Study Sessions 💗📚📌📖

Description
අපේ වටිනා කාලය අපේ හීන වෙනුවෙන් වැය කරමු.🥰

https://t.me/studysessionsforyou
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

4 months, 3 weeks ago
ඊලඟට blum airdrop එක list වෙනවා …

ඊලඟට blum airdrop එක list වෙනවා guys මේ september..
DOGS එකත් ගොඩක් අයය miss උන නිසා ඉක්මනට coin ටිකක් එකතු කරන් තියාගන්න.. launch උන දවසක අතටම සල්ලි ගන්න පුලුවන් උදාහරනයකට එක කොයින් එකක් රුපියලක් උනොත් ඔයා coin 10000 එකතු කරගෙන හිටියොත් රුපියල් 10000 අතේ..

tap කරල, task complete කරල coin එකතු කරන්න තියෙන්නෙ..නිකන් ඉන්න එකේ start කරල play කරන්න..👇

LINK : BLUM AIRDROP

6 months ago

අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ paper එකක් වවන් කන්නෙ කොහොමද කියලා🌚....මේක මගේ සංකල්පයක් නෙමේ😁...මේකත් මං ඉගෙන ගත්තෙ ක්ලාස් එකකින්... ඔයාලා දැකලා ඇති AL Guidence channel එක කරන අයියලා දෙන්නා..අන්න ඒකෙන් තමා මාත් මේ method එක දැක්කේ....🙃**

මුලින්ම කියන්න ඕනි මේක ඕනම subject එක්කට වලංගුයි....art,commerce ,tec,bio,maths ඕනම එක්කට...

මුලින්ම ඔයා past paper කරලා ඉන්න .....ඒවා තමා ඉස්සෙල්ලම වටින්නේ...දැන් නම් ඒවා කරලා තියෙන්න ඕනි හරි නම්....😒

ඊලඟට මොකක්මහරි ppr එකක් ගන්න clz එක්ක හරි, scl එකක් හරි...ඕන එකක්...ඊලඟට ඒ ppr එක කරන්න..කරලා හරි වැරදි mark කරන්න...ඔයාලා thoery ගොඩක්ම cover කරලා නැත්තම් පලවෙනි ප්‍රශ්නෙ ඉදන්ම cover කරන් යන එක තමා හොඳ...අනික් අය වැරදුන ප්‍රශ්න ටික මුලින්ම බලන්න...😇

ඒක කරන්නේ මෙන්න මෙහෙමයි....මුලින්ම පේසුරු පොත් ටික ලඟට ගන්න..pdf හරි ඊලඟට පලාත් ppr 2,3ක්(මධ්‍යම,වයඹ වගේ)තව scl pprs ටිකක්...

දැන් අර ඔයා කරපු ppr එකේ ඔයා ශ්වසන පද්ධතිය ආශ්‍රිත ප්‍රශ්නයක් වැරැද්දුවා කියන්නකෝ...ඒකට අදාල ඒ මාතෘකාව යටතේ තියන පෙසුරු ප්‍රශ්න ටික කරන්න...ඊලඟට අනික් pprs වල ඒ topic එකට අදාල ප්‍රශ්න කරන්න...

ඔහොම්ම මුලු ppr එකම cover කරන්න... ඒ ගමන් ඒවට අදාල පොඩි පොඩි thoery cover කරගන්න...එක දවසින් බැරි වෙන්න පුලුවන් දවස් ගානක් යන්න පුලුවන් ...ඒත් කමක් නෑ කරන්න...ලොකු කොටසක් cover වෙයි....පුලුවන් තරම් කෙටියෙන් කියලා දුන්නේ video බලන්න කම්මැලි අයට🙃...**#dreamgirl@studytips_SD

6 months, 1 week ago

මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි...පුදුම මානසික පීඩනයක් තියෙනවා...exam එකත් කිට්ටුයි....ඔලුවට නිදහසක් නෑ කොහොමද අපි වැඩ කරගන්නේ කියලා...මොන වැඩේ කරන්නත් කලින් අපි අපේ මනස නිදහස් කරන් ඉන්න ඕනි😇...stress relief game වගයක් මේ link එක්ව්න් ගියාම ඔයාලට ගන්න පුලුවන් 🙃...https://t.me/studytips_SD/220 මුලින්ම ඔයා පොඩ්ඩක් fresh වෙන්න ඕන නිසා ඔයා පාඩම් කරන කාමරය පොඩ්ඩක් අස් කරගන්න🫧**....මේසෙ තියන තැන වෙනස් කරලා පොඩි වෙනසක් කරන්න...ජනේලේ අයිනට වගේ මේසෙ දාගන්න් පුලුවන් නම් ගොඩක් හොඳයි..

ඊට පස්සේ පොඩ්ඩක් ඔලුව relax කරන්...ඔයාට කරන්න තියන වැඩ මොනාද කියලා කොලේක ලියාගන්න... exam එක වෙනකම් කරන්න තියන ඒවා ලියාගන්න...♥️

ඊට පස්සේ ඒවා පොඩියට බෙදාගන්න....මේ සතියේ මේ ටික සම්පූර්ණ කරනවා...ඊලඟ සතියේ මේ ටික...අන්න ඒ වගේ...සතියට බෙදාගත්තට පස්සේ ඒ සතියේ වැඩ ටික සතියේ දවස් 7ට ආයේ බෙදාගන්න....

ඊට පස්සේ තමා ඉතින් පාඩම් කරන්න පටන් ගන්න වැඩේ තියෙන්නේ😌...
මේකෙදි ඔයාලා එක දිගට වැඩ කරන්න එපා..විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක් rest කරන්න..පැයක් වැඩ කරලා විනාඩි 10ක් rest කරන්න...මෙන්න මේ method එකට පාඩම් කරන්න එතකොට ලේසි😇...

ඊලඟට එන free වෙලාට එලියට ගිහින් ඇවිදලා එන්න චුට්ටක්..නැත්තම් තමන් ආසම song එකක් play කරලා චුට්ටක් dance කරන්න...ගෙදර ඉන්න නංගිලා මල්ලිලා එක්ක පොඩි රණ්ඩුවක් අල්ලලා එන්න😁😁...එතකොට ආයේ පාඩම් කරන්න පුලුවන් මහන්සි නෑ.....

මේ වෙනකොට ඔයාලට එක sub එකක වගේ වැඩ හිර වෙලා නම්...ඔයා ඒ විෂයට වැඩිපුර අවධානෙ දෙන්න...ඔයාට විෂයන් තුනම මේ වෙනකොට ගොඩගැහිලා වගේ නම්...දවසට සබ්ජෙක්ට් තුනට පොඩි වෙලාවක් හරි දෙන්න ඕන....

ඒක කරන්නේ මෙන්න මෙහෙමයි...හිතන්නකෝ ඔයා අද දවසට දාගත්තේ physics කියලා...ඒකට අද දවසේ වැඩිපුර අවධානයක් දීලා...අනිත් විෂයන් දෙකෙන් mcq දහය ගානෙ හරි කරන්න...එක විෂයක් පාඩම් කරලා මහන්සි හිතන වෙලාවට වෙන විෂයක mcq කීපයක් කරන්න😉😉

ඊළඟට එක තමා papers.... මේකෙදි ඔයාලා අනුගමනය කරන්න ඕන.. papers වවන් කන method එක....ඒක ගැන මං ඊලඟ post එකෙන් ගේන්නම්😌...
එතකම් මේ කීව ටික කරලා වැඩ කරන්න් පටන් ගන්න....😉

අනික් දේ මං මේක biology ,maths අයට විශේෂ කරලා කීවට...ඕනම විෂය ධාරාවක් කරන කෙනෙක්ට මේක වලංගුයි🌚🌚🌚...

අහ් තව දෙයක් ලමයි...ඔයාලා මේ post share කරනවනම් credit තියලා share කරන්න...මොකද මේවට මං මගේ කාලය වැය කරනවා😇...**#studytipsplan@studytips_SD

6 months, 3 weeks ago

✹ගොඩ දෙනෙක් අහල තිබ්බ දෙයක් තමා physics වලට වැඩ කරන්නේ කොහොමද කියලා?ඉතින් මං අද post එකෙන් ගෙනාවේ physics වලට වැඩ කරන්න ඕන කොහොමද කියලා...?**

✹මුලින්ම කරන්න ඕන දේ තමා හොඳ theory clz 3ක් තෝරගන්න එක...මේක තමා වැදගත්ම දේ...මොකද මේකෙ thoery නැතුව කිසි දෙයක් කරන්න බෑ...2nd,3rd ලමයෙක් නම් හොඳ revision clz 3 ක් තෝරගන්න...revision නම් ඔයාලට අවශ්‍ය නම් විතරක් තෝරගන්න...ඔයාලට ආර්ථික ප්‍රශ්න් මොනාහරි තියනවනම් ඕන තරම් tg වල video තියනවා...ඒවගෙන් cover කරගන්න පුලුවන් ?...

✹ඒ ඒ සතියේ දෙන tute වල ගනන් පුලුවන් තරම් complete කරන්න...ඔක්කොම කරගන්න බැරි නම්...පුලුවන් ටික හරි cover කරගන්න...නොකර ඉන්න නම් එපා...කෙලවෙනවා අනිවාර්යයෙන් ?...

✹ඊලඟට ලමයි ඔයාලාට තව මාස 6ක් තියනවනේ අවම...ඒ කාලේ ඇතුලත past paper අවම වට 2/3ක් කරලා යන්න...ඒක තමා වැදගත්ම දේ...ඒකත් ලමයි full pprs...ඊට අමතරව අවසාන වාරෙට එන මධ්‍යම පලාත්,වයඹ පලාත් paper දෙක අනිවාර්යයෙන් complete කරලා යන්න...ඊට අමතරව පුලුවන් නම් දේවි බාලිකා,ආනන්ද,නාලන්ද,රෝයල්,විශාකා වගේ ප්‍රසිද්ධ scl pprs කරලා යන්න...ඔක්කොම කරන්න් කියනවා නෙමේ...පුලුවන් ටික කරන්න වෙලාව අනුව...?

✹ඊලඟට ලමයි තමන්ට ගැලපෙන ටිකක් අමාරු විදිහට හදන හොඳ ppr clz 3ක් තෝරගන්න...අනේ ලමයි motivation විතරක් දෙන සීනි බෝල pprs දෙන ppr clz තෝරගන්න එපා..අනුන්ගේ කීම clz තෝරගන්නත් එපා...තමන්ට ගැලපෙන දේ තෝරගන්න යාලුවෝ නැතත් කමක් නෑ...

✹physics වලට මේ පොත් අවශ්‍ය වෙයි අලුතින් AL කරන්න එන අයට??...
✭past paper book
✭pesuru mcq,structure ,essay
✭ගී කියනගේ සර්ගේ 2500 mcq පොත
✭අවශ්‍යනම් විවරණ පොත් (රෝසා සර්ගේ ,අරුණ සර්ගේ)**@studytips_SD

7 months ago

දවසට පැය 13ක් වැඩ කරන්න පුලුවන් ද?කොහොමද අනේ ඒ?**

ඉතින් මම කියන්නම් දවසට පැය 13 වැඩ කරන ප්ලෑන් එකක්.

✹(එක දවසකට විශයන් 2ක් විතරක් ගන්න ?මොකද subject 3 දාගෙන මේක කරන්න බෑ...වෙලාව ඉතුරු උනොත් අනික් subject එකත් පොඩ්ඩක් හරි කරන්න ප්‍රධාන වශයෙන් එදා දවසට දාගත්ත subject 2 ඉවර කරන්න..)

✹මේකෙදි ඔයා නැගිටින්න ඔන උදේ 4.00ට(උදේ ඇහැරෙන්න බැරි අය රෑ වෙනකම් ඇහැරන් හරි මේක complete කරන්න ඕනි හොඳේ?)

✹ඊට පස්සෙ මූන එහෙම සෝදලා තේ එකක් එහෙම බීලා එන්න මේසෙට 4:30ට වගේ ...

✹6.30වෙනකන් ටිකක් අමාරු දේවල් ටිකක් පාඩම් කරන්න?(bio වගේ subject ,අනික් අය තමන්ට අමාරු subject එකක්?)

✹ඊට පස්සෙ 6.30-7.00 පුංචි break එකක්..

✹7.00-9.00 ඊලඟ subject එක

✹9.00-9.30 (උදේට කෑම එහෙම කාල ready වෙලා එන්න?)

✹9.30-11.00 study (ඔයාලා කැමති විදිහට subject බෙදාගන්න)

✹11.00-11.30 break එකක් එහෙම අරගමු?...

✹12.00-2.00 study

✹2.00-3.00 lunch and small nap මේක දවල්ට නිදිමත එන අයට ..පොඩි වෙලාවක් හරි නිදාගන්න ඕනිම නම්..

✹3.15-6.30 -study

✹6.30-7.30 පොඩි break එකක් අරන් wash එකකුත් දාගන්න....?

✹7.30-9.00කෝපි එකක් එහෙම බීලා වැඩ පටන් ගන්න...

✹9.00-9.30 dinner එක අරගෙන පොඩ්ඩක් ඉන්න....

✹9.30-11.45 study ( දවසෙ කරපු දේවල් මතක් කරන්න)

✹11.45-12.00 wash එකක් දාගන්න.

✹12.00-4.30 sleep
( මෙච්චර break ගන්න ඕනි නෑ...කිසිම අදහසක් නැති කෙනෙක්ට මං මේ plan එක දැන්මේ...break ගාන අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පුලුවන් අවම මේ ගානවත් ඵලදායිව වැඩ කරන්න?..)**#plan@studytips_SD

7 months, 2 weeks ago

Biology මතක තියාගන්නේ කොහොමද???‍?

හුඟක් කට්ටිය biology මතක තියාගන්න යන්නේ ගිරවා වගේ කටපාඩම් කරල?...ළමයි කවදාවත් ඒ දේ කරන්න එපා...මොකද ඒ ක්‍රමේ ගොඩක් අසාර්ථකයි...ඔලුවට කිසි දෙයක් යන්නෙත් නෑ අන්තිමට ඔයාලගේ වෙලාව නාස්ති වෙලා විතරයි..

එතකොට අපි biology පාඩම් කරන්නේ කොහොමද??

1.mind map
2.chart සහ වගු
3.රූප සටහන්

මෙන්න මේ වගේ ක්‍රම වලට ඔයාලට බයෝ පාඩම් කරන්න පුළුවන්...ඔයාල පාඩම් කරන කොටස රූපයකට නගා ගත්තොත්..නිකන් කටපාඩම් කරනවාට වඩා..රූපය ඇසුරෙන් මතක තියාගන්න එක ඔයාලට ලේසියි?...

ඒ වගේම පාඩම් කරලා නිකන් ඉදලා හරියන්නෙ නැහැ...ඒවා නැවත නැවත මතක් කරන්න ඕන?...නැත්නම් ඔයාලට ඒවා අමතක වෙනවා...
දවස අවසානයේදී පොඩි වෙලාවක් අරගෙන උදේ ඉදන් පාඩම් කරපුවා මතක් කරන්න..එතකොට ඔයාලට අමතක වෙන ප්‍රමාණය අඩුයි?..

ඊට අමතරව ඔයාලට පාඩම් කරනකොට අවශ්‍ය වන කෙටි ක්‍රම ගොඩාක්...learn with py youtube chnl එකේ තියෙනවා...
පහලින් මම link එක දාන්නම්...මතක තියාගන්න පහසු කෙටි ක්‍රම ගොඩක් මේ අයියගේ channel එකේ තියෙනවා...?

https://youtube.com/@learnwithp.y.?si=kt9Yc2ptGI0Ry-SQ

කොහොමද අපි bio papers කරන්න ඕනි?...

කෙටියෙන්ම කීවොත් ඔයාලා papers වවන් කන්න ඕනි...මොකක්ද එතකොට වවන් කනවා කියන්නේ...මෙන්න මේ video එක බැලුවම තේරෙයි කරන්න ඕනි කොහොමද කියලා??
https://youtu.be/juw9prYFnPU?si=idTIoddRffupLBNO

මේ විදිහට වැඩ කරන්න හුරු උනොත් ඔයාලට bio මතක තියාගන්න අමාරු වෙන්නේ නෑ...අනික් දේ තමා bio වගේ subject එකක් උදේ වරුවේ පාඩම් කරන්න?♥️..එතකොට මතක හිටිනවා වැඩි?....

#biology
#dreamgirl
@studytips_SD

8 months, 4 weeks ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago