MOTIVATION කන හරහා මොළයට™🇱🇰

Description
⚫️Join with us for life tips/motivation texts/short notes & study tips


Buy ads: https://telega.io/c/Edu_Lanka_Channel
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 11 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 3 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago

2 months, 1 week ago
3 months ago

දැන් නම් හුඟක් මහන්සි😞**

හති වැටි වැටී ලෝකෙ ම දුවන දිහාවට දුවලා දැන් නම් ගොඩක් මහන්සි🥺

හැමෝම ආස දේවල් කරද්දි අපි විතරක් අමාරුවෙන් උනත් ඒත් කළ යුතුම දේවල් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි😣

පැය ගණන් බංකු ලෑල්ලක ඉදන් ඉදලා, ඊට පස්සෙ පැය ගාණක් බස් එකක හිටන් ඉද්දි හිතෙනවා දැන් නම් මහන්සි😓

එන එන හැම කෙනෙක් ම හිත රිද්දලා යද්දි හිතෙනවා දැන් මිනිස්සුන්ට රැවටිලාම මහන්සි 💔

අනිත් හැමෝම හොඳට නිදා ගද්දි ඔයා විතරක් ඇහැරන් පොත් පාඩම් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි 🤞

මිනිස්සු කියන හිත රිදෙන කතා අහලම හිතෙනවා දැන් නම් මේවා අහලම මහන්සි 🙌

ඔව් ඒක තමා ඇත්ත. ඒක තමා මේ ජීවිතේ තියන ඇත්ත. කවදාවත් සතුට හැමදාටම අපි එක්ක රැදෙන්නෙ නැහැ. වේදනාවල්, දුක් මේ දේවල් තමා වැඩිපුර ම කෙනෙක් ට විදින්න වෙන්නෙ.
මහන්සියෙන් හරි ඔයා මෙච්චර දුරක් ආවනෙ. ඉතින් ඔයාට පුළුවන් ද මේ ගමන මඟින් අතෑරලා දාන්න?
අපරාදෙ හිතෙන්නෙ නැත්ද මෙච්චර දුරක් ඇවිත් මඟින් නවතින්න🫵

ඔව් මේ ගමන දුශ්කරයි, කටුකයි ඒත් මන් දන්නවා ඔයාට පුළුවන් මේ ගමන කෙලවරටම යන්න.
මහන්සි හිතෙයි, ඇඩෙයි, එපා වෙයි , බැනුම් අහන්න වෙයි,නින්දා විදින්න වෙයි
ඒත් මන් දන්නවා ඔයා මේ ගමන යනවාමයි.

අපිට පුළුවන්!🫶
මෙච්චර දුරක් ආපු අපිට අනිවාර්යයෙන් ම පුළුවන් අවසානය දක්වාම යන්න.

ඉතින් ඒ යන ගමනෙදි මහන්සියක් දැනුනාම හැමදාටම නවතින්න නෙවෙයි පොඩි විවේකයක් අරන් ආයම ගමන පටන් ගන්න පුරුදු වෙන්න.
උනන්දුව, කැපවීම, ආසාව තියෙනවානම් මේ ලොකේ අනිත් හැම බාධාවක්ම පරාද කරන එක කරන්න පුළුවන් දෙයක්!

ඉතින් මහන්සි දැනෙන හැම වෙලාවකම පොඩි විවේකයක් අරන් පටන් ගන්න.

ඔව් ඔයාට පුළුවන් මේ ගමනෙ කෙලවරටම අනිවාර්යයෙන් ම යන්න 😊

මම,
Agent of Peace🕊🌊**

3 months ago

*🌳බොන්සායි ගහක් වගේ වෙමුද...🌳***

මොකද්ද ඒ කිව්වෙ 🤔බොන්සායි ගස් ගැන අහල ඇතිනේ 😇 ....ඔව් ඔව් ඒ ලස්සන , ලක්ශ ගාණක් වටින පොඩි ගස් තමා...

ඉතින් ඇයි අපිට ඒ ගැන කියන්නෙ? 😏*😶***

🌚 ඔය ගහ නිර්මාණය වෙන්නෙ සාමාන්‍ය බීජ වලින්ම තමා... ඒත් එයාට ලැබෙන තත්ත්ව පාලනය කරනවා... ඉඩකඩ එහෙම... හිතුමතේ හැදෙන්න දෙන් නෑ.... පුංචි පෝච්චියක තමා මේ මහා රූස්ස ගහ හැදෙන්නෙ... 🌳 මේ විදිහට ලස්සනට ගහ හැදෙන්න අවුරුදු ගාණක් යනවා ... දවසින් දෙකින් පුලුවන් වැඩක් නෙවෙයි මේක 😅

ගහ පව් නැද්ද ?🥲****

නැහැ එයා දුක් වින්දට එයාගෙ වටිනාකම ගොඩාක් වැඩි වෙනව.. සාමාන්‍ය ගහකට වඩා... සිය දහස් ගුණයකින් වැඩි වෙනව....

ඉතින් 😉 A/l 2nd shy.. 3rd shy කරන ඔයාලට හිතෙනව ඇති ඔයා ජීවිතේ විඳවනව.. සීමා වලින් වට වෙලා ඉන්නෙ..අනෙක් යාලුවෝ ට්‍රිප් යනවා... සමහරු ජොබ් කරනව.... ඔයා තාම ක්ලාස් යනව...😞
🥺** විශේෂයෙන් ම science subject
කරන අයට මේ හැඟීම දැනෙනව වැඩියි .... මටත් එහෙම තමයි....

ඒත් ටික කාලෙකින් තමන්ට ලැබෙන වටිනාකම ගැන හිතෙද්දි මේ පීඩනය .... දැනෙන දුක ඉක්මනින් නිවිල යනවා....

ඒ නිසා මේ ගෙවෙන තත්පරෙත් ඒ අවුරුදු ගානකින් ලැබෙන ලස්සන ජීවිතේ වෙනුවෙන්..... කැපකරන්න..බොන්සායි ගහක් වගේ.... ❤️**

දන්නවද ?🤫

හැම ගහක් ම බොන්සායි කරන්න බෑ... තෝරා ගත්තු ගස් කීපයක් විතරයි ඒ පීඩනේට සීමා වලට ඔරොත්තු දෙන්නෙ...
මිනිස්සුත් ඒ වගේ 😌 දරා ගැනීමේ ශක්තිය තියෙන් ඒ ටික දෙනා තමයි සාර්ථක වෙන්නෙ ...🙃 ඔයත් ඒ අයගෙන් කෙනෙක් වෙන්න...
ජයවේවා !!

~🌷@පියූ🌷~

4 months, 2 weeks ago

අන්තඃපුරේ

රජෙක් සිටිය පෙරදා බලතෙද පිරුණ...👑
බිසවුන් තුනක් ඔහු හා විසුවා ඔන්න...😳🥲
දවසක් රජු සිතා පැනයක් විමසන්න...
තුන් පතිනියන් කැඳවූවා විගසින් ම...

රාණි, දේවි, ජෝති නම් පිළිවෙළ දැරුව...
බිසවුන් රජුගෙ කුටියට දැන් සපැමිනිය...
" මා මළ දාට මගෙ මෘතදේහය සමඟ ...
යන්නට කවුද එන්නේ මා යන ගමන?"
🏳

රජුගේ ප්‍රිය ම බිසව රාණිය හොඳට සිතා ...🤔
" ඔබෙ මළ කඳ එක්ක මා මක් කරනු බොලා?" 🥲🤣
ගස්සා පද්දලා තරහෙන් ඉවත ගියා ...😌
උඹ මැරුනොත් මම මහගෙට යනව කියා...💪****

දෙවන බිසව දේවිය වෙත රජු හැරුණා...
පුරුදු ප්‍රශ්නය ම ඇය වෙත යොමු කෙරුණා...
ඈ සට කපට සූ සැට මායම දැමුවා...
හොඳින් සිතා රජුට පිළිතුර සැල කෙරුණා ...

ඔබ හා හැම ගමන මා එකටම ගියෙමි...
විනෝද වූ බවත් මා හොඳ හැටි දනිමි😶
එනමුදු සොහොන ගැන ඇහුණත් බිය දැනිණි...👻😱
සොහොන ළඟට විතරක් එමි හිමි සඳුනේ...🪦****

රජු මඳ සිනාවක් පා,දේවිට ඔන්න..
බැලුවා තෙවන පතිනිය දෙස හොරැහින් ම...😇
රජු විමසන්න පෙරම ජෝතී විගසින්ම...
ඇගෙ සුමිහිරි හඬට පණ දුන්නා දැන්ම...😊

රජුනි අනෙක් බිසවුන් දෙදෙනාට ලෙස...
ඔබ මට සෙනේ නොකරන බව දනිමි මම...😔
එනමුදු මගේ ප්‍රේමය නැත කිසි අඩුව...
ඔබ හා එනව මා මේ මුලු සසර මඟ....🥺*❤️***

මිනිසෙක් වැඩිපුරම ආලෙන් රැකගන්න....
එනමුදු මැරෙන මොහොතේදිම පැනගන්න....
"ඉපයූ මිල මුදල් ධන සම්පත් ගොන්න"...
පලමු බිසව රානි ලෙස උපමා  ගන්න ......
💸*
*සොහොන ළඟට විතරක් එන්නම් කිව්ව...
සට කපටව පිළිතුර කදිමට ගෙතුව.  .
දෙවන බිසව "නෑදෑ හිත මිතුරන්ය."...
වලට පස් පිඩක් දා ඉවතට දිව්ව...
😰**

අපි කවුරුත් වැඩි සැලකිලි දෙන් නැතුව...💔
නොසලකා හැරිය ඇය තුන්වෙනි බිසව...
එනමුදු සසර අපි හා එන හැම භවය...
ඇය "අප කරපු පින් පව් වේ" දනු මිතුර....🙂**

~🌷පියූ🌷~

4 months, 3 weeks ago

...කමක් නෑ උඹ නෑ පමාවක් ...

අස්කරල ඕ ලෙවල් පොත්පත්..
වෙලා නෑ ගන්නවත් හුස්මක් ..
සයන්ස් කරනව කියා ගැම්මක්...💪😌
අරන් යන්නැති ක්ලාස් එහෙමත් ..😏

පාට පාටින් ටියුට් කන්දක්...📚
ළමයි පිරිලා දහක් දෙදහක්...
අල්ලගෙන පෝලිමක මුල්ලක් ...
උඹත් ඉන්නැති දාන් කයියක්...😝

කොහෙන්දෝ ආ මලවි හීයක්...
වැදී හිත වෙන්නැති අපායක් ....💘
ඩේටා එක්කම බැඳුණු දිවියක්...👀
උඹට උඹවම උනා නේ? අමතක්...

හිතේ දලුලපු හීන වැස්සක්...
දිනෙන් දින වියලුනා ඇත්තක්...
නිව්ටනුත් තොම්සනුත් චැඩ්වික්..
හැදුව නේ? ඔය ඔලුවෙ දෙබරක්..🐝

මේක නම් මහ කරුම වදයක් ...
තේරෙන්නෙ නෑ මෙලෝ මඟුලක්...
කොරෝනත් ඒ අස්සෙ අවුලක්..
ඔලුවෙ දෙබරෙට ගැහුවෙ පොල්ලක්...🥴

කරපු වරදට පසුතැවිල්ලක්...
ඇති ඇහේ කොන රැඳුණු කඳුලක් ....😥
කමක් නෑ උඹ නෑ පමාවක්...
දෙවියො දෙනවලු තව වතාවක් ..🥰

හදන් එක එක වරද දැන්වත් ...
පටන්ගමු අපි අලුත් ගමනක්...
මොකද බන් උඹ දිනල එනකන්...

තාමත් ....

අම්ම දොරකඩ ඇති මඟබලන්...🥺❤️

ජයවේවා !!

~🌷පියූ🌷~

4 months, 3 weeks ago

මයෙ නංගියේ උඹලට වැරදෙන්න හැකි තැන් බෝමයි.....🌷

🙊😂 කවියක් නෙවෙයි ... අවධානෙ ගන්න ඔහොම ටොපික් එක දැම්මෙ... ම්ම්ම්ම් හරි මම කියන්න යන්නෙ හැමෝම කියන දෙයක් තමා... ඒත් ඔයාලට ගන්න දෙයක් තියෙයි මේකෙන්.... කවියක් කියල හිතන් කියවන්න.... තාලෙට ගැම්මට 😜🫠

⭕️කෙල්ලනේ උඹල මහ මෝඩයි 😂😂 දැන් කියයි ඇයි අක්කෙ උඹ කෙල්ලෙක් නෙවෙයි ද කියල... හරි මාත් ඒ කුලකෙට අයිතියි....😐 මෙහෙමයි උඹල නිකමට ගෲප් එකක මැසේජ් එකක් දාල බලහන් නෝට් එකක් හරි ඉල්ලලා....😁😁 උදව් කරන්න මාර සෙට් එක්ක එනව ඉන්බොක්ස් .... මනුස්සකමට උදව් කරන අයත් ඉන්නව... ඒත් බහුතරේ වෙන වෙන ඒව බලාපොරොත්තුවෙන් තමා උදව් කරන්නෙ.... 😂🖐 උඹලත් ගොන්නෙ අනේ අහුවෙනව..... "එයා මට මාර විදිහට උදව් කරනව 🥹🥹 දෙවියෙක් වගේ" 🤣🤣 මිත්තනියගෙ  වස්ත්‍රෙ තමා....ඕඕ එහෙම අය ඉන්නව.. බහුතරේ නෑ ....
මේ උදව් කරපු එකාම උඹලට ආයෙ වදයක් වෙනව නම් උඹල මොකද කරන්නෙ ..?
එයාට දුක හිතෙයි... අයියෝ පව්... 🥹 සුයිසයිඩ් කරගයි මම මොකුත් කිව්වොත් කියල.. උඹ ඉවසන් ඉන්නවද....? 😒😒  අනේ මේ මඟුලක් කතා නොකර උඹ අකමැති උඹට වදයක් වෙන දේවල් දෙපාරක් හිතන් නැතුව ප්‍රතික්ෂේප කරන්න... බය වෙන්න එපා...  මොකද අනුන් හීට් කරන්න තමන්වම ගිනි තියා ගන්න ඕනෙ නෑ .....ඔයා ඉන්නෙ මේ හැම එකාවම සතුටු කරන්නයි... හැම එකාගෙම හිත් හදන්නයි නෙවෙයිනෙ .....😐 ඕනවට වඩා මිනිස්සුන්ට මනුස්සකම පෙන්නන්න යන්න එපා නංගි.... ඒක නිවට කමක් කරගන්නව උන් ඒකයි.... 😁 හොම්බෙන් ගියත් ගැම්මෙන් හිටහල්ල.... 💪😌
මේකිගෙ ලොකුකම මොනව තියෙනවටද කියල කියයි... කමක් නෑ මනුස්සකමට කතා කරල හිනා වෙලා කොහෙවත් නැති බාල්දි පෙරලෙනවට වඩා ඒක හොඳයි ....😏

⭕️අනිත් දේ තමන්ගෙ සීමාව ..... හැමෝම එක්ක අතේ දුරින් ඉන්න.... විශේෂෙන් මේ ශෝෂල් මීඩියා පාවිච්චි කරද්දී ....🫠 මහා ලොකු ප්‍රතිරූප මවන් හිටියට.. උඹලටත් මොකද සා වෑව් කිය කිය ඉතින් ...😁🤐
බහුතරේ ටිපි ටිප් වගේ 😂😂 හුලං විතරයි යකූ.....💔 රැවටෙන උඹල වෙනුවෙන් විනාඩියක නිස්සබ්දතාවක්....🥲 මිනිස්සු ඕනවට වඩා විස්වාස කරන්න එපා.... බැටළු හම පොරවපු වුර්කයෝ ඉන්නෙ මේකෙ ගොඩක්.....🙂

⭕️ ඔන්ලයින් අෆෙයර් ...🤣🤣ම්ම්ම්ම් ජීවිතේට දැකල නැති එකෙක්ව අම්ම තාත්තට වඩා විස්වාස කරනව...🥲 අනේ මේ හොඳට ම දන්න එවුන්වත් විස්වාස කරන්න බෑ බන්... පැදුරටත් නොකිය යන්නෙ....උඹල මේ ගැම්මට ඩීපි දාල ඇප් එකකින් හොයා ගත්ත එකෙක් කොහොමද ශුවර් කරන්නෙ.....🤡 don't be a joker 🤣
"අනී මගෙ සිරිපාල අය්ය එහෙම නෑ...🥲 අපි වෙඩින්ග් එකත් ප්ලෑන් කරල ඉන්නෙ... මගෙ පණ... උම්ම කැටේ....😁අපෙ තුන්වෙනි බබාටත් නම හිතල ඉන්නෙ 🌚 " හුම්ම්ම් ඉඳල බලහන්... මම මොකුත් කියන් නෑ 😁🤪 හොඳ අය ඉන්නව ඒත් බහුතරේ ඉතිම් උඹව විනාස කරල යනකන් දන්නෙත් නෑ😑

⭕️ කොහොම හරි එහෙම හොඳයි කියල හිතුන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්ත කියමුකො .... ඒත් නංගි ඔයා ඔයාගෙ ආත්ම ගරුත්වයට හානියක් වෙන දේවල් කරන්න එපා... මම කියන්නෙ මේ ඔයාගෙ නිරුවත් අඩ නිරුවත් ඡායාරූප උට යවන්න එපා ඇඟට ආදරේ කරන උන්ව විස්වාස කරන්න පුලුවන් ද බන්... හරි උඹ දැන් ලස්සනට ඉන්නව.... තව ටික කාලෙකින් මොකක් හරි අසනීපයක් හැදිල  ඔය ලස්සන කොන්ඩෙ ගිහින්.... ලස්සන පාට නැති වෙලා... මුලු ඇඟම වැහැරීලා ගියොත් එතකොටත් ඒ මනුස්සය උඹට ආදරේ කරයිද? ආ? එලදෙනක් වෙන්න එපා 🙂 😁😂 ආදරෙයි වල්කමුයි පටල ගන්න එපා... හදිස්සියෙ හරි ඔය අෆෙයර් එක නතර උනු දාට එයා ඔයාට තර්ජනේ කරන්න උනත් බැරි කමක් නෑ ඔය 4ටෝ ටික වීඩියෝස් ටික ලීක් කරන්ව කියල...හදපු අම්ම අප්පච්චිට මොනව හිතෙයි ද....🌚🌚🌚 ම්ම්ම්ම්ම් දැන් බය හිතෙනව නේද .... ආන්න ඒ බය තියාගනින් දැලි පිහියෙන් කිරි කද්දි 😑😒

ආදරේ ගැන  ලියන් නෑ මම 😂 ඒත් උඹල ඔය හිතන් ඉන්න එක නම් නෙවෙයි ආදරේ කියන්නෙ..... ආදරේ හොයන් යන්න එපා යකූ...ඊට පස්සෙ ආදරේ නාමෙන් තමන්ගෙ ආශාවන් ටික ඉශ්ට කරගන්න එකෙක්ට අහු වෙලා විනාස වෙලා කෝච්චි වලටත් එක්ක බෙල්ල තියන්නෙ...💔 ආදරේ කරන එකෙක් කවදාවත් උඹව අපහසුතාවට පත් වෙන දේවල් කරන්න කියල බල කරන් නෑ....අනික මේ වදයක් වෙන්නෙත් නෑ...අනික උඹ ව දෙකේ කොලේට දාල සවුත්තු කරන්නෙත් නෑ...ඔයාට ගරු කරයි එයා....🫠  ඒ නිසා මොළේ කල්පනා කරල වැඩ කරන්න....

තමන් තමන්ට ආදරේ කරන්න ❤️ කවුරු නැතත් මට මන් ඉන්නව කියන විස්වාසෙන් ඉන්න.....ඔයා දුර්වලයි කියල දැනගත්තොත් ඕන කෙනෙක්ට ලේසියි ඔයාගෙන් ප්‍රයෝජන ගන්න... ඒ නිසා තමන්ගෙ ජීවිතේ යතුර තමන් ළඟ තියාගන්න... ඒක වෙන කෙනෙක්ට දීල ඔයාව නැති කරල දානකන් 🙂 බයිසන් එලදෙනක් වගේ උඩ බලන් ඉන්න එපා🤣****

"උඹ ... බන් කිය කිය කතා කරේ දැනෙන්නෙ එතකොට ඔයාලට .... තරහකට කිව්ව නෙවෙයි නංගිලා...කනට ගැහුව වගේ දැනුනට කමක් නෑ.... එක්කනෙක් හරි හැදුනොත් ඇති....😊❤️මේක හැමෝටම අදාළ නෑ.. ඔන්න මම ආයෙමත් කිව්ව.....😁 ඒ නිසා තොප්පි දාගන්න එපා බොරුවට ...😌

ඒත් තේරුම් ගන්නෙ නැත්තම් 😁😁😁

මියුසික්...

දිල්වාලෙ පුචුනේ ලගාආආආආආ .... ආආආආආආ....🌚

~🌷පියූ🌷~

5 months ago

**උඹ කොච්චර නම් ප්‍රතික්ෂේප වෙලා ඇතිද ?

පොඩ්ඩක් හිතලා බලපන්
කොච්චර නම් එක එක අයගේ පස්සෙන් ගිහින් ඇතිද
රැයක් දවාලක් නැතුව නැහිලා ඇතිද
ඇස් තෙමිලා ඉදිමෙනකම් අඩලා ඇතිද

ඒත කවදාවත් ඒ වට්ටපු කදුලු වලට
කරපු කැප කීරීම් වලට
වැය කරපු කාලයට
ඒ මිනිස්සු වටිනාකමක් දුන්නද

නෑ නේද..

මොකක් හරි කියලා හරි අපූරුවට ශේප් වෙලා ගියා නේද
කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව
ඔහේ තනි කරලා යන්න ගියා නේද

ඒ වෙලාවට කලේ කොහේට හරි වෙලා
මනෝපාරක් ගහගෙන බලාගත්තු අත බලාගෙන ජීවිතේ ගෙව්වා නේද..

උඹම හිතපන් උඹ වටිනාකමක් දෙන්න හැදුවෙම නොවටිනා මිනිස්සුන්ට නේද
උඹ කාලෙ වැය කලේම ඒ මිනිස්සු වෙනුවෙන් නේද

තාමත් කරන්න හදන්නෙම ඒ දේද..

නැගිටපන් ඔය ඉන්න තැනෙන්

දාලා ගිය මිනිස්සු උඹ දිහා බලලා හූල්ලනවා දකින්න
උඹේ සතුට දැකලා ආයෙත් උඹව හොයාගෙන එනවා දකින්න

පලයන් ආන් වසන්තය අත වනනවා
ඉඩෝරයට උණ ගැනෙන්න නැගිටපන්.........

🍃 @motivation 🍃**

5 months, 1 week ago

'

ඔහොම හිටු ඔය බෝක්කුව ළඟ මොනවදෝ තෝ හොයන්නේ...🤨
රෑ දෙරෑ මැද වැඩ නැද්ද වෙන පාරවල් වල ලගින්නේ...
උඹ ද එහෙනම් ගමේ කුඩු බිස්නස් එකට අත පොවන්නේ..
අද කඩනවා අඬු මමයි සාජන් සුරන්ජිත් කියන්නේ .....😡

අනේ නෑ ස' වැරදි වැටහීමකුයි ඇති වී තියෙන්නේ ....😳
තේ කුඩුත් නැති අපිට මොන කුඩු බිස්නස්ද ස' කියන්නේ...😱
අම්මගෙ බෙහෙත් ටික ඩබල් ගානකි ගන්න සල්ලිත් මදිවුනේ.
තෙල් පෝලිමේ කුලියකට ඉඳලා දාහක් හොයාගෙන එන්නෙ මේ..

උදේ කහටත් තිබ්බෙ නෑ ස' බඩගින්නෙමයි පෝලිමෙ ගියේ.
ලොකු, නෝනලා දන්සලක් තියලා දුන්න එක වඩයක් අනේ.
එකම වඩයට වීඩියෝ නම් දහස් ගාණක් ගත්තනේ...📸
අර තාත්තෙක් මිය ගියෙත් අද මම හිටපු තෙල් පෝලිමේ ...

පෝලිමේ නම් අඩුවක්ම නෑ පැය ගණන් එක තැනමනේ...
ඕ.අයි.සීගෙ නංගිලා වගයක් ඇවිත් පෝලිම පැන්නනේ...
මට ඕවගෙන් වැඩක් නෑ උඹෙ විස්තරයි ඕනෑ උනේ...😡
බෝක්කුව ළඟ දණ ගහන් උඹ හෙව්වෙ මොනවද බයකිනේ
?

ඒ ලෙවල් මැත්ස් කරන්නේ මං මේ සෙකන්ඩ් ශයි එක මගේ..
පන්සලෙ ගලේ සිග්නලුත් පාවී, කෙලවුනා ෆස්ට් ශයි උපරිමේ ..
මොනවා උනත් හීනය ඉන්ජෙකුයි, ලොකු කුළුණු හැදුමට නම් නොවේ...🌷
මර බයෙන් පීනා ඉස්කෝලෙ යන උන්ට පාලම දෙන්නනේ..🐊

මගේ නංගිත් ආස දොස්තර වෙන්නමයි නුදුරේ දිනේ ...
කාර් පර්මිට් ගන්නවත් වර්ජන කරන්නටවත් නොවේ ....
තාත්තත් පරලොව ගියේ වකුගඩු අමාරුව හැදිලනේ...
ඒකිගේ හීනේ ගමට පිරිසිදු දිය බිඳක්වත් දෙන්නනේ...😊

රටේ වෙන දේ දැක්කාම ස' හිතේ ගිනි ඇවිලෙනවනේ...
එදා වේලට පොර කද්දි මඟ ඇරුන මුවදොර අරගලේ...
ඇත්තටම අරගලේ ඇත්තේ අම්මගේ මැටි කුස්සියේ ...
එක රොටිය තුනකට කඩල අපි කෑවේ ඊයේ දහවලේ...

එදා අපිටත් සමෘද්ධිය කපනවා කිව්වා ලිස්ට් එකේ...
ඒත් ඒ වෙනුවෙන් ගිහින් පාවලා දුන් නෑ අරගලේ ...💪
කතාවෙන් කාලය ගිහින් ස' දැන් ඒවි අන්තිම ලංගමේ...
යන්ට නම් වෙන්නේ ඉතින් අපි දෙන්නටම පා පුවරුවේ ...
😂****

අම්ම මම එනකන් බලන් ඇති කරන්ට් නැති අලි වැට ළඟේ ...
කන්දෙ දෙවියනි වහන් කරපන් අම්ම තනියගෙ දෑසිනේ..🐘
ඉදිරි සති දෙක ආයෙමත් හරි අමාරුලු ස' දැක්කනේ.....😏*
අපේ එළවළු විකිනෙන්නෙ නෑ සර්ලත් පැළ හදලනේ..
😜***

උඹෙ කතා ටික ඇත්ත කොල්ලෝ අපි සැවොම එක ඔරුවෙනේ...😓
උඹලගෙයි මාගෙයි වෙනස මේ යුනිෆෝම් එක විතරනේ...
උඹට මොකටද බොරු කියන්නේ මටත් මහමෙර ප්‍රශ්නනේ.
.
වැස්සකට පෙර ගෙදර යමු බන් සපත්තුවෙ හිල් බෝමනේ....

ඒත් තවමත් අහපු දේකට උඹ දුන්නෙ නෑ උත්තරේ ...
බෝක්කුව ළඟ නැමීගෙන උඹ හෙව්වෙ මොනවද අඬමිනේ
...?
මෙතැනට ඇවිල්ලයි බැලුවෙ ඇතිදැයි සල්ලි යන්නට බස් එකේ.... 😶
කාසි හොයමින් මුලු පර්ස් එක පීරුවා මම විගසිනේ...

යන්තමට බස් එකේ යන්නට කාසි ඇතිවෙයි මයෙ හිතේ...
ඒත් පර්ස් එකෙ තිබී වැටුණා වටිනාම සම්පත මගේ....😢

අයිඩින්ටියද පුතා? ඉන්ට හොයමු අපි...
ඒක විතරයි මේ රටේ හැමෝටම එකම විදිහට හම්බෙලා තියෙන්නෙ කොල්ලො🥲**

නෑ සර් මගෙ ෆ්‍රී කාඩ් එක හෙට උදේ කෙමි පන්තියේ...😭

~🌷පියූ🌷~

5 months, 1 week ago

**ඔයාලාට පොඩි බඩ්ඩක් කියන්නද..මේක කියන්නෙ මං නෙවෙයි..AL හොඳට ගොඩදාගත්තු එහෙම අයව ආශ්‍රය කරපු AL ඇණ ගත්තු අයවත් ආශ්‍රය කරපු සමාජය ගැන හොඳට දන්න උපදේශයක් ගන්න සුදුසු ආකාරයේ වැඩිහිටියො තමයි මේ කතාව කියන්නෙ..සමහරවිට ඔයාලා කලින් මේක අහලත් ඇති..අහලා නැති අයත් අදවත් අහලා දැනගන්න

AL කියන්නෙ මහ අමුතු විභාගයක්..AL ඇණගන්න හැමෝම ජීවිතේ ඇණ ගන්නෙ නෑ.. හැබැයි Doctor කෙනෙක් වෙන්න හීන මවන අපිට AL ඇණගෙන ඒ හීනෙට යන්න බෑ..

AL සුපිරියටම ගොඩ දාගන්න තියෙන්න ඕනි පළවෙනිම දේ තමයි කැපවීම..ඒ කියන්නෙ මහන්සි වෙලා පාඩම් වැඩ කිරීම , ගොඩාක් පේපර්ස් කිරීම..ඒ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ අපි දන්නවනේ කරන්න කම්මැලි වුණාට..

ඒ කැපවීම වගේම දන්නවද AL කියන්නෙ පිං පලදෙන විභාගයක්..කොච්චර කැපවුණත් එහෙම කැපවෙන්න හිතෙන්නත් ඒ කැපවීම පවත්වාගෙන යන්නත් වාසනාවත් ටිකක් තියෙන්න ඕනි.. සමහර අය සයන්ස් කරනවා කියලා ඒක ඉහ මුදුනෙ තියාගෙන මොළේ කචල් කරන් ඉන්නවා..මං දන්නෑ මේකෙත් එහෙම රොබෝලා ඉන්නවද එයාලා මේකට එකඟ වෙයිද නැද්ද කියලා..ඒත් මේක අත්දැකීමෙන් ඇත්ත..

ඔයාලා දෙවියො විශ්වාස කරනවද නැද්ද මං දන්නෑ .. මාත් ලොකුවට විශ්වාස කරන්නෑ.. හැබැයි මං විශ්වාස කරනවා මේ ලෝකේ පිං පව් කියලා දෙයක් හොඳ නරක කියලා දෙයක් තියෙනවා..ඒ වගේම ඒවෑ විපාක ලැබෙනවා ( නිව්ටන් සීයාගේ තුන්වෙනි නියමය අනුව ) ඉතින් කැපවීම වගේම මේ කාලේ හොඳ පුරුදුත් පුරුදු වෙන්න

ඉස්පිරිතාලෙක ඉන්න බොහොම වැදගත් රෝගීන්ට කරුණාවන්ත වෛද්‍යවරයෙක්ගෙන් ගිහින් අහලා බලන්න ඔය දේවල් .. එයාලාත් එකඟ වේවි අනිවාර්‍යෙන්ම .. මොකද සයන්ස් කරන ඇතැම් AL ළමයි ඔලු උදුම්මවගෙන නරක් කරගෙන හිටියට ඊට වඩා හොඳ අධ්‍යාපනයක් සහ අත්දැකීම් ලබපු මිනිස්සු ඇත්ත තත්වය දන්නවා..

විභාගෙ ළංවෙලා දේවාල ගාණෙ මහා ගොඩාක් සෙනඟ පිරෙන ලොකූ විහාර ගාණෙ පළතුරු වට්ටි උස්සගෙන දුවන්න කලින් දැන් ඉඳන් ඉස්සල්ලම ගෙදර තමන්ගෙ ආගම අදහන්න.. සරලව සැහැල්ලුවෙන් ඒ දේවල් සතුටින් කරන්න.. මොන ආගමේ වුණත් පොඩි භාවනාවක් ( මෛත්‍රී භාවනාව වගේ එකක් කාටත් කරන්න පුලුවන්නෙ ) කරලා හිත ලස්සනට තියාගන්න .. එහෙම ජීවිත හරි ලස්සනයි..ඇත්තටම ලස්සනයි..

පුලුවන් තරම් යාලුවන්ට ඉගෙනගන්න උදව් කරන්න ..ඉත්තෑවෙක් වෙලා තමන්ගෙ වැඩ නවත්තලා අනුන්ට කරන්න යන්න එපා ඉතින් පිස්සෙක් වගේ.. ඒත් පුලුවන් විදිහට උදව් කරන්න ..

දෙමව්පියන්ට , ගුරුවරුන්ට , තමන් ඉගෙනගන්න විශයන්ට ඒ වගේම වෙනත් විශයන්ටත් ගරු කරන්න .. තමන්ගෙ විශයට ආදරය කරන්න.. කරුණාවන්ත හොඳ මහන්සි වෙලා පාඩම් කරන ඒ වගේම සතුටින් ඉන්න සිරිමත් වගේ ඩයල් එකක් වෙන්න.. විශේශයෙන්ම අනාගතේදි අසරණ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක වැඩ කරන ඩොක්ට කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් අනිවාර්‍යෙන්ම එහෙම වෙන එක හොඳයි..

එහෙනං ඉතින් හොඳ ළමයි හැමෝටම Good luck වේවා.. දැන් ගිහින් පාඩම් වැඩ කරන්න .. 🌷🌷❤️❤️

- 🦉🦉🦉copied -**

1 year, 1 month ago

**අම්ම කෙනෙකුට මොකටද දවසක්..."

අම්ම කියන්නෙම සසරක්....❤️‍🩹#happy mothers day**

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 11 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 3 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago