Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

සිහින කවි නිම්නය🥰🌬️🌸🌸

Description
සිහින ගෙත්තම් කරන
සිත් අහස යට ගුලි වෙන්න
හුස්ම වැටෙන අකුරු වලට
මැදි වෙලා ජිවත් වෙන්න

අකුරු කරපු හැඟීම් වල
මධු රස විඳගන්න
හිත් පුරා විසිරුණ
මතකයන් දිග හරින්න

හීනියට ඇද වැටෙන
සිහින මල් වැස්ස යට
අවසරයි ගොඩවෙන්න
සිහින කවි නිම්නයට 🥰🌬️🌸🌸...
20/05/2021🇱🇰
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month ago
වසත් කල පලින් බර වේවා

වසත් කල පලින් බර වේවා
සුවඳවත් වලින් හැඩ වේවා
මනුදමින් දදන් වැජබේවා
මුළු ලොවම සසිරි බර වේවා

සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸

1 month, 4 weeks ago
සිහින කවි නිම්නය🥰🌬️🌸🌸
4 months, 2 weeks ago
උගත් ශිල්ප මතකයේ වේවා

උගත් ශිල්ප මතකයේ වේවා
සිතිවිලි සන්සුන් මනසක් වේවා
ගණදෙවි බැල්මත් නුඹ වෙත වේවා
සාර්ථකව පිළිතුරු ලිය වේවා

2023 A / LEVEL
Good Luck with your Exams ♥️

විභාගය ලියන්න යන නංගිලා මල්ලිලා හැමෝටම අපෙන් සුබපැතුම් ♥️

සිහින කවි නිම්නය Admin Team

4 months, 2 weeks ago
හීන නුඹ හරි හිතට වදයක්

හීන නුඹ හරි හිතට වදයක්
ලස්සනම එක හුරු හැඟුමක්
කාලයක් හදවතේ ලැගගත්
දෑස් ඇරගෙන පවා දැකගත්
හීන නුඹ හරි හිතට වදයක්

නින්දකදි ලස්සනට දැක්කත්
අවධි වූ විට නුඹ අරමුණක්
වෙහෙස වී මා හඹා ගිය මුත්
තවත් ඇයි දුර ඔහොම නවතින්
හීන නුඹ හරි හිතට වදයක්

ලස්සනට ගෑ පාට සේරම
දිය නොවෙන්නට රකිනු රිසියෙන්
කඳුලු ගඟකින් පිහින යන මේ
නොයෙක් දුක් ගිනි අතර මැදකින්
හීන නුඹ හරි හිතට වදයක්

මතු දිනෙක මා මමම වී
සිනාවෙන් ලොව ඉදිරියේ
නැවත හැරිලා කියන්නට හැකි
හීන නුඹ හරි හිතට වදයක්
ලස්සනම සොඳුරුම හැඟීමක්

සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸

4 months, 2 weeks ago
සතුට හිත් ළඟම වේවා

සතුට හිත් ළඟම වේවා
මුවග සිනහා නිතර වේවා
හිතේ ශක්තිය දෙගුණ වේවා
හීන එකිනෙක සැබෑ වේවා

සෙහෙහසින් සිත් පිරේවා
මනුදම් සුරැකී තියේවා
ළබැඳියන් සුරැකේවා

ඔබට, අප හැමට
සුබ නව වසරක්ම වේවා!!!

Happy New year to you and Your Loved ones

Wishers From
Sihina Kavi Nimnaya Admin Team

4 months, 3 weeks ago
නිහඩ ආදරවන්තයා***🤍******🌼***

නිහඩ ආදරවන්තයා🤍🌼

එයාගෙ ඒ බැල්ම වෙයි යින්ගෙ විතරක් වෙද්දි එයාගෙ හිනාවත් වෙයි යින්ගෙ විතරක්ම වුනා...

කාත් එක්කවත් හරියට කතා නොකරපු කෙනා වෙයි යින්ග් එක්ක හරි හරියට කතා කරා...

කවදාවත් වංශෙ නීති කඩ නොකරපු කෙනා වෙයි යින්ග් වෙනුවෙන් නීති පවා කැඩුවා...

එයා ආපහු එයිද නැද්ද කියන්න දන්නෙත් නැතුවම අවුරුදු 15ක් තිස්සෙ එයා ආදරේ කරපු කෙනා වෙනුවෙන් බලන් උන්නා...

වන්ජි කියන්නෙම ආදරේ සංකේතයක් වෙද්දි ආදරේ ගැන තවත් උපමා මොකටද?🤎🍂

පියු...🌼*🍃*

සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸

4 months, 3 weeks ago
කලුවර අහසේ ලස්සනට පායලා තියෙන හද …

කලුවර අහසේ ලස්සනට පායලා තියෙන හද දිහා නෙමෙයි මන් බලාගෙන හිටියේ හදට එහායින් පායලා තියෙන පුංචිතරුව දිහා...🤩
එයා හරි ලස්සනට හද දිහා බලාගෙන දිලිසෙනවා..😍
හැබැයි හද ලගට ලන් වෙන්නේ නෑ ඒ ඇයි කියලා මන් කල්පනා කරා..🤔
සමහර විට එයා ඇත ඉදලා හද ආරක්ෂා කරනවා ඇති.,😊නැත්තම් හදට ලන් වෙලා දවසක හද දාලා ගිහින් එයාට තනියෙම අහසේ ඉන්න වෙයි කියලා බයද දන්නේ නෑ එත් බය නම් ඇයි හද දිහා බලගෙන ඉන්නේ දුරින් ඉන්න තිබුනා නේ..😑පුදුම ලොකු කමක් තමා මල කොලම් පුංචි තරුවටත් තියෙන්නෙ..😒
අච්චර ලොකු ලස්සන හදට මේ පුංචි තරුව ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවාද දන්නෙත් නෑ 🙁
එත් මට හිතුනේ හද නම් ඉන්නෙ පුංචි තරුව ලගට එනකන් කියලා හදත් හරි ආඩම්බරකාරියෙක් තමා...😒🫶🏻

@ලොකු කාමින් ඉන්න නපුරු පුංචිතරුව😒🌟
@ලස්සන ආඩම්බර හද😒🌕

#NA_ama🌝🌹

සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸

4 months, 3 weeks ago

මමම දන්නෙ නෑ ඇයි මෙච්චර මුහුදට
ඇබ්බැහි වෙලා තියෙන්නෙ කියලා...

සමහර අය දකින්නෙ ඒක පිස්සුවක් විදිහට
වෙන්න පුලුවන්,
ඒත් මට නම් මුහුද කියන්නෙ මනස සුවපත් කරන දිව ඔසුවක් වගේ...

දවසේ ඕනීම වෙලාවක ඕනී තරන් වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන් දෙයක් තිනවා නම් ඒ සයුරු රළ බිදෙන අපූරුව තමයි...

අව්ව වැස්ස රෑ දවල් ඒ මොනාත් අදාළ නැතුව රැල්ල ඇවිත් වැල්ල සිපගෙන ආපිට යන ලස්සන පැය ගාණක් උනත් බලාගෙන ඉන්න පුලුවන් තරමට
මුහුද කියන්නෙම ඇබ්බැහියක්...

sew

සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸

4 months, 3 weeks ago

මං ගාව පිපුන....
ලස්සනම මල ඔයා...
ඉතින් ඒ මලට....
මං හරි ආදරෙයි...
- sandu - 👻
සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸

6 months ago
සිහින කවි නිම්නය ***🥰******🌬️******🌸******🌸***

සිහින කවි නිම්නය 🥰🌬️🌸🌸

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago