සඳනාරි 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 ♡🌙࿐

Description
හද ගැස්මට ❤️ එක හුස්මට ✨
ඔයත් එන්න හදවතට කතා කරන්න 💝
හිතේ තියෙන හැමදේම හරි ලස්සනට වචන කරලා මුමුනන්න 🤗
ඔයාලගේ 🫵 නිර්මාණශීලි අදහස් 😇
හැගීම් 💋
දුක 🥺
සතුට ☺️
මේ හැමදේම 👐 ලස්සන නිසදෙස් වලින් ✍️ යාළුවොත් එක්ක 🫂 share කරගන්න 💭ඔන්න තවත් අලුත් අවස්ථාවක්
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

5 months, 3 weeks ago
එක් කරුණක් අසත්‍ය වූ පමණින්

එක් කරුණක් අසත්‍ය වූ පමණින්
බහිෂ්කරණය වන
උපන්‍යාසයක්
අවස්තෝචිත උපන්‍යාස මගින්
රැකගන්න බැලුවෙත්
තියරිය ඉක්මවමිනි!
පොපර්ට එරෙහි වෙමිනි!

ඕනෑම දෙයක් කල හැකිය"යන
පයරාබන්ගේ තියරියට
ක්‍රියා කල පසුත්
බහිෂ්කරණයකට ලක්වෙනවා නම්
අවැසි නැත එය
සම්ප්‍රදායට පටහැනිය එය!

පොපර් නුබ නිවැරදිය!
එක කරුණකින් අසත්‍ය වූ පමණින්
එක හෙළා එය ප්‍රතික්ෂේප කළ යුතුමය!

පසු වදන;🌼
**නිෂ්ප්‍රමාණ වූ ප්‍රේමයක යළි කිසි දිනෙක සප්‍රමාණ මල් නූපදිනු ඇත!

(Logic කරපු කෙනෙක්ට,කරන කෙනෙක්ට තේරෙයි)
සන්දගී....
🎀*🕊*

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

6 months ago
*නිකම් ඔහේ හිතට ආපු අදහසක්

*නිකම් ඔහේ හිතට ආපු අදහසක්
වචන කළාට ගලපලා
කව්ද දන්නේ
මෙච්චර හිත් ගොඩකට
දැනේවි කියා මගෙ වචන පෙළක්!

දැන් එක එකා තමන්ගෙ වගේ දැම්මට
මුල් අයිතිය මා සතු වීම
ආඩම්බරයක්!
😌*👉*👈
සන්දගී....
🎀**🕊*

@roa_love

6 months, 3 weeks ago

මුහුදු රැල්ල විත් කකුලෙ දැවටෙන හවසක
ඉරත් මහන්සි හිතිලාදෝ නින්දට යන වෙලාවක
මුලු අහසම කහ පාටට හැඩ වුන මොහොතක
ආසයි මං;
බර වෙන්න ඔය උරහිසකට!
වෙනද රහට වඩා රහ වෙන රටකජු ගොට්ටක රහ බලන්න
අත් දෙක පටලගෙන ඈත අහස දිහා බලන් ඉන්න
කවදහරි අපි අපේ වෙන ෆැන්ටසියක් ඇතුලේ ජීවත් වෙන්න
මං ආසයි;
තද බල වැළගැනීමකට වඩා සැහැල්ලුවෙන් ආදරේ කරන්න!

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

7 months ago
ඔහුට ලියමි....!

ඔහුට ලියමි....!

*සතියක් වුවත්
මාසයක් සේ දැනුන
නුබ නොදැක ගෙවෙන දවසත් මට
කල්පයක් මෙන් හැඟෙන
කාලෙකින් දකිද්දි
හිටියටත් වඩා ලස්සනට
ඇත්තමයි බන්!
ආදරේ නොහිතුනොත් තමයි
මට පුදුම...!
වෙනද මෙන් නොව
ලස්සන හිනාවක් මවෙත හෙලන
පුදුමයි නුබේ ඔය වෙනස
මට ආදරේ හිතිලවත්ද¿

ඉදින් නාඳුනන හිතවත🌼....,
**නොකිව්වට එවෙලෙ ඔය ඇස් මාව හොයන්නට ඇති;

සමහර විට එහෙම නැතුවත් ඇති!*♥️**

#නාඳුනන_හිතවත 12

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

7 months ago
**සුවඳ වැඩි රෝස මල්වලට වැඩිදෙනෙක් නැහෙද්දි,

**සුවඳ වැඩි රෝස මල්වලට වැඩිදෙනෙක් නැහෙද්දි,

හිටියා එක්කෙනෙක් දෙන්නෙක්,

අරලියා මලක් වෙනුවෙන් ජීවිතේම පිදුව!

ඔව්........,

ඒ අරලියා මල,
ප්‍රේමයේ අරුත කියා දුන්නා ඒ හිත් වලට රෝස මල්වලටත් වැඩියෙන්ම!

හුස්ම රැදුනදාටත් වඩා ගිලිහුන දාට කාටත් වැඩියෙන් අරලියා මල හිටියා කාගෙත් තනි නොතනියට!🌼**

මන් ආසම රෝස මලට වැඩිය අරලියා මලට කවි ලියන්න!**🌼****

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

7 months ago

අමාරුම තැන් වලත් හයියෙන්ම අල්ලන් ඉදලා
බැරිම තැන හිත තුන් හතරපලකට පලලා
දෛවය හදවත් දෙකක් මැද්දට පැනලා
ආදරණීය හදවතක් අමු අමුවේ මරලා
ඉදින් ප්‍රේමය.......,
🌻
තරුණ හිත් මෙහෙම රිදවලා
උබ හුගක් පව් කරලා!

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

7 months, 1 week ago

ඉදින් ඉර.........,🌞***

ඔයා දන්නවද
සමහර සූරියකාන්ත මල්
තාමත්
ඉස්සර වගේම බලන් ඉන්නවා
නිකමට හරි ඔයා
එයා දිහා බලයි කියලා
පුංචිම පුංචි බලාපොරොත්තුවක්
හිතේ තියාගෙන!🌻

නොබලා ඉන්න එපා!;
බලලා හිනාවෙන්න....!
එතකොට පුලුවන් ඒ මලට
නිදහසේ පරවෙලා යන්න!🥀
සන්දගී....
🎀**🕊*

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

7 months, 3 weeks ago
දෛවය අප ජීවිතයට කුමන අවසරයකින් හරස්වනවාද …

දෛවය අප ජීවිතයට කුමන අවසරයකින් හරස්වනවාද යැයි මා නොදනිමි;
නමුදු අප්‍රකාශිත හැගීම් ගොන්නක් ඔය දෑස හමුවේ හදවතෙහි මෝදු වන බව මා හොදින් දනිමි!
නුබේ දෑසෙහිද අමුත්තක් වෙනදා මෙන් අදත් දැක්කෙමි!;
නමුදු එක සිනහවකින් ඒ සියල්ල මකා දැමීමට හැකි වග මා ඔප්පු කලෙමි!

ඔව්;

*ඔබ හා මා සිනා සී එතනින් නික්මිනි!

දෙහදක අප්‍රකාශිත හැගීම් ගොන්නක් එක සිනහවකින් මා විසින්ම උපන්ගෙයි මරා දැම්මෙමි!*

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

7 months, 3 weeks ago

ඉදින් හිතවත....,

ජීවිතේම එපා වෙලා ඉන්න වෙලාවක,
මේ ජීවිතේ ජීවත් වෙන්න පුංචිම හරි බලාපොරොත්තුවක් දෙන මිනිස්සු ඉන්නව නේද.....!🌼

ඔයා නොදන්නව වුනාට
එයාලගෙ හිත් හරි ලස්සනයි!🌸

ජීවිතේට ලං කරගනින්
අන්න එහෙව් මිනිස්සු!🌻

🎀🕊

කතෘ අයිතිය සුරකින්න!

7 months, 3 weeks ago

සබඳ නුබ දන්නවද
එකවරම නුබ දුටුවම
ගැස්සුනා මුලු හදවතම
පැලඳගෙන ඒ වෙස් තට්ටුව
හරි අභිමානයක් දැක්කා එදා මා දුටුව නුබේ කෙලිලොල් දෑසේ
හරි පුදුමයි එදා වගේමයි!
මා යන්නටත් පෙර මගේ සිත දිව ගියා
ඔබට මා හිතින් ප්‍රේම කල ඒ ප්‍රේමනීය නිමේෂයන් වෙත...
හරි අපූරුවට ගෙවුන සුන්දර කෙලිලොල් විය
ලස්සනට අපි ගෙව්වනේ එහෙන් මෙහෙන් මතු වෙද්දි ආදර සිත
පුංචියට හැදුනු ආදර පැලය එන්න එන්නම දලු ලා වැඩුනා මහා වෘක්ෂයක් තරමට
ඔව් නුබ හිමිකම් කීවා මගේ කුලුඳුල් ප්‍රේමයට!♡
ගිහිම් එද්දි මොහොතකට අතීතයට
නුබ මාහා සිනා සුනා හරි ලස්සනට
ඉහවහා ගියා මගේ සිතේ සතුට
අත වැනුවා මිය ගිය මගේ ප්‍රේමයට
නැ!,
නුබට නැවත ඉඩක් නැ!
පෙර මෙන් මගේ හිත රිද්දන්න
කිසිදු සතුටු සාමිච්චියකින් තොරවම
සිනහවකින් සෑහී නික්මුනේ මම
දැන් අපි මාවත් දෙකක බව දන්නා නිසාම!

ප්‍රතම ප්‍රේමය හොදම ප්‍රේමය යැයි නොකියමි!;
නමුදු එය තරම් සුන්දර පෙමක් නොමැති බව දනිමි!♡

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago