Nimmi_ නිසදැස්

Description
ආදරේ කරන්න ,

සුදු කළු අළු කාලවල් ගෙවනකම් ...

( මා අවරට ගියෙමි )

⛅️ Nimmi_Kanchana 🍃
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

1 month ago

**මං ජීවත්වුන හැමදාකම කොහේ හරි තැනක මම තනිවුනා..

මානසික පීඩනය රිදවීම් ප්‍රතික්ෂේප වීම් මේ හැමදේම දරාගන්න බැරිවුණ හැමදාකම මම කරේ අඬපු ලියපු එක විතරමයි...

මගේ කියන අය මගේ කියලා හිතපු අය හරි ලස්සනට මාව හැමතැනක්ම තනිකරා පළිගන්න වෛර කරන්න මොකුත් නොදන්න මගේ හිත සංසාරේ කරපු පාපකර්මයකින් හත්කඩේ විසිරිලා ගියා...

කවදාවත් කවුරුත්ම ඔයා හොඳින්ද ඔයාට දුකයිද අඩුම තරමේ ඔයාව මට තේරෙනවා ඔයා සන්සුන් වෙන්න මාව එහම සනසපු නැති තරම් ...

මිනිස්සු සැරින් සැරේට එකදිගට කියන කරන හැමදෙයක්ම ඔළුවේ පිරිලා පුපුරලා යන්න තරමටම ...

සමහර තැන් වල මට හිතෙනවා මම කාටවත්ම උදව් කරන්නේ නෑ මම නපුරු වෙන්න ඕන හැමෝම කරන්නේ එයාලට ඕන වෙලාවෙදි ඉඳලා එපා උන වෙලාවට අත්හරින එක කියලා ඒ හැම තැනකම කොහින්ද නැති දුකක් අනුකම්පාවක් එක්කන් මගේ හිත බිඳිලා ගියත් පුළුවන් තරමින් හැමතැනකම මම හිටියා...

සමහර වෙලාවට මම ආය ලියන්නේ නෑ කියලා අත්හරින්නත් හිතිලා තියේ

ඒත් මම වගේම තනිවුන එක්කෙනෙක් දෙන්නෙක් හරි තමන්ගේ හිතට දැනෙන හැඟීම් කියාගන්න බැරිව මගේ අකුරු වලින් තනිවුන වෙලාවක ඒ තනියට වාරු වෙන්න මට පුළුවන් කියලා මට එහම වෙලාවට නොහිතෙනවා නෙමෙයි...

කොහොම උනත් මගේ තනියට දිනපොතක් වගේම ඔයාගේ තනියට හැමදාම මම ලියයි

2024/12/16

මගේ දිනපොත

Nimmi Kanchana **

1 month, 1 week ago

**කෙනෙක් ගැන ඕනවටත් වඩා වැඩියෙන් හිතනකොට ඒ කෙනා අනික් අය නිසා ඔයාව ප්‍රතික්ෂේප කළොත් අත්හැරියොත් දැනෙන දුක වේදනාව දැනිලා තියේද..

මේ පුංචිම පුංචි රටේ මිනිස්සු මහ ගොඩක් ඉඳියත් ඒ කෙනා නැතිව මුළු ලෝකෙම නෑ වගේ දැනෙන හැඟීම තනිකම රිදීම ඔයාටත් දැනිලා තියේද...

අත්හැරිම කියන දේ කීපවතාවක් කරන්න උත්සහ කරලා අතරමං වෙලා තියෙනවද...

ආදරේ කියන්නේ මොකක්ද ඇත්තටම ඒක විඳලා තියේද...

ඒක හරිම ආත්මාර්ථකාමි හැඟීමක් අනේ මන්දා මට එහම හිතෙනවා

ආදරේ කරද්දී කියනවා මට විතරයි එයාව අයිති මගේ විතරයි කියලා ටික කාලයක් යනවත් එක්කම ඒ ඇතුළේ මගේ කියන හැඟීම විතරයි

ඔයාට අයිතියක් නෑ එහම කරන්න
ඔයා කෑවද ඇයි ඇහුවේ නැත්තේ
ඔයාට නින්ද ගියේ ඇයි මට නොකියා නිදාගත්තේ ඇයි අනේ මන්දා ආදරේ නෙමෙයි ඒක ඇයි කියන වචනෙකට යටවෙලා...

ඇත්තටම බැරිවෙලා හරි අපි ඒ දේවල් කතා නොකරොත් ආදරේ ඇතුළේ එතන ආදරයක් නෑළු..

මං දැකලා තියෙනවා හට්ටි පිටින් කෑම කකා අනේ මම කෑවේ නෑ කියනවා 🥲 සමහර තැන් වල බොරුව විතරයි...

එක්කෝ කවුරුහරි කෙනෙක් මැද්දට පැන්න ගමන් අවධානය එයාට තමන්ට කෙනෙක් ඉන්නවද මම මේ දේ කරොත් වැරදිද එහම් හිතන් නෑ නිකන් හැමෝගෙම කෙනා එයා වෙන්න හදන්නේ...

අනේ නෙමෙයි අලේ රිදුනා නෙමෙයි සිඳුනා ඔයා නෙමෙයි උයා 😒 ඇත්තටම මලවිකාර නෙමෙයිද..

එහම ආදරේ කරන්න මහන්සී නැද්ද

හොයලා බලන්න ඕන කෑවද බිව්වද අසනීපද නැද්ද මේවා හොයන්න ඕන ඒත් ඇයි මේවා අස්සට බොරුව දාන්නේ

ඇයි බැරි නිදහස දුන්නම ඒ විශ්වාසය කඩනොකර ඉන්න

ඇයි තමන්ගේ කෙනා ඉද්දි වෙන අය් ගැන හිතෙන්නේ ඉතින් තාමත් ඔයා කියනවද ආදරේ ආත්මාර්ථකාමි නෑ කියලා

මීට වඩා පරිණත වෙන්න බෑද මිනිස්සුන්ට

ආදරේ කරන කෙනා ළඟ නිදහසේ ඉන්නේ නැත්තේ ඇයි මිනිස්සු සැහැල්ලු වෙන්නේ නැත්තේ ඇයි

අනේ මන්ද අරුම පුදුම දෙයක් ආදරේ කියන්නේ

ඒක හරි සැහැල්ලු හැඟීමක් වටිනම හැගීමක්
මතක එක්ක හරි හරියට ජීවත් වෙන්න පුළුවන් අමුතුම එකක්

සැහැල්ලු වෙන්න ආදරණීය වෙන්න අත්හැරුණත් අනික් කෙනා ඒ කෙනා ගැන වෛරයක් නොහිතෙන තරමට ජීවත් වෙන්න විශ්වාසය පක්ෂපාතීත්වය

ඒක නෙමෙයිද ආදරේ

Nimmi Kanchana **

1 month, 1 week ago

සමහර කතා..! 💔🥀 මගේ පලවෙනි සහ අවසාන ආදරේ.. මේ කතාව පටන් ගන්නෙ දැනට අවුරැදු 13කට විතර කලින්. එතකොට මම AL වලට පංති යන්න පටන් ගත්ත විතරයි.අපේ පංතියෙන් කොමස් වලින් Al කරන්න ගියෙ මම විතරයි. මම ටිකක් තව කෙනෙක් එක්ක කතා කරන්න හරි බයයි.ලැජ්ජයි.ඉතින් එ වෙද්දි මට…

1 month, 1 week ago

**මම දැන් බයම අහසට ,

රිදෙන තැන් නොරිදෙනවා වගේ ඉන්න ...

එයාටම ලිය ලියා නොලියනවා වගේ ඉන්න...

ඕනමයි නොකියා හිත ඇතුළේ ඕනමයි කියලා කෑ ගහන්න ...

එපා නම් එපා කියලා කටින් විතරක් පුරසාරම් දොඩවන්න...

මම දැන් බයම අහසට වෙනස් වෙනවා දැන දැනත් දරන් ඉන්න ...

නොදන්න අමුත්තිය ඔබට,

හිතුවට නොරිදෙනවා බව හැමදාක

නොකීවත් මා අවැසි බව කිසිදිනක

රිදෙනවා දරන්නට බැරිම තරමට හුස්ම ගැනෙනවා නෙමෙයි වැටෙනවා ඉබේට ...

ඉල්ලමි ඔබෙන් ,
මතු උපදින කිසි අත්භවයක, එන්නට එපා අප අතරට කිසිදාක, පැමිණියොතින් ඔබ දැනුවත්වම ඒ දවස ,
නොවෙමි මා එදිනට දංදෙන වෙස්සන්තර ....

Nimmi kanchana **

1 month, 1 week ago

**ඔයා ගොඩක් තැන්වල ගොඩක් අය තනිකරලා ඇති වෙන්නේ මොනවද උනේ මොනවද කියලා ඔයාට තේරෙන්නෙත් නැතුව ඇති ..

සමහර බැදීම් රිදවීම් දරාගන්න බැරිම තැන කාටහරි කියලත් ඇති ඒ කෙනාම ඒ දේවල් විහිළුවට අරගෙනත් ඇති...

මේ දැනුත් සමහරවිට කාගෙහරිම කතාවක් නිසා දුකිනුත් ඇති සමහරවිට ආදරේ නිසා ...

සමහරවිට ඔයා ළඟ අය යාළුවෝ ඔයා ගැන හිතන අය

මම , ඔයාට අත්හරින්න කියයි හිතන්න එපා කියයි, ඕවා ඔහොම වෙනවා සාමාන්‍යයි සමහරවිට ඒ ටිකම හැමෝම කියයි

ඒත් මම දන්නවා ඒක ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක් මානසික වශයෙන් ශාරිරික වශයෙන් මම ඒක දන්නවා

මම දන්නවා ඔයාට සතුටු හිතෙන්න ඇති නේද දැන් මොකද ඔයා ඉන්න තත්ත්වය මට තේරුණා කියලා...

අපි හැමෝටම ප්‍රශ්න එනවා මටත් ඕනතරම් ඇවිදින් තියෙයි ඕනතරම් මම තැන් තැන්වල ඉඳන් නිදන් කල්පනා කරලා තියෙනවා රෑ වෙනකම් උදේ වෙනකම් දවල් වෙනකම්

ඒත් මම කියන්නේ එහම කල්පනා කරන්න එපා කියලා විතරයි මොකද ඒකේ කිසි තේරුමක් නෑ

මොකද අපිට තිබහයි කියලා වහ බීලා බෑනේ දුකයි දුකයි කියලා කල්පනා කරලා වැඩක් නෑ ඒක ඇත්තටම තේරුමක් නැතිම දෙයක් මොකද ඕනතරම් මම කල්පනා කරලා තියේ ...

කොහොමද ඇත්තටම අපි ඒක නවත්තගන්නේ

ඔයා ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න ඒක කරන්න අමාරුයි හබැයි පටන් ගන්න ඔයා ගැන ලස්සන දේවල් හිතන්න අධ්‍යාපනය ,ලස්සන, ඔයාගේ අරමුණු ,ඔයාගේ හිත නපුරු තැන් වලින් රැකගන්න

මිනිස්සු ඉස්සරහා දුර්වල වෙන්න එපා අනික් දේ වෙන කෙනෙක් වගේ වෙන්න උත්සහ කරන්නත් එපා...

ඔයා කවුරුහරිම කෙනෙක් වගේ වෙන්න උත්සහ කරනවා නම් ,ඔයා හිතන්නකෝ ඔයා වගේ වෙන්න කෙනෙක් උත්සාහ කරනවා කියලා ඔයාගෙත් අඩුපාඩු තියේ නේද අන්න ඒ වගේ අපි හැමෝගෙම අඩුපාඩු තියේ ඒවා ටික ටික අඩුකරගන්න මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා...

ආදරේ ඉස්සරහා මිනිස්සු හරි දුර්වලයි ඒ බැදීම් එකපාරට අතාරින්න අපිට බෑ හැබැයි ඒ කියලා ඒ මිනිස්සුන්ට වෛර කරන්න එපා මොකද අපි ගොඩක් අය ඉගෙන ගන්නවා වෛර කරන්නයි ඉගෙන ගන්නයි විකාර කරන්නයි වෙලා නෑ අපිට ඉතින් එයාලා ගැන හිතුනාම හිතන්න ඔයා ළඟ ඔයාගේ අමරුම කාලේ ඉන්න බැරි කෙනා ඔයා එක්කන් ජීවිත කාලයක් ජීවිතේ බෙදාගනිවිද කියලා...

ටික ටික වෙනස් වෙමු ඔයාට පුළුවන් අතාරින්න ඕන නෑ මොනම දේ වුනත් ඒක ඔයාගේ ඔළුවට ගන්න එක නවත්තන්න

හුඟ කාලෙකින් ලිව්වා තඬිම තඬි හෑල්ලක් 😏 😒 දැන් බයින්න එපා මට හච්චින් යාවි මට මේ තියෙන කරදර මදියට ඔයාලත් බැන්නාම ශෝක් එකට තියේවි හිනාවෙන්න අප්පා සුට්ටක් 😁

හෙනම බර කතාවක් කියලා අවසානෙට ගොං කතාවක් කීවේ නැත්තම් මට කෑවේ නෑ වගේ 😒😂

Nimmi Kanchana **

1 month, 2 weeks ago

**කඳුලු උනත් නෙතට වඩා හිතට බරවෙද්දි මම ඇඬුවා නෙමෙයි ඇඬුනා ...

සමහර දේවල් පුංචි පුංචි දේ උනාට ඒවා ගැන යන්තමට ටිකක් වැඩියෙන් මට හිතන්න උනා...

මිනිස්සු කියපුවා කරපුවා හිත රිද්දපුවා හිතන්න ගියොත් කීයක් කියලා මම හිතන්නද නෑයෝ දන්න මිනිස්සු නොදන්න මිනිස්සු හැමෝගෙම දේවල් ඕනවටත් ටිකක් වැඩියෙන් හිතන්න උනාම මිනිස්සුන්ට තරහ යන එක අසාමාන්‍ය දෙයක්ද

නෑ ඒක දැන් මට සාමාන්‍ය වෙන්න පුළුවන් දෙයක් වෙලා ඊටත් වඩා මට රිදිලා ...

ඉවසන්න ඕනි මිනිස්සු හබැයි ඕනවට වඩා ඉවසීම නිවටකම උදව් කරන්න ඕන මිනිස්සු හැබැයි මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වේ දැනගෙන ආදරේ කරන්න ඕන මිනිස්සු හැබැයි සීමාව දැනගෙන ...

එන යන මිනිස්සු ගොඩක් දේවල් කියලා දුන්නා මට සමහර විට මේ මට මාව අල්ලන් ඉන්න අමාරුම කාලේ වෙන්න ඇති සමහර දේවල් වල තේරුම තේරුම් කරගන්නවත් මට බැරිම කාලේ වෙන්න ඇති...

සමහරවිට නවතින්න ඕනම කියලා මට හිතිලත් ඇති ..ම්

Nimmi Kanchana **

1 month, 2 weeks ago
**මොන ප්‍රශ්නයක් උනත් හිත සැනසෙන එකම …

මොන ප්‍රශ්නයක් උනත් හිත සැනසෙන එකම තැන 🥺**✨**

1 month, 3 weeks ago

**සුසුම් අකාලේ වැටීමට වඩා මම ආසම සුසුම් නැවත නොඑන මානේකට යනවට...

සමහර දේවල් වලින් වචන වලින් මිනිස්සු රිදවන එක එක අගුල් වලින් මාව සිරකරලා අඩුම නිදහසේ හුස්මක් කටක් ගන්න බැරි තරමට මට දැනෙන්නේ සිරකාරි හැගීමක්...

කවදාවත් කාටවත්ම නොපෙනෙන නොඇසෙන කොහේ හරි තැනක අඩුම තරමේ මා ලිහිල් විය යුතුය...

තවමත් මා සොයන යථාර්ථය මට හමුව නැත සමහර තතැනක එය මට මඟහැරි ඇත...

කෙසේ නමුත් මා මේ කලබලයෙන් කලකිරීමෙන් ගෙවාදමනුවේ හුදකලාවට නැඹුරුව ගෙවාදැමීමට තීරණය කළ සාවදාන දිනයන්ය...

Nimmi kanchana **

1 month, 3 weeks ago

**හිමිවීමම පතාගෙන ප්‍රේම කරන මිනිසුන් අතර මා ...

අහිමිවන බව දැන දැනම පෙම් කෙරුවෙමි...

අයිතිය සුරකීමට ලියවිලි සටහන් නොකළ මා...

අයිතිය හදේ පමණක් තැන්පත් කෙරුවෙමි...

බලාපොරොත්තු පිරුණ ලොවක සිනහව පමණක් අයිතිවාසිකම් කිවූ මිනිස්සුන් අතර ...

කිසිත් නොකියා නිහඬබවට අයිතිය කිව්වෙමි ...

අහස සඳට පෙම් බදිනු දුටු මා කිසිත් නොකියා අවරට ගියෙමි...

ඉතින් මා තනිවිය...

Nimmi_Kanchana 🍃**

1 month, 3 weeks ago

**පුංචිකාලේ අපි හිතපු දේවල් නේද...

මොනහරි දෙයක් කාලා ඒක පැළවෙනකම් බලන් ඉඳියා මං හිතන් හිටියේ කටෙන් අත්තක් ආවොත් මට කන්න බැරිවෙයි කියලා 😂

අහසේ නවතින්න තැනක් තියෙයි කියලා හිතලා අහසින් ඉඩමක් ගන්නත් මං plan කරා 🌝

රස පරීක්ෂක කියන්නේ කාලා බලලා විස්තර කියන කෙනෙක් කියලා හිතන් හිටියා tv එක දිහා බලන් හැමදාම කියවන්නේ ඒක 😂

අය tv එකේ අයට මාව පේනවා කියලා කාලයක් හිතන් හිටියා පොඩි මිනිස්සු tv එක ඇතුළේ ඇති කියලා...

මැරෙනවා කියන්නේ trip එකක් යනවා වගේ කියලා හිතන් හිටියා...

ඉතින් කොයිතරම් දේ වෙනස් වෙලාද ඉස්සර තොරතෝංචියක් නැතුව ඉස්කෝලේ වුණ හැමදේම අම්මට කියපු මම අද ඔහේ මගේ ප්‍රශ්න වලට උත්තර හොයනවා...

සමහර වෙලාවට අම්මට තේරෙනවා ඇති ඒත් මට ඕන ඒ වෙලාවට අම්මට කියලා ඔළුව අතගාගන්න මොකද අපේ ප්‍රශ්න අම්මලාගේ හිතට බරක් ...

ඉස්සර අප්පච්චී එක්ක බයිසිකල් එකේ ඉස්සරහ කියව කියව යන කාලේ ඉඳන් අප්පච්චී කරේ නැඟලා පෙරහැර බලපු කාලේ ඉඳන් මේ වෙද්දී අප්පච්චී එක්ක කතා කරන්නේ වචන 5/6 සීමා වුණ එක පුදුමයක් 😊

සංකීර්ණ ජීවිත වෙලා...

ඉස්සර හරි සැහැල්ලුවෙන් ජීවිතේ ගෙව්වේ ආස හිතුන හැමදේම ඉල්ලුවා හැමදේම අප්පච්චී අරන් දුන්නා ඒත් දැන් එයාලම අරන් දෙන දෙයක් වුණත් ගන්න හිතක් නෑ...

ජීවිතේ හරි පුදුමයි එන්න එන්න වයස යද්දී තේරෙනවා අප්පච්චී අම්මා තිබ්බටම අපිට හැමදේම දුන්නේ නෑ කියලා ...

එයාලගේ හිතේ කොයිතරම් ප්‍රශ්න තියෙන්න ඇද්ද අපිව ජීවත් කරන්නම ...

මට දැන් ඕන එයාලා මට දුන්න හැමදේකටම අගයක් දෙන්න මංව ලස්සනට හදලා හොඳ මනුස්සයෙක් වෙන්න කියලා දුන්නේ ඒ දෙන්නා ...

අදටත් මං පොඩිහරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ එයාලා නිසා ...

මට ඕන එයාලට මේ ලෝකේ හොඳම දේ දෙන්න මේ ලෝකේ දැකලා නැති ලස්සන දේවල් පෙන්නන්න ...

මං දන්නවා ඔයාලටත් එහම ඇති ඉතින් මහන්සි වෙන්න ඉගෙන ගන්න ජීවිතේ හොඳම කාලේ නාස්තී කරගන්න එපා ...

ප්‍රශ්න එනවා ඒවට මූණදෙන්න මොකද ප්‍රශ්න කියන්නේ ඔයාට ලොකු ශක්තියක් දරාගන්න පුරුදු වෙන්න..

සතුටින් ඉන්න

ඊ කියලා හිනාවෙන්න ඔයාලා හිනාවෙද්දි මට හරි සතුටුයි අනේ 😁

Nimmi Kanchana 🍃**

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago