින් පිරුණු දේශයක් වීම යන කරුණු නිසාවෙන් ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාවය අප සිතනවාට වඩා ඉතා පහළ මට්ටමක පවති. නමුත් එය කිසිදාක ශූන්‍ය වන්නේ නම් නැත.

NATO ව සහ රුසියාව අතර ඇතිවන මහා පරිමාණ න්‍යෂ්ටික යුද්ධයකින් සහ එහි දිගුකාලීන ප්‍රතිවිපාක හේතුවෙන් ලෝවටා පුද්ගලයින් බිලියන 5ක් පමණ මි. ය යා හැකි බවට ගනන් බලා තිබේ. මෙම න්‍යෂ්ටික පිපිරීම් වලින් නිකුත් වන විකිරණශිලී අංශූන් සති ගණනාවක් පුරාවටම වායුගෝලයේ සිට පෘථිවි පෘශ්ඨය මතට කඩා වැටෙනු ඇත. තවද එයින් නිකුත් වූ දූමාරය පෘථිවියේ සුළං සහ වායුගෝලීය පීඩන විචලනයන් හේතුවෙන් ලෝව වටාම ව්‍යාප්ත වනු ඇත. මේ නිසා ලෝවටා කෘෂිකර්මාන්තය මාරාන්තික ලෙස පහළ වැටෙනු ඇත. එපමණක් නොව විදුලි සැපයුම, ජල සැපයුම, ඉන්ධන සැපයුම සහ ගෝලීය ආර්ථිකයද බිඳ වැටෙනු ඇත. තවද පෘථිවියේ CO2 වායුව O2 වායුව බවට පරිවර්තනය කිරීමේ ප්‍රධානතම ප්‍රභවය වන සාගරයේ වෙසෙන ශාක ප්ලවාංගද ආලෝකය නොමැතිව මිය යනු ඇත.

වර්තමානය වන විට අපට ගබඩා කර ගත හැක්කේ ලෝක ජනගහනයට දින 60කට පමණ සෑහෙන ආහාර සහ ජලය පමණි. එම සීමාවෙන් එහාට මිනිසුන් මිලියන ගණනක් සාගතයෙන් සහ විජලනයෙන් ජිවිත. ක්ශයට පත්වනු ඇත. පරිවර්තී ගෝලය (Troposphere) වෙතට ළඟා වන දූමාරය වර්ෂාව සහ අනෙකුත් කාළගුණික විපර්යාසයන් නිසාවෙන් ක්‍රම ක්‍රමයෙන් පහව ගියද ස්තර ගෝලය (Stratosphere) වෙතට ළඟා වන දුමාරය එලෙස පහසුවෙන් පහව යන්නේ නැත. එබැවින් න්‍යෂ්ටික යුද්ධයකදී ස්තර ගෝලය වෙතට ළඟාවන දුමාරය අවුරුදු කිහිපයක් වුවද පැවතිය හැකිය. කෙනෙකු, ඔහුගේ සතුරාව විනාශ කරලීම තෝරාගනුයේ න්‍යෂ්ටික යුද්ධයක් නම් ඔහු විනාශ කරලනුයේ ඔහුගේ සතුරාව පමණක් නොව මුළු මහත් ලෝකයමයි.

ලෝක න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර එවැනි සිඳුවීමක් සිඳුවුවහොත් මිනිසුන් මිලියන ගණනක් පැය කිහිපයක් ඇතුලත අළු බවට පත්ව යනු ඇත, තවත් මිනිසුන් මිලියන ගණනක් න්‍යෂ්ටික පිපිරිමෙන් නිකුත් වූ විකිරණ හමුවේ වේදනාවන් සහ කඳුළු අතුරින් ජීවිතයෙන් සමුගනු ඇත, මිනිසුන් පමණක් නොව සතුන්ටද අත්වනුයේ එම ඉරණමමයි. වායුගෝලය පුරා විසිරිගිය විකිරණශිලී අංශූ සුළඟ මඟින් වෙනත් ප්‍රදේශයන් වෙතටද රැගෙන යනු ඇත, එම විකිරණශිලී අංශූ සති, මාස ගණනක් පුරාවටම ඉහළ අහසේ සිට පොළොව වෙතට විකිරණ ලෙසට පතිත වනු ඇත. සමස්ථ නඟර සහ විශාල ප්‍රදේශයන් තවත් දශක ගණනාවකටම ජීවයට නුසුඳුසු තත්වයකට පත්වනුයේ මෙවැනි අවස්ථාවකදී නැවත හැරවුමක් නැති බව සනාථ කරලමිනි...

සමහර ගණනය කරලීම් වලට අනුව නම් න්‍යෂ්ටික යුද්ධයන් වැනි මිනිසුන්ගේ ඍජු බලපෑමකින් සිඳුවන ක්‍රියාකාරකම් හේතුවෙන් මානව විශේෂය න්‍යෂ්ඨ වී යෑමට දරන හැකියාව, ස්වභාවික ව්‍යසන වල ඒ හැකියාවට වඩා 300 ගුණයක් පමණ ඉහළය. මිනිසුන් යනු විශ්වයේ අප දන්නා බුද්ධිමත්ම ජිවී විශේෂයයි. සිතා ගත නොහැකි තරමේ සංකීර්ණ විඥානයකින් සමන්විත වන අප සෑම විටම උත්සාහ කල යුත්තේ අපගේ විශේෂය පමණක් නොව අනෙකුත් ජිවී විශේෂ සහ පෘථිවියද ආරක්ශා කරගැනීමයි. නැතහොත් අපටත් සිඳුවනුයේ විශ්වයේ කොතනක හෝ තමන් විසින්ම තමන්ගේ ශිෂ්ඨාචාරය විනාශ කරගත් පිටසක්වල ජීවයක් තිබේ නම් ඔවුන් ලෙසටම හුදෙක් අළු සහ දුහුවිලි ගොඩක් බවට පත්ව නිහඬවී යෑමටයි.

මේදිනවල පවතින රුසියානු සහ ඇමෙරිකානු මතභේදයන් අපට සුළු කොට තැකිය හැකි දේවල් නොවේ. ඇමෙරිකාව විසින් යුක්‍රේනය යොදාගනිමින් රුසියාවේ න්‍යෂ්ටික අනතුරු ඇඟවීමේ පද්ධතීන් (Nuclear strike Early warning systems) වෙතට පහරදීම රුසියාව කුපිත කරවීමක් සහ යුක්‍රේනය විසින් සිඳුකරන ලද අණුවනතම ක්‍රියාවක් බව බටහිර මාධ්‍යන් පවා වාර්තා කොට ඇත. එපමණක් නොව NATO රටවල් විසින් යුක්‍රේනය වෙතට ලබාදුන් දිගුදුර මිසයිල භාවිත කරමින් රුසියාවේ නඟර වෙතට යුක්‍රේනය විසින් ප්‍රහාරයන් එල්ල කරහොත් එය න්‍යෂ්ටික යුද්ධයක ගිනිදළු අවුලුවාලීමක් වැනිය.

© Padaartha - පදාර්ථ

5 months, 2 weeks ago
Science සිංහලෙන්
5 months, 2 weeks ago

අපේ මොලය සහ සුසුම්නාව වටේට, මස්තිෂ්ක සුසුම්නා තරලය (Cerebrospinal fluid (CSF)) තියෙනවා. මේ තරලය සොක්- අබ්සොබර් ( shock absorber) විදියට වැඩ කරන නිසා. මොළය සහ සුසුම්නාව හදිසි කම්පන, සෙලවීම්වලින් වලින් ඩැමේජ් නොවී බේරෙනවා. ඒ කියන්නේ මේක මොළයට කුෂන් එකක් වගේ.

මොළය සහ සුසුමනාවට පෝෂණය සපයන්න, මොලේ පරිවෘත්තිය ක්‍රියාවලින් පිටවෙන අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය, අයින් කරලා ph අගය පාලනය කරන්න, මොළය සහ සුසුම්නාව අවට රසායනික පරිසරය වෙනස් නොවී තියාගන්නත් මේ තරලය අපිට උදව් වෙනවා.

අතීතයේ මාලිගාවල් වටේ හදපු ජල උගුල් වගේ, මොලේ සහ සුසුම්නාවට පිටින් එන සතුරෝ , ඒ කියන්නේ විෂබීජ ඇතුල් වෙන එකත් මේක මගින් යම්තාක් දුරකට පාලනය වෙනවා, ඒ කියන්නෙ බාධකයක් විදියට ක්‍රියා කරනවා.

කොන්දෙන් වතුර ගන්නවා කියන්නේ ඔය තරලය අරන් පරීක්ෂණවලට යවන එක. හිරිවට්ටලා , ඉදිකට්ටක් මේ තරලයේ තියෙන තැනට දාලා, මේ වතුර ස්වල්පයක් ගන්නවා, වෛද්‍යවරු විශබීජ නාශක දියර වලින් කොන්ද පිස දාලා, ග්ලවුස් දාගෙන, පිටතින් කිසිම විෂබීජයක් ඇතුල් නොවන ආකාරයට තමයි මේක කරන්නේ.
මේක කරාට පස්සේ සමහරුන්ට පොඩි හිසරදයක් වගේ ඇතිවෙන්න පුළුවන්, කොන්ද පණ නැති වීමක් සිද්ධ වෙන්නෙ නැහැ,( ඉදිකට්ට දාන තැන සුසුම්නාව නැහැ ) ඒ වගේම ස්නායුවකට ඩැමේජ් වීමක් සිද්ධ වෙන්නෙ නැති තරම්.

? මේ පරීක්ෂණයෙන් අපිට බලන්න පුළුවන්, මොළයට සුසුන්නාවට විෂබීජ ගිහිල්ලද කියලා,(meningitis, encephalitis, tuberculous meningitis)
? අනතුරකදී මොලේ අවට ලේ ගැලීමක් වෙලාද කියලා බලාගන්න පුළුවන්. ඒ කියන්නේ අවර්ණ මේ තරලය ලා තැම්බිලි හෝ ලා කහ පාටක් වෙනවා.
? සාමාන්‍යයෙන් නැති ප්‍රෝටීන් , එන්සයිම, ඇන්ටිබොඩි වර්ග මේකේ තිබුණොත්, මල්ටිපල් මයිලෝමා, ගිලන් බාරේ, Neuromyelitis optica (NMO),Neurosyphilis Sarcoidosis වගේ රෝගී තත්ත්ව තියෙනවද කියලාත් බලා ගන්න පුළුවන්.
? ඒ වගේම මොලේ සමහර පිළිකා තියනවද කියලත් බලාගන්න පුළුවන්.

කොන්දෙන් වතුර ගන්න එක ගැන නොදන්නා කරුණු දැනගත්ත නම් අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න. ? ❤️

Dr.Priya
Copied

5 months, 2 weeks ago

චීනයේ Chang'e-6 අභ්‍යවකාශ යානය පසුගියදා හඳට පිටත් උනේ හඳේ අනිත් පැත්තේ ගොඩ බාලා එහෙන් සාම්පල ටිකක් එකතු කර ගෙන එන්න.

මීට පෙර ඉන්දියානු හඳේ දකුණු ධ්‍රැවයේ ගොඩ බෑවත් සාම්පල් අරගෙන ආයෙත් එන්න සැළසුම් කර තිබුනේ නෑ. මොකද හඳ මතින් යලිත් අභ්‍යවකාශයට පැමිණෙන්න එහේ ඉඳන නැවත් රොකට් බලය පාවිච්චි කරන්න ඕනේ නිසා. එසේ කිරීමට හැකියාවක් එම චන්ද්‍රයාන් 3 යානයට හැජියාවක් තිබුනේ නෑ. එය සිය කාර්යහාරය අවසන් කිරීමෙන් අනතුරුව සදාකාලික නින්දකට වැටුණා.

නමුත් මේ බොහෝ අභ්‍යවකාශ ගමන් වල අවසාන අර්ථය වන්නේ යලිත් පෘථිවියට පැමිණීම. ඒ නිකම් නෙවෙයි එහෙන් සාම්පල් අරගෙන. අනතුරුව ඒවා පරික්ෂා කිරීමෙන් පසු එහේ සම්පත් පෘථිවියට රැග්‍ර්න ඒමට කටයුතු සකස් කරන්න පුළුවන්. විශේෂයෙන් මිනිසුන් ගමන් නොකර දුරස්ථව සිට මේ කටයුතු පාලනය කර යුතු වෙනවා. පෘථිවියත් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් හඳත් කියන තුන් තැන මේ කටයුතු සම්බන්ධ කෙරෙනවා.

සාමාන්‍යයෙන් ඉදිරි අභ්‍යවකාශ ගමන් වල නැවතුම් පළක් බවට හඳ පත්වීමට නියමිතයි. එයට හේතුව හඳෙ ගුරුත්වයෙන් මිදෙන එක පෘථිවියේ තරම් අමාරු නොවීම. හඳට ඔබ්බෙන් කෙරෙන අභ්‍යවකාශ සංචාර වලදී අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙන්ම හඳ කියන්නේ නැවතුම් පොළවල්.

මීට පැය කීපයකට පෙර හඳේ අනිත් පැත්තේ සාම්පල් එකතු කර ගත්තු Change'e-6 යානය ආපසු පෘථිවිය බලා පිටත් උනා. මේ වන කොට එය හඳේ කක්ෂයට පැමිණ තිබෙනවා. ඒ කියන්නේ සාර්ථකව හඳේ ගුරුත්වයෙන් මිදිලා. ඉදිරි සති කීපය තුල එය පෘථිවියට ඇතුල් වී චීනයේ ගොඩ බාවි. ඒ සාම්පල් ගැන නම් තොරතුරු අපිට දැන ගන්න ලැබෙන එකක් නෑ. සියළුම මාධ්‍ය රජය විසින් පාලනය කරන චීනයේ තොරතුරු ලෝකයට දැන ගන්න නම් චීන රජයම කියන කං ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන්ට කැමති ටික විතරයි.

පැතුම් කර්නර්
#රටහදනහරිපාර #පැතූනොමික්ස් #හරිත

5 months, 3 weeks ago

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හැම ග්‍රහලෝකයක්ම සුර්යයා වටා පරිභ්‍රමණය වෙන්නේ එකම තලයක, ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය දිහා පැත්තක ඉඳලා බලද්දී අපිට පෙන්නේ ග්‍රහලෝක ඔක්කොම එකම පැතලි ද්වීමාන තලයක තියෙනවා වගේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විතරක් නෙමෙයි අපි දැනට දන්න ග්‍රහ පද්ධති සියල්ලගේම වගේත්, සහ කළු කුහරයන් වල Accretion disk එකෙත් මේ සංසිද්ධිය අපිට දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගොඩක් මන්දාකිණි වල සමස්ථ ස්‍වරූපයත් ද්වීමාන ආකාරයක් ගන්නවා. ඇයි මේ ග්‍රහලෝක එකම තලයක ඉන්නේ? ඇයි ඒවාට බැරි ඒගොල්ලෝ කැමති තලයක පරිභ්‍රමණය වෙන්න? ඒ ඇයි කියලා මේ post එකෙන් අපි දැනගමු.

මේකට ප්‍රධාන වශයෙන් හේතුවන සාධක කිහිපයක් තියෙනවා. ඒ තමයි කෝණික ගම්‍යතාවයේ බලපෑම, ගුරුත්වාකර්ශණ බලයේ බලපෑම, සං‍යුක්ත ග්‍රහ පද්ධතියකට ද්වීමාන තලයකදී හිමිවන ඉහළ ස්ථායිතාවය සහ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී ඇතිවුනු දුහුවිලි තලයේ බලපෑම කියන සාධකයන්. අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇතිවුනේ දුහුවිලි සහ පදාර්ථ පිරුණු නෙබියුලාවකින්. මේ නෙබියුලාවන් වල හැඩය විවිධාකාරයි. කාලයත් එක්ක ගුරුත්වාකර්ශණ බලයේ බලපෑම නිසා එකට එකතු වෙන දුහුවිලි, පදාර්ථ සහ වායු අණු ඒගොල්ලන්ගේ ගුරුත්වාකර්ශණ බලය යොදාගෙන තව තවත් පදාර්ථ එකට එකතු කරගනිමින් ප්‍රමාණයෙන් විශාල වෙනවා.

අවුරුදු මිලියන ගානකට පස්සේ මේ විදිහට ටික ටික ලොකු වුනු පදාර්ථ සහ වායුන් වල ගුරුත්වාකර්ශණ බලපෑම නිසා මේ වස්තූන් වලට ආසන්න ප්‍රදේශය, කෝණික ගම්‍යතාවය ආරක්ශා කරගන්න සහ ගුරුත්වාකර්ශණ බලයන් හමුවේ එයාට ඉන්න පුලුවන් ස්ථායිම හැඩය වන තැටියක් ආකාරයට එහෙමත් නැත්නම් ද්වීමාන තලයක් විදිහට සකස් වෙනවා. මේ තැටියට අපි කියනවා Protoplanetary Disk එකක් කියලා. මේ Protoplanetary disk එක මධ්‍යයේ තමයි තවමත් නිර්මාණය වෙමින් පවතින අපේ සුර්යයා තියෙන්නේ. ඒ වගේම මේ disk එකෙන් තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙන්නෙත්. තවමත් නිර්මාණය වෙමින් පවතින අපේ සුර්යයාගේ බලපෑම නිසා නෙබියුලාව සහ Protoplanetary disk එක ටික ටික පොඩි වෙන්න පටන් ගත්තා. මේ නිසා කෝණික ගම්‍යතාවය ආරක්ශා කරගන්න කලින්ට වඩා වැඩි වේගයෙන් භ්‍රමණය වෙන්න Protoplanetary disk එකට සිද්ධ වුනා.

කෝණික ගම්‍යතාවය කියන්නේ භ්‍රමණය වන වස්තුවක ස්කන්ධය, භ්‍රමණ වේගය සහ අරය මත රඳා පවතින භෞතික විද්‍යාවේ තියෙන වැදගත් භෞතික රාශියක්. අපි තනි වස්තුවක් ගත්තත් වස්තූන් සමූහයක් ගත්තත් එයාට සිද්ධ වෙනවා මේ කෝණික ගම්‍යතාවය කියන එකට අනිවාර්යෙන්ම එකඟ වෙන්න.

මේ පැතලි දුහුවිලි තැටියේ තැන් තැන් වල ඇති වන ගුරුත්වාකර්ශණ වෙනස්වීම් නිසා එකට එකතු වෙන පදාර්ථ සහ දුහුවිලි අංශූ විසින් පොඩි ග්‍රහක කොටස් විතරක් නෙමෙයි විශාල ග්‍රහලෝක පවා නිර්මාණය කරනවා. සමහර අවස්තාවන් වලදී කුඩා සහ විශාල ප්‍රමාණයන් වල ග්‍රහලෝක එකට එක හැප්පෙනවා. සමහර ග්‍රහලෝක විනාශ වෙනවා, සමහර ග්‍රහලෝක අනිත් ග්‍රහලෝක තමන්ගේ දිහාවට ඇඳගෙන තමන්ගේ ප්‍රමාණය විශාල කරගන්නවා. අවුරුදු මිලියන ගාණක් පුරාවට සිඳුවන මේ ක්‍රියාවලිය අවසානයේදී නිර්මාණය වුනු ග්‍රහලෝක ස්ථායි පථ සහ කක්ෂයන් ඇති කරගන්නවා. ගුරුත්වයට අනුව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඒ ඒ ග්‍රහලෝක වල පරිභ්‍රමණ කක්ෂයන් ස්ථායි නිසා තමයි ග්‍රහලෝක ග්‍රහලෝක තවදුරටත් එකට එක හැප්පෙන්නේ නැත්තේ.

ග්‍රහලෝක ඒගොල්ලන්ට කැමැති කැමැති විදිහට ත්‍රිමාණ තලයන් වල කක්ෂගත වුනා කියමුකෝ, එහෙම වුනා නම් ඒ ග්‍රහ පද්ධතිය අතිශයින් අස්ථායි වෙනවා. මේ අස්ථායිතාවය ඇති නොවෙන විදිහට තමයි ග්‍රහ පද්ධති නිර්මාණය වෙන්නේ.

හැබැයි ග්‍රහලෝක ඔක්කෝම 100%ක් පැතලි ද්වීමාන තලයක පිහිටන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපේ පෘථිවිය, සුර්යායගේ සමකයට සමපාත මේ රේඛාවත් එක්ක 7.1° ක වගේ කෝණයකින් වෙනස්වීමක් පෙන්නනවා. ඒ වගේම අනිත් ග්‍රහලෝකත් පොඩි පොඩි කෝණ වලින් මේ රේඛාවෙන් අපගමනය වෙනවා. අපේ පෘථිවිය තමයි වැඩිම වෙනස් වීමක් පෙන්නන්නේ. ඒ වගේම වෙනත් ග්‍රහ වස්තු සමඟ සිඳුවුනු ගැටීම් නිසා සමහර ග්‍රහලෝක මෙවැනි වෙනස්වීම පෙන්නුම් කරනවා. ග්‍රහලෝක විතරක් නෙමෙයි අඟහරු සහ බ්‍රහස්පතී ග්‍රහලෝකයන් අතර පවතින ග්‍රහක පටියත් (Asteroid belt), නෙප්චුන් ග්‍රහලෝකයට එපිටින් පවතින කයිපර් පටියත් (Kuiper belt), ඊටත් එපිටින් පවතින ඌට් වළාවත් (Ooat cloud) පිහිටලා තියෙන්නේ ග්‍රහලෝක වගේම එකම ද්වීමාන තලයකයි.

ග්‍රහලෝක මේ විදිහට පැතලි ද්වීමාන තලයක හිටියත්, පරමාණු සහ ඉලෙක්ට්‍රෝන ඉන්නේ පැතලි තලයක නෙමෙයි. අපි ප්‍රමාණයෙන් විශාල වස්තූන් වල භෞතික හැසිරීම විස්තර කරන්න Classical Mechanics එහෙමත් නැත්නම් නිව්ටෝනියානු භෞතික විද්‍යාව යොදාගත්තත්, ඉලෙක්ට්‍රෝන සහ පරමාණු වල භෞතික හැසිරීම් විස්තර කරන්න යොදාගන්න වෙන්නේ Quantum Mechanics එහෙමත් නැත්නම් ක්වොන්ටම් භෞතික විද්‍යාවයි. ඉලෙක්ට්‍රෝන වල මේ හැසිරීම අතිශයින් සංකීර්ණ මාතෘකාවක්.

මේ post එක මම ලිව්වේ ගොඩාක් සරල කරලා. ඒක නිසා මට මඟහැරුණු කරුණු තියෙනවා නම් comment එකකින් දැනුවත් කරන්න, Thank you..

@ Padaartha - පදාර්ථ

5 months, 3 weeks ago
5 months, 4 weeks ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago