Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻™👻💞

Description
❛❛ දකින හීන සැබෑ කරගන්න වගේම ජීවිතය සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වෙන්න.. ❜❜

Motivation Quotes • Attitude Motivation • Mind Relaxing • Study Tips • Psychology

Since : 2023 / 06 / 10 ❤🌻🍭🌈

Owner™ | Silent Girl 👻💞

°
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

3 months, 3 weeks ago
***😚******💖***

😚💖

3 months, 4 weeks ago

මිනිස්සුන්ට තියෙනවා හීන වර්ග දෙකක්😊**

  1. නින්දෙන් අවදි වෙන්න හිතෙන්නෙ නැති තරම් ලස්සන හීන🥰

  2. හැබෑ කරගන්නකල් නිදාගන්න හිතෙන්නෙ නැති තරම් ලස්සන හීන😌**

Don't Stop ****

3 months, 4 weeks ago

ඔයාටත් පාඩම් කරන දේවල් අමතක වෙනවද???

විභාගයකට ලෑස්ති වෙනකොට හුඟක් දෙනෙක් මුහුණදෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි මේ. කොච්චර පාඩම් කළත් මතක නැති කතාව. ඇත්තටම ඉතින් ඔයාලට විතරක් නම් නෙමෙයි, මටත් එහෙම වෙනවා.

හැබැයි පාඩම් කරන කාලෙදි, exam එකට ළං වෙද්දි, පාඩම් කරන ඒවා අමතක නොවී තියාගන්න එක කරන්නම වෙනවනෙ.

ඉතින් ඒ වෙනුවෙන් මං try කරන tips ටිකක් තමයි මේ. ඔයාලටත් පුළුවන් ඔයාලගෙම විදිහට මේ ටික try කරලා බලන්න..

🤩 හිතින් මතක් කරන්න.

ඔයාලා පාඩමක් පාඩම් කළාට පස්සෙ, එහෙම නැත්නම් පැයක් විතර පාඩම් කළාට පස්සෙ ඔයාලා පාඩම් කරපු දේවල් ටික ඔයාලා හිතින් මතක් කරන්න. ඔයාලගෙ ඔළුව ඇතුළෙ ඒ කොටසට අදාළව දළ සටහනක් ඇඳගන්න. මේ මේ දේවල් මං පාඩම් කළා වගේ summary එකක්.

මේක කොළේක ලියාගන්න වුණත් ඔයාලට පුළුවන්.

🤩 Mind map පාවිච්චි කරන්න.

මෙහෙම පාවිච්චි කරද්දි ඔයාලට පුළුවන් අර විදිහට මතක් කරද්දි මේ mind map එක පාවිච්චි කරන්න.

එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ ඒ පාඩමට අදාළව outline එකක් හදාගන්න. ඒ කියන්නෙ පාඩමේ අන්තර්ගතය point විදිහට ලියාගන්න එක.

🤩 පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න හඳුනාගන්න.

ඔයාලා කොයිතරම් පාඩම් කළත් වැඩක් නෑ, ඒ ඒ පාඩමෙන් එන්නෙ මොනවගේ ප්‍රශ්නද කියලා නොදැන. ඒ නිසා ඔයාලා පාඩමක් ඉවර කරපු ගමන් ඒ පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න ගැන අවධානය යොමුකරන්න අමතක කරන්න එපා..

ඔයාලට පුළුවන් past papers බලන්න, අභ්‍යාස කරන්න, නැත්නම් examiner කෙනෙක් වගේ හිතලා බලන්නත් පුළුවන් ල්.

🤩 පාඩම් කරපු දේවල් test කරන්න.

ඔයා කොයිතරම් පාඩම් කළත් ඒ වගෙන් ප්‍රශ්න වලට උත්තර ලියන්න ගන්නකන්, ඔයාට කොච්චරක් දුරට ඒ ගැන දන්නවද කියලා දැනගන්න විදිහක් නෑ.

ඒ නිසා වඩා වැදගත්ම දේ තමයි පාඩම් කරපු දේවල් ඇත්තටම ඔයාලගෙ ඔළුවෙ තියෙනවද කියලා තහවුරු කරගන්න එක. ඒකට ඔයාලට past papers, model papers කරන්න පුළුවන්. එහෙම නැත්නම් කාටහරි ඔයාලගෙන් ප්‍රශ්න අහන්න කියන්න පුළුවන්. තව ඔයාලට කාටහරි උගන්නන්නත් පුළුවන්.

මේකෙන් වෙන වටිනම දේ තමයි ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩිවෙන එක. ඒ තමයී exam එකකට මුහුණදෙනකොට ඔයා ළඟ තියෙන වටිනම දේ.

🤩 නිතරම මතක් කරන්න.

හිතන්න, ඔයාලා පළවෙනි පාඩම පාඩම් කළාට පස්සෙ දෙවෙනි පාඩමට ඔයාලා යනවා. ඉතින් ඒ දෙවෙනි පාඩම පාඩම් කරලා ඉවර වුණාට පස්සෙ ඔයාලට පුළුවන් පාඩම් දෙකම ආයිමත් මතක් කරන්න. තුන්වෙනි පාඩම පාඩම් කළාට පස්සෙ පාඩම් තුනම ආයි මතක් කරන්න.

එතකොට විෂයය කරුණු නිරන්තරයෙන්ම භාවිතා වෙන නිසා ඔයාලට අමතක වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

🤩 කට පාඩම් කරන්න එපා.

ගොඩක් අය කරන්නෙ කට පාඩම් කරන එක. එහෙම නැත්නම් පොතේ තියෙන දේ ඒ විදිහටම මතක තියාගන්න උත්සාහ කරන එක. ඒ වෙනුවට ඔයාලා විෂයය කරුණු අවබෝධ කරගන්න උත්සාහ ගන්න.

පොතේ තියෙන නිර්වචන වෙනුවට ඔයාලගෙම නිර්වචන හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට සමීප දෙයක් එක්ක මතක තියාගන්න උත්සාහ ගන්න. මොකද එතකොට ඒ වගේ දෙයක් ලේසියෙන් ඔයාලට අමතක වෙන්නෙ නෑ.

🤩 ඔයාලගෙම විදියකට පාඩම් කරන්න.

හැමෝටම එකම විදිහට පාඩම් කරන්න බෑ. සමහර අයට හිතින් පාඩම් කළහැකි. තවත් අයට කෑ ගහලා කියවන්න ඕන. තවත් අයට short notes ඕන. තවත් අයට papers වලින් පාඩම් කරන්න පුළුවන්.

ඉතින් කවුරුත් කියන විදිහකට නැතුව ඔයාලට පුළුවන් ඔයාලගෙම විදිහට පාඩම් කරන්න. එතකොට ඒක ගොඩාක් ඵලදායී වෙනවා.

🤩 Brain excercises කරන්න.

භාවනා කරන්න, තව brain excercise game apps තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න, card pack එකෙන් කරන්න පුළුවන් games තියෙනවා, YouTube එකේ වීඩියෝස් තියෙනවා..

ඉතින් ඔයාලාට ඕනකමක් වගේම පුළුවන්කමකුත් තියෙනවා නම් මේ දේවල් වලිනුත් ඔයාලගෙ මතක ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන් (මේ ගැනත් මම ඉස්සරහට post එකක් share කරන්නම්).

මේ තියෙන්නෙ ඔයාලට පාඩම් කරන දේවල් මතකෙ ටිකක් කල් තියාගන්න උදව් වෙන හරිම සරල tips 08ක්. ඉතින් ඔයාලත් try කරලා බලන්න..

මේ වගේ ඔයාලත් පාවිච්චි කරන tips comment එකකින් අපි හැමෝමත් එක්ක බෙදාගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi#studywithgimi#studytips

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻 👻💞.•°

4 months ago

**ඔයාගෙ ජීවිතේ ඇතුළෙත් පොඩි පොඩි ආසාවල් තියෙන ටු ඩු ලිස්ට් (To Do List) එකක් තියෙනවද..?

අද හෙට හැබෑ වෙයි කියලා හිතන්න බැරි වුණත්, අමුතු වයිබ් එකක් තියෙන සමහර හීන සහ බලාපොරොත්තු මිනිස්සුන්ට ජීවත් වෙන්න හේතු හදලා දෙනවා.

කොළ පාට පිරිච්ච නිස්කලංක පාරක් දිගේ රෝඩ් ට්‍රිප් එකක් යන එක ගැන,

හීතල කඳුකරේ තැනක පොඩි ගෙයක් හදාගෙන, කෝපි එකක් බොන ගමන් නිදහසේ ගෙවන හැන්දෑ වරු ගැන,

යුරෝප් රටක අමුතු බිල්ඩින් තියෙන පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන එක ගැන,

පුංචි කාලෙ පොතකින් කියවලා, කවදම හරි දවසක යන්න ආසා හිතුණ තැනකට ඇත්තටම යන එක ගැන,

අපි ජීවත් වෙන කල්චර් එකට වඩා වෙනස් කල්චර්ස් තියෙන මිනිස්සුන්ගෙ ඉවෙන්ට්ස් වලට ගිහිං, ඒ වෙනස් ෆීලින් එක විඳින එක ගැන,

පරණ කැරවෑන් එකක පොඩි පික්නික් එකක් යන එක ගැන,ඊට පස්සෙ ලස්සන තැනිතලාවකට වෙලා සැන්ඩ්වච් එකක් කන ගමන් ඉර බහින හැටි බලන් ඉන්න එක ගැන,

ඒ වගේ දේවල් ගැන මිනිස්සුන්ට හීන තියෙන්න බැරිද?

තියෙනවා. හුඟක් මිනිස්සුන්ට එහෙම ලස්සන හීන තියෙන ටු ඩු ලිස්ට් එකක් තියෙනවා.ඒ මිනිස්සු ඒ දේවල් කවදා හරි හැබෑ කරගන්න මඟ බලන් ඉන්නවා.

ඒ වගේ හීන හැබෑ වෙද්දි අපිට දැනෙන්නෙ හරිම අමුතු වයිබ් එකක්.

අන්න ඒ නිසයි, එහෙම මිනිස්සුන්ගෙ, ඒ වගේ ලස්සන හීන කවදම හරි හැබෑ වෙන්න ඕනි. ! 💜️🌻💫

- Purple Vibes by Mekala - මේකලා දහනායක**

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻 👻💞.•°

4 months ago

`" මෙලොව ජීවත් වෙන ඕනෑම මනුෂ්‍යයෙකු අතින්

අතපසුවීම් , ප්‍රමාද වීම් සිදු වෙන්න පුළුවන් .

ඒවා නිසි ලෙස හඳුනාගෙන අඩුපාඩු නිවැරදි කර ගන්නා පුද්ගලයා තමයි අති දක්ෂයා "`

_ Sherlock Holmes _

**ඉතිං ,

පරක්කුයි කියලා හිතලා අතෑරලා දාන්න එපා .

වැරදුණා කියලා ආයෙ උත්සාහ නොකර අතාරින්නත් එපා **
'' Add To Life '' ♥️ | Travel In | 🇱🇰 Sri Lanka 🌿

4 months, 1 week ago

අලුතෙන්ම පාඩම් කරන්න පටන් ගමූ...

ඔන්න අලුත් අවුරුද්දෙ අලුතින්ම පාඩම් වැඩ පටන් ගන්න හිතන් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි මේ post එක.. වෙනස්ම විදිහකට ඔයාගෙ පාඩම් වැඩ ටික පටන් ගන්න මේ tips ටික ඔයාගෙම විදිහට try කරලා බලන්න.

✍🏻 කාමරේ පිළිවෙළක් කරගන්න.

කාමරේ තියෙන බඩු ඔක්කොම ඇඳලා, එතනින් ඕන ඒවා විතරක් තෝරලා අනවශ්‍ය දේවල් අයින් කරන්න. ඔයාගෙ පොත් මේසෙ අස් කරගන්න, අල්මාරියෙ ඇඳුම් ටික පිළිවෙළක් කරගන්න, කාමරේ මකුළු දැල් ටික කඩාගන්න, mop කරන්න.

මොකද ඔයාලගෙ ඔළුව නිරවුල්ව තියාගන්න එකට, වටපිටාව කියන එක ලොකුවටම බලපානවා.

✍🏻 Plan එකක් හදාගන්න.

ඔයා දැන් ඉන්න තැන බලන්න. ඉස්සරහ මාසෙකට ඔයාගෙ plans මොනාද කියලා ලියාගන්න. ඊළඟට ඔයා කොහොමද එකින් එක ඒවා achieve කරගන්න වැඩ කරන්නෙ කියලා time frame එකක් හදාගන්න.

✍🏻 To do list එකකට හුරුවෙන්න.

හැමදාම කලින් දවසෙ රෑට නිදාගන්න කලින්, ඊළඟ දවසෙ ඔයා කරන්න ඕන වැඩ ටික ලියලා තියලා නිදාගන්න. ඊට පස්සෙ එකින් එක ඔයා ඒ වැඩ complete කරන්න.

ඔයා මේ daily checklist එකට එහෙම නැත්නම් to do list එකට හුරු වුණාට පස්සෙ ඔයාගෙ වැඩ අනිවාර්යයෙන්ම complete කරන්න ඔයා පුරුදු වෙනවා. මොකද game එකක levels complete කරනවා වගේ ඒක ඔයාට interesting වෙන නිසා.

✍🏻 ඔයාව අගය කරන්න.

ඔයාම ඔයාට පොඩි පොඩි target දෙන්න.
- MCQ 40 ක් ගහනවා
- පැය 10ක් පාඩම් කරනවා
- අද Econ මුල් පාඩම් 03 ඉවර කරනවා
- අද bio අන්තිම පාඩමෙන් ප්‍රශ්න කරනවා වගේ.

ඊට පස්සෙ ඔයා මේ target එක අනිවාර්යයෙන්ම achieve කළොත් පොඩි treat එකක් ඔයාට දෙන්න. පුංචි chocolate එකක්. Bite පැකට් එකක් වගේ පුංචි දෙයක් ඔයා ඔයාටම දෙන්න.

*✍🏻 සතුටින් ඉන්න.*

ජීවිතේ ඉස්සරහට යන ගමනෙදි සතුට කියන්නෙ ඉන්ධන වගේ දෙයක්. තෙල් නැතුව වාහනේකට දුවන්න බෑ වගේම ජීවිතේට සතුට නැතුව ඉස්සරහට යන්න බෑ. අන්න ඒ නිසා මොන දේ වුණත් සතුටින් ඉන්න පුළුවන් තරම් උත්සාහ ගන්න.

ඔයාගෙ සතුට නැති කරන දේවල් වලින්, මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න ඔයා වෙනුවෙන්. හැමවෙලේම පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ ගන්න.

*✍🏻 ඔයාව විශ්වාස කරන්න.*

සතුටත් එක්ක ආත්ම විශ්වාසයත් එකතු වුණහම ඔයා හුඟක් powerful කෙනෙක් වෙනවා. ඔයාගෙ ගමන නවත්තන්න කාටවත්ම බැරි වෙන්න ගන්නවා.

මොකද ඔයාට ඔයාව විශ්වාසයි. ඒ වගේම ඔයාගෙ මේ විශ්වාසය ඔයාට ඉස්සරහට යන්න ලොකු තල්ලුවක් වෙනවා. ඒ නිසාම ඔයාට ඔයාගෙ පාඩම් වැඩ හොඳට කරගන්න පුළුවන් වෙනවා.

ඉතින් 2024 අලුත් අවුරුද්දෙ මෙන්න මේ දේවල් ටික හිතට ගන්න. ඔයාගෙ අනාගතේ වෙනුවෙන්, ඔයාගෙ හීන වෙනුවෙන් පුළුවන් උපරිමෙන් කැපවෙලා හොඳට ඉගෙනගන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඒ දේ කරන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪**..

©️ Study with Gimi**#studywithgimi#studytips
𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻 👻💞.•°

4 months, 1 week ago
**" හැරී, අපි කතාකරන වචන වල …

**" හැරී, අපි කතාකරන වචන වල තමයි මැජික් එක තියෙන්නෙ ..
වචන වලට පුලුවන් හිතක් හදන්න වගේම හිතක් බිඳලා දාන්න

ජීවිත වලට අඳුරුතම කාලවකවානු එනවා හැරී,
අපි ඇබ්බැහි වෙන්න ඕන අඳුරු තැන්වලට බය වෙන්න නෙවෙයි,
ඒ තැන්වලට ආලෝකය අරගෙන යන්න

මැරුණ මිනිස්සුන්ට අනුකම්පා කරන්න එපා හැරී,
අනුකම්පාව උනත් ලැබෙන්න ඕන ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට.
ඊටත් වඩා කිසිම ආදරයක් නොලබා ඉන්න මිනිස්සුන්ට ආදරේ දෙන්න "❤️🌸

- Proffesor Albus Dumbledore -
Dorian gunasekara පිටුවෙන් උපුටාගැන්මකි.**

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻 👻💞.•°

4 months, 1 week ago
**" ශක්තිමත් මිනිසුන් ද බිඳී යයි. …

" ශක්තිමත් මිනිසුන් ද බිඳී යයි. නමුත් ඔවුන්ට එය හොදින් හැසිරවිය හැකියි. ඇතැම්විට ඔවුන්ගෙ වේදනාව කිසිවෙකු නොදනී."

By N I M

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻 👻💞.•°

4 months, 2 weeks ago

ආරම්භය කෙතරම් කටුක වුවත් අවසානය මා නිසැකවම සුන්දර කර ගනු ඇත. ❤️*💪*🔥**

#හීන

6 months ago

#a_MEANING_for_the_MORNING *🦄*🌷

ඊයෙ වෙච්ච දේ වෙලා ඉවරයි! 🤨 ඒකට කමක් නෑ.

අද කියන්නෙ ඊයෙ නෙවෙයිනෙ😌 අද දවස පටන් ගන්නකොට හොඳ හැඟීමකින් පටන් ගන්න. ඊයෙ වෙච්ච දේ නිසා අද දවසත් ඊයෙ වගේ දවසක් කරගන්න එපා😌❤️

😍🌎🌈GOOD MORNING😌♥️🌼**

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago