Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Mortivation for best exam results 🔥 ❤

Description
✨️❤ඉක්මනින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය✨️❤
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

11 months, 3 weeks ago

**Phone එක නිසා පාඩම් වැඩ මඟ ඇරෙනවද??

online class අනං මනං එක්ක අපි හැමෝමවම වගේ phone වලට ඇබ්බැහි වෙලා. ඇත්තටම දැන් හැමෝටම වගේ phone කියන්නෙ නැතුවම බැරි දෙයක් වෙලා.

ඒත් පාඩම් කරන ළමයි හැටියට ඔයාලට නම් මේක ඒ තරම් ඇඟට ගුණදායක කාරණයක් නෙමෙයී. ඉතින් ඒ නිසා phone එකෙන් ඈත්වෙලා පාඩම් වැඩ කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා.

ඔයාලටත් පුළුවන් මේ ටික try කරලා බලන්න.

✍🏻 Notification Off කරන්න.

මොන app එකෙන් notification එකක් ආවත් ඒක off කරලා තියන්න. අඩුම vibrate වත් දාලා තියන්න එපා.

මේක එළියෙ ඉන්නකොට කරන්න බැරි නම්, අඩුම ගෙදර ගියහම හරි කරන්න.

✍🏻 පේන්නෙ නැති තැනකින් තියන්න.

ඔයාලා පාඩම් කරද්දි මේසෙ එහා පැත්තෙන් phone එක තියාගන්න එපා. මොකද එතකොට ඔයාලට phone එක බලන්න හිතෙනවා.

ඒ නිසා අල්මාරියෙන්, සාලෙන්, ලාච්චුවක වගේ දාලා තියන්න.

✍🏻 Phone එකේ අනවශ්‍ය දේවල් තියාගන්න එපා.

Games වගේ ඔයාලට නිතර පාවිච්චි කරන්න, බලන්න හිතෙන දේවල් phone එකේ තියාගන්න එපා. මේක හැමදාටම කරන්න ඕන නෑ. Exam එක ළං වෙද්දි මෙහෙම කරන්න.

එතකොට ඔයාලා ඒකට යොමුවෙන එක ටිකක් අඩුකරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඒ වගේ apps hide කරලා තියාගන්නත්.

✍🏻 දවසට එක පාරක් විතරක් charge කරන්න.

දවසට එකම එක වතාවක් phone එක charge කරන්න. ඒක ඔයාලට වගේම phone එකටත් කරන හොඳ දෙයක් වෙයි අනිවාර්යයෙන්ම.

මේක ඔයාගෙ ජීවිතේ policy එකක් කරගන්න. ඒකෙන් නිකන්ම ඔයා phone එකට addict වුණ ගතිය අඩුවෙන්න ගන්නවා. මොකද battery එක දවසම තියාගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම usage එක අඩු කරන්නම වෙනවා.

✍🏻 Apps try කරලා බලන්න.

Nights keeper, game mode, do not disturb, zen mode, do not disturb – silent mode, do not disturb sync for wear වගේ apps ඔයාලට try කරලා බලන්න පුළුවන්.

මේ app වලින් කරන්නෙ ඔයාලට phone එක use කරන පැය ගණන පාලනය කරන්න උදව් කරන එකයි.

✍🏻 Relationships අඩු කරගන්න.

ඔයාලට message කරන්න ඕන අයට message කරන්න, කතා කරන්න දවසේ එක වෙලාවක් තියාගන්න. ඒක ඔයාලා හැමෝගෙම ජීවිත වලට ලොකු උදව්වක් වෙයි.

මොකද හැමවෙලේම phone එකේම එල්ලිලා ඉන්නවට වඩා ඔයාගෙ hobby එකකට ඔයා යොමුවෙන්න try කරන්න.

✍🏻 ඔයාගේ phone එක රාජසන්තක කරන්න.

කලින් කිව්ව කිසිම දෙයක් කරලා හරියන්නෙම නැත්නම්, ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ මේක තමයි.

ඔයාලගෙ targets වෙනුවෙන් phone එක කියන දේ පොඩි කාලෙකට කැප කරන්න. ඔයාලගෙ exam ඉවර වෙනකන් අම්මට හරි තාත්තට හරි phone එක දීලා තියන්න. (හැබැයි ප්‍රශ්නෙ කියන්නෙ මේ දවස් වල මේක කරන්න ටිකක් අමාරුයි.)

ඉතින් ඔයාලටත් පුළුවන් මේ ටික try කරලා බලන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi**

11 months, 4 weeks ago

**පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...

ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් ‍යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..

මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..

✍🏻 ඔයාගෙ notes

මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.

✍🏻 Short notes

මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.

මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.

ඔයාට පුළුවන් short notes ගහන විදිහ හරියටම දැනගන්න, අපේ 'Life with Gimi' YT channel එකේ ඒ ගැන කතා කරන වීඩියෝ එකෙන්.

✍🏻 ප්‍රශ්න සහ උත්තර

ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.

✍🏻 Flash cards

මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.

ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..

✍🏻 උගන්වන්න

මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.

කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.

ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi**

11 months, 4 weeks ago
Mortivation for best exam results 🔥 …
12 months ago

අපේ ජීවිතේ හරිම පුදුමයි සමහර වෙලාවට හිතෙනවා අපිටවත් අයිති නෑ වගේ කියලා...😇**

අම්මයි අප්පච්චී මහන්සි වෙන්නෙම අපිට උගන්නන්න සමහර වෙලාවට එයාලා ආසම දේවල් කැප කරලා...

ඒ දෙන්නා ආස දේවලුත් ඇති නේද ගොඩක් දේ ඇති ඒත් අපිට ඒවා පෙන්නන්නේ නෑ...😢

ඒත් දවසක ඒ නොපෙන්නා ඉන්න දේවල් එයාලගේ හිතේ හීන හැබෑ කරන්න මට වගේම ඔයාටත් ඕන ඇති🤩...

සතුට ලැබෙන්නේ අපි ඉන්න විදිහක් එක්කලානේ ආදරය ලැබෙන්නේත් එහම ඉතින් අපේ ජීවිතේ ඒ දෙකම ලැබිලා ඇති...

මට ඒ දෙකම ලැබිලා තියෙනවා ඒත්  මට හිතෙනවා සතුට කියන තැන පොඩි හිස්තැනක් තියේ කියලා...

අම්මා අප්පච්චීගේ හිතේ දේවල් ඔව් ඒ හිස්තැන පිරෙයි ඒ දේවල් හැබෑ වුණ දවසක...🤗

ඉතින් හීන පස්සේ දුවන්න සතුටු වෙන්න ආදරණීය වෙන්න අවංක වෙන්න ඉගෙන ගන්න❤️..

දවසක ඔයාට දැනෙයි අම්මා අප්පච්චීගේ හිතේ ලොකු බරක් නිදහස් කරා කියලා අපි ඉගෙන ගැන අපිව ගොඩනගපු දවසට ඒ සතුට එයාලට දෙන්න❤️....**

1 year ago

Revision පටලැවිල්ල

තවත් ඔයාලා කරන වැරැද්දක් කියන්නද?

👉🏻Revision පන්තිවලින් theory ඉගෙනගන්න එක👈🏻

Revision කියන වචනෙම තියෙනවනෙ ඒක😁
ආපහු මතක් කිරීමක් කරන එක විතරයි කරන්නෙ.... ප්‍රශ්න සාකච්ඡා කරනව.. ඔව්... ඒත් ඒ පාඩමේ theory  මෙලෝ දෙයක් දන්නැති කෙනෙක් revision  එකකට ගියා කියලා ඒ පාඩම හොඳටම තේරෙන්නෙ නෑ....

පේපරේ වැඩියෙන් ප්‍රශ්න දෙන පාඩම් තියෙන්නෙ.. ඒ කිව්වෙ ටිකක් ලොකු ඒවා
Physics වල නම් යාන්ත්‍ර විද්‍යාව තාපය, දෝලන, electricity වගේ ඒවා සහ
chemistry වල organic, inorganic,  සමතුලිතතාවය වගේ සමහර පාඩම් වලට revision  එකකට ගියා කියලා පාඩම හොඳටම පුළුවන් වෙන්නෙ නෑ.....
ඒ කිව්වෙ revision එකක්  කරන්නෙ සාමාන්‍යයෙන් එක පාරක්  theory ඉගෙනගත්ත පිරිසකට නේ.. ඉතින් ආයෙ මුල ඉදන් theory  ටික කියල දෙන්නෙ නෑ ඒවගෙ.. පොඩ්ඩක් මතක් කරනව, සමීකරණය ටික ලියනවා, mcq points ටික ලියනවා, පේපර් කරනවා.. ඔය වගේ දෙයක් තමා සාමාන්‍යයෙන්  revision  එකේ වෙන්නෙ... ඉතින් theory ඉගෙනගන්නෙ  නැතුව revision  එකකට යන්නෙපා😶
යන්නෙපා කියන්නෙ ගියාට වැඩක් නෑ. හොඳට  theory  ටික ඉගෙනගන්න..

සමහර පොඩි පාඩම් තියනව සර්ල theory revision එකට දාලා කරන.. මොකද ඒවාගෙ theory  අඩුයි
Physics chemistry වල  අවසාන පාඩම් වගේ ඒවා.....🤫 ඒවා එච්චර අමාරුවකුත් නෑනෙ. සර්ලටත් ලේසියි, theory  ගොඩකුත් නෑ දවස් දෙක තුනෙන් ඉවර කරන්නත් පුළුවන්.. ඉතින් ඒ වගේ ඒවා කමක් නෑ😉

උදාහරණයකට යාන්ත්‍ර විද්‍යාව ගත්තොත්
ඒක නැතුව paper  එක ලියල වැඩක් නෑනෙ ඉතින්🤭 ඉතින්  දැන් 2022 කෙනෙක්ට වගේ යාන්ත්‍ර විද්‍යාව මුකුත්ම බැරිනම් ඔයා revision එකකට ගියා කියල ඔයාට ඒ පාඩම හොඳටම පුළුවන් වීමේ සම්භාවිතාව බොහොම අඩුයි🤔

ඔයා එහෙනම් ආයෙ theory  videos බලන්න.. ඒවාගෙ පිළිවෙළින් පිළිවෙලට ටික ටික theory ටික  ඔලුවට යන විදිහට උගන්නනවා.. ඔයාට හරියන්නෙ එහෙනම් ඒ වගේ විදිහක්...

ඔයාට theory ටික  මතකයි නම් ඔයා හිතනවනම් ඔයාට practice  එකයි මදි කියල, ආන් ඔයාට revision එක ගැළපෙනවා😉 ඔයාගෙ  note එක බලන් ගිහින් පහුවදා revision එකට ගිහින් ආයෙ ප්‍රශ්න ටික කරාම ඔයාට යාන්ත්‍ර විද්‍යාව settle කරගන්න පුළුවන්😍

ඉතින්😁 මට  කියන්න ඕනෙ උනේ  රැල්ලට revision යන්නෙපා.. බොරුවට තවත් class  එකකට සල්ලි සහ කාලය වියදම් කරන්නෙපා..😶

දැන් ඔයා මගෙන් ඇහුවොත්
" ඔයා කොහොමද  revision  ගියේ?" කියල,,,

මම revision එකකට  කියල ගියේ, physics වල ධාරා විද්‍යුතය කරද්දි එකම එක මාසයක් ගියා, (අමාරු කොටසක් තිබ්බා😬) එච්චරම තමා..🙂 මම revision  ගියේ නෑ.. Paper class  තමා... මොකද මම ඉස්සර ඉදන්ම revise කරන ගමන් තමා වැඩ කරේ.. ඉතින් ආයෙ revision class  යන්න උවමනා උනේ නැහ්😁

ඔයාලත් හොඳට හිතලා බලලා තීරණයක් ගන්න 😍😍 මොනා කරත් කාලේ වටිනවා, සහ වැඩියෙන් වෙන්න ඕන තනියම වැඩ කරන එක☝️🏻****

1 year ago
**සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය …

**සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ. ♥️🌻💫**

1 year ago

**ඉගෙනගන්න ඕන.. ඒත් කිසිම motivation එකක් නැද්ද???

ඉගෙනගන්න ඔයාලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉගෙනගන්න කොයිතරම් ඕන වුණත් කිසිම motivation එකක් නැති එක. හැබැයි එහෙමයි කියලා ඔයාලට ඉගෙන නොගෙන ඉන්නත් බෑ.

ඉතින් ඔයාලා මට එවපු messages, comments බලලා මං ඔයාලා හැමෝටම පොදුවෙ මෙහෙම වෙන්න බලපාන හේතු 05ක් හොයා ගත්තා.

ඉතින් අද මේ post එකෙන් මම ඒ හේතු 05ත් එක්කම, ඒවාට විසඳුම් ටිකත් ඔයාලා එක්ක share කරගන්න හිතුවා.

✍🏻 ඔයාලගෙ පාඩම් වැඩ හුඟක් ගොඩගැහිලා තියෙන්නෙ.

• ඔයාලා මොන මට්ටමක ඉගෙනගන්න කෙනෙක් වුණත් මේ ප්‍රශ්නෙ හුඟක් අයට පොදුයි. මොකද ඔයාලා හුඟක් අය පාඩම් කරන්න ඉන්නෙ අන්තිම මොහොත වෙනකන්නෙ.

👉 විසඳුම්;

  1. Salami slices

• උදාහරණයක් විදිහට පාන් රාත්තලක්  ගත්තොත් ඔයාට ඒක එක පාරටම කන්න බෑ. හැබැයි ඔයා ඒක පෙති කපා ගත්තොත් ඔයාට කන්න ලේසියි.

• ඉතින් ඔයාගෙ වැඩත් ඒ වගේ පොඩි පොඩි කොටස් වලට බෙදලා plan🗓️ එකක් හදාගන්න.

  1. Swiss cheese approach

• මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ වැඩ දවස් ගාණට අනුව බෙදාගන්න එකයි.

• ඔයාලට පුළුවන් මේක හරියට කරන්න monthly plan එකක් use කරන්න.

✍🏻 කාටද මේක වැදගත් වෙන්නෙ??

• හැමෝටම goals තිබුණත් මුළු ලෝකෙන්ම 3%ක් වගේ පොඩි ප්‍රමාණයක් විතරක් goals achieve කරගන්නෙ මේ නිසයි.

• මුලින්ම ඔයාගෙ targets ඔයාලගෙ ජීවිතේට විතරයි බලපාන්නෙ. ඊළඟට ඔයාලගෙ පවුලට. ඊළඟට ඔයාලට ඕන වෙනවා මුළු ලෝකෙ වෙනුවෙන්ම දෙයක් කරන්න.

• අන්න එතකොට ඔයාලට දැන් තියෙනවට වඩා වගකීමක් දැනෙන්න ගන්නවා. ඔයා කරන වැඩේ මීටත් වඩා හරියට කරනවා.

• උදාහරණයක් විදිහට දම්මික පෙරේරා මහතාව අපිට ගන්න පුළුවන්.

✍🏻 මානසික පීඩනය නැත්නම් stress.

• ඔයාලට හිතෙනවා ඔයාලට මේක කරන්න බැරි වෙයි, ඔයාගෙ ආත්ම විශ්වාසය නැති වෙන්න ගන්නවා, ඔයාව compare කරන්න ගන්නවා, හරියට වැඩක් කරගන්න බෑ.. ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට දැනිලා ඇති.

• මේක සමහර වෙලාවට ඔයාලගෙ studies වලට හොඳ වෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඒක හුඟක් ලොකු නරක බලපෑමක් වෙන්නත් පුළුවන්.

👉 විසඳුම්;

  1. Dairy එකක් ලියන්න.

• ඔයාගෙ හිතට වද දෙන ඕනම දෙයක් ඒකෙ ලියන්න. ඒ වගේම ඔයාගෙ achievements ඒකෙ ලියන්න. ඔයාගෙ ගමන මේකෙ ලියන්න. එතකොට දවසක ඔයාට ඒක කියවලා සතුටු වෙන්න පුළුවන්.

  1. භාවනා කරන්න.

• දවසට පොඩි වෙලාවක් භාවනා කරන්න.

• ඒකෙන් ඔයාලට හිත එක තැනක තියාගන්න වගේම, ඔයාලගෙ පාඩම් වැඩ උනන්දුවෙන් කරගන්නත් පුළුවන් වේවි.

✍🏻 කම්මැලිකම.

• ගෙදරට වෙලා ඔහේ ඉන්නකොට අනිවාර්යයෙන්ම මෙහෙම හිතෙනවා. එක අතකට මෙහෙම හිතෙන එකට මූලිකම හේතුව වෙන්නෙ ඔයාලගෙ mobile phone එකම තමයි.

👉 විසඳුම්;

  1. දවසකට පැය 03ක් එකදිගට phone එක පාවිච්චි නොකර ඉන්න. දවසින් දවස ඒ වෙලාව වැඩි කරන්න.

  2. වැඩිපුර වතුර බොන්න.

  3. ව්‍යායාම කරන්න.

  4. අනිවාර්යයෙන්ම දවසකට පැයක්වත් එක දිගට ඔයාගෙ පාඩම් කරන තැන ඉඳගෙන වැඩ කරන්න. (හැම දවසෙම එකම වෙලාවක කරලා, ඒක ජීවිතේ පුරුද්දක් කරගන්න.)

✍🏻 අවධානය දෙන්න බැරිකම.

• ඔයාලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පොත අතට ගත්තත් හිත එක තැනක නැති එක. Class එකේ හිටියත් හිත වෙන කොහෙවත්, පාඩමට අවධානය දෙන්න බෑ.

👉 විසඳුම්;

  1. වැඩ කොටස් කරගන්න.

• ඔයාලා පොතක් පාඩම් කරනවා නම්, ඒක කොටස් වලට බෙදාගන්න. ඒ කොටස් වලට අදාළව ප්‍රශ්න හොයාගෙන ඒවට උත්තර ලියන්න.

• ඒ කොටස ඉවර කළාට පස්සෙ ඊළඟ කොටසට යන්න. හරියට දම්වැලක් වගේ.

  1. නිර්මාණශීලී වෙන්න.

• ඔයාලට පුළුවන් එකම විදිහට පාඩම් කරන්නෙ නැතුව mind maps, flash cards, රූප සටහන් වගේ දේවල් බලන්න.

• Online webinars වලට සහභාගී වෙන්න. ඔයාලට වැදගත් වෙන අධ්‍යාපනික videos බලන්න

  1. පොඩි විවේක ලබාදෙන්න.

• ඔයාලා පාඩම් කරන හැම පැයකට වතාවක්ම පුංචි විවේකයක් ගන්න.

• ඒ විවේකයෙදි ගෙදර අය එක්ක පොඩි කතාවක් දාන්න, වතුර බොන්න, පොඩ්ඩක් ගෙදර වටේ ඇවිදින්න වගේ ඔයාලා relax වෙන දෙයක් කරන්න.

ඉතින් අද ඉඳන් මේ ප්‍රශ්න ඔයාලටත් තියෙනවා නම් මෙන්න මේ solutions ටික try කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලගෙ වෙනසක් තේරෙයි.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi**

1 year ago

**කවදාවත් හිතන්න එපා
අනුන්ගේ හිත්වල උබට මහාලොකු වටිනාකමක් තියෙනවා කියලා

මොකද,

එහෙව් වටිනාකමක් නෑ කියලා තෙරුන දවසට උබට උබවම එපා වෙනවා

ඉතින්,

වෙන කවුරුත් නිසා නෙවේ  උබට උබ නිසාම උබවම නැති වෙන්න දෙන්න එපා

හිතන තරම් පෙන්නන තරම් මොකෙක්ගෙවත් හිත් වල උබට මට නෑ බං වටිනාකමක්

ඒ නිසා කවදාවත්,

අනුන්ගේ හිත්වල තමන්ට වටිනාකම් හොයන්න යන්න එපා

උබම දියන් උබට වටිනාකමක්

මොකද,

දවසක කවුරු නැතත් උබට උබ හරි ඉදී

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👊🔥❤️**

1 year ago

ඔයා ආසද ?? ඔයාව වෙනස් කරන්න🫵**

දියුණු වෙන්න🔥

මෙතනින් පුළුවන් දේවල් උත්සහ කරන්න♻️

⧂ අන් අයගේ අදහස් නිසා නොව තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වන්න🫱😉

⧂• ජ්‍යේශ්ඪ මිනිසුන්ව ආදර්ශෙට ගන්න

⧂• වෙනත් කෙනෙකුගේ මතයක් එක්ක පැටළෙන්න එපා🖇🚯

⧂වේගෙන් කියවීම පුරුදු කරන්න⚡️

⧂•🍃මිහිතලය විදින්න , හොදට හුස්මගන්න🕊

⧂•📚ඔබේ මතකය පුහුණු කරන්න🙃

🙅🏻‍♀එපා කියන්න ඉගෙන ගන්න👌

•⧂ 😴නින්ද නොසලකා හරින්න එපා🤭.

⟲0• 😋වේල් 3 ම ගන්න හරි ආහාර🍲

⧂•ශරීරයට සුවපහසු ඇඳුම් තෝරගන්න අදින්න🪽

⧂• ඔබ , ඔබේ සිතුවිලි සහ හැඟීම් පිළිගන්න.නමුත් ක්ශනික සතුටට වහල්වෙන්න නම් එපා.පරිස්සමින්❤️

ⵋ• ඔබේ මේ ගෙවෙන කාලය නිවැරදිව සැලසුම් කරන්න

⨷• ගොඩක් අකුරු කියවන්න📖

⸙• මුදල් ඉතිරි කරන්න අමතක කරන්න එපා🪙**

1 year ago

දරන්න බැරි ග්‍රීස්මයටත්
ඔරොත්තු දෙන...
පතොක් මලක් වෙන්න පුළුවන් නම්
ජීවිතෙ දුක කියන්නෙ...
උබටයි මටයි Nothing බන්...
😉**

එක පාරක් හිත කඩාගෙන වැටුනම
දහපාරක් නැගිටගන්න දගලනවා නම්😌
ඒ තමයි අපෙ ජීවිතෙ ලස්සනම
කාලෙ වෙන්න ඕනෙ...🙈❤️

නිකමට හිතන්න...💁‍♀
තනියෙම හූල්ලන එකත් එක අතකින් පට්ට
වෙන කාටවත් දුක පෙන්නනැතුව
තනියෙම දරාගන්න එක...👀
හැමෝටම කරන්න බැරි දෙයක්
ඒත් ඒ දරාගැනිල්ල අස්සෙ අන්තිම බලාපොරොත්තුව...🥀
සතුටුදායක අවසානයක් නම්
අමාරුවෙන් හරි දරාගන්න එකයි පට්ට....😋🖤
ඉතිම් ඒනිසා ඉකිගගහ ඇඩුවට කමක් නෑ ...🙂

ඒ කදුලුම දවසක ඔයාව අනිවාර්යයෙන් හිනස්සවයි...❤️🥰**

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago