ልиσтє¢нᵠ 👾🇱🇰

Description
ልиσтє¢нᵠ 👾🇱🇰

𝘞𝘦𝘭𝘤𝘰𝘮𝘦 𝘵𝘰 𝙄𝙣𝙛𝙞𝙣𝙞𝙩𝙮 . . . シ︎ 𝘠𝘰𝘶 𝘩𝘢𝘷𝘦𝘯'𝘵 𝘴𝘦𝘦𝘯 𝘪𝘵 𝘺𝘦𝘵 ♨️

🗿 𝗟𝗼𝗴𝘀 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : @AnotechLogs
🎓 𝗙𝗼𝗿𝘂𝗺 : @AnotechForum

.
.
.
.
.

#ᴀɴᴏᴛᴇᴄʜ #ʟᴋ | sɪɴᴄᴇ 2021 👽
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

1 year, 3 months ago
1 year, 3 months ago

Done ??

1 year, 3 months ago

වානරයාගෙ ගනනය කිරීමෙ ආශාවෙන් ආරම්භ වූ පරිගනක සංකල්පය මේ වෙනකොට ලෝකයේ හැම ක්ශේත්‍රයකම භාවිතා වෙනවා. මම හිතනවා ඔයා මේකෙන් අලුත් දෙයක් ඉගනගන්න ඇති කියලා. වර්තමානයේ ඇති පරිගනක ප්‍රමානය අනුව , තාක්ශනය අනුව etc. මේ වගේ එක එක කාරනා යටතේ බෙදලා වෙන් කරන්න පුලුවන්. අනාගත ලෝකයේ පරිගනක Artificial intelligence , Quantum physics , Moleculer science , Nanotechnology වැනි ක්ශේත්‍ර මගින් පෝශනය් වෙමින් ලෝකය වෙනත් දිශාවකට ගෙනයාවි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන් අපිට.

.

**? Description :** Thank you for reading this article. My name is Prabhaswara, I am still a student. If you found mistakes in this article. You can tell me that.

*⁉️* I would especially like to say. If you are a student, don't write the things in this in the exam.

? Telegra.ph : https://telegra.ph/History-of-the-Computer-10-08 *? More details :*?https://www.javatpoint.com/history-of-computer ?https://www.livescience.com/20718-computer-history.html ?https://www.computerhistory.org/timeline/computers/ ?https://homepage.cs.uri.edu/faculty/wolfe/book/Readings/Reading03.htm ?https://www.britannica.com/technology/computer ?https://www.geeksforgeeks.org/history-of-computers/? Credit :**- Chatgpt
- Google
- Google Bard
- Youtube
- National Museums Scotland
- GeeksforGeeks
- Javatpoint
- Beyondcurie
- Ravindu Bandaranayeka sir's Tute
.
.
.

*?*? Please react & comment to post "/

?Post by : @wkrprabaShwara ???

================================

Join our channel : @AnotechOfficial Join or group : @AnotechDis3#history#computer#tech#old Copyright ©️ 2023** ልиσтє¢нᵠ ?*??***

1 year, 3 months ago

හොදයි අපිට මේ යුගයේ පරිගනක වල පරිනාමය ගැන තව දුරටත් කතා කරනවනම්, Grace Hopper විසින් වැඩසටහන් නිර්මානය කරපු UNIVAC (Universal Automatic Computer) පරිගනකය, දෙවන ලෝක යුද්ද සමයේ Alan Turing විසින් නිර්මානය කල Bombe machine නම් පරිගනකය, ලෝකයුද්ධයේ සතුරු පාර්ෂව අතින් නිර්මානය වූ Enigma යන්ත්‍රය අපිට හදුන්වන්න පුලුවන්.

Grace Hopper යනු එවකට ඇමරිකාවේ විශාල සේව‍යක් සිදු කල කාන්තාවක් ලෙස හදුන්වනවා. Apollo 11 මෙහෙයුම සාර්තක කර ගැනීමට ඇයගෙන් වැඩි දායකත්වයක් ලැබිලා තියෙනවා කියලා සදහන් වෙනවා. ඒ වගේම ක්‍රමලේකනයේ සිදුවන වැරදි සදහා Bug යන පදයද එම දෝෂ නිරාකරනය කිරීම Debug කිරීම ලෙසද ඇය විසින් හදුන්වා දෙන ලදි. ( ලොව ප්‍රතම Bug එක ඇත්තම කෘමි සතෙක් නිසා ඇති වෙච්ච ගැටුලුවක් කියලා තම්‍යි කියන්නෙ. )Alan Turing , Enigma සහ Bombe machine කියන්නෙ එකම කතාවක පැති 3ක්. එවකට සතුරු පාර්ශවය විසින් රහස් පනිවිඩ හුවමාරුව සදහා භාවිතා කර Enigma යන්ත්‍රය crack කිරීමට Alan Turing විසින් Bombe machine යන්ත්‍රය නිපදවලා තියෙනවා. Alan Turing තමයි නූතර පරිගනක විද්‍යාවෙ පියා විදියට සලකන්නෙ.

1 year, 3 months ago

What are general purpose and special purpose computers?අපි මේ දක්වා කතා කරපු හැම පරිගනකයක්ම විශේෂ කාර්ය පරිගනක යටතට තමයි වැටෙන්නෙ. මොකද, ඒ පරිගනක නිපදවලා තිබුන් යම්කිසි නිශ්චිත වැඩකට. ඒත් මේ Electro-Mechanical Era එකෙදි අපිට පොදු කාර්ය පරිගනක සංකල්පය බලාගන්න පුලුවන් වෙනවා.

එකල සිටි ගණිතඥයෙක් විසින් ඉදිරිපත් කල Neumann architecture මගින් පොදු කාර්ය පරිගනක වල වර්ධනය සිදු වෙලා තියෙනවා.

What is the Von Neumann architecture?Von Neumann architecture එක කියන්නෙ 1945 දී විතර Joan Von Neumann කියලා ගණිතඥයෙක් විසින් ඉදිරිපත් කරපු computer architecture එකක්.

මුල් කාලීන පරිගනක නිශ්චිත කාර්යක් ඉටු කරගන්න තිබුන ඒව කියලා අපි දන්නවා. ඉතින් ඒයින් පරිගනකයක් දැන් සිදු කරමින් ඉන්න කාර්යට අමතරව වෙනත් කාර්යක් කරගන්න ඕනෙ උනොත් ( program ) පරිගනකය භෞතික කොටස් වලින් වෙන වෙනම ගලවලා අයෙත් අලුතෙන් එකක් හදන්න වෙනවා. ( reprogram ) ඉතින් Von Neumann architecture එකේ තියෙන්නෙ සෑම පරිගනකයකටම පොදු සැලසුමක් වීම නිසා යම්කිසි පරිගනකයක් රිප්‍රොග්‍රම් කරන්න ඒක කොටස් ව් ල්න්නට වෙන් කරන්න ඕනෙ වෙලා නෑ. මේ හේතුව නිසා ලොකයේ පොදු කාර්ය පරිගනකවල ආගමනය සිදු වෙලා තියෙනවා.

ඉතින් Von Neumann ගේ සංකල්පය හදුන්වාදීමත් සමග ලොව ප්‍රතම පොදු කාර්ය අංකිත පරිගනකය වන ENIAC - Electronic Numerical Integrator and Computer නිර්මාණය කරලා තියෙනවා. මේක J. Presper Eckert සහ John Mauchly විසින් නිපදවාල තියෙනවා. මේ පරිගනක‍යේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව භාවිතා කරලා තියෙනව වගේම චලනය වන කිසිදු කොටසක් මේ තුල භාවිතා නොකල බවට සදහන් වෙනවා. මෙම මහාචාර්‍යවරුන් දෙදෙනාගෙ තවත් පරිගනකයක් විදිය අපිට EDVAC - Electronic Discrete Variable Automatic Computer සලකන්න පුලුවන්.

1 year, 3 months ago

Charles Babbage හට පරිගනකයේ පියා ලෙස සලකන්නෙ ඔහු විසින් නවීන පරිගනකයේ ආකෘතියට සමාන අයුරුන් ආදාන , ප්‍රතිදාන , සැකසීම හා ආචයනය ( ගබඩා කිරීම ) යන පරිගනක සංකල්ප ඇතුලත් කරමින් නිර්මානය කිරීමට අදස් කල Analytical engine නම් යන්ත්‍රය නිසාය. නමුත් මොහුට මෙම ආකෘතිය ඔහුගේ ජිවිත කාලය තුල නිර්මානය කිරීමට නොහැකි වූ බව සදහන් වෙයි. කෙසේ වෙත්ත් Analytical engine සංකල්පය නිසා Charles Babbage පරිගනකයේ පියා ලෙස හදුන්වනු ලබයි.

1900 ගනන් වන විට පරිගනක ලෝකයේ දැනට ආදිපත්‍ය පතුරන IBM පරිගනක ව්‍යාපාරයේ ආරම්භයද සිදු වෙලා තියෙනවා. ඒකට බලපාපු මූලික හේතුව වුනේ Herman Hollerith විසින් 1890 දී නිර්මාණය කල Tabulating machine නම් ජන සංගනනය කිරීමේ උපකරනය.

එකල ඇමර්කානු රජයට ජන සංගනනයක් කිරීමේ අවශ්‍යතාවය මතුවෙලා තිබුනා ඒත් ඒකාලෙ තිබුන තාක්ෂනයෙන් ජන සංගනනයක් කරලා ඒකෙ ප්‍රතිඵල ගන්න අවුරුදු 7ක් විතර ගත වෙනවා කියලා අනුමාන කර තිබුනා. ඒත් Herman Hollerith විසින් නිර්මානය කරන ලද Tabulating machine මගින් ඒ අවුරුදු 7ක් යාවි කියල අනුමානය කල ජන සංගනනය අවුරුදු 2කින් නිම කිරීමට හැකි වෙලා තියෙනවා. මේ හේතුවෙන් ඇමරිකානු රජය විසින් Herman Hollerith හට අති විශාල මුදලක් ලබා දී තියෙනවා.

පසුව Herman Hollerith ඒ මුදල් යොදවලා 1911 දී Computing-Tabulating-Recording Company නම් ආයතනය ආරම්භ කරලා තියෙනවා. පසු කාලයක ඒ ආයතනය IBM - International Business Machines කියලා නම වෙනස් කරගනිමින් මුලු ලොකෙම ප්‍රසිද්දියට පත් වෙනවා.

1 year, 3 months ago

1674 දී Gottfried Wilhelm Leibniz විසින් Blaise Pascal's Pascaline ය වැඩිදියුනු කර එකතු කිරීම හා අඩු කිරීමට අමතරව, ගුන ගිරීම හා බෙදීම සිදුකල හැකි Stepped reckoner යන්ත්‍රය නිර්මාණය කර ඇත.

කාලය ගතවනවාත් සමග ප්‍රංශ ජාතික Joseph Marie Jacquard විසින් Punch cards තාක්ෂනය සහ Jacquard's power loom නැමති රෙදි වියන යන්ත්‍රය නිර්මාණය කලේය. මෙය මගින් ගණනය කිරීම් කටයුතු සිදු නොවූවත්, මෙහි භාවිතා වූ Punch card මගින් දත්ත ගබඩා කිරීමේ තාක්ෂනය පරිගනක ඉතිහාසය සම්පූර්නයෙන්ම වෙනස් වීමට දායක විය.

කෙසේ වෙතත් මොහු නිපදවූ Jacquard's power loom නැමති යන්ත්‍රය සහ Punch card වල ආගමනය සමග රෙදි වල සංකීර්න රටා පවා අඩු කාලයකින් නිම කිරීමට හැකි විය. මේ නිසා තවදුරටත් රටා විවීම සදහා මානව ශ්‍රමය අවශ්‍ය නොවීය. මේ හෙතුවෙන් ඒ කාල වකවානුවේ විශාල රෙදි වියන ශ්‍රමිකයන් පිරිසකගේ රැකියා අහිමි වූ බව සදහන් වේ.

ලෝකයේ යන්ත්‍රයක් නිසා තමන්ගේ රැකියා අහිමිවූ පලමු අවස්තාව මෙය ලෙස දැක්විය හැකිය. මෙය De-skilling නම් වේ.

1791 දෙසැම්බර් 26 වනදා ලන්ඩනයේ උපතලද Charles Babbage පරිගනක ඉතිහාසයේ නොමැකෙන චරිතයකි. පරිගනකයේ පියා ලෙස සැලකෙන්නෙ මොහුය.

Charles Babbage විසින් 1820 දී පමන පළමු යාන්ත්‍රික පරිගනකය වන Difference Engine යන උපකරණය නිර්මානය කළේය.

මෙම පරිගනකය සදහා වැඩසටහන් ලිවීම සදහා Charles Babbage ගේ මිතුරියක් වූ Ada Ogasta Lovelace නැමති කාන්තාවක් ඉදිරිපත්වී තිබිනි. මෙම හේතුවෙන් ලොව ප්‍රතම ක්‍රමලේකන ශිල්පිනිය ලෙස Ada Ogasta Lovelace නම් කෙරුනි. පසු කලෙක හමුදා කටයුතු සදහා භාවිතා කල පරිගනක භාශාවක් Ada ලෙස නම් කර ඇත. Babbage විසින් Ada Lovelace ව "Enchantress of Numbers" ලෙස හදුන්වා ඇති බවට වාර්තා වෙයි.

1 year, 3 months ago

පස්සෙ කාලෙක නේපියර්ගේ ලඝුඝනක සිද්ධානත වලින් සහ එයා නිපදවපු Napier' bones උපකරනයෙන් ආභාශය ලැබූ සමකාලීන විද්වතුන් ලඝුඝනක ගනනය කරන්න විවිද උපකරන නිපදවලා තියෙනවා.

Ex : ලඝුඝනක සිද්ධාන්ත මත පදනම්ව 1630 දි පමන William Oughtred විසින් Slide rule කියන උපනරනය නිපදවනවා.1623 දී විත්‍ර Wilhelm Schickard විසින් නිපදවූ Calculating Clock නැමති යාන්ත්‍රික උපකරනය ස්ව්‍යංක්‍රීය යන්ත්‍ර නිර්මානයට ගත් මුල්ම උත්සහයන්ගෙන් එකක් විදියට හදුන්වන්න පුලුවන්. මේ උපකරනය gears සහ wheels වලින් සමන්විත වූ අතර, මේක භාවිතා කරලා ස්ව්‍යංක්‍රීයව ඉලක්කම් 6ක් දක්වා එකතු කිරීමට සහ අඩු කිරීම සිදු කරන්න හැකි වෙලා තියෙනවා. Schickard මේක නිර්මානය කරලා තියෙන්නෙ එයාගෙ යාලුවෙක් උන Johannes Kepler ට තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් සඳහා සහය වෙන්න කියල කියනවා.

අවාසනාවකට මේ Calculating Clock උපකරනයේ මූල් ආකෘතිය ගින්නකට අහු වෙලා විනාශ වෙලා ගිහින් කියලා කියනවා. මේක ආයෙත් හොයාගෙන තියෙන්නෙ 1950 ගනන් වලදි. ඉතින් මේ යන්ත්‍රය විනාශ නොවී තිබුනනම් මම හිතනවා මේක ලෝකෙ පලවෙනි යාන්ත්‍රික ගණන යන්ත්‍රය වේවි කියලා.

කලකට පසුව 1642 දී පමන ප්‍රංශ ජාතික ගනිතඥයෙකු වූ Blaise Pascal විසින් ලෝකයේ පලවෙනි යාන්ත්‍රික ගණන යන්ත්‍රය කියලා සැලකෙන Adding machine හෙවත් Pascaline ය නිර්මානය කරනවා. මෙම යන්ත්‍රය මගින් එකතු කිරීම් සහ අඩු කිරීම් පහසුවෙන් සිදු කරගත හැකි වී තිබෙන අතර මෙහි භාවිතා කල තාක්ෂනය අදටත් වේග මාපක වල භාවිතා වේ. මෙම ගනිතඥයාගේ සේවය අගය කිරීම පිනිස Pascal නමින් පරිගනක භාෂාවක් නම් කර ඇත.

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago