Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Wings for love 🧚✨️

Description
Welcome 🧚✨️

🧚 ජීවිතය ගැන , ආදරය ගැන වෙනස් විදිහට හිතන්න , දකින්න.
අපිත් සමග එකතු වෙන්න.

✨️ Our telegram channel
https://t.me/Wings_for_love

✨ Cɾσʂʂ Pɾσɱσƚισɳ - @Wings_for_lovee
✨️ඔබේ නිර්මාණ එවන්න- @Dewmi_Tharu
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

7 months, 2 weeks ago

කර්මය අනුව ,

ජීවිතේ විදීම් , විදවීම් දෙකටම මුහුන දෙන්න වෙනවා...

ඒකයි යථාර්තය...

..මලී🖋 ...

7 months, 2 weeks ago

කියන්න කෙනෙක් නැති වුණහම මිනිස්සු ලියන්න පුරුදු වෙනවා..!

ලියන්න ඇබ්බැහි වුණහම කාටවත් නොකියන්න පුරුදු වෙනවා..!

කාටවත් නොකියන්න බැරි වුණහම තනි වෙන්න බලනවා..!

තනිකමට ඇබ්බැහි වුණහම හුදෙකලාවට ආදරය කරනවා..!

🙂❤‍🩹

- Niපූ -

7 months, 2 weeks ago

අපි ළඟ ආදරෙන් ඉන්න කෙනාගෙ දියුණුව වෙනුවෙන් , සාර්ථකත්වෙ වෙනුවෙන් අපිට කැපවීම් කරන්න සිදු වෙනව සමහරවිට හිතලම ඈත් වෙන්න වෙනව...
වේදනාව දරාගන්න වෙන්නව
පාළුව තනිකම දරාගන්න වෙනව

හැබැයී එ සේරම දරාගෙන එයා එක්කම ඉන්න එකයී කැප කිරීම කියන්නෙ ඒකමයී..... ❤️🥺

7 months, 3 weeks ago

දුකින් හිටපු හැම වෙලේම මං කරේ සිංදුවක් අහන එක..! 🥺🥀

සමහර සිංදු හරියට අපිටම ලියවිච්ච ඒවා වගේ..🙂

ඇත්තටම සිංදු කියන්නෙම මායාවක් , භාවනාවක් !

මොකද ,

සිංදුවලට පුලුවන්...! 🎧

හිත් සනසන්න , 💆‍♀️

මූණට හිනාවක් ගේන්න , 😊

පරණ මතක අවුස්සන්න , 😔

වචන අස්සෙන් අතීතයට
එක්කන් යන්න , 😮‍💨

ඇහෙන් කඳුළු කැට වට්ටවන්න , 🥹

මනෝ ලෝකෙක අතරමං කරන්න , 😇

බිඳුණු හිත් පිළිසකර කරන්න , ❤️‍🩹

ගල් හදවතක් මෙළෙක් කරන්න , 🤍

ඉතින් ,

දුකේදී වගේම සතුටෙදිත්

සිංදු හරි පුදුම මායාවන් කරාවි...!

🎧👌🙃

- Niපූ -

7 months, 3 weeks ago

සරලකම...

ඒක කිව්ව ගමන් ඔයාට මුලු ඇගම වැහෙන්න දිග ගවුමක් ඇදපු තනි කොන්ඩයක් ගොතපු අහින්සක girl කෙනෙක් මතක් උනාද?

එහෙම නැත්තන් ශෝටක් ඇදලා බාට දෙකක් දාපු boy කෙනෙක් මතක් උනාද?

ඇත්තටම ඒකද ලමයි සරලකම කියන්නේ....

කෙල්ලෙක් ඩෙනිමක් ඇදල ක්‍රොප් ටොප් එකක් දැම්මොත් සරල වෙන්නැද්ද?

කොල්ලෙක් හොද ත්‍රව්සර් එකක් ඇදල කෝට් එකක් දැම්මොත් සරල වෙන්නැද්ද?

සරලකම කියන්නෙ දුප්පත්කමද?

ඇදුමෙන් මනුස්සයෙක්ගෙ සරලකම ඇත්තටම මනින්න පුලුවන්ද ?

මං දෙයක් කියන්නද ...

ඕනම කෙනෙක් ඇදුම් අදින්නෙ හොද බ්‍රෑන්ඩඩ් දේවල් යූස් කරන්නෙ හොද වාහනයක් ගන්නෙ ලස්සන ගෙයක් ගහන්නෙ තමන්ට තියන වත්කම එහෙම නැත්තන් තියෙන මුදල් ප්‍රමානේ අනුවනේ...

අපිට සල්ලි තියෙනවනම් අපි ඕනම කැමති ඇදුමක් ඇදල බ්‍රෑන්ඩඩ් දේවල් යූස් කරල හොද වාහනයක් අරන් ඉන්න පුලුවන්නෙ නේද ?

එතකොට කෙනෙක් හොදට අදින එක සරලකම වෙන්නෙ නැද්ද ?

ලමය් අපේ සමාජ මට්ටම් එකිනෙකා අනුව වෙනස් වෙනව ඒකනෙ ඇත්ත...

ඒත් එක්ක අපි කන කෑම බීම යන එන තැන් අදින පලදින විදිහ වෙනස් වෙන්න පුලුවන්...

ඇත්තටම මං දකින විදිහට සරලකම තියෙන්නෙ අදින ඇදුමෙවත් කන කෑමෙවත් ඉන්නේ පොල් අතු පැලකද කියන එකේවත් නෙවේ..

ඇත්තම සරලකම කියන්නේ...
කිසිම දෙයක් නැතුව ජීවත් වෙන එක නෙවේ ලමයි.
සරලකම කියන්නෙ අපිට මොන දේවල් තිබුනත් නිහතමානීව ජීවත් වෙන එකටයි...

මං කවදාවත් හිතන්නෑ අපි අදින ඇදුම් පැලදුම් සරලකමට බලපායි කියල...

සරලකම තියෙන්න ඕනේ හදවතේ ❤️

අපි සරලයිනම් අපි තව කෙනෙක් ගැන නිහතමානි වෙන්න ඕනේ...
තව කෙනෙක්ගෙ දුකක් ඉදිරියේ අපේ හිතත් උනු වෙන්න ඕනේ...

නැතුව එක එක සමාජ මට්ටම් වලට අනුව එක එක්කෙනා හදාගත්ත සරලකම කියන්නෙ

කොටට අදින එක නෙවෙයි , බ්‍රෑන්ඩඩ් දේවල් යූස් කරන එක නෙවෙයි , ආස ආස දේවල් කරන එක නෙවෙයි කියල කියන තැන මමනම් නෑ ලමයී...

මොන දේවල් තිබ්බත් ඔයා නිහතමානීනම් තව කෙනෙක්ගෙ දුකක් කරදරයක් ඔයාට දැනෙනවනම් ඔයාගෙ හදවත ඒ දේවල් ඉදිරියේ සංවේදි වෙනවනම් මට අනුව ඔයා පට්ටම සරලයි .
එච්චරයි.☺️❤️

...මලී🖋 ...

7 months, 3 weeks ago

පාලුවට කවුරුත්ම නෑලු
මන්ද ගොඩක් අදුරුයිලු
දිලිසි දිලිසි හිටපු නුඹ
තරුවක් නෙමෙයිලු

ඉතින් සද තනිවෙලාලු

මීට ´
හාවා 🐇

8 months ago

🧘එහෙම නැතිනම් මේ ගැහැණු පිරිමි අතර පවතින ස්වභාවය මේ ගැටුම සදහා හේතුවදැයි විමසා බැලිය යුතුය..

🧘කොහොම නමුත් මා මුලදී පැවසුවා සේ ,, අපි අනෙකාගෙන් බලාපොරොත්තු වන ආදරය අපිට නොලැබෙන්න පුලුවන් ,, නමුත් එයින් අදහස් කරන්න බැහැ ඔහු ඇය අපිට ආදරය නැහැ හෝ අපි පිළිබඳව හැඟීමක් ඔහුට ඇයට නැහැ කියලා ..

🧘ඒ වගේම තමන් කරන ආදරය අනෙකාට දැණෙන්නේ නැතිනම් එයත් ගැටලුවක් විය හැකි බව.

🧘අනෙකාගේ විදිය ස්වභාවය ඔහු ඇය කටයුතු කරන විදිය තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම සහ නොගැලපෙන තැන් ගලපා ගැනීම දරා ගැනීම ප්‍රගුණ කරන්න පුලුවන් නම් ඔය සමහර ලොකු ලොකු ගැටලු ඉතාම සාමාන්‍ය දේවල් වෙන්න පුලුවන් ...

Kasun Rajapaksha
මනෝ උපදේශක...

8 months ago

ඔබ බලාපොරොත්තු වෙන ආදරය ➡️
සහ ඔබට ලැබෙන ආදරය දෙකක් වෙන්න පුලුවන්,,

ඒ වගේම තමයි ඔබ කරන ආදරය ➡️
සහ අනෙකා ඔබෙන් බලාපොරොත්තු වන ආදරය දෙකක් වෙන්න පුලුවන්.

🆗➡️මට අනුව නම් මේ ලෝකේ ආදර සම්බන්ධතා වල ප්‍රේම සම්බන්ධතා වල විවාහ සම්බන්ධතා වල සහ දූ දරු සම්බන්ධතාවල ගැටුම් ගැටලු ඇති වෙන්න ප්‍රධාන හේතුව ඔන්න ඕක..

ඔන්න ඔය වෙනස දෙපාර්ශවයම තේරුම් නොගැනීම...

🚺මේ මම ළගට ආපු සේවාලාභිනියක් සහ ඇයගේ සැමියා කියපු කතාවක්...

➡️🆗සේවාලාභිනිය.. මෙහෙම කියනවා..

🚺මට මම වැඩ කරන ස්ථානයේ ඉදලා වෙනත් සේවා ස්ථානයකට ස්ඛාන මාරුවක් ලැබුණා, ඒ්ක හරිම දුෂ්කර පළාතක්, යන්න එන්න හරියට පාරක් නැති පැය ගණනක් ගමණක් ඇති එකක් ,, ඉතින් මම මේ ගැන මගේ ස්වාමිපුරුෂයා සමඟ කිව්වා,,

😳එයා ගත් කටටම කිව්වේ මොකක්ද දන්නවද ?

ආ ඕක මොකක්ද ඔයා යන්න එතනට ස්ථාන මාරු වෙලා යන්න ගිහිල්ල එහේ නිල නිවාසයක නතර වෙන්න , සති අන්තයේ ඔයාට මෙහේ එන්න පුලුවන් නේ,,,

🚺ඇත්තටම මම බලාපොරොත්තු උනේ එයාගෙන් ඒ වගේ උත්තරයක් නෙවෙයි,, මම හිතුවේ එයා මෙහෙම කියයි කියලා, සහ එයා මට ඇත්තටම ආදරෙයි නම් කියන්න ඕන මෙහෙම,

🤷🚺ඔයා ඒ අලුත් ස්ථාන මාරුව Reject කරන්න , ඒ තැනට යන්න බැහැ කියන්න , ඔයා ගිහිල්ල කොහොමද? මම එතකොට තනියම නේ, අනික ඔයා නැතුව මම කොහොමද දවස් පහක් මේ බංගලාවේ තනියම ඉන්නෙ,, ඔය රස්සාව නැති වෙලා ගියත් කමක් නැහැ ඔයා ඒකට යන්න එපා , රස්සාව නැති උනත් මට පුලුවන් ඔයාගෙ අඩුපාඩු පිරිමහලා ඔයාව බලා ගන්න , ඒක නිසා ඔයා රස්සාව දමලා ගහලා ගෙදර ඉන්න ඕක වෙනස් කර ගන්න බැරි උනොත්...

ඇය තවදුරටත් මෙහෙම කියනවා,,

🆗ඇත්තටම බොරුවට හරි එහෙම කියන්න ඕන නේ Mr කසුන්,, මට ආදරෙයි නම්,,

🚺🤷එතකොට මෙයා මාව marry කරේ මම ඉහළ රැකියාවක් කරන නිසා විතරද,, ඒකද මෙච්චර අමාරුවෙන් මාව මේ transfer යවන්න හදන්නේ, ඒ කරලා රස්සාව බේර ගන්න හදන්නේ..

🤷අනික අපි විවාහ වෙලා බොහොම ටික කාලයයි,, ඉතින් අපි එකට ඉන්න ඕන කාලයේ ඇයි මේ විදියට එයා මාව දුරකට යවන්න හදන්නේ..

එතකොට එයාට ඇතිද මම සති අන්තයේ විතරක් ඉන්න එක, මම තනියම එහේ නැවතිලා ඉන්නවට එයා කැමැතිද..

ඉන් අනතුරුව මම මෙම සේවාලාභිණියගේ සැමියාගෙන් මේ ගැන විමසුවා..

🤔👇ඔහු කිව්වේ මෙහෙම කතාවක්..

🚹ඇත්තටම ඇයට ලැබුණු ස්ථාන මාරුවට මමත් කැමැති නැහැ ,,ඇය නැතුව තනියම සිටීම ඉතාම අපහසුයි මට,

🚹නමුත් ඒ transfer එක අනිවාර්යයෙන් එයා accept කරන්න ඕන , මොකද ඒක තමයි එයාලගේ රැකියාවේ විදිය, ඉතින් ඔබ හිතන්න මමත් ඒ වෙලාවේ ඔයා යන්න එපා මොනවා හරි settlement එකක් කර ගන්න බලන්න ඔයා යනවට මම කැමැති නැහැ කිව්ව නම් ඇය තවත් මානසිකව දුර්වල වෙනවා,,,

🚹අනික මගේ wife මේ රැකියාව කරන්නේ ගොඩාක් කැමැත්තෙන් සහ මේ රැකියාවෙන් අපිට ලොකු වැටුපක් එනවා ,, එතකොට අපි ණය වෙලා තියනවා, ඒ ණය ගෙවාගෙන වාහන වල වාරික ගෙවාගෙන, කාලා බීලා අපේ තත්වයට අනුව ජීවත් වෙන්න මගේ salary එක ප්‍රමාණවත් නැහැ, ඒක නිසා ඇයගේ රැකියාව රැක ගැනීම මගෙත් වගකීමක්,, එහෙම නොවුණොත් ඒක අපි දෙන්නගෙම අනාගතයට ගැටලුවක්,, අනෙක් කාරණය තමයි ඇයට මේ transfer එක ලැබුණේ premonition එකකුත් එක්ක එයින් ඇගේ වැටුපත් ඉහළ යනවා,, ඉතින් ඒක අපේ පවුලට ලොකු හයියක්,,

🚹මේ දේවල් ගැන හිතලා ඇයට ආත්ම ශක්තිය ලබා දීමේ අරමුණෙන් තමයි මම අරම කිව්වේ , ඔයා යන්න අපිට මේ වෙලාවේ වැදගත් රැකියාව, අනික හැම සති අන්තයේම අපිට එකට ජීවත් ඉන්න පුලුවන්,,

🚹අනික මම දන්නවා ඇය මේ transfer එක accept කරනවා මොකද ඇය ඕනම දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ල උනත් මේ රැකියාව කරන්න කැමැති වෙන තරමට මේ රැකියාවට ආදරෙයි,,

🚹අන්න ඒ ඇයගේ ස්වාභාවය ⁣දන්න නිසයි මම අරම කිව්වේ ,, ඇත්තටම මටත් ඇය නැතුව තනියම සිටීම අපහසුයි.. මොකද අපි විවාහ ⁣වෙලා තවම ටික කාලයයි,,

🚹මම කටයුතු කරේ ඇත්තටම කරන්න ඕන සහ කරන්න සිද්ද වෙන දේ හරියට කරන්න ඇයව දිරිමත් කරන්න ඕන දේවල් මගේ පැත්තෙන්,, නමුත් ඒක අවසානයේ ලොකු ගැටමක් වෙලා ⁣wife කියනවා මට එයාව නැතුව ඉන්න පුලුවන් නිසාලා මම එහෙම කියන්නේ කියලා,, ඉතින් මටනම් තේරෙන්නෙ නැහැ මෙයාට මේක කොහොම පැහැදිලි කරන්නද කියලා...

🧘ඉතින් මේ කතාව ඇහුවම මට තේරුම් ගියේ මොවුන් එකිනෙකාට ආදරය කරුණාව සෙනෙහස නොදක්වනවා නොවේ,,

🚹🚺නමුත් මෙහි බිරිදට සැමියාගේ ආදරය තේරුම් ගැනීමට නොහැකි වීමත්, මෙහි සැමියාට තමන්ගේ බිරිද තමන්ගෙන් ආදරය බලාපොරොත්තු වෙන ආකාරය තේරුම් ගැනීමට හැකියාව නොමැති වීමත් නිසා මේ ගැටලුව ඇති වී ඇති බවයි..

🚹🚺මෙහිදී ගැහැණු පිරිමි අතර පවතින ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සහ ආකල්ප, පෞරුෂයේ වෙනස්කම් නොගැලපීම් මනාව මතු වී තිබේ.. ඒ පිළිබඳව ඔවුන්ට වැටහීමක් නැත..

🧘ඉතින් මෙම සැමියා තමන් දන්නේ තමන් විශ්වාස කරන ආදරය ඇය වෙත දක්වන අතර බිරිද තමන් අත්විදීමට ආසා කරන ආදරය ඔහුගෙන් බලාපොරොත්තු වේ..

🧘අවසානයේදී මේ දෙදෙනාම වැරද්දක් කරනවාද එසේ නොමැති නම් දෙදෙනාම නිවැරදිද යන්න ගැටලුව මතු වේ..

8 months ago

ඔව් මං බොරුකාරියෙක්...

මං හුගක් දේවල් හිනාවෙන් හංගන් හිටපු නිසා..

සමහර කතා මගේ හිතේම තියාගත්ත නිසා...

මං තරම් හිත ඇතුලෙ සමහර දේවල් හංගන් හිනා උන කෙනෙක් ඉන්නවද දන්නෑ...

එච්චරටම මගේ හිත හයියයි මගේ වේදනාව හිනාවෙන් එලියට දාන්න...

ඔව් මං ශක්තිමත්
හැබැයි හැමදාටම නෙවේ
තව පොඩි කාලෙකට....😊❤️

...මලී🖋 ...

8 months, 1 week ago

හැගීම් පවා කල් ඉකුත් වෙනවා...

ඒවට වටිනාකමක් නැති උනාම...🙂❤️

...මලී🖋 ...

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago