Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

Roar Media සිංහල

Description
අපේ භාෂාවෙන් ලෝකය ඔබ වෙත ළං කරන Roar සිංහල වෙබ් අඩවියේ නිල Telegram ගිණුම

Powered by https://roar.media/sinhala
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 months, 3 weeks ago
Roar Media සිංහල
2 months, 3 weeks ago
Roar Media සිංහල
2 months, 3 weeks ago
Roar Media සිංහල
2 months, 3 weeks ago
Roar Media සිංහල
2 months, 3 weeks ago
Roar Media සිංහල
2 months, 3 weeks ago
පුස්තකාල පහසුකම් නොමැති ගම්මානවල දරුවන් මුහුණ …

පුස්තකාල පහසුකම් නොමැති ගම්මානවල දරුවන් මුහුණ දෙන දුෂ්කරතා දැක ඔවුන්ට උපකාර කිරීමට මාර්ගයක් සොයමින් සිටිනා මහින්ද දසනායකගේ සිතේ එයට විසඳුමක් ලෙස යතුරුපැදි ජංගම පුස්තකාලය පිළිබඳ අදහස ජනිත විය. ඒ් 2017 වසරේ දී ය.
35 හැවිරිදි දසනායක ප්‍රාදේශීය ළමා රක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරයි. ඔහු තම නිවාඩු දිනවල — බොහෝ දුරට සති අන්තයේ — ඔහුගේ යතුරුපැදි ජංගම පුස්තකාලය පැදගෙන ගම්බද පෙදෙස්වලට ගොස් දරුවන්ට කියවීම සඳහා පොත පත නොමිලේ බෙදා දෙයි.
ඔහු 2017 දී පොත් 150 කින් තම වැඩසටහන ආරම්භ කළේය. මේ වන විට ඔහුගේ "පොතයි මමයි" වැඩසටහන මගින් ළමයින් 2,000 කට වැඩි පිරිසකට මෙන්ම වැඩිහිටියන් 200 කට ආසන්න පිරිසකට පමණ ප්‍රතිලාභ ලබා දී ඇති බව මහින්ද කියයි.
ඔහුගේ එකතුවට විවිධ විෂයයන් පිළිබඳ පොත් 10,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ඇතුළත් ව තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළ ම මෙම ‘පොතයි මමයි’ වැඩසටහන අද වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු පවසයි.
’කෑගල්ල දිස්ත්‍රික්කයෙ විතරක් නෙමේ අපි දැන් ‘කියවන ගම්මාන’ කියල අලුත් සංකල්පයක් හදාගෙක ලංකාව වටේ තැන්තැන්වල මේ සාකච්ඡාව අරං යනවා’’ මහින්ද කියයි.

11 months, 3 weeks ago

සියවසක උරුමය: "Bakfiets" පා පැදි
පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය සඳහා නෙදර්ලන්තය විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. "Bakfiets" පා පැදි යනු ඉන් එකක් පමණ යි.
"Bakfiets" යනු නෙදර්ලන්තයේ ප්‍රචලිත බයිසිකල් වර්ගයක්. එහි ඉංග්‍රීසි අර්ථය "Cargo bike" හෝ "Box bikes" යනුවෙන් හැඳින්විය හැකි යි.

සාම්ප්‍රදායික පාපැදියකට වඩා බොහෝ කාර්යයන් මින් ඉටු වන බව ඔබට පෙනෙනවා ඇති. භාණ්ඩ ප්‍රවාහනයට අමතර ව මිනිසුන් රැගෙන යාමටත් මේවා භාවිත වෙනවා. https://www.youtube.com/watch?v=rc1FD8_oako

YouTube

සියවසක උරුමය: "Bakfiets" පා පැදි

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය සඳහා නෙදර්ලන්තය විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. "Bakfiets" පා පැදි යනු ඉන් එකක් පමණ යි. Subscribe To Our Channel: www.youtube.com/@RoarSinhala Follow Us On: Facebook - https://www.facebook.com/Roar.sinhala/ Instagram - https:/…

11 months, 3 weeks ago

ගෙන්දගම් පොළොවේ බේද නැති නාන ළිං

කොළඹ කෙසෙල්වත්තේ නෝබට් ජෙරී සතියේ බොහෝ දිනවල නිදි ගැට හැර අවදි වන්නේ අලුයම හතරේ කණිසමට ය. අවදි වූ සැණින් මූණ කට දොවා පේ වෙන ඔහුගේ පළමු රාජකාරිය වන්නේ කුල දෙවි නැමදීම ය. ඔහුගේ ව්‍යාපාරයේ දොරගුලු පාරිභෝගිකයන්ට විවර වන්නේ ඉන් අනතුරු ව ය. ඒ පාන්දර හතර හමාරත් පහත් අතර ය.

ව්‍යාපාරයක් කීව ද එය බුලත් විට කඩයක් සිල්ලර කඩයක් හෝ නොවේ. පිටකොටුවේ හදවතෙහි පිහිටා ඇති කොළඹ පොදු නාන ළිංවලින් දැනට ඉතිරි ව ඇති එකකි. හරියට ම කියතොත් පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පිහිටි නාන ළිඳකි.

ඩයස් පෙදෙසේ පිහිටි නාන ළිඳ ඇතුළු කොළඹ පිහිටි බොහෝ පොදු නාන ළිං 1900 ගණන්වල මුල් භාගයේ දී යටත් විජිත යුගවල ඉදි කළ ඒවා ය. මේ සමහර ළිං වසර 100කටත් එහා ගිය අතීතයකට හිමිකම් කියන ඒවා ය.

කොළොම්තොට වංශ කතාවේ තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කළ පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පොදු නාන ළිං සොයා ගිය Roar Media කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාමය විචිත්‍රාගංයයි මේ.
#bathing #Wells #colombo #documentary #RoarSinhala https://youtu.be/YRFznmItc58

YouTube

ගෙන්දගම් පොළොවේ බේද නැති නාන ළිං

ඩයස් පෙදෙසේ පිහිටි නාන ළිඳ ඇතුළු කොළඹ පිහිටි බොහෝ පොදු නාන ළිං 1900 ගණන්වල මුල් භාගයේ දී යටත් විජිත යුගවල ඉදි කළ ඒවා ය. මේ සමහර ළිං වසර 100කටත් එහා ගිය අතීතයකට හිමිකම් කියන ඒවා ය. මේ Roar Media කණ්ඩායම පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පිහිටි පොදු නාන ළිං…

11 months, 3 weeks ago
පුරාණ අබිරහස් සඟවාගෙන සිටින නිහඬ තෝතැන්නක් …

පුරාණ අබිරහස් සඟවාගෙන සිටින නිහඬ තෝතැන්නක් ලෙස අප වෙසෙන මිහිතලය හඳුන්වාදීමට පුළුවන්. නිශ්චිත වටිනාකමකට උරුමකම් කියන පෞරාණික භාණ්ඩ අවේතනික ව බලා කියා ගන්නා ආරක්ෂකයා වන්නේත් මේ මිහිතලය යි. පෞරාණික ලෝහ වස්තූන්ගේ ආරක්ෂාකාරී නිවහන ලෙස සැලකෙන පොළොව අභ්‍යන්තරය මෙවැනි කෞතුකයන්ගෙන් සමන්විත බව හඳුනා ගැනීමට බහුතරයක් වූ ලෝහ අනාවරක විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර භාවිතයට ගන්නවා.
අඩු වටිනාකමක් සහිත ලෝහ අනාවරක (Metal Detectors) උපයෝගී කොටගෙන පෞරාණික භාණ්ඩ රැස් කිරීමට ඇබ්බැහි වූ පිරිස් අහඹු ලෙස සොයාගත් කෞතුක සහ නිදන් වස්තු කිහිපයක තොරතුරු මේ ලිපියෙන් දැක්වෙනවා.
ඒ ගැන ලිපිය මේ සබැඳියෙන් කියවන්න.
https://tinyurl.com/yj3k85d7

11 months, 3 weeks ago
කොළොම්තොට වංශ කතාවේ තවත් එක් පරිච්ඡේදයක් …

කොළොම්තොට වංශ කතාවේ තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කළ පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පොදු නාන ළිං සොයා ගිය Roar Media කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාමය විචිත්‍රාගංය එළැඹෙන ජූනි මස පළමුවැනි දා Roar Media වෙතින් බලාපොරාත්තු වන්න!
#bathing #Wells #colombo #documentary
https://youtu.be/Jrsx2soaxjA

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago