? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago
Bio essay හදගමු.
Bio paper එකක තියන ඔයාගේ result තීරණය කරන සාධකය Essay paper එක කියලා දන්නවනේ. මටත් first shy එකේදී MCQ 45ට B එකක් ආවේ. මගේ යාළුවෙක් ඉන්නවා MCQ 45 ට C. MCQ 42 ට A ආපු අයත් මම දන්නවා.(එහෙම අය හරි අඩුයි).Copy කරලා එහෙමනම් නෙමෙයිMCQ වැඩි වුණේ. මොකද අපි first shy exam ලියපු පන්තියේ හිටපු 20න් 10-12 ක් medicine. ඒ ඇතුළේ district 1,2,4 ඉන්නවා. අනිත් බහුතරයකටත් AAB,AAC තිබ්බා. ඉතින් එතකොට තේරෙන්න ඕනේ අපි copy කරන්න ආස නෑ නෙමෙයි. අපිට copy කරන්න වෙලාවක් නැතිවුන එක ප්‍රශ්නේ.(පොර ටෝක්😏)
නැවත කතාවට😌
Bio Essay paper එක මේ වෙද්දී හොඳම තත්වෙට ඇවිල්ලා තියනවා. 2022 තිබ්බේ පරණ රටාවම වගේ. ලොකු වෙනසක් තිබ්බේ නෑ. හැබැයි 2023 දී ඒක කනපිට ගැහුවා. හැම ප්‍රශ්නයක්ම a,b parts 2ක් එක්ක තිබ්බේ ඊට අමතරව ඒවගේ සම්බන්ධයක් නෑ.2024 වෙද්දී මුල් පාඩම් 5න් Essay 4ක් එනවා කියන සංස්කෘතිය අතික්‍රමණය කරා.මොකද 2019 පවා(කෙටි සටහන් ප්‍රශ්නෙත් එක්ක) ප්‍රශ්න 4ක් මුල් පාඩම් 5න් තියනවා
ඉතින් මේ යන විදිහට ඉස්සරහට කලින් අවුරුද්දේ ආපු ප්‍රශ්නෙම ආයේ පාරක් එන්නත් පුලුවන්. Physicsවල දැනටමත් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්නේ
මේ කොහොම වුණත් syllabus එකේ තැන් තැන්වලින් එන Essay exam වෙලාවේදී ගොඩ දාගන්නනම් කලින් හොඳට practice කරලා තියෙන්නම ඕනේ.
Essay පාඩම් කරන්න එක සාර්ථක ක්‍රමයක් මම කියන්නම්.තව ක්‍රම ඇති. මේ මගේ ක්‍රමය. මේකත් මම මීට කලින් channel එකේ කියලා තියනවා.
🔺**Step 1
මෙතනදී කරන්නේ අපි අවබෝධයෙන් ඒ කියන්නේ පත්තරයක් කියවනවා වගේ නෙමෙයි කතාව තේරුම් ගනිමින් පාඩම් කියවන්න ඕනේ. තේරෙන්නේ නැත්තම් video එකක් හරි බලලා තේරුම් ගන්න ඕනේ
🔺Step 2
මේකේදී කරන්නේ Resources book එක කියවන ගමන්ම mind map එකක් හෝ ගැළපෙන chart එකක් හදගන්න එක. කොටින්ම කිව්වොත් මේ කතාව summerize කරගන්න එක. එතනදී ඔයාට අදහසක් එනවා මේ Essay topic එකට අදාළව ඔයා මොනවද ලියන්න ඕනේ කියලා
සුපුරුදු උදාහරණය ජලය ගත්තොත් subtopics
:ජල අණුව ව්‍යුහය
:හයිඩ්‍රජන් බන්ධන
:ජලයේ වැදගත්කම
:ජලයේ ගුණාංග
🔺Step 3
දැන් තමා අමාරුම කෑල්ල.කෑල්ල කිව්වට කෑල්ල තරම්ම අමාරුත් නෑ.😁🫣.මෙතනදි තමා පාඩම් කරගන්න ඕනේ. මේ වෙද්දිත් කලින් step 2 කරපු කෙනෙක් Resources book එක තුන් හතර පාරක් කියවලා තියෙන්නේ. මේ කතාව ඔලුවට හරියට දාගන්න තමා ඕනේ. එතනදී ඉස්සල්ලා step එකේදී ඔයා තීරණය කරපු subtopics අනුව පාඩම් කරගන්න.ඒ කියන්නේ මෙහෙමයි. මුලින්ම ව්‍යුහය ලියන්න ඕනේ ඒවට මේවා මේවා ලියනවා. ඊලඟට හයිඩ්‍රජන් බන්ධන ගැන. ලියන්නේ මේවා....මෙන්න මේ විදිහට. එහෙම නැත්තම් Essay එක ලියද්දී ඔයාට points හැලෙන්නේ තොග වශයෙන්
🔺Step 4
දැන් ඉතින් වැදගත්ම part එක. දැන් essay එක ලියන්න ඕනේ. එතකොට time කරලා ලියන්නම ඕනේ. පුළුවන්නම් පැය බාගෙකටත් අඩුවෙන් ලියන්න try කරන්න. සමහර අය හිතනවා මම දැන් සුපිරියට පාඩම් කරානේ. අය ලියලා කාලේ කන්නේ මොකද කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරදී. මෙහෙම මතකෙන් ලියන එකෙන් ඔයාගෙ මතකය වැඩි වෙන්නේ මාර විදිහට. ඒක අද්දැකීමෙක් කියන්නේ.
🔺Step 5
මට first shy එකේදී වැරදුණ තැන. මම හොඳට පාඩම් කරලනේ ලිව්වේ. දැන් ඉතින් resources එක එහෙමම ලියලා වගේනේ අය මොකටද mark කරන්නේ කියලා mark කරේ නෑ. ඒත් ඒක වැරදී මොකද Bio essay marking එක මාර tough. මාර තදයි. එත්කොට විද්‍යාත්මක වචන ඒ විදිහටම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. අපිට මගෑරෙන ඒවා හොයාගන්න step 5 ඒ කියන්නේ ලියපු essay එක mark කරන එක කළ යුතුයි නෙමෙයි. යුතුමයි.**
Daily essay එකක් ලියන්න. කලින් පටන් අරගෙන නැත්තම් අද හෙටම පටන් ගන්න. දැනටමත් 2 පාඩමෙන් essay ලියන්න කීප පාරක් පටන් අරගෙන් මැදින් නතර කරානම් වෙන පාඩමකින් පටන් ගන්න. 3,4 වගේ පාඩම් හොඳයි මට හිතෙන විදිහට.
Paper classවල එක එක තැන්වලින් essays දෙනවනේ ඒවා පාඩම් කරන ගමන් කලින් ලියපු අමතක වේගන යන ඒවා මතක් කරගන්න. මේ විදිහට දිගටම exam වෙනකන් කරද්දී තේරෙන්න ඕනේ ඔයාට වරදින්න විදිහක් නෑ කියලා.
මේ විදිහට essay පාඩම් කරන එකයි,MCQ විවරණය කරන එකයි තමා මම Bio පාඩම් කරනවා කියලා කරේ. මට දැනෙන විදිහට ඒක සාර්ථක ක්‍රමයක්.
~Helaa...~
මට 1st shy(2023) එකේ Bio MCQ 45යි. 2nd shy(2024) මේ පාර MCQ 49යි.
ඉතින් මම හිතනවා මගේ ක්‍රමේ ගොඩක් අයට හරි යයි කියලා. මේවා සමහර අය අහලත් ඇති. මට ඕනේ විදිහට මම modify කරලා මේක පාවිච්චි කරේ . මම කරපු විදිහ කියන්නම්.මම Bio වලට පාවිච්චි කරපු දේවල් 3ක් ගැන කියන්නම්.
💡**01.
MCQ විවරණය 2.0
Paper මූලික කරගෙන යන වැඩක් මේක. ඕනෙනම් වෙන් කරලා තියන MCQ ගන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ paper පාවිච්චි කරොත් මේක වඩා සාර්ථකයි. මොකද paper එකකින් ලොකූ වපසරියක් cover වෙන හින්දා.
මෙතනදී ප්‍රශ්න විවරණය කරන්න ඕනේ. හැබැයි සාම්ප්‍රදායික විවරණේ නෙමෙයි. මේ විවරණය කරන එකේ අරමුණ පාඩම් කරන එක. අමතක දේවල් මතක් කරගන්න එක. එතකොට ප්‍රශ්නයක් කියවලා ඒක උත්තරේ අරගෙන ඊට පස්සේ resources book එකේ අදාළ part එක බලන්න ඕනේ. අමතක දේවල් තියනවනම් හෝ පාඩම් කරලා නැත්තම් ඒ ටික පාඩම් කරගන්න ඕනේ.
ඊළග step එක තමා විවරණේ ලියන එක. මේ ලියන විවරණේ බොහෝ විට අය කියවන්න වෙන එකක් නෑ. ඒ නිසා පිළිවෙළට ලස්සනට ලියන්න ඕනේ කියලා දෙයක් නෑ. හැබැයි අනිවාරෙන් ලියන්න ඒකෙන් මතකය මාර විදිහට වැඩි වෙනවා. එතනදී පුළුවන් තරම් කෙටියෙන් ලියන්න ඕනේ කියලා දෙයක් නෑ. පාඩම් කරපු ප්‍රශ්නෙට අදාළ සහ ආසන්න අනිත් කොටස් පවා ලියන්න. තව ප්‍රශ්නෙකට එන්න පුළුවන් දේවල් පවා ලියන්න. එතකොට charts, Mind maps පාවිච්චි කරලා කරන්න පුළුවන්. හැබැයි ඒ creative කරන්න ලොකු වෙලාවක් ගන්න එක මම අනුමත කරන් නෑ. මොකද paper එකේ ඔයා කොච්චර ලස්සනට , පිළිවෙලට ලියලද කියන එක අදාළ වෙන් නෑ. මොකද මේ ශිෂ්‍යත්වේවත් සිංහලවත් නෙමෙයි. Science subjects .
මේ වැඩේදී සමහර විට එක ප්‍රශ්නෙකට පැයක් විතර යන්නත් පුළුවන්. ඒක පාඩු නෑ. මගේ MCQ ගාන දැක්කම මම හිතනවා ඒක ඔයාට විශ්වාස කරන්න පුළුවන් කියලා.එක සතියක විවරණය කරන්න වෙලාවක් ආවේ දෙවනි පාඩමේ ප්‍රශ්න විතරයිනම් ඊළඟ සතියේ paper එකේ වෙන පාඩම්ක ඒවා මුඅලින් බලන්න. නැත්තම් 40 ඉඳන් උඩට බලන්න.
මෙහෙම Bio MCQ විවරණය කරන වැඩේට සතියට දවසක් විතරම තියාගන්න. දවස් දෙකක වරු 2ක් වුණත් කමක් නෑ. ඒක ඔයාගේ විදිහ . එතකොට පාඩම් කරන් නැද්ද වගේ වගේ ප්‍රශ්නයක් එනවනම් ඉතින් මේ කරන්නේ පාඩම් කරන එක තමයි යකෝව්.
💡02.
Revise point book
මේක කාලයක් paper කරගෙන යද්දී හදන දෙයක්. මේකට දාන්නේ අපිට නිතරම අමතක වෙන points එතකොට මේ point book එක හැම සතියෙම paper එක ලියන්න කලින් බලලා යන්නේ.
මේක නම් මාරම වැදගත්. මොකද ඔයා කලින් papers කරලා තියනවනම් ඒවා පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න.එතකොට තේරෙයි හැමදාම වරදින්නේ එකම දේ කියලා. ඒ වැරදි හදාගත්තොත් විතරයි ඔයාගේ ලකුණු වැඩි වෙන්නේ. එහෙම නැතුව මම වැඩ කරනවා ඒත් ලකුණු වැඩි වෙන් නෑනේ ගගා ඉන්නවට නෙමෙයි. අද්දැකීමෙන් කියන්නේ.
💡03.
(අ)මතක පොත
මේ පොත හදන්නේ ඔයා theory ,revision හෝ paper class එකේ sir or mdm උගන්නන අතරෙදී.
මම දන්නව සමහර අයට හිතෙනවා උගන්නන වෙලාවෙ වෙන වැඩ කරන්න එපා කියලනේ තියෙන්නෙ කියලා. ඒත් මේක කරාට නම් වාසියක් මිස පාඩුවක් වෙන්නේ නම් නෑ.
මොකද්ද ඉතින් නේහ් මේක . ඒක මෙහෙමයි. ඔයාට sir or mdm උගන්නන වෙලාවේ තේරෙනවානේ මේක මට මතක නෑ. ගිය සතියෙනේ පාඩම් කරේ ඒත් අමතකයිනේ වගේ ඒවා. අන්න ඒ වගේ ඒවගේ topics ටික තමා මේ පොතේ ලියන්නේ. ගෙදර ඇවිල්ලා සතිය ඇතුළත වෙලාවක් දාගෙන අයෙත් ඒ ටික පාඩම් කරන්න ඕනේ.**
ඉතින් මේ වැඩ 3 ම මමම කරපු දේවල් කව්රුවත් කරලා ඒක මම අහගෙන ලියන දෙයක් නෙමෙයි. ඉතින් මම අද්දැකීමෙන් දන්නවා මේවා සාර්ථක ක්‍රම කියලා.
මේවා කරලා බලන්න. අනිවා ඔයා කොයි මට්ටමේ හිටියත් ලකුණු වැඩි වෙයි.
~Helaa...~
✔️✖️Bio MCQ paper🧐
කව්රුත් දන්නවනේ 2023 Bio සුපිරි හොඳට හිතන්න තියන paper එකක් තිබ්බේ. මේක new syllabus එකේ අමාරුම Bio MCQ එකද කියලා ඇහුවොත් මගේ අදහස නම් "නෑ" කියන එක.2021 paper එකේ මීට වඩා හිතන්න දේවල් තිබ්බා.
අනිවාරෙන් ඉස්සරහට එන Bio MCQ paper ටිකත් මේ වගේම වෙයි. මොකද science කරන ළමයෙක්ගේ thinking එක, හිතලා බලලා තීරණයක් ගන්න එක මාර වැදගත්නේ ඉස්සරහට කරන්න ඉන්න profession එකට.
මීට කළිනුත් මම Bio MCQ හදාගන්න විදිහ ගැන කියලා තියනවා. අයේ පාරක් ඒක ගැන වැඩි විස්තර ඇතුව කියන්නම්.ඊළග msg එකෙන්
ඉස්සරහට සර්ලා,මැඩම්ලා paper class පටන් ගන්න නිසා මේක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා.
Bio Essay Guessing වලින් හැමතැනම පිරී ඉතිරී යනවා නේද?**
මගේ අද්දැකීම් එක්ක දෙයක් කියන්නම්. ඕගොල්ලෝ guessing බලන්න. පාඩම් කරද්දී වටපිටාව ඔක්කොම පාඩම් කරගන්න.
Eg: පද්ධතියක් නම් සම්පූර්ණ පද්ධතියම.
:එන්සයිම කිව්වොත් එන්සයිම ගැන resources book එකේ තියන ඔක්කොම.
Good luck හැමෝටම. වැඩි වැඩියෙන් පාඩම් කරන ඒවාම exam එකට ඒවා....??**
**මේ පාර දෙබෙදුම් සුචියක් එන්න පුළුවන්. ගිය පාර ආවෙත් නෑනේ.දෙබෙදුම් සුචි set නැත්තම් මේ ටික කරන්න.
දෙබෙදුම් සුචියක් හිතන්නේ කොහොමද කියලා තියනවා මේ ටිකේ.**
First shy නංගිලා ,මල්ලිලා පරිසරය පාඩම පාඩම් කරද්දී ශාකවල විද්‍යාත්මක නම් ටිකත් පාඩම් කරගන්න අනිවාරෙන්.(spellings නම් ඕනෙත් නෑ)
Miss වුණත් එක ලකුණක්නේ කියලා අතාරින්න එහෙම එපා. ලකුණක වටිනාකම මම හොඳටම දන්නවා.ඒකට ජීවිතේ අවුරුද්දක් පස්සට අදින්න පවා පුළුවන්.
නිදිමතට ඉස්සර ඉඳන්ම මට හම්බුණ හොඳම solution එක.
කකුල් රිදෙනවා කියලා නම් කියන්න එපා. Hospital ගිහින් ඉඳගෙන ඉන්න වෙන් නෑනේ.?
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago