🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

Description
හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊

🎓 Motivational articles
🎓 Study tips
🎓 Exam tricks
🎓 Psychology
🎓 Mind relaxing

Owner :- @DraemX_Bot

Ads: https://telega.io/c/heenajayagamuofficial

Since:
2022/03/23
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago

22 hours ago
22 hours ago
23 hours ago
1 week, 1 day ago

ඔයාලත් නිතරම කනස්සලු ස්වභාවයකින් ද සිටින්නේ?

ජිවිතේ එපා වෙලාද?

නිතරම ප්‍රශ්නද?

අනාගතය,අතීතය,
වර්තමානය ගැන කිසිවක් නොතේරෙයිද?

ජිවිතේ නැති කර ගන්න හිතෙනවද?

හ්ම්.....මං ඔයාලට පුංචි කතාවක් කියන්නම්☺️

ඇත්තටම කෙනෙක් මගේ ඉන්බොක්ස් ආවා එයාගෙන් මං ඇහුවා ඔයාට තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා එතකොට එයා දුන්න පිළිතුරු තමා මං අර උඩින් ඔයාලට කිවුවේ.ඇත්තටම කිවුවොත් එයා නිතරම කනස්සලු ස්වාභාවයකින් පෙලෙන කෙනෙක්,ආදරේ නිසා විදවන කෙනෙක්,එයාටම එයාව එපා වෙලා කොටින්ම කිවුවොත් ජිවිතේම නැති කර ගන්න තරම් එයා මානසිකව වැටිලා.ඉතින් මං එයාගෙන් තව පුංචිම පුංචි ප්‍රශ්න කිහිපයක් ඇහුවා ඒ මොකද්ද දන්නවද?

පලවෙනියෙන්ම මං එයාගෙන් අහුවේ,

+මේ ලෝකේ ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නවද කියලා කොහේ හරි?

-නෑ

+එතකොට මේ ලෝකේ සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවද කියලා?

-ඒත් නෑ

පස්සේ මං එයාට කිවුවේ,

නෑ මට අනුව නම් ඇත්තටම මේ ලෝකේ ප්‍රශ්න නැති,වේදනාවක් නැති සතුටින් ඉන්න මිනිස්සු ඉන්න එකම එක තැනක් තියෙනවා ඒ තමා සොහොන ඇත්තටම කිවුවොත් සමහරු මේක කියවලා මට පිස්සෙක් කියයි හිනාවෙයි ඔව් ඉතින් හිනා යනවා තමා ඒත් එතන තමා ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්නේ මොකද බැදීම් නෑ,රිදීම් නෑ කොටින්ම කිවුවොත් හැගීම් දැනීම් නෑ ඉතින් එතන තමා මේ ලෝකේ සැහැල්ලුම මිනිස්සු ජිවත් වෙන්නේ☺️

ඔව් ඔයාලා කිවුවා හරි මේ ලෝකේ කිසිම මනුස්සයෙක් නෑ ප්‍රශ්න නැතුව ජිවත් වෙන,වේදනා රහිතව ජිවත් වෙන ඒක ඇත්ත ඉපදුනා නම් අපි මරනය තෙක්ම කරන්නේ වේදනා විදින එක,සතුට විදින එක,ලැබීම් නොලැබීම් දරා ගන්න එක ඉතින් මේ ලෝක සොභාවට අනුව කිසිම මනුස්සයෙක් නෑ ප්‍රශ්න නැති ඉපදීමේ සිට මරනය තෙක්ම අපෙ මේ ජිවිතේ ගලාගෙන යන්නේ ප්‍රශ්න මැදින්....

ඉතින් හිතන්නකෝ ඔයාලට මැරෙන්න තියෙන්නේ පුදුම ධෛර්යයක් නේද?

ඉතින් ඔයාලට ඔය මැරෙන්න තියෙන ධෛර්යය ඇයි බැරි ජිවත් වෙන්න යොදා ගන්න?

යාලුවනේ මිනිස්සු හැමෝම බයයි ප්‍රශ්න වලට,ප්‍රශ්න වලින් පැනලා යන්න කියලා එක එක මෝඩ තීරණ ගන්නවා ඒත් දෙයක් මතක තියා ගන්න ඒ ප්‍රශ්නම තමා දවසක ජිවත් වෙන්න හිතට හයියක් දෙන්නේ,

එක එක්කෙනා අනුන්ගේ ජිවිත එක්ක තමන්ගේ ජිවිතේ සංසන්දනය කරන්න හදනවා ඒත් එයාලා දන්නැ එකෙන් වෙන්නෙ තමන්ට තමන්ව නැති වෙන එක කියලා මොකද,
එක එක්කෙනාට ජිවිතේ ලැබෙන ප්‍රශ්න වෙනස් එක එක්කෙනා ෆේස් කරන විදිය වෙනස් ඉතින් ඔයා ඔයාම වෙන්න ප්‍රශ්න වලට බයේ ජිවිතෙන් පැනලා යන්න කියලා මැරෙන්න ලැහැත්ති වෙන්න එපා මොකද,

අහම්බෙන් ලැබුන මේ මනුස්ස ජිවිතේ අපිටවත් අයිති නෑ මොකද,
අද අපි ජිවත් වෙලා ඉන්නේ මේ ශරීරයට අපේ ආත්මේ ඇතුලු උන නිසා ඉතින් අපිට කියන්න බෑ මේ මගේ ශරීරය මේක මටම අයිතී කියන්න බෑ ඉතින් ඔයා ඔයාටම මේ ආත්මේ හානියක් කර ගන්නවා කියන්නේ අපි මේ අදහන බුදු දහමට අනුව පාපකර්මයක් ලොකුම ලොකූ තමන්ම තමන්ට හානී කරගන්නවා කියන්නේ තවත් එක මනුස්ස ජිවිතයක් විනාසකරගන්නවා කියන එකට.....

ඉතින් මං ඔයාලට දෙන්නම් අදහස් දෙකක් ඔයා ඒ අදහස් දෙකෙන් එකක් තෝර ගන්න,

1)ප්‍රශ්න වලට බයේ ජිවිතෙන් පැනලා දුවන එක පරාජිතයෙක් වෙන එක

2)ප්‍රශ්න වලට නිර්භීතව ෆේස් කරලා ජිවිතේ ජය ගන්න එක

ඉතින් ඔයාලා අතෙයි තීරනය තියෙන්නේ,

අද ඔයාලා මේ ගන්න තීරන දෙකෙන් එකක් ඔයාගේ මුළු ජිවිතේම එක්කෝ හොද අතට පෙරලෙයි නැත්තන් නරක අතට එරලෙයි ඔයාලා අතෙයි තීරනය.....☺️👍❤️

තෙරුවන් සරණයි හැමෝටම😊🙏🌼

Maleesha😎

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

1 week, 1 day ago
හ්ම්ම්ම්ම්ම්ම්ම්

හ්ම්ම්ම්ම්ම්ම්ම්
😞
SciencePanthiya

#JokeTime

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

1 week, 2 days ago

අවධානය තියාගෙන වැඩි වෙලාවක් තියාගෙන, එක දිගට පාඩම් කරන්නෙ කොහොමද????

මං හැමවෙලේම ඔයාලට කියන දෙයක් තමයි timetable එකකට හුරුවෙන්න කියන දේ. නැත්නම් ඔයාලගෙ study plan එකකට හුරුවෙන්න කියන දේ.

හැබැයි ඔහොම පාඩම් කරගෙන යද්දි වුණත් එක එක දේවල් හිතෙන එක, හිත එහෙ මෙහෙ දුවන එක අපි කාටත් පොදු දෙයක්. නැත්නම් හරිම මහන්සි ගතියක්. Fed up වගේ අපි හැමෝටම දැනෙනවා.

ඉතින් මෙන්න මේ point එකේදි සමහරු ටිකක් ඉඳලා පාඩම් කරනවා කියලා නවතිනවා. සමහරු නම් පුංචි විවේකයක් අරන් ආයිමත් පරණ විදිහට වැඩ ටික කරන් ගිහින් එයාලගෙ targets වලට කොහොමහරි යනවා.

වැඩක් පටන්ගන්න ලේසියි. හැබැයි ඒක පවත්වාගෙන යන්න තමයි අමාරු. අන්න ඒ විදිහට ඒ ඕනම දෙයක් පවත්වාගෙන යන අය තමයි එයාලගෙ හීන කියන ඒවා ජයගන්නෙ.

ඉතින් මෙන්න මේ tips ටික ඔයාලට වැඩි වෙලාවක් එක දිගට වැඩ කරන්න උදව්වක් වෙයී. ඔයාලටත් පුළුවන් try කරලා බලන්න.

✍🏻 විනාඩි 20 break එක.

අනිවාර්යයෙන්ම පාඩම් කරන පැය 02කට හෝ 03කට පස්සෙ විනාඩි 20ක වගේ break එකක් ගන්න. හැබැයි ඔයා පාඩම් කරන්න පටන් ගන්නෙ හුඟ කාලෙකින් පැයේ හෝ පැය 1.5 කොටස් වලට පාඩම් කරන්න ගන්න.

✍🏻 Break එකේදි මොකද කරන්නෙ??

ඇත්තටම ඔයාලගෙ මනසට නිදහසක් දැනෙන දෙයක් කරන්න;
- සින්දුවක් අහන්න
- බලිකුරුට්ටක් අඳින්න
- ගෙදර ඉන්න සුරතලාව හුරතල් කරන්න
- ගෙදර මාළු ටැංකියක් තියෙනවනම් ඒ දිහා ටිකක් බලන් ඉන්න
- අම්මට, ආච්චි අම්මට කියලා ඔළුව ටිකක් අතගාගන්න
- ඔයාලා බලන TV series එකක එක කතාවක් බලන්න (එකකට වඩා බැලෙනවා නම්, ඒක කරන්න යන්න එපා) වගේ ඔයාලා කැමති, ඔයාලට සතුටක්, නිදහසක් දැනෙන ඕන දෙයක් ඒ විනාඩි 20දි කරන්න.

හැබැයි මතක තියාගන්න; FB/ Instagram එකේ උඩට පහළට යනවා වගේ වෙලාව යනවා නොදැනෙන දේවල් කරන්න යන්න එපා. මොකද එතකොට වෙන්නෙ ඔයාලා දන්නෙම නැතුව පැය ගාණක් නාස්ති වෙන එක.

✍🏻 සතුට.

මේක නම් හුඟක්ම වැදගත් දෙයක්. ඔයාලගෙ හිතට ප්‍රශ්න විදිහට දැනෙන දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. මොකද targets වලට යන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න ඕන.

ඒ කියන්නෙ අවධානය එකතැනක තියාගෙන දෙයියනේ කියලා පාඩම් වැඩ ටික කරගන්න නම්, හිතේ සැනසීම ඕන. ඉතින් ඒ දේ නැතිවෙන විදිහෙ දේවල් ඇඟට දාගන්න එපා. අනිත් දේ එහෙම දේවල් තියෙනවා නම් පුළුවන් තරම් ඒවා මඟ ඇරලා ඉන්න try කරන්න.

✍🏻 Exam එකට පස්සෙ ඔයාලා කරන්න ඉන්න දේවල්.

අපි සිරිපාදෙ යනවා කියලා හිතමු. ගමන පටන් ගන්නකොටම අපේ ඔළුවෙ තියෙන්නෙ කොහොමහරි මං උඩ මලුවට ගිහින් වඳිනවා කියන දේ. අන්න ඒ වගේ ඔයාලගෙ හිතට ආස හිතෙන දෙයක් ඔයාලට ඇති වගේ හිතෙනකොට මතක් කරන්න.

ඔයාලගෙ මනසට චූටි මානසික අල්ලසක් දෙන්න.
- යන්න හිතාගෙන ඉන්න trip
- ඊට පස්සෙ ඔයාලගෙ ඔළුවට දැනෙන නිදහස වගේ ඔයාලා ආසාවෙන් ඉන්න ඕන දෙයක් ගැන ඔයාලා හිතන්න.

✍🏻 ඔයාව අගය කරන්න.

ඒ කියන්නෙ ඔයාම ඔයාට පුංචි treats දෙන්න.
- මං මේ පාඩම ඉවර කළොත් මං tipitip එකක් ගන්නවා
- මේ පාඩම අදම පාඩම් කරලා ඉවර කළොත් අද රෑට මං film එකක් බලනවා අන්න ඒ වගේ පුංචි පුංචි දේවල් කරන්න.

එතකොට ඔයාලට පාඩම් කරන එක game එකක් වගේ වෙනවා. ඒ කියන්නෙ පුංචි පුංචි levels complete කළාට පස්සෙ ඔයාට rewards හම්බෙනවා.

✍🏻 ආත්ම විශ්වාසය.

ඔයා ළඟ මොන දේ නැතිවුණත් ආත්ම විශ්වාසය තියෙනවා නම්, ඔයාටම ඔයාව විශ්වාස නම් ඔයාට කරන්න බැරි කිසිම දෙයක් නෑ. ඒ නිසා කවුරු, කොහොම මොන දේ කිව්වත් ඔයා ඔයාව හැමවෙලේම විශ්වාස කරන්න.

ඔයා යන ගමන ගැන විශ්වාසෙන් යන්න. ඔයාගෙ result එක ගැන විශ්වාසෙන් පාඩම් වැඩ ටික කරන්න.

✍🏻 ඇස් වහන් දකින්න.

පාඩම් කරලා ඇති වගේ හිතෙනකොට; ඇස් දෙක වහගන්න. ඔයා ආසාවෙන් ඉන්න result එක ගත්තහම ඔයා සතුටු වෙන විදිහ, ඔයාට ලැබෙන පිළිගැනීම, අම්මලා තාත්තලා සතුටු වෙන විදිහ වගේ දේවල් දකින්න.

හරියටම ඒක short film එකක් වගේ. ඔයාටත් දන්නෙම නැතුව ඒක ඉවර වෙලා ඇස් දෙක අරිනකොට ඔයාට කිසිම මහන්සියක් නැති වෙයී. තව පාඩම් කරන්න හිතෙයී.

ඒ වගේම ඔයා ඒ ලබන සතුට නිසා, ඔයාට සොබාදහමෙන් ඔයාගෙ හීන වලට යන්න ලොකු තල්ලුවක් ලැබෙයී.

ඉතින් ඔයාලාටත් පුළුවන් මේ tips ටික ටික try කරලා බලන්න. අනිවාර්යයෙන්ම එක දිගට පාඩම් වැඩ ටික කරගන්න මේ ටික ඔයාලට උදව් වෙයී.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Copied

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

3 months, 1 week ago

**ජීවිතේ ඉස්සරහට යනකොට මුණගැහේවි ඔයාට ඒක එක විදියෙ මිනිස්සු.ඔයාට හදවතින් සුභ පතන අය වගේම ඊර්ෂ්‍යා කරන අය,ඔයාව වට්ටන්න හදන අය , ඔයාව විවේචනය කරන අය, ඔයාට බොරු චෝදනා කරන අය, ඔයාව දාලා යන අය, කෙටියෙන් කිව්වොත් ඔයාට වටිනාකමක් නොදෙන හැමෝම....

ඒ අයට පුළුවන් ඔයාගේ ප්‍රතිරූපය වෙනස් කරන්න විතරයි.ඔයා ඔයාව විශ්වාස කරන තාක්කල් ස්වයං විනය ඔයා ගාව තියෙන තාක්කල් කාටවත් බෑ ඔයාගෙ අභ්‍යන්තර සාමයට බලපෑම් කරන්න.
ඉතින් වෛර කරන්න එපා ඒ කාටවත්.
ඒ දේවල් ඔයාට ඔයාගේ අරමුණට යන්න ලැබෙන හොඳම motivation එක කරගන්න.දවසක ඔයාම ඒ අයට ස්තූතිවන්ත වෙයි.

පුරුදු වෙන්න ඒ අයගෙන් හිනා වෙලා අයින් වෙන්න. ජීවිතේට වෛර නොකර ඒ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න හිත හදාගන්න.
ඔයාට වටිනාකමක් නොදෙන තැනකින් ඔයාගෙ වටිනාකම නැති කරගන්නෙ නැතුව අයින් වෙන්න.

ඔයාගෙ හීනය අරමුණ වෙනුවෙන් වැඩ වෙන්න.
ඔයාට වටිනාකමක් නොදීපු අයට ඊටත් වඩා වටින කෙනෙක් වෙලා පෙන්නන්න.හැබැයි මනුස්සකම අංක එකට තියාගන්න.

අන්න එදාට ඔයා හැමෝගෙම හදවතේ ඉන්න චරිතයක් වෙයි.#Dk_Cc ✍️_D|a|r|K_C|h|O|c_?**

°?????? ?? : ⚘@Heenajayagamuofficial

3 months, 1 week ago
3 months, 1 week ago
3 months, 2 weeks ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago