හිත් අරණ 🌿

Description
ගෙවී ගිය හුස්මක්
ගානෙම
විදපු
විදවපු තැන්,
කඳුළු
හිනැහුණ තැන්,
හිතූ
නොහිතූ තැන්,
වැටුණු
නොවැටුණු තැන්,
රිදුණු
නොරිදුණු තැන්,
මත්තෙ හිතට දැනුණු විඩාව
මොහොතකට අමතක කරන්න.

එන්න අපි එක්ක ජීවිතේ විදින්න...
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 3 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 3 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 months ago

2 months, 1 week ago
2 months, 1 week ago
4 months, 3 weeks ago
පදයක් නැති දවුලක් සොයමි

පදයක් නැති දවුලක් සොයමි

ගෙදරක සිටිය යුතු කඩිසර ඇති සැවුල
නිතරම අහන්නට මිහිරිය නද කොවුල
බොන්නට ගන්නෙ නම් ජලයයි නැති කිවුල
හිමිකම් කියනු ඕනේ පද නැති දවුල

- අවිශ්ක නිශාන් -

4 months, 3 weeks ago
සිතිජය

සිතිජය

බලත... රුව ගුණ... මලින ඉපදුන... පතිනි දෙවියන් විලසින
අලුත... පිනවන... හැඟුම් දිනු මන... හද පුරාවට පසසින
සහිත... බන්දන... අනාගත වන... මන ලොවක් ගොඩ නගමින
පැවත... කිසිදින... එකට හමුවන... නුබට ජනනිය හිමිවන

-- අවිශ්ක නිශාන් -

5 months, 1 week ago

11 : 11 ?

හෙට විශේෂ දවසක් බව ඔබලා දැනටමත් දන්නවා ඇති කියා මා සිතනවා. ඒ වෙනුවෙන් ඔබේ හිත, මනස ඉතාමත් සුබවාදීව සුදානම් කරගෙන ඇතැයි කියා මා සිතනවා. ඒත් හෙට කෙතරම් ප්‍රබල දවසක් ද කියා නොසිතන, නොදන්නා අය වෙනුවෙන් ඉතාමත් හර්දයාංගමව මා මෙය ලියා තබනවා..

ආදරණීයනි,

හෙට දිනයේදි විශ්වයේ දොරටු විවෘත වී ඒවාගේ ප්‍රබල කිරණයන් අප සිටිනා ස්ථරයට පැමිණෙනවා. ඉතින් අපේ සිතුවිලි සුබවාදී වන තරමට අප නොහිතනා චමත්කාරයන් අපේ ජීවිතේ සිදුවනවා. මෙය ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාව ඔබේ ශක්තින් තෙරුම් අරන් අධ්‍යාත්මික පැත්ත දියුණු කර ගැනිමට උපකාර කරගන්න. ඉතාමත් ආදරයෙන් මා ඔබට මේ මතක් කරන්නේ හෙට උදෑසනින් අවධි වන්න. අවධි වු සැනින් දැස් පියා ඔබ ගැන හොද දේ හිතන්න. ඔබව දකින්න කැමති ආකාරය ඉතාම සුබවාදීම සිහිපත් කරන්න, මෙතුවක් කාලය පුරාවට ඔබේ ජීවිතේ හබා ගිය හීන සඵල වී ඇති බව මවමින් සතුටු වෙන්න. හෙට දවස පුරා, කිසිම විදියක අසුබවාදි සිතිවිල්ලක් ඔබේ හිතට මනසට ඇතුල් වීමට නොදී සුබවාදීව ඉන්නට අධිෂ්ඨාන කරගන්න. මේ හැමදෙකදීම ඔබ ගැන විශ්වාසය තියන්න.

ඉතින් මා කියවනා ආදරණීනි, මට විශ්වාසයි හෙට දිනය ඔබේ සාර්ථකම දිනයක් වන බව. හෙට උදා වුන මොහොතේ පටන් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් අධිෂ්ඨානන් කරන බව. හෙට දවසේ වැදගත්කම වටාහාගන්න. ඒත් එය ඔලුවට වදයක් බරක් පිඩනයක් නොකරගෙන, සරලව, සුබවාදිව, අසුබවාදි කතා බස්වලින්, අසුබවාදි සිද්ධින් වලින් මිදී ඉතාම සාර්ථවය ඔබට අවශ්‍ය සාර්ථකතව වෙනුවෙන් කටයුතු කරන්න.

ඔබ සියලු දෙනා තුල යහපත් ආකල්පයන් දියුණු වී, සුබවාදි සිතිවිලි පිබිදි හෙට දවසින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකිවේවා යී පතමී.

මේ සොබාදහමේ ආශිර්වාදයත් විශ්වයේ සුබවාදි ආකර්ශනයන් ලැබි ඔබේ ජීවිතය සැනසීමෙන් පිරේවා..

මතක ඇතිව විනාඩි 5 ක් වත් මෛත්‍රී භාවනාව වඩන්න.. ???

ආදරෙන්,
හෂී?

7 months, 3 weeks ago

ඉතාම දක්ශ batch එකක 'අති ම දක්ශයා'
මම වීම ගැන නිහතමානී ව ආඩම්බර වෙමි..
?**
-----------------------------------------------------------------------------

ටිකක් හිත ගොළු වෙලා,,, ලියාගන්න දෙයක් හිතා ගන්න බැරි වෙලා..

එත් පුරුද්ද ට වගේ,, මේ මොහොත තුල මා මෙන් ම motivation එකක් හොයන, හැමෝම වෙනුවෙන් මගේ කතාවේ එක පරිච්චේදයක් කෙටියෙන් කියන්න හිතුවා..

දන්නව ද මේ ජීවිතේ හරිම කර්කසයි... විටක දයාබරයි, තවත් විටක හරිම රළු යි...

අපි සතුටු වෙන්නෙ අපිට
අපි කැමති දේ ලැබුනු ජීව්ත තුල විතර යි.
අපි හොයන්නෙත් එහෙම හිත් විතරම යි..

බොහෝ කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ,
අපිට කොහොම ජීවිත ලැබුනත් ඒක තුල සතුටු සෙවිය හැකි බව..

නමුත් ඒ බොහෝ දෙනා තුලින්, අල්ප ය ක් ඒ කියන අසතුටු උනු, හැඩි උන ජීවිත ලස්සන කරගන්නවා..

මම ත් ඒ අල්පයෙන් එකෙක්. ( ඒ කතාව ටිකක් දිගයි)?

ඒත් මේ පරිච්චේදය අපි මෙතතින් පටන් ගමු..

----------------------------------------------------------------------------

අපි හැමෝට ම හීනයක් තියනවා, මන් මෙහෙම වෙනවා, අරහෙම වෙනවා කියන්න...

මටත් තිබුනා එවැන්නක්...

නමුත් කිසිදවසක හැබෑ නොවෙන මානයක..

මායිම් ගම්මානෙක ඉදන්, ජීවිතේ ගැටගහන්න වෙරදරපු මට,, අයින්ස්ටයින් වගේ වෙන්න හීනයක් තිබ්බා..?
(දන්නෝ දනිති)

ඉතින් ඒ ගමන කටු බොරලු එක්ක ගලා ගෙන ගියා..

වැටෙන වාර වල, ඒ මොහොතවල් තුල හැපි හැපී, තනියම ම නැගිට්ටා..

වාර ගානක් AL කරා.

ඉගෙන ගන්න සල්ලි,
job කරලා හොයාගත්තා..

මිනිස්සු කතා කිඋවා, අත් ඇරියා, අවමන් කරා,
තවම ඔතන ද ඇහුවා..

එදා මහවැලිගම පොඩි ඉස්කෝලෙන් වැඩිම OL ප්‍රතිඵලය ගත් මම, වසර ගනනක් AL කඩ ඉම ලග රස්තියාදු කල දෛවය,,
අප්‍රතිහත සහ නොපසුබස්නා උත්සහය ට නිගා දෙන්න බැරි නිසාවෙන් ම ද කොහෙද ,
පේරදෙනිය ව්ශ්ව ව්ද්‍යාලය මට විසදුමක් කලා..

ඇතුලත් උනේ Vet faculty එකට.
කිසිම ආතක් පාතක් නැතුව ඇවිත්, මහලොකුවට language එකක් දන් නැති මම,,

ඒත් හිටියෙ හරිම ගාම්බීර ව.?

හරිම අහිංසක හීනයක් ආවා මුලින් ම. ඒ අපිව පිලිගන්න දවසෙ stage එකෙ නැගලා කතා කරපු senior අක්කා වගේ වෙන්න ඕනි කියලා

ඒත් මුල් මාස තුන ම කර කියා ගන්න දෙයක් නැතුව බැරිව හිටියා..

දුශ්කර ආර්ථික ය එක පැත්තකින් වද දෙද්දි, අයින්ස්‍ටයින් ගෙ මතකය තව පැත්තකින් අඩ ගහද්දි, එහෙට මෙහෙට දෝලනය වන මගේ හිත පාලනය කර ගන්න එක තරම් අමාරුවක් මට ඒ කාලෙ තිබ්බෙ නෑ..

ඒත් හැමදාම මහ රෑට, කල්පනා කරල විශ්වයේ කොනකට ම යන මගේ හිතුවක්කාර හිත,,
තැලෙන, රිදෙන වාරයක් වාරයක් පාස හයිය උනා..

අහිංසක හීන ටිකෙන් ටික දරුණු උනා..?

අදට ත් මතක යි,, 1st year එකේ acdemic පටන් ගත්ත පලවෙනි දවසෙ උදේ..,

නිල්පාට අපේ record book එකේ පිටිපස්ස පිටුවෙ, තිබ්බ සේරම gold medals ,scholarships ටික බිත්තියෙ ගහගත්තා.. ?️?️???️

හැම අවුරුද්දෙම batch top වෙන්න ඕන හිතුවා.. ?️

ඒක ත් අලවගත්තා..

අධිශ්ඨාන කරගත්තා.. මගෙ හීනෙ ට මට යන්න තියන විකල්පය මෙතන බව..

දන්නවද !
එදා ඉදන් , අවසාන දවස වෙනකම්
ඒ අධිශ්ඨාන ය ඒ ලෙසම පැවතුනා.. .

ඇත්තම යි, මට හිතුනා අධිශ්ඨාන ය පාරමිතාවක් ම බව..?

කැපකිරීම්, නිදි මරපු රෑ ගනන් දස දහස් ගානක් එක්ක, මම ම මට මවපු හීනෙට පණ පොවන්න වැඩ කලා..?‍?

පුස්තකාල ය මගෙ හොද ම යාලුවා වෙන්න පටන් ගත්තා.

හැබැයි ඒ යනකොට, දරුනු ම දරුනු හිත් රිදීම් එක්ක, ප්‍රතික්ශේප වීම් ගොඩකට මුහුන දුන්නා..

කැපිලි කෙටිලි මහ ගොඩයි,
ඒ සියල්ල ආශිර්වාදයක් ම කරගෙන ඒ ගමන ගියා..

දන්න ව ද,

කිසිම කෙනෙක් එක්ක තරග කරේ නෑ. .අරයව පරදන්න , මෙයාව පරදන්න උත්සහ කරේ නෑ...

ඒ ඇයිද,.

අනේ මට ඒ කිසිම කෙනෙක් එක්ක තරගයක් තිබුන් නෑ. ?

මට තරගෙ තිබ්බෙ මාත් එක්කම යි..
මන් තරග කරේ මාත් එක්කම යි...

හිතන්න යමක්,, ?

අපිට පාඩම් කරන්න හිතෙන් නැති කරන්නෙ අපේ හිතමයි. අපිට නැගිටින්න හිත දෙන්නෙත් අපෙ හිතම යි. ඉතින්
අපි තරග කල යුත්තේ අපි එක්කම නොවෙයි ද? ?

ඉතින්,

මන් එදා ඒ බිත්තියේ අලවපු හැමදේම අද මම achieve කරා..
හිතුව ට ත් වඩා දේවල් ලැබෙන්න අරං..

හැඩි වෙච්ච ජීවිතය ට ගෞරාන්විත recognition එකක් මම ම උපයා ගත්තා..

දන්නව ද,,අද මට හිතෙන දේ..?

මේ ලෝකෙ අපිට කරන්න බැරි,
කිසිම දෙයක් නෑ..

හිත ඇත්නම් පත කුඩා ද.?
-----------------------------------------------------------------------------
එනමු දු,

අපිට ඕන සැබෑ කර ගත හැකි හීනයක් එක්ක, ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න පුලුවන් හිතක්.
ඒ වගේම උත්තරීත ර අධිශ්ඨානයක් ඇති, නොපසුබස්නා ධෛර්‍යක් නොවෙද..

එතකොට,
ඉරනම් , වාසනාවන් , සහ දෛවය ත් බයිලාවක් පමනි..

උදේනි කුමුදුමලී.. ?**

10 months, 1 week ago

දකින විට ඔබේ රුව හදෙහි කිති කැවෙනවා
ඇසෙන කල ඔබේ හඬ කඳුළු නෙත පිරෙනවා
ලබන බව ඔබේ අත සිහිනෙකින් පෙනෙනවා
අහිමි ඔබ ගැන සිතා පෙමක් සිත වැඩෙනවා

~අවිශ්ක නිශාන්~

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 3 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 3 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 months ago