📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago
**සාමාන්‍ය පවුලක් කොල්ලෙක්/කෙල්ලෙක් වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ..
හැමෝටම තියෙනවා කාටවත් නොකී කතාවක්,
ඒ ඉපදිලත් ජීවිතේ දිනන්න දගලන එක, ඉස්සරහට යන්න දරන උත්සාහය කැපවීම මාරම අමාරු දෙයක්...
ඉගෙන ගන්න කාලේ උනත් , රුපියල ගැන පවා සෑහෙනට හිතන්න වෙනවා, ආස දේවල් අත අරින්න වෙනවා....
ජොබ් එකක් හම්බුනත් කැපවීම් එක්ක සෑහෙන දේවල් නැතිවෙනවා... (ජොබ් එකෙන් ඉස්සරහට යන්න හදනකොට තමන්ට තමන් නැතිවෙනවා, සමහරවිට ලගම ඉන්න කෙනෙක් නැතිවෙනවා.... ඒ හැමදේම Balance කරන්න ගියොත් එදා වේල කාලා හිටියෑකී ඒත් Dream achieve කරගන්න නම් සෑහෙන අමරුවෙනවා)
එලියෙන් බලන කෙනෙක්ට ඒක සමහර විට පෙනුනේ නැති උනාට පොඩි තැන ඉදන් ආපූ හැම කොල්ලෙක්ගේ/ කෙල්ලෙක්ගේ ජීවිතේම අපිට පේන්නේ නැති මාරම ලොකු කතාවක් තියෙනවා.... ?
පේන තරම් සුන්දර නෑ,
තනියම කට්ටක් කන්න වෙනවා...
ලග ඉන්න අය නැතිවෙයි, සමහර විට ඉන්න අයට තේරුම් ගන්න බැරිවෙයි, මිනිස්සූ හිනාවෙයී, කතා හදයී.. පාගන්න උත්සාහ කරයී... වට්ටයී,
නැත්තටම නැති කරන්න හදයී... ඒ වෙලාවට උබට හැමදේම අත අරින්න හිතෙයී.... ඒත් වැටි වැටි නැගිටපන්....✌️?
මොකද උබට තියෙනවා සාමාන්‍ය පවුලක් රකින්න, ඉපදෙනකොටම බැදුන වගකීම් කන්දක්....
අහිංසක අම්මා අප්පච්චිලාගේ අහිංසක හීන තියෙනවා..
උබේ අහිංසක ආසාවල් ඇතී.. අන්න ඒවා වෙනුවෙන්
නිදි නැතුව වැඩකරපන් දවසක හරියයී..❤️?
එහෙම කට්ට කන උන්ටයි කියන්නේ
කවදාහරි උබලට හරියනවා...!!
A/L ගොඩ දාමු සුපිරියටම ?
නවත්තන්න එපා ❤️**
⭕ පාඩම් කරන ඒවා මතක තියාගන්නෙ කොහොමද ?
මුලින්ම කියන්න ඕන අමතක වෙනවා කියන එක අපි හැමෝටම පොදු දෙයක්.
ඒක ලොකු, පොඩි මිනිස්සු වුණ අපි හැමෝටම පොදු දෙයක්. මෙහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා.
- නිතර භාවිතයක් නැතිකම
- පුරුදු නොකිරීම
- ගැඹුරින් අධ්‍යයනය නොකිරීම
- වයසට යාම
ඒ හේතු අතුරින් කීපයක්...
ඉතින් අපි දැන් බලමු ඉගෙනගන්න ඔයාලා පාඩම් කරන ඒවා මතක තියාගන්න නම් මොනාද කරන්න ඕන කියලා,,
(01) මුලින්ම පාඩම් කරන එක අවබෝධ කරගන්න.
වැඩිපුර වෙලාවක් මුලින් මුලින් මේ වෙනුවෙන් කැප කරන්න වෙයි. ඔයාගෙ notes, පෙළ පොත්, අමතර පොත්, internet වගේ ඔයා ළඟ තියෙන හැම සම්පතක්ම මේ වැඩේට පාවිච්චි කරන්න.
ඒවා හොඳට කියවලා විෂයය කරුණු හරියට අවබෝධ කරගන්න. ඒ කියන්නෙ ඒක ඔයාගෙ ඔළුවට තේරෙන විදිහට දාගන්න.
(02) එකිනෙක සම්බන්ධ කරගන්න.
ඔයාලා එක එක මූලාශ්‍ර (පෙළ පොත්, උගන්න වෙලාවෙ ඔළුවට දාගත්ත විදිහ, notes) වලින් ගත්ත කරුණු එකිනෙකට සම්බන්ධ කරගන්න.
මොකද මේ කරුණු විසිරිලා වගේනෙ තියෙන්නෙ. ඔයාගෙ ඔළුවෙන් ඒවා එකින් එක සම්බන්ධ කරගන්න. නැත්නම් පොඩි කාලයක් යනකන් කොළේක sketch එකක් ගහගන්න පුරුදු වෙන්න.
(03) තමන්වම පරික්ෂා කරන්න.
ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන දේවල් past papers, model papers, වෙනත් ප්‍රශ්න කරලා තහවුරු කරගන්න.
එතක්ට ඔයාට පුළුවන් කොයිතරම් දුරට ඔයාගෙ ඔළුවෙ ඒ විෂයය කරුණ තියෙනවද කියලා දැනගන්න. ඒ වගේම ඔයාට ආයි පාරක් ඒ ගැන බලනවද නැද්ද කියන දේ තීරණය කරන්නත් ඒක උදව්වක් වේවි.
(04) ලියන්න.
ඔයාලා ගොඩක් අය මේ ක්‍රමේ try කරලා බලලා ඇති. ලිය ලිය පාඩම් කරන එක ටිකක් වෙලා ගන්න වැඩක් වුණත්, ඔයාලගෙ මතකෙ වැඩි කාලයක් විෂයය කරුණු තැන්පත් කරන්න ඒකට පුළුවන්.
(05) උගන්නන්න.
ඔයා ඉගෙනගත්ත දේ ඔයාටම හරි, තවත් කාටම හරි ඔයාම ඔයාගෙ විදිහට උගන්නන්න.
එතකොට ඔයාටත් නොදැනීම ඔයා ඒ ඒ විෂයයන් වල ප්‍රවීණයෙක් වෙයි.
(06) නින්දට කලින්,,
රෑ නින්දට ගියාට පස්සෙ ඔයා එදා දවසේ පාඩම් කරපු දේවල් මනසින් මවාගෙන පුංචි වෙලාවක් මතක් කරන්න. ඒක ඔයාට හොඳ exercise එකක් වෙයි.
(07) Short notes.
ඔයා short note වලට හුරු වුණ කෙනෙක් නම් ඔයා දන්නවා ඒක කොයිතරම් නම් වටිනවද කියලා.
මොකද ඔයා පාඩම් කරපු දේ නිතර නිතර මතක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම මෙවලමක් තමයි short notes කියන්නෙ.
(08) නිතර නිතර භාවිතය.
ඔයා පාඩම් කරන විෂයය කරුණු ඔයාගෙ දිගු කාලීන මතකයෙ තැන්පත් වෙනකන් ඔයාට මේ දේ කරන්නම වෙනවා.
ඒකට ඔයාට,
- ප්‍රශ්න කරන එක
- short notes බලන එක
- mind map පාවිච්චි කරන එක
- ඔයාගෙම මනසින් මතක් කරන එක වගේ ඔයාලට පහසු ඕනම ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්.
(09) භාවනාව.
දවසට විනාඩි කීපයක් භාවනා කරන්න. ඔයා බෞද්ධ කෙනෙක් නම් මං මේ කියන දේ දන්නවා.
එහෙම නැත්තනම් ඔයාට පුළුවන් ඇස් වහගෙන breathing excercises කරන්න. ඒකත් එක්තරා ආකාරයක භාවනා ක්‍රමයක් තමයි.
භාවනාව කියන දේ ආධ්‍යාත්මිකව ඔයාලගෙ මතක ශක්තිය වර්ධනය කරගන්න පිටිවහලක් වේවි.
ඉතින් ඔයත් පාඩම් කරන ඒවා නිතර නිතර අමතක වෙන කෙනෙක් නම් මේ ටික try කරලා බලන්න. ඔයාගෙම විදිහට try කරන්න.
මේ post එක ඔයාලට වැදගත් වුණා නම් like කරන්න. ඔයාලගෙ යාළුවන්ටත් කියවන්න share කරන්න. නැත්නම් එයාලවත් tag කරන්න. ඔයාලා පාවිච්චි කරන ක්‍රමත් comment එකකින් අපි හැමෝමත් එක්ක share කරගන්න අමතක කරන්න එපා..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය?..
©️ Study with Gimi
**Phone එක නිසා පාඩම් වැඩ මඟ ඇරෙනවද??
online class අනං මනං එක්ක අපි හැමෝමවම වගේ phone වලට ඇබ්බැහි වෙලා. ඇත්තටම දැන් හැමෝටම වගේ phone කියන්නෙ නැතුවම බැරි දෙයක් වෙලා.
ඒත් පාඩම් කරන ළමයි හැටියට ඔයාලට නම් මේක ඒ තරම් ඇඟට ගුණදායක කාරණයක් නෙමෙයී. ඉතින් ඒ නිසා phone එකෙන් ඈත්වෙලා පාඩම් වැඩ කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා.
ඔයාලටත් පුළුවන් මේ ටික try කරලා බලන්න.
✍? Notification Off කරන්න.
මොන app එකෙන් notification එකක් ආවත් ඒක off කරලා තියන්න. අඩුම vibrate වත් දාලා තියන්න එපා.
මේක එළියෙ ඉන්නකොට කරන්න බැරි නම්, අඩුම ගෙදර ගියහම හරි කරන්න.
✍? පේන්නෙ නැති තැනකින් තියන්න.
ඔයාලා පාඩම් කරද්දි මේසෙ එහා පැත්තෙන් phone එක තියාගන්න එපා. මොකද එතකොට ඔයාලට phone එක බලන්න හිතෙනවා.
ඒ නිසා අල්මාරියෙන්, සාලෙන්, ලාච්චුවක වගේ දාලා තියන්න.
✍? Phone එකේ අනවශ්‍ය දේවල් තියාගන්න එපා.
Games වගේ ඔයාලට නිතර පාවිච්චි කරන්න, බලන්න හිතෙන දේවල් phone එකේ තියාගන්න එපා. මේක හැමදාටම කරන්න ඕන නෑ. Exam එක ළං වෙද්දි මෙහෙම කරන්න.
එතකොට ඔයාලා ඒකට යොමුවෙන එක ටිකක් අඩුකරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඒ වගේ apps hide කරලා තියාගන්නත්.
✍? දවසට එක පාරක් විතරක් charge කරන්න.
දවසට එකම එක වතාවක් phone එක charge කරන්න. ඒක ඔයාලට වගේම phone එකටත් කරන හොඳ දෙයක් වෙයි අනිවාර්යයෙන්ම.
මේක ඔයාගෙ ජීවිතේ policy එකක් කරගන්න. ඒකෙන් නිකන්ම ඔයා phone එකට addict වුණ ගතිය අඩුවෙන්න ගන්නවා. මොකද battery එක දවසම තියාගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම usage එක අඩු කරන්නම වෙනවා.
✍? Apps try කරලා බලන්න.
Nights keeper, game mode, do not disturb, zen mode, do not disturb – silent mode, do not disturb sync for wear වගේ apps ඔයාලට try කරලා බලන්න පුළුවන්.
මේ app වලින් කරන්නෙ ඔයාලට phone එක use කරන පැය ගණන පාලනය කරන්න උදව් කරන එකයි.
✍? Relationships අඩු කරගන්න.
ඔයාලට message කරන්න ඕන අයට message කරන්න, කතා කරන්න දවසේ එක වෙලාවක් තියාගන්න. ඒක ඔයාලා හැමෝගෙම ජීවිත වලට ලොකු උදව්වක් වෙයි.
මොකද හැමවෙලේම phone එකේම එල්ලිලා ඉන්නවට වඩා ඔයාගෙ hobby එකකට ඔයා යොමුවෙන්න try කරන්න.
✍? ඔයාගේ phone එක රාජසන්තක කරන්න.
කලින් කිව්ව කිසිම දෙයක් කරලා හරියන්නෙම නැත්නම්, ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ මේක තමයි.
ඔයාලගෙ targets වෙනුවෙන් phone එක කියන දේ පොඩි කාලෙකට කැප කරන්න. ඔයාලගෙ exam ඉවර වෙනකන් අම්මට හරි තාත්තට හරි phone එක දීලා තියන්න. (හැබැයි ප්‍රශ්නෙ කියන්නෙ මේ දවස් වල මේක කරන්න ටිකක් අමාරුයි.)
ඉතින් ඔයාලටත් පුළුවන් මේ ටික try කරලා බලන්න..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය?..
©️ Study with Gimi**
**පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...
ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..
මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..
✍? ඔයාගෙ notes
මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.
✍? Short notes
මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.
මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.
ඔයාට පුළුවන් short notes ගහන විදිහ හරියටම දැනගන්න, අපේ 'Life with Gimi' YT channel එකේ ඒ ගැන කතා කරන වීඩියෝ එකෙන්.
✍? ප්‍රශ්න සහ උත්තර
ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.
අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.
✍? Flash cards
මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.
ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..
✍? උගන්වන්න
මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.
කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.
ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය?..
©️ Study with Gimi**
අපේ ජීවිතේ හරිම පුදුමයි සමහර වෙලාවට හිතෙනවා අපිටවත් අයිති නෑ වගේ කියලා...?**
අම්මයි අප්පච්චී මහන්සි වෙන්නෙම අපිට උගන්නන්න සමහර වෙලාවට එයාලා ආසම දේවල් කැප කරලා...
ඒ දෙන්නා ආස දේවලුත් ඇති නේද ගොඩක් දේ ඇති ඒත් අපිට ඒවා පෙන්නන්නේ නෑ...?
ඒත් දවසක ඒ නොපෙන්නා ඉන්න දේවල් එයාලගේ හිතේ හීන හැබෑ කරන්න මට වගේම ඔයාටත් ඕන ඇති?...
සතුට ලැබෙන්නේ අපි ඉන්න විදිහක් එක්කලානේ ආදරය ලැබෙන්නේත් එහම ඉතින් අපේ ජීවිතේ ඒ දෙකම ලැබිලා ඇති...
මට ඒ දෙකම ලැබිලා තියෙනවා ඒත් මට හිතෙනවා සතුට කියන තැන පොඩි හිස්තැනක් තියේ කියලා...
අම්මා අප්පච්චීගේ හිතේ දේවල් ඔව් ඒ හිස්තැන පිරෙයි ඒ දේවල් හැබෑ වුණ දවසක...?
ඉතින් හීන පස්සේ දුවන්න සතුටු වෙන්න ආදරණීය වෙන්න අවංක වෙන්න ඉගෙන ගන්න❤️..
දවසක ඔයාට දැනෙයි අම්මා අප්පච්චීගේ හිතේ ලොකු බරක් නිදහස් කරා කියලා අපි ඉගෙන ගැන අපිව ගොඩනගපු දවසට ඒ සතුට එයාලට දෙන්න❤️....**
➖Revision පටලැවිල්ල➖
තවත් ඔයාලා කරන වැරැද්දක් කියන්නද?
??Revision පන්තිවලින් theory ඉගෙනගන්න එක??
Revision කියන වචනෙම තියෙනවනෙ ඒක?
ආපහු මතක් කිරීමක් කරන එක විතරයි කරන්නෙ.... ප්‍රශ්න සාකච්ඡා කරනව.. ඔව්... ඒත් ඒ පාඩමේ theory මෙලෝ දෙයක් දන්නැති කෙනෙක් revision එකකට ගියා කියලා ඒ පාඩම හොඳටම තේරෙන්නෙ නෑ....
පේපරේ වැඩියෙන් ප්‍රශ්න දෙන පාඩම් තියෙන්නෙ.. ඒ කිව්වෙ ටිකක් ලොකු ඒවා
Physics වල නම් යාන්ත්‍ර විද්‍යාව තාපය, දෝලන, electricity වගේ ඒවා සහ
chemistry වල organic, inorganic, සමතුලිතතාවය වගේ සමහර පාඩම් වලට revision එකකට ගියා කියලා පාඩම හොඳටම පුළුවන් වෙන්නෙ නෑ.....
ඒ කිව්වෙ revision එකක් කරන්නෙ සාමාන්‍යයෙන් එක පාරක් theory ඉගෙනගත්ත පිරිසකට නේ.. ඉතින් ආයෙ මුල ඉදන් theory ටික කියල දෙන්නෙ නෑ ඒවගෙ.. පොඩ්ඩක් මතක් කරනව, සමීකරණය ටික ලියනවා, mcq points ටික ලියනවා, පේපර් කරනවා.. ඔය වගේ දෙයක් තමා සාමාන්‍යයෙන් revision එකේ වෙන්නෙ... ඉතින් theory ඉගෙනගන්නෙ නැතුව revision එකකට යන්නෙපා?
යන්නෙපා කියන්නෙ ගියාට වැඩක් නෑ. හොඳට theory ටික ඉගෙනගන්න..
සමහර පොඩි පාඩම් තියනව සර්ල theory revision එකට දාලා කරන.. මොකද ඒවාගෙ theory අඩුයි
Physics chemistry වල අවසාන පාඩම් වගේ ඒවා.....? ඒවා එච්චර අමාරුවකුත් නෑනෙ. සර්ලටත් ලේසියි, theory ගොඩකුත් නෑ දවස් දෙක තුනෙන් ඉවර කරන්නත් පුළුවන්.. ඉතින් ඒ වගේ ඒවා කමක් නෑ?
උදාහරණයකට යාන්ත්‍ර විද්‍යාව ගත්තොත්
ඒක නැතුව paper එක ලියල වැඩක් නෑනෙ ඉතින්? ඉතින් දැන් 2022 කෙනෙක්ට වගේ යාන්ත්‍ර විද්‍යාව මුකුත්ම බැරිනම් ඔයා revision එකකට ගියා කියල ඔයාට ඒ පාඩම හොඳටම පුළුවන් වීමේ සම්භාවිතාව බොහොම අඩුයි?
ඔයා එහෙනම් ආයෙ theory videos බලන්න.. ඒවාගෙ පිළිවෙළින් පිළිවෙලට ටික ටික theory ටික ඔලුවට යන විදිහට උගන්නනවා.. ඔයාට හරියන්නෙ එහෙනම් ඒ වගේ විදිහක්...
ඔයාට theory ටික මතකයි නම් ඔයා හිතනවනම් ඔයාට practice එකයි මදි කියල, ආන් ඔයාට revision එක ගැළපෙනවා? ඔයාගෙ note එක බලන් ගිහින් පහුවදා revision එකට ගිහින් ආයෙ ප්‍රශ්න ටික කරාම ඔයාට යාන්ත්‍ර විද්‍යාව settle කරගන්න පුළුවන්?
ඉතින්? මට කියන්න ඕනෙ උනේ රැල්ලට revision යන්නෙපා.. බොරුවට තවත් class එකකට සල්ලි සහ කාලය වියදම් කරන්නෙපා..?
දැන් ඔයා මගෙන් ඇහුවොත්
" ඔයා කොහොමද revision ගියේ?" කියල,,,
මම revision එකකට කියල ගියේ, physics වල ධාරා විද්‍යුතය කරද්දි එකම එක මාසයක් ගියා, (අමාරු කොටසක් තිබ්බා?) එච්චරම තමා..? මම revision ගියේ නෑ.. Paper class තමා... මොකද මම ඉස්සර ඉදන්ම revise කරන ගමන් තමා වැඩ කරේ.. ඉතින් ආයෙ revision class යන්න උවමනා උනේ නැහ්?
ඔයාලත් හොඳට හිතලා බලලා තීරණයක් ගන්න ?? මොනා කරත් කාලේ වටිනවා, සහ වැඩියෙන් වෙන්න ඕන තනියම වැඩ කරන එක☝️?****
**ඉගෙනගන්න ඕන.. ඒත් කිසිම motivation එකක් නැද්ද???
ඉගෙනගන්න ඔයාලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉගෙනගන්න කොයිතරම් ඕන වුණත් කිසිම motivation එකක් නැති එක. හැබැයි එහෙමයි කියලා ඔයාලට ඉගෙන නොගෙන ඉන්නත් බෑ.
ඉතින් ඔයාලා මට එවපු messages, comments බලලා මං ඔයාලා හැමෝටම පොදුවෙ මෙහෙම වෙන්න බලපාන හේතු 05ක් හොයා ගත්තා.
ඉතින් අද මේ post එකෙන් මම ඒ හේතු 05ත් එක්කම, ඒවාට විසඳුම් ටිකත් ඔයාලා එක්ක share කරගන්න හිතුවා.
✍? ඔයාලගෙ පාඩම් වැඩ හුඟක් ගොඩගැහිලා තියෙන්නෙ.
• ඔයාලා මොන මට්ටමක ඉගෙනගන්න කෙනෙක් වුණත් මේ ප්‍රශ්නෙ හුඟක් අයට පොදුයි. මොකද ඔයාලා හුඟක් අය පාඩම් කරන්න ඉන්නෙ අන්තිම මොහොත වෙනකන්නෙ.
? විසඳුම්;
• උදාහරණයක් විදිහට පාන් රාත්තලක් ගත්තොත් ඔයාට ඒක එක පාරටම කන්න බෑ. හැබැයි ඔයා ඒක පෙති කපා ගත්තොත් ඔයාට කන්න ලේසියි.
• ඉතින් ඔයාගෙ වැඩත් ඒ වගේ පොඩි පොඩි කොටස් වලට බෙදලා plan?️ එකක් හදාගන්න.
• මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ වැඩ දවස් ගාණට අනුව බෙදාගන්න එකයි.
• ඔයාලට පුළුවන් මේක හරියට කරන්න monthly plan එකක් use කරන්න.
✍? කාටද මේක වැදගත් වෙන්නෙ??
• හැමෝටම goals තිබුණත් මුළු ලෝකෙන්ම 3%ක් වගේ පොඩි ප්‍රමාණයක් විතරක් goals achieve කරගන්නෙ මේ නිසයි.
• මුලින්ම ඔයාගෙ targets ඔයාලගෙ ජීවිතේට විතරයි බලපාන්නෙ. ඊළඟට ඔයාලගෙ පවුලට. ඊළඟට ඔයාලට ඕන වෙනවා මුළු ලෝකෙ වෙනුවෙන්ම දෙයක් කරන්න.
• අන්න එතකොට ඔයාලට දැන් තියෙනවට වඩා වගකීමක් දැනෙන්න ගන්නවා. ඔයා කරන වැඩේ මීටත් වඩා හරියට කරනවා.
• උදාහරණයක් විදිහට දම්මික පෙරේරා මහතාව අපිට ගන්න පුළුවන්.
✍? මානසික පීඩනය නැත්නම් stress.
• ඔයාලට හිතෙනවා ඔයාලට මේක කරන්න බැරි වෙයි, ඔයාගෙ ආත්ම විශ්වාසය නැති වෙන්න ගන්නවා, ඔයාව compare කරන්න ගන්නවා, හරියට වැඩක් කරගන්න බෑ.. ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට දැනිලා ඇති.
• මේක සමහර වෙලාවට ඔයාලගෙ studies වලට හොඳ වෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඒක හුඟක් ලොකු නරක බලපෑමක් වෙන්නත් පුළුවන්.
? විසඳුම්;
• ඔයාගෙ හිතට වද දෙන ඕනම දෙයක් ඒකෙ ලියන්න. ඒ වගේම ඔයාගෙ achievements ඒකෙ ලියන්න. ඔයාගෙ ගමන මේකෙ ලියන්න. එතකොට දවසක ඔයාට ඒක කියවලා සතුටු වෙන්න පුළුවන්.
• දවසට පොඩි වෙලාවක් භාවනා කරන්න.
• ඒකෙන් ඔයාලට හිත එක තැනක තියාගන්න වගේම, ඔයාලගෙ පාඩම් වැඩ උනන්දුවෙන් කරගන්නත් පුළුවන් වේවි.
✍? කම්මැලිකම.
• ගෙදරට වෙලා ඔහේ ඉන්නකොට අනිවාර්යයෙන්ම මෙහෙම හිතෙනවා. එක අතකට මෙහෙම හිතෙන එකට මූලිකම හේතුව වෙන්නෙ ඔයාලගෙ mobile phone එකම තමයි.
? විසඳුම්;
දවසකට පැය 03ක් එකදිගට phone එක පාවිච්චි නොකර ඉන්න. දවසින් දවස ඒ වෙලාව වැඩි කරන්න.
වැඩිපුර වතුර බොන්න.
ව්‍යායාම කරන්න.
අනිවාර්යයෙන්ම දවසකට පැයක්වත් එක දිගට ඔයාගෙ පාඩම් කරන තැන ඉඳගෙන වැඩ කරන්න. (හැම දවසෙම එකම වෙලාවක කරලා, ඒක ජීවිතේ පුරුද්දක් කරගන්න.)
✍? අවධානය දෙන්න බැරිකම.
• ඔයාලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පොත අතට ගත්තත් හිත එක තැනක නැති එක. Class එකේ හිටියත් හිත වෙන කොහෙවත්, පාඩමට අවධානය දෙන්න බෑ.
? විසඳුම්;
• ඔයාලා පොතක් පාඩම් කරනවා නම්, ඒක කොටස් වලට බෙදාගන්න. ඒ කොටස් වලට අදාළව ප්‍රශ්න හොයාගෙන ඒවට උත්තර ලියන්න.
• ඒ කොටස ඉවර කළාට පස්සෙ ඊළඟ කොටසට යන්න. හරියට දම්වැලක් වගේ.
• ඔයාලට පුළුවන් එකම විදිහට පාඩම් කරන්නෙ නැතුව mind maps, flash cards, රූප සටහන් වගේ දේවල් බලන්න.
• Online webinars වලට සහභාගී වෙන්න. ඔයාලට වැදගත් වෙන අධ්‍යාපනික videos බලන්න
• ඔයාලා පාඩම් කරන හැම පැයකට වතාවක්ම පුංචි විවේකයක් ගන්න.
• ඒ විවේකයෙදි ගෙදර අය එක්ක පොඩි කතාවක් දාන්න, වතුර බොන්න, පොඩ්ඩක් ගෙදර වටේ ඇවිදින්න වගේ ඔයාලා relax වෙන දෙයක් කරන්න.
ඉතින් අද ඉඳන් මේ ප්‍රශ්න ඔයාලටත් තියෙනවා නම් මෙන්න මේ solutions ටික try කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලගෙ වෙනසක් තේරෙයි.
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය?..
©️ Study with Gimi**
**කවදාවත් හිතන්න එපා
අනුන්ගේ හිත්වල උබට මහාලොකු වටිනාකමක් තියෙනවා කියලා
මොකද,
එහෙව් වටිනාකමක් නෑ කියලා තෙරුන දවසට උබට උබවම එපා වෙනවා
ඉතින්,
වෙන කවුරුත් නිසා නෙවේ උබට උබ නිසාම උබවම නැති වෙන්න දෙන්න එපා
හිතන තරම් පෙන්නන තරම් මොකෙක්ගෙවත් හිත් වල උබට මට නෑ බං වටිනාකමක්
ඒ නිසා කවදාවත්,
අනුන්ගේ හිත්වල තමන්ට වටිනාකම් හොයන්න යන්න එපා
උබම දියන් උබට වටිනාකමක්
මොකද,
දවසක කවුරු නැතත් උබට උබ හරි ඉදී
හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය??❤️**
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago