Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

GIVE WAY TO FREEDOM 💌

Description
🥰 හිතේ තියන දුක , සතුට , ප්‍රශ්න , හැඟීම් බෙදාගන්න කව්රුත් නැද්ද? 😇
එහෙනම් එන්න, අපි අහන් ඉන්නම් ඔයාව...😇❤️

🙃 ඔයාලගේ සිතුවිලි , හැගීම් , ප්‍රශ්න අපිට යොමු කරන්න..🍀

👉 @Secrets_SDbot 👈
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 week, 1 day ago

#W2F_196

Mage yawlt boyfriend knk innw. E sambandeta dn අවුරුදු 6k. Gewal walinuth dannw. E denna marry කරන්න inne. Mn me lagadi dakka e kolla eyage klin girl ekka bus eke ekt ynw. කට්ටිය kiynw e kolla aye eyge klin girlge passen aye ynw kiyla . Mge yaluwa e kollata godk adarei. Mn meka eyt kiynw නැද්ද kiyla කල්පනා kle.. eth eya mawa විශ්වාස කරන්නේ nathi wei. Owa කියන්න gihin api dennage yalukamath nati wei kiyla mt bayai. Ehm kiyla dana dana eya amaruwe watenw බලන්න inna ba. E boy itin meya ekkath hodin innw. Eth e kolla එච්චර hoda kollek newei.. mt bayai eya amruwe watei kiyla e kollawa marry krl. badala wate yanna giyoth ita wada hapan ne. Mn mekata mkd කරන්න oni.

1 week, 4 days ago

#Admin_notice

ඔයාලා මේ දාන ප්‍රශ්න වලට උත්තර දෙන්න ළමයි.. ඔයාට දෙන්න විසඳුමක් නැත්තම් ඒ කෙනාගෙ හිත හැදෙන්න හරි වචනයක් කියන් යන්න.. මොකද ඒකත් ඒ කෙනාට ලොකූ සහනයක් වෙයි.. ගොඩක් අය හුඟක් තනි උනු අය.. ඔයාලට පුලුවන් නම් එක වචනෙකින් හරි එයාලට උදව් කරන්න♥️

1 week, 5 days ago

#W2F_195

SLIM එකේ digital marketing කරපු හරි කරන කෙනෙක් හරි ඉන්නවද? මට දෙයක් දැනගන්න තියනවා. ඒක කරගන්න පුලුවන්ද.. ..
ගානකීයක් වගේයයිද..
Exam කොහොමද.. .මේ දේවල් දැනගන්න..

1 week, 5 days ago
2 weeks ago

#W2F_194

මම තනියම අම්ම තාත්ත එක්ක විතරක් එක්ක පාඩම් වැඩත් කරන් නිදහසේ සැහැල්ලුවෙන් ඉදපු ලමයෙක් මට අය්යෙක් ඉන්නව එයා පලවෙනි කසාදෙන් අයින් වෙල දෙවනි කසාදෙකුත් කරගත්තා දැම් අවුරුදු 5ක ලමයෙක් ඉන්නව කලින් එයාල නැනගෙ ගෙදර ඉදිය අය්යත් කොලබ රස්සාව කරෙ

එ්ත් මෙ අප්‍රේල් ඉදන් හැමදෙම වෙනස් උනා අය්යයි අක්කයි මෙහෙ පදිංචි උනා අය්ය තාත්ත වැඩ කරන තැනම රස්සාවක් කරන්න ගත්තා එ්ත් ටික කලයි අපි එකට ඉදියෙ අක්කගෙයි ලමයගෙයි වැඩ නිසාත් තාත්තට අාව මානසික වදයත් නිසා එයා පවුලෙන් අැත් උනා දැම් තාත්ත දුරස් වෙල ඉන්නෙ 💔එ්ත් මට තින අාදරෙ අඩුවක් නැ අය්ය එක්ක නම් හිත හොද නැ

මම තමයි කලින් පවුලෙන් දුරස් වෙලා බෝඩිම් කාරය වගෙ වෙනම ගෙදරක (තාත්තම හදපු) ඉදියෙ තාත්ත රන්ඩු කරාම එ හැමොම මෙහෙ අාව. මට එලෙවල් වලට තව මාස 6යි. එ අස්සෙ දැම් අක්කට උදව් කරන්න තියෙනව එහෙම් පාඩම් කරගන්න නැ ලමයා කැ ගහනව , එහෙන් නැන්දම්මා ලේලි වලි සමහර වෙලාවට 💔 මට තින ලොකුම ගැටලුව මම පාඩම් කරපු නිදහස් පරිසරෙ නැති උනා එ් දරුවට මම ඉස්සර හරිම අාදරෙයි එ්ත් දැම් නරක වචන කියනව රන්ඩුවට එනව මගෙ අම්මටත් ගහන්න යනව මට දුටු තැන ගහන්න තරම් කේන්තියක් එන්නෙ මම ගොඩක් මානසිකව ශක්තිමත්ව ඉදපු ලමයෙක් ගොඩක් ප්රශ්න වලදි එ්ත් මෙක මාසයක්ම තියෙනව මට මගෙ නිදහස අායි ඔ්නි . මටත් තාත්ත වගෙ පවුලෙන් වෙන් වෙල ඉන්න අාසයි තාත්ත අම්ම එක්කවිතරක් මට ඉලග අවුරුද්දෙත් එලෙවල් කරන්න වෙද කියල බයයි පාඩම් කරගන්න නැනෙ. අනෙ මට උපදෙසක් දෙන්න

2 weeks ago

#W2F_193

මන් වැඩිය අඩන කෙනෙක් නෙවෙයි ඒත් මම අඩලා තියෙනවා. අන්තිමට අඩපු දවස නම් මතක නෑ. ළගකදි නම් අඩලා. මීට අවුරුද්දකින් පස්සට ගියත් ඒත් අඩපු දවසක් මතක් වෙන්නේ නෑ. 2023/11/09 මට මගේ ජිවීතේ තියෙන ගොඩක්ම දුක හිතුන් දවසක්. හිතත් ගොඩක් රිදුනා මගේ එදා. ඒත් මට අඩන්න බෑ . එක කදුලක්වත් ආවේ නෑ . ඇත්තම කිව්වොත් මම ගොඩක් ලොකු පීඩනෙකින් අඩු නිදහසක් තියෙන කෙනෙක් . ඒකට හේතුව අම්මා. මම ඒකට අම්මට වැරැද්දක් කියන්නේ නෑ. ඒත් අම්මා හොයනවා වැඩි හොදටම. අඩුම කිව්වොත් යාලුවෙක් කෝල් එකක් ගත්තත් කවුද කවුද කිය කිය අහ අහ කෝල් එක ඉවර වෙනකම් ලගට වෙලා ඉන්නවා. අම්මා නිසා මුකුත් කියන්නත් බෑ. ඒත් මම ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ. මමත් කැමති පෞද්ගලිකත්වයක් කියලා දෙයක් තියාගන්න. මගේ වෙන යාලුවෝන්ට එහෙම නෑ. උන් සමහර යාලුවෝ එක්ක පැය ගණන් කතා කරනවා. ඒ දෙමව්පියෝ කවුද කියලවත් අහන්නේ කෝල් එක ඉවර උනාම උනාම . ඒ ඇයි එහෙම ඒ දෙමව්පියන්ට ඒ ලමයි සැක නෑ විස්වාසයි. ඒත් අපේ අම්මට මාව එක දසමෙකටවත් විස්වාස නෑ. පුදුම සැකයක් තියෙන්නෙ මම ගැන හැමතිස්සෙම . ඒක මට මාර පීඩනයක්. තව සමහරක් වෙලාවට බනින්න ඕන තමයි ඒත් ඕනවට වඩා කෑගහගෙන බනිනවා. ඒකත් මට ගොඩක් ලොකු පීඩනයක්. 2023/11/09 සිද්ධියෙන් පස්සේ ජනවාරිවල counseling ගියා. ඒ ගියාට පස්සේ නම් මට පොඩි සහනයල් දැණුනා . ඒත් ආපහු එහෙම නෑ වගේ කියලා හිතෙනවා. රෑට මම වැඩ කරන සමහර දවසට අම්මා නිදි . ඒත් මට කාගෙන් හරි යාලුවෙක්ගෙන් හරි කෝල එකක් ආවොත් නිදාගෙන හිටියත් නැගිටලා කවුද කවුද කියලා අහනවා. පෝන් එකෙන් පන්තියල වීඩියෝ එකක් බල බල ඉද්දි ටිකකට ඒක නැවැත්තුවත් . ඇයි මොකද උනේ සද්දේ නැත්තේ කියලා අහනවා. මේ තරම් මම ගැන සැකයක් . පුදුම පූඩනයක් තියෙන්නෙ ඒ නිසා මට . මට හිතෙන්නෙම මට ඒ පීඩනේ නිසා හැගීමක්වත් විවෘතව ප්‍රකාශ කරගන්න බැරි තරම් පීඩනයක් තියෙන් නිසා තමයි මට අඩන්නවත් බැරි . තව මට අර 2023/11/09 න් පස්සේ මම සෑහෙන්න දේවල් දරාගත්තා. කොච්චර උත්සාහ කරත් අඩලා දුක නැති කරගන්න මට අඩන්නවත් බෑ. මට ඉතින් හැම වේදනාවක්ම මට ඉවසන් ඉන්න උනා. ඒ ඉවසීම නිසා වෙන්න ඇති පොඩි දේටත් තරහ යන මට දැන් කිසිම දේකට තරහ යන්නේ නැත්තේ . කිසිම දෙයක් දැනෙන්නේ නැත්තේ. මම සෑහෙන්න වෙනස් වෙලා. කොච්චර වෙනස් වෙලාද කිව්වොත් මට වෙනදා පොඩි එකෙක් දකිද්දී හරි ආස හිතෙනවා. ඒත් මට දැන් පොඩි එකෙක් අඩනවා දැක්කත් ඒ පොඩි එකාට ගහන්න තරම් කේන්තියක් එනවා. ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ මට එදා ඉදන් තිබ්බ පීඩනේ නිසා හැගීමක් වත් නිදහසේ පිට කරන්න බැරි උන එකේ ප්‍රතිඵල තමයි මේ.

2023/11/09 -මම ඒක පාර්ශ්විකව ආදරේ කරපු කෙනා මගෙන් ඈත් උනා. ඒකත් අම්මගෙ වැඩ නිසා. දැන් ඒ දේවල් ගැන මට කිසි ගාණක් නෑ. මම හිත හදන් ඉවරයි. මට මම උඩ කියලා තියෙන ප්‍රශ්නෙට විසදුමක් දෙන්නකො

2 weeks, 5 days ago

ආයේ කිසිම විදියකින් ගුරුවරයෙකුට හෝ වැඩිහිටියකුට ළමයෙක්ට දඬුවම් කරන්න බෑලු නේද.. 🥲*👍
අනාගතයට BS වෙයිද?
*

2 weeks, 5 days ago

#W2F_188

Hatissema negative දේවල් , thamanta nathi dewal gana hithena ekat mkd කරන්නේ. Ek hri කරදරයක් හිතට

3 weeks, 1 day ago

#W2F_187

අනේ මං ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක.ප්‍රශ්නෙ අහන අයට මේක ලොකු ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ, ඒත් ප්‍රශ්නෙ කියන මට මේක ලොකු ප්‍රශ්නයක්. අනේ මම 2025 A/L bio කරන ලමයෙක්. මේ ප්‍රශ්නෙ පටන් ගත්තෙ මම physics class මාරු කල දවසෙ ඉදලා. මම මුලින්ම ගිය physics class එක මං මාරු කලා ඒ සර් කියන දේවල් මට පැහැදිලි මදී නිසා.මාරු කරලා උකුවෙල සර්ගෙ ක්ලාස් එකට ආවා දෙසැම්බර් වල. ඒ වෙන කොට මට physics මුල් පාඩමවත් බැහැ. දෙසැම්බර් වල උකුවෙල සර්ගෙ ප්‍රතිඵල වලින් පසු කන්ඩායමට ඇවිල්ලා වැඩ ටික කරන් යන්න පටන් ගත්තා. සර් second group එකේ අපිට ජූලි මාසෙ ඉදන් කල රෙ⁣කෝඩින් evening booster සේරම බලන්න දුන්නා. ඒ වෙන කොට මම bio,chemistry මිස් නොකරන් අල්ලන් ගියේ. ඒත් අර රෙකෝඩින් ගොඩ නිසා මම ලොකු කාලයක් physics recording විතරක්ම බැලුවා😔ඒ වැඩේ නිසා මම ලොකු කාලයක් මාස දෙකක් විතර දැනට මම බයෝ බලලම නැ. මම physics theory recording සේරම බලල ඉවර කලා. එහෙම කරලා සර්ගෙ live ක්ලාස් එකට join වෙන්න ගත්තා. Booster ටික හිමින් හිමින් බලන් ගියා.පෙබරවාරි මාසේදි මම affair එකක පැටලුනා.😔 මම මීට කලින් එහෙම පිරිමි ලමයි යාලුවෙන්න ආවට කැමති වුනෙ නැ. පාඩම් වැඩ මිස් වෙයි කියලම බයට. ඒත් මෙයා මුලින් හොඳ යාලුවෙක් විතරයි වුනේ පස්සෙ තමයි ටික දවසකින් එයා ඇත්තම කිව්වෙ. එයා නම් maths. එයා එක්ක ඉදලම මට මගේ වැඩ මිස් වෙන්න ගත්තා. එයාට affair එක තිබුනට වැඩ කරන් යන්න පුලුවන්කම තිබුනට මට එහෙම බැරි වුනා.අපේ ගෙදර එකම ලමයා මම. අම්මගෙවත් අප්පච්චිගෙවත් පවුල් දෙකේම ලමයි එක්ක මම නැහැ. ඒක නිසා හැමදේකටම හිටියෙ අම්ම විතරයි. මේ boy ආවට පස්සේ මම තනිවෙලා වගෙ හිටපු නිසා එයා එක්ක ගොඩක් close වෙලා හිටියෙ. ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් ආවමත් එයා එක්ක කිව්වා. එයත් ඒ වෙලාවට මම එක්ක හිටියා. ඒ වුනාට එයා එක්ක ඉන්න එකෙන් මට පෙබරවාරි මුල ඉදන් අද දවස(අප්‍රේල් 27) වෙනකම් කිසිම වැඩක් කෙරුනෙ නැ හරියට. මට දැන් physics වල උකුවෙල සර්ගෙ පරණ evening booster අනූගානක් තියෙනවා බලන්න. Theory recording 7 වගේ බලන්න තියෙනවා. Bio recording 16ක් බලන්න තියෙනවා. Chemistry නම් physical යන නිසා මිස් වුනෙ නැ දැනට. ඒත් bio,physics ගොඩාාක් මිස් වෙලා. මං දැන් ඒව කර ගන්න විදියක් නැතිව ගොඩක් බයෙන් ඉන්නෙ. මම මේ දේවල් නිසා affair එක නවතන්න හිතුවා. ඒත් මට මගේ හිත හදා ගන්න හරිම අමාරුයි. මොකද එයාගෙන් ආය ඈත් වුනා කියන්නෙ ආයම මං ගොඩක් තනි වෙනවා.අනික මම නිතරම වගේ පොඩ්ඩ ඇත්තම් අසනීප වෙන කෙනෙක්. ඒ හැම වෙලාවකම මම ලඟින් එයා මේ ටික කාලෙට නම් හිටියා. මං ගැන හොයල බලල හිතේ ප්‍රශ්න අහන්න එයා හිටියා. කවදාවත් බැනලත් නැ, මං බැන්නත් එයා බනින්නෙත් නැ.එයාගෙ හැසිරීම නිසාම මට ඒ affair එක නවත්තන්න තරම් හිත හදා ගන්න අමාරුයි. අනික මම ඒක නවත්තනවා කීව ගමන් එයා පොඩි ලමයෙක් වගේ අඬන්න ගන්නවා.පිරිමි ලමයෙක් වුනාට එයා ගොඩක් සංවේදි. මේ දේවල් නිසා එයාව අතඇරලා මගේ වැඩ කරන්න මම පටන් ගන්නෙ කෝමද කියල මට හිතා ගන්න බැ.යාලුවොත් නැ මට වැඩිය. ඒ නිසා හිත හදා ගන්න අමාරුයි...

ඒත් මට සේරටම වඩා exam වටින නිසා අද හෙටම එයාගෙන් ඈත් වෙනවා. අම්මටයි අප්පච්චිටයි ඉන්නෙත් මම විතර නිසා ඒ දෙන්නට දුක් දෙන්න බෑනෙ මට. මට බයෝ දැන් මුලම ඉදන් පාඩම් කරන්න වෙලා. කිසිම දෙයක් මතක නැ. පලවෙනි පාඩමේ ඉදන් තුන්වෙනි පාඩම ඉවර වෙනකම් බයෝ පාඩම් කරන්න තියෙනවා. බයෝ වල පැය 4 රෙකෝඩින්ග් 16ක් බලන්නත් තියෙනවා. Physics වල පැය 4 theory recording 7 ක් බලන්න තියෙනවා. Evening booster අනුගානක් තියෙනවා.physics මුල ඉදන් තියරි පාඩම් කරන් ඒවගෙන් ගනන් හදන්න තියෙනවා. Physics,Bio වල ⁣ඔය වැඩ කොටස මට දැන් කරන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි මැයි 27 පලවෙනි වාර විබාගෙ නිසා 27 වෙද්දි bio,physics හරි මට්ටමකට ඇවිල්ල ඉන්නත් තියෙනවා. මට මේ දේවල්ත නිසා බයෝ මුල ඉදන් පාඩම් කරන්න ගියත් පාඩම් වෙන්නෙනැ.physics,bio රෙකෝඩින්ග් බලන්න ගියත් දැන් නිදිමතක් එනවා. අනේ මට තේරෙන්නෙ නෑ මම මොනව කරන්නද කියලා. මට අක්කෙක් අයියෙක් හරි 25 A/l කරන යාලුවෙක් හරි උදවු කරන්න. අනේ මම මේකට මොකක්ද කරන්⁣න ඕන කියලා මට කියල දෙන්න. මට කිසිම දෙයක් දැන් හිතා ගන්න බැරිව ඉන්නෙ.

4 weeks ago
[#W2F\_181](?q=%23W2F_181)

#W2F_181

මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො❤️

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago