🅜︎Ⓢ︎ 𝗦𝘁𝗼𝗿𝘆 𝗪𝗼𝗿𝗹𝗱

Description
අපගේ කතා සේරම මෙතනින් කියවගන්න පුලුවන් . කැමතිනම් පමණක් අප සමග එකතුවන්න. අපගේ කතාවන් එක්තැනක රැදවුමට ගන්නා උත්සහයකි ❤




Story partners : Senuri & Malith Thenuka


Contact us : @contact_senuri_bot
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months ago

⁣? නොමිලේ ?

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
?GROUP LINK :- @SL_EDUCATION
?BOT LINK :- @SL_EDU_A_L_BOT
? #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
? @SL_Advertisement_bot

Last updated 1 month, 2 weeks ago

hace 1 año, 5 meses

ආපහු කතා ලියන්නෙ නැහැ කියලා හිතල කට්ටිය කියුව නිසාම ලියුව කතාව ? මරු හැබැයි .

දෙකයි පණහෙ වැඩ ?

හිත රිදෙන්න ඕන උපරිම රිදිල අදාල චැනල එක මගෙන් සමාව අරගෙන කතාව අයින් කරගන්න කම් බලං ඉන්න අසරණ කලු පූසා ?

ඇතැම් විට නැවත නොඑන්නත් පුලුවන් ?

hace 1 año, 5 meses

ඇතැම් දවසක මලවුන්ටත් නින්දක් නොදෙමින් සොහොන් කොත් හාරන උමතු මිනිසුන් ගැන ද ඔහු කියයි. ඔහු පවසන ආකාරයට විවිධ පර්යේෂණ කරන්නවුන් ඒ සදහා භාවිතා කරලිමට අලුත වලදැමූ මිනී රැගෙන යයි. ඔහුට පණ ඇත්තන්ගෙන් පණ නැත්තන් ආරක්ෂා කරලීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වෙයි. …

hace 1 año, 5 meses

***ඇතැම් දවසක මලවුන්ටත් නින්දක් නොදෙමින් සොහොන් කොත් හාරන උමතු මිනිසුන් ගැන ද ඔහු කියයි. ඔහු පවසන ආකාරයට විවිධ පර්යේෂණ කරන්නවුන් ඒ සදහා භාවිතා කරලිමට අලුත වලදැමූ මිනී රැගෙන යයි. ඔහුට පණ ඇත්තන්ගෙන් පණ නැත්තන් ආරක්ෂා කරලීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වෙයි.

අද දිනද සිය දිවි නසාගත් ගැහැනු දරුවකුගේ මිනියක් මිහිදන් කෙරුණි. ඔහු බයිබලයෙ අත තබා දිව්රමින් පවසා සිටියේ අද දිනද මිනි ගොඩ ගන්නන් පැමිණෙන බවය. ඉදින් ඔහු ඔහුගේ පුත්‍රයා වූ දහ අට හැවිරුදි ආරොන් සමග මිනි ගොඩගන්නන් ඇල්ලීමට සූදානම් විය.

සිංදු කෑල්ලක් මුමුණමින් ඔහු විදුලි පන්ඩ්දම හා දඩයම් තුවක්කුවද රැගෙන මුර වටය යාමට සූදානම් වූයේ අද කෙසෙ හෝ ඔවුන් අල්ලා ගන්නා බව තරයෙ අදිටන් කරලමිනි. තම පුතු හට මුර කුටියේ රැඳෙන ලෙස පැවසූ ඔහු කරදරයක් නම් ඔහු කතා කරන බවද එවිට පොලිසිය ට ඇමතුමක් ගන්නා ලෙසද පවසා නික්ම ගියේය.

පරිසරයේ තිබූ අසාමාන්‍ය ස්වභාවය පිලිබදව ඔහු ගෙ සිතෙහි පැවතුණේ එතරම් යහපත් අදහසක් නොවේ.

සුලග සමග දැවටුණු අසාමාන්‍ය සීතල .... දසතින් ගලා ආ ඝන මීදුම ...... මේ කිසිදු දෙයකින් ඔහුගේ රාජකාරිය නතර කල නොහැකිය. ඔහු සුසාන භූමියෙ මුරකරු වුවද නැතිනම් වෙනත් ස්ථානයක රාජකාරි කලද ඔහුගේ එම අදහස නම් වෙනස් නොවේවි. සැබැවින්ම ඔහු තම බඩවියත රැකගන්නා රැකියාව දේවකාරියටත් වඩා උතුම් කොට සැලකීය.

ඔහු සොහොන් කොත් පසු කරමින් ඇවිද ගියේ හදිසි අවස්තාවක තුවක්කුව පත්තු කිරීමට හැකිවන පරිදිය.

එක්වරම ඔහුට ඇසුනේ යමක් පහුරු ගානා හඬකි.

ඔහු ඒ දෙසට පියමැන්නෙ විදුලි පන්දම ද නිවා දමා කරෙහි තිබූ තුවක්කුවද අතට ගනිමිනි.

" බලමුකො අද උබලා කොහොමද මේ ජොනතන්ගෙන් බේරෙන්නෙ කියලා.... හහ්... " තමාටම මුමුණාගත් ඔහු ඉදිරියටම ගියේය.

පහුරු ගානා ශබ්දය දිගේ ගිය ඔහු නතර වුයේ අලුතින් තැන්පත් කල සොහොන් කොතටය. නමුත් එහි කිසිදු වෙනසක් නොමැත.

ඔහුට නැවතත් ඒ ශබ්දය ඇසෙන්නට විය. එය ළඟ ලගම ඇසිනි. නමුත් ඒ ඔහුට පිටුපසිනි.

ඔහු තුවක්කුව ද ලෝඩ් කරමින් එක්වරම එදෙසට හැරුනේය. එහි උණ්ඩය පිටවනවාත් සමග බියකරු කෑගෑසීමකින් මුලු සොහොන් භූමියම දෙදරා ගියේය.

බොරැල්ල සුසාන භූමියේ අත්භූත මරණයක්.......

ඊයෙ එනම් 15 වන දින බොරැල්ල සුසාන භූමියේ තිබී එහි මුරකරු ජොනතන් සිල්වාගේ මල සිරුර සොයාගෙන ඇත. මල සිරුර සොයාගෙන ඇත්තෙ ඔහුගේ පුත්‍රයා වන අතර ඔහු අප සමග පැවසුවෙ තම පියා අලුතින් වළදැමූ මිනි ගොඩගන්නන් සොයා එසේ රාත්‍රියෙ මුර සංචාරයක නිරත වූ බවය. තම පියා පිටව ගොස් පැයකට පමණ පසුව සොහොන කෙලවරින් වෙඩි හඬක් ඇසුණු බවද අලුතින් වළදැමූ සොහොන ඇත්තෙද ඒ හරියෙ වන බැවින් තමා පොලිසිය ඇමතු විගස පියාගෙ සහයට දිව ගිය බවද සදහන් කලේය. ඒ යනවිටත් ඔහු එහි මැරී වැටි සිටි අයුරු තමා දුටුබව ඔහු සදහන් කලේය.

පොලිසිය සැක කරන පරිදි ජොනතන් මිනිගොඩගන්නන් සොහොන් කොත අසල දැක ඔවුන්ට වෙඩි තබා ඇත. නමුත් ඉලක්කය වැරදී අසල තිබූ අනෙක් සොහොනට වදින්නට ඇත. පරිසරයෙ තිබූ මීදුමත් වැසි ස්වභාවයත් නිසා ඔහුට පාර නොපෙනි ගොස් එම සොහොන් කොත උඩට වැටි ඔලුව පැලී මිය යන්නට ඇති බවත් සැකකරයි. නමුත් අප වාර්තාකරුවා සදහන් කරන පරිදි එම සොහොන් කොත වටා වැසිබර කාලගුණයත් සමග මිනිමරුවගෙ අඩිසටහන් තිබිය යුතුමය. නමුත් මෙහි පුදුමයට කරුණ නම් එහි තීබූයේ මිනිස් පා සටහන් නොව පූසකුගේ අඩි සටහන් ය. එපමණක් නොව ජොනතන්ගේ මුහුණ ම පහුරු ගා සූරා දමා ඇත. සැබැවින්ම එහි සිදු වූයේ කුමක්ද ..... මෙය බොරැල්ල සුසාන භූමියෙ සිදුවූ තවත් එක් අභිරහස් මරණයක්ද....

" තවත් එක් මරණයක් ද.... ඇයි මීට කලිනුත් ඒවගෙ මරණයක් සිද්ධ වුනාද.... " පුවත්පත වසා කෑම මේසයෙ සිට මා පැවසූ විස්තරය අසා සිටි මගෙ පියාගෙන් මා විමසුවේ විමතියෙනි .

" සමහරවිට .... අමා.... රෙඩීද... මට පරක්කු වෙනවා... බොරැල්ල ට යන්න ඕනා... " ඔහු එසේ කියමින් සපත්තු යුගල දමා ගෙන පොලිස් නිල තොප්පිය අතට ගත්තේය.

" තාත්තා .... ඔයා සොහොනටද යන්නෙ... " මම විමසුවේ ඔහුට මෙම අපරාධය ගැන පරීක්ෂණ කටයුතු භාරව ඇත්දැයි යන්න සැකයෙනි.

" ඔව්.... එනවද යන්න.... " නොසිතු විරූ එක්වරම ඔහු මාගෙන් විමසුවේ මගෙ මුවෙහි සිනහවක් ඇදීයද්දිය .

" ගියාට නම් කමක් නැහැ කෙල්ලෙ.... ඒත් තාත්තා ට ඩිස්ටර්බ් නොකර ඉන්න.... " එසේ පවසමින් අම්මා තාත්තා ගේ කෑම එක ඔහුගේ අතට දුන්නාය.

" ඕම්කේ මැඩම්... "

" එහෙනම් ඔන්න අලුත් පරීක්ෂණයක්.... බලමු විසදලම... නේද කෙල්ලේ... " එසේ පවසමින් තාත්තා මට ඇසක් ගැසූවේ අම්මා රවද්දිය .

" ඔව් කොල්ලො... " මම කැගසා පවසමින් මම මගෙ කාමරයට දිව ගියේ සොහොන වෙත යාමට ප්‍රථම රැගෙන යා යුතු බඩු කිහිපයක් ගැනීමටයි.***

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months ago

⁣? නොමිලේ ?

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
?GROUP LINK :- @SL_EDUCATION
?BOT LINK :- @SL_EDU_A_L_BOT
? #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
? @SL_Advertisement_bot

Last updated 1 month, 2 weeks ago