News Flash LK

Description
News Flash LK ⚡️ හරහා ඔබට ලොව පුරා ? සිදුවන උණුසුම් පුවත් එසැනින් ලබාගත හැක ?

@G99Solutions ??
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 5 days, 11 hours ago

1 month ago

*✍️* ජනාධිපති අනුර දිසානායකගේ පත් වීමත් සමඟ මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කල සියළු තනතුරුවල නිලධාරින් මේ වන විට ඉවත් වෙමින් පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිස අද (24) දිනයේ සිය ලිපි ලේඛණ බාර දීමට නියමිතව ඇති බව දැනගන්නට තිබෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කල සභාපතිවරුන් ද ආණ්ඩුකාරවරුන් බොහෝ දෙනෙකු මේ වන විට ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් නව ජනාධිපතිවරයෙකු පත් වු පසු පෙර සිටි ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය ඉවත් වීම සාමාන්‍ය කටයුත්තක්. නමුත් අප වෙත වාර්තා වන ආකාරයට නව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ කැමැති අයෙකුට තමා සමඟ වැඩි කිරීමට අවස්ථාව ලබා දීමට සුදානම් බවයි. නමුත් බොහෝ දෙනෙකු පත් වු ජනාධිපතිවරයාට වඩා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධව තිබු අපහැදිලිතාවය හේතුවෙන් ඉවත් විමට සුදානම් වු පිරිස් බවද සිටි බව අප වෙත වාර්තා වනවා.

Tuesday, 24 September 2024 - 11:42Hirunews.lk | @NewsFlashLK | @G99Solutions ??**

1 month ago
*****?*** අලුත් ජනපතිට වැඩ කරන්න ඉඩ …

*? අලුත් ජනපතිට වැඩ කරන්න ඉඩ දී හිටපු ජනපති රනිල්ගේ පිරිස බඩු අස් කරයි*

1 month ago

*✍️* නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සාකච්ඡාවක් කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Tuesday, 24 September 2024 - 10:49Hirunews.lk | @NewsFlashLK | @G99Solutions ??**

1 month ago
*****?*** නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් …

*? නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙන බව පා.ම. විජිත හේරත් පවසයි*

1 month ago

*✍️* ජපානයේ ටෝකියෝ හි ඉසු දූපත් ආසන්නයෙන් රික්ටර් මාපක 5.9ක භූ චලනයක් සිදුව තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව භූමිකම්පාවෙන් මිනිත්තු 40කට පමණ පසු ඉසු දූපත් සමූහයට අයත් හචිජෝ දූපතට සෙන්ටිමීටර 50ක පමණ උසැති උදම් රළක් පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් කිසිදු හානියක් සිදුව නැහැ.

Tuesday, 24 September 2024 - 10:14Hirunews.lk | @NewsFlashLK | @G99Solutions ??**

1 month ago
*****?*** ජපානයේ 5.9ක භූ කම්පනයක්**

*? ජපානයේ 5.9ක භූ කම්පනයක්*

1 month ago

*✍️* කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඊයේ දක්නට ලැබුණා. සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් දිනය නිමාවනවිට සටහන් වූයේ ඒකක 11,096.81ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 58.43කින් ඉහල ගොස් ඒකක 3160.63ක් ලෙස සටහන් වුණා. දිනය අවසානයේදී සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 994ක්.

Tuesday, 24 September 2024 - 10:06Hirunews.lk | @NewsFlashLK | @G99Solutions ??**

1 month ago
*****?*** කොටස් වෙළෙඳපොළේ දැනෙන වෙනසක්**

*? කොටස් වෙළෙඳපොළේ දැනෙන වෙනසක්*

1 month ago

*✍️* ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි හිරු නිව්ස් කල විමසීමකදී කියා සිටියේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවයි. එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසුරිය පත් කිරීමට නියමිතව ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ජාතික ජන බලවේගයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් දරන සිව් දෙනෙකු සිටින අතර මේ වන අමාත්‍යවරුන් වශයෙන් සිව් දෙනා අතර අමාත්‍යංශය 15 බෙදී යනු ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් අමාත්‍ය ධුර ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද (24) රාත්‍රී යේදී විසුරුවා හරින බව එම පක්ෂයේ දේශපාලන ආරාංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා. අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරව ඔහුට රජයේ අමාත්‍ය ධුරයක් දැරීමට කිසිදු බාධාවක් නොවේ. නමුත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් නොදී පාර්ලිමේන්තුව ඇමතීම, ඡන්දය භාවිතා කිරීම සිදු කල නොහැකි වනවා.

Tuesday, 24 September 2024 - 9:51Hirunews.lk | @NewsFlashLK | @G99Solutions ??**

1 month ago
*****?*** නව ආණ්ඩුවේ අගමැති හරිනි, පාර්ලිමේන්තුව …

*? නව ආණ්ඩුවේ අගමැති හරිනි, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද රාත්‍රියේ !*

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 5 days, 11 hours ago