Let's Do 1000 Conversions😎😎😎

Description
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

2 months, 1 week ago

මේක කරාද ලමයි? මේකේ 2nd එකත් කරමුද

2 months, 3 weeks ago

ජිවිතේ වාසනාවකට අපි ඇමරිකාවට එන්නේ අලුත් බලාපොරොත්තු එක්ක. ඇත්තටම ගොඩක් දෙවල් වෙනස් කරපු පිම්මක් තමයි මේක. ඒත් ඇවිල්ලා අවුරුදු තුනක් ගියාට පස්සේ තමයි මම phd එක පටන් ගනනේ. හේතු කිහිපයක් නිසා මට පටන් ගන්න පරක්කු උනා. එකක් ඉංග්‍රීසි . අනික 3 ඉයර් ඩිග්‍රී එක. එදා කොළඹ කැම්පස් එකට යනකොට 402 ක් හිටපු බැච් එකේ කන්ඩායම් 12 කට බෙදුවා. ඒ ඔරිඑන්ටෙෂන් කාලේ. එකේ 12 වෙනි එකේ තමයි මම හිටියේ. ඒ ඉංග්‍රීසි අවුල්ම සෙට් එක. එකෙමුත් ඉංග්‍රීසි අවුල් සෙට් එකක් අරන් 13 වෙනි එකත් හැදුවා. ඒකටත් මාව සෙට් උනා. ඔක තමයි මගේ ඉංග්‍රීසි තත්වේ 😄😄😄. එහෙම ඉංග්‍රීසි බැරි තත්වයක් තිබුනේ. ඇමරිකාවට ආවම Pathum Mihiranga තමයි ඉස්සරහට දාන්නේ කඩ්ඩෙන් අහපන් කියලා. එහෙම හිටපු මට 5 පාරක් IELTS කරන්න උනා අවම අවශ්‍ය ලකුනු ටික ගන්න. තව ඉංග්‍රීසි කෝස් එකකුත් කරලා කොහොම හරි 2019 මම පටන් ගන්නවා phd ඒක Mississippi State University එකේ. Gayan Wijeratne සර්, Thilinee Rupasinghe Wijenayaka අක්කා සහ Peumie Luckshika Abeyratne අක්ක ගේ උදව්ව නැත්නම් මේක පටන් ගන්නා වෙන්නේ නැ. ඒ වගේම Ayantha Umesh Senanayake සහ Sumudu Athukorale මතක් කරන්නම ඕන දෙන්නෙක්. මේ අවුරුදු 5 මාරම අභියෝග එක්ක තමයි දිව්වේ. රිසර්ච් වල තියෙන අභියෝග විතරක් නෙමේ ලොක්කගේ තියෙන අභියෝග වලට විසදුම් හොයාගෙන කොහොම හරි ගිය සතියේ මෙක ඉවරයක් කරලා ඩොක්ටර් නිරෝෂ් වෙන්න පුලුවන් උනා. දැන් හිතට මාරම සතුටුයි. මේක මගේ ජිවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක්. වචන වලින් විස්තර කරන්න බෑ ඒ සතුට.

මේ ඔක්කොමත් එක්ක ලොකුම හීනය තිබුනේ ගෙදරට සලකන එක. එක ඇත්තටම ගිය අවුරුදු 5 හිතුවටත් වඩා හොදට කරන්න පුලුවන් උනේ මෙ හැම දෙයක්ම නිසා. ඉස්සරහට තවත් ලෙසි වෙයි කියලා හිතෙනවා. ආපු ගමන හීනයක් වගේ. ඒක හීනයක්ම වෙන්නේ නැතිව යථාර්ථයක් උනේ වැටුන තැන් වලින් කොහොම හරි නැගිටලා ආපු නිසයි. මේ හැම තැනකදිම අසීමිත පිරිසක් උදව් කරලා තියෙනවා. ඒ හැම උදව්වක් නිසාමයි මේ හැම දෙයක්ම.

ඉගිල්ලෙන්න තියෙන තටු තමයි අධ්‍යාපනය කියන්නේ. ඒ තටුත් එක්ක අපිට ගොඩක් දුර යන්න පුලුවන්. ඒක නිසා උත්සහය තියේනම් අනිවාර්යයෙන්ම ඔයා යන ගමන කාටවත් නවත්වන්න බෑ. මේක ඇත්තටම ලියන්න හිතුවේ වැටිලා ඉන්න කාට හරි උදව්වක් වෙවි කියලා. හැමෝටම ජයෙන් ජය.

2 months, 3 weeks ago

මම ක්ලාස් වලදී හැමදාම කියන එකක් තමා higher studies වලින් ඔයාට පුලුවන් ඔය නොහිතම ගේමක් ගහන්න කියන එක .... මේ ඒ වගේ කතාවක්... මේ වගේ ඕනී තරම් තියෙනවා.. හැබැයි මේ අපේ හොස්ටල් එකේ අපිත් ඒක්ක හිටපු සීනියර් කෙනෙක්.... කියවලා බලන්න පාඩුවක් වෙන්නේ නෑ.....

මේක කියන්නම ඕන ස්ටොරි එකක්. කාට හරි මෝටිවෙශන් එකක් වෙයි කියල හිතලයි ලියන්න හිතුනේ.
පුංචි කාලේම හීනයක් තිබුනා මේ ජිවිතේ කොහොම හරි දිනන්න ඕනි කියලා. අද ඉන්න තත්වෙත් එක්ක ඒ හිනේ හැබෑ වෙලා කියලා හිතෙනවා.

මේක පටන් ගන්නේ මට හිතෙන්නේ අපේ අත්තා මට අකුරු කියවපු දවසේ ඉදන්. එදා ඉදන් අද වෙනකන් ඒ කියවපු අකුරුවල පින මට ලැබිලා තියෙනවා. මට හොදට මතකයි මම ඉස්සෙලාම ඉස්කෝලෙට ගියපු දවස. එදා අම්මා අතිරස කැවුම් හදලා තිබ්බා හොදට මතකයි. මාව එදා බයිසිකලේ තියාගෙන ගිහින් තාත්තා මාව ඉස්කෝලේට බාර දුනනා. ඒ දවස්වල අම්/කෙත්සිරිගම කනිෂ්ඨ විදුහල. හැබැයි දැන් ඒක Am/Koknahara primary school. 1 වසර ඉදන් 8 වසර වෙනකන් මෙකෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ දවස් කවදාවත් අමතක වෙන්නේ නෑ. හැම ගුරුවරයාම මාරම උනන්දුවෙන් සහ ආදරයෙන් අපිට ඉගැන්නුවා. පොඩි කාලේ ඉදන්ම ටිකක් කට්ට කන්න වුනා ජිවිතේ ගොඩ දා ගන්න. ඒක නිසාම ඉගෙන ගන්න එකට මුල් තැන දෙන්න වුනා. අම්මලා එහෙම මොන අඩු පාඩු තිබුනත් ඉගෙන ගන්න එක නතර කරන්න දුන්නේ නෑ. ඒ දවස්වල අම්මලා කුඹුරු වැඩ කරන්න යනකොට මට තමයි නංගිලා ටිකයි මල්ලි බලා ගන්න උනේ. සමහර දවස් වලට අමමා ගෙදර වෙනකොට අපි වතුර ඇදලා බතක් එහෙමත් උයලා තියෙනවා. ටික ටික ලොකු වෙනකොට තව බර වැඩි උනා ජිවිතේ. සමහර දවස්වලට ඉස්කොලේ ගිහින් ඇවිත් කට්ටිය එක්කම හරක්ට තණකොළ මිටි 8-9 විතර කපන්න වුන කාලයකුත් තිබුනා. හැම අවුරුදේම නොවැම්බර් අග ඉදන් පෙබරවාරි වෙනකන් අපිට ඉන්න වුනේ හේනේ පැලේ. හේනේ වැඩ නිසා. මට මතකයි මං ඕ ලේවල් විභාගයට ගියේත් හේනේ නතර වේලා ඉන්න කාලේක. ලොකුම අවුල පැලේ නිදා ගන්න එක නෙමෙයි. උදේට පින්නේ අදුම් තෙමා ගන්නේ නැතිව ඉස්කෝලේට යන එක. ඉනේ ඉදන් දනහිස් ගාවට එනකන් පොලිතීන් වලින් කවර් කරගෙන තමයි හෙනෙන් එලියට එන්නේ. ඔහොම ගිහින් 9 වසර ඉදන් මම අල්ලපු ගමේ ඉස්කෝලේට Koknahara Maha Vidyalaya. එහෙදිත් හැම ගුරුවරයෙක්ම පුදුම සපෝර්ට් එකක් දුනනේ විභාග ටික ගොඩ දා ගන්න. ශිෂ්‍යත්වය පේල් උනත් ඕ ලෙවල් නම් ගොඩ දා ගන්නවා උඩින්ම( උඩින්ම කිවට අපේ පැත්තට හරි යන්න). මම හිතන්නේ මගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් ගන්නේ ඒ ලෙවල් වලින්. මම ඕ ලෙවල් ගණිතයට පන්ති ගියේ වසන්ත වේරවැල්ල අයියා ගාවට. එයා තමයි මට සප් එකක් දෙන්නේ ඒ ලෙවල් වලට කුරුණෑගලට යන්න. කුරුණෑගල St. Anne's College එකට යන්නේ මම නම් හිතන්නෙ පෙර පිනක් නිසා. කුරුණෑගල මංගල හාමුදුරුවෝ තමයි මට ඒ ලෙවල් කරන්න උදව් කරන්නේ. එහෙම නැත්නම් මම අම්පාරෙ කොමස් කරන්න හිටියේ.
මගේ ඒ ලෙවල් රිසාල්ට් එකත් එක්ක කුරුණෑගල කොල්ලොත් එක්ක හෙල්ලෙන්වත් බැරි උනා. මාස 6 ක් විතර ගියා උන්ගේ විදියට වැඩ කරන්න ඉගෙන ගන්න. ශාන්ත ආනාවේ ඉදුනිල්, Nishan Samantha Rukunayake, Asanka Adikari සහා Laksiri Gunesakara මතක් කරන්ම ඕන සෙට් එකක්. උන් ගෙදරින් ගේන බත් එක මගෙත් එක්ක දවල් බෙදා ගන්න දෙපාරක් හිතුවේ නැ. මාර හෙල්ප් එකක් දුන්නේ. ඒ වගේම ඉස්කෝලේ ගුරුවරු පුදුම විදියට උදව් කරා. මුල් මාස හයේ මැත්ස් අමාරු වේලා මම කලා වලට මාරු වෙන්න හදනකොට උපමාලි මිස් තමයි නැවැත්තුවේ. කොහොම හරි පලවෙනි පාර ඒ ලෙවල්
කරාට 3C ආවේ. එත් දෙවෙනි පාර කොහොම හරි කැම්පස් යන්න ගොඩ දා ගත්තා. දෙවෙනි පාර මට එච්චර ලෙසි උනේ නෑ එක්සැම් කරන්න. වියදමට සල්ලි හොයා ගන්න පන්ති වල කාඩ් කපන ජොබ් එකත් කරන්න උනා සෙනසුරාදා වල. හැබයි එකත් හොද අත්දැකීමක්. ඒ ලෙවල් කාලේ පන්ති වලට සල්ලි හොයා ගන්නා බැරි නිසා ප්‍රී කාර්ඩ් ඉල්ලගෙන තමයි ගියේ. අනිල් සර්, කිර්ති සර්, රාජකරුනා සර් එහෙම අනිවර්‍යෙන්ම මතක් කරන්න ඕනි ගුරුවරු.

ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් යන්න එනකන් කිහිප තැනක වැඩ කරන්න උනා සල්ලි කියක් හරි හොයා ගන්න. ගෙදරටත් හෙල්ප් එකක් දෙන්න ඕනිත් නිසා. සිකුරිටි ජොබ් එකේ ඉදන් කොපි පොත් හදන රිචර්ඩ් එක වගේ පැක්ටරි වල වැඩ කරලා පොඩි ගානක් හොයා ගත්තා. ඔහොම ඉන්නකොට තමයි University of Colombo එකට එන්නේ. ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කරපු තැනක් තමයි කොළඹ කැම්පස් එක. මුලින් ලොකු කට්ටක් කෑවා. සල්ලි අඩුපාඩු නිසා ශේප් එකේ ක්ලාස් ටිකක් කරගෙන ගෙදරත් උදව් කරන්ගෙන කොහොම හරි ඩිග්‍රී එක ගොඩ දා ගන්නවා. ඔය කාලේ තමයි Samithri Abeynayake හම්බ වෙන්නේ. දිනන්න දුවන ජිවිතේට හයියක් උන කෙල්ලෙක්. කොහොම හරි 3 ඉයර් ඩිග්‍රී එක අරගෙන කැම්පස් එකෙන් යනවා. ඒත් ඉකමනින් ජොබ් එකක් කරලා ගෙදර හෙල්ප් එකක් දෙන්න ඕනි නිසා. කොහොම හරි ජොබ් කිහිපයක් කරනවා. ඒත් මාව ගොඩක් වෙනස් කරපු සහා ගොඩක් දෙවල් ඉගෙන ගත්ත තැනක් තමයි United Motors Lanka PLC කියන්නේ. ලස්සන හිත් තියෙන මිනිස්සු ඉන්න තැනක්.

තවත් ජිවිතේ වෙනස් කරපු අවුරුද්දක් තමයි 2016 කියන්නේ.

1 year, 1 month ago

Good Morning guys..
ඔන්න තියරි අවුල් උන්ට ඒක ගොඩ දාගන්න පොඩි support එකක්..
හැබැයි ඔය එකක් වත් short note නෙවේ... කොවිඩ් කාලේ ළමයින්ට උගන්නපු ෆුල් තියරි... වෙලාව අරන් මම උගන්වන්නේ... ඒකට කරන්න දෙයක් නෑ... ටයිම් තියෙනවනම්, අව්ශ්‍යතාවය තියේ නම් බලන්න...
උඹලා මම physical කරනවා දැකලා නැතිවත් ඇතිනේ.. ???

1 year, 1 month ago

විද්‍යුත් රසායනය theory tute

1 year, 1 month ago

විද්‍යුත් රසායනය පුහුණු ප්‍රශ්න 2

1 year, 1 month ago
1 year, 1 month ago

හෙට inorganic ටිකට ලෑස්තියි නේහ්? සුපිරියට ගොඩ දාමු

1 year, 1 month ago

ඔන්න tutes ටික... Print out ගන්න.. අපි inorganic ටික ගොද දාමු

1 year, 2 months ago

මේ msg එක මේ Organic ගොඩ දාගන්න try කරන එකෙක් නම්...
ඊ ලඟ කොටස එන්න කලින් මොන මගුලක් කරලා හරි මේකේ theory ටික ok කරගන්න ඕනී

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago