™????? ???? | ???????? ??

Description
⚡???? ?????

? For those who don't want to go to site and go to YT to know news and don't have

Be Join to know News Alert from Telegram ??

♨️This Channel Powerd By Hiru & Ada derana News Sites Linked Automaticly News Bot ?

@WIDU_ZER ?
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 4 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 6 months ago

? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

? telegram channel - @rojgaarwithankit

? telegram channel - @RojgarwithankitRailway

? RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago

8 months, 3 weeks ago
™????? ???? | ???????? ??
8 months, 3 weeks ago
***?*** **දොස්තර සහ කනිෂ්ඨ සේවකයන් රෝහලේදී …

? දොස්තර සහ කනිෂ්ඨ සේවකයන් රෝහලේදී පැටලෙයි

කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ විශේෂඥ වෛද්යවරයා සහ කනිෂ්ඨ සේවකයන් අතර අද (17) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

ඒ, කනිෂ්ඨ සේවකයන් ඊයේ (16) වර්ජනයට එක්වී අද සේවයට පැමිණීම හේතුවෙන් ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙනි.

ඊයේ සේවයට නොපැමිණි උඹලා අද මොකද... එළියේ හිටපල්ලා යනුවෙන් සඳහන් කරමින් දොරවල් වසාදැමීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇතිවූ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

කෙසේවෙතත් රෝහල් අධ්යක්ෂවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ වනවිට රෝහල් කටයුතු සාමාන්ය පරිදි සිදුකෙරෙන බව වාර්තා වෙයි.

*?️| January 17, 2024 03:47 pm
*?| ꜱᴏᴜʀᴄᴇ - www.adaderana.lk
?| ᴘᴏᴡᴇʀᴅ ʙʏ** @widuzer

????? ???? ?? ??

8 months, 3 weeks ago
***?*** **ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර …

? ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟතාවක්

ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂික ආධාර සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගෙන ඇති බව ජාත්යන්තර මාධ්ය පවසයි.

කටාර් මැදිහත්කරුවන් පවසන්නේ ඒ අනුව ගාසා තීරයට වැඩිපුර ආධාර යැවීමට ඊශ්රායලය සහ හමාස් සංවිධානය එකඟ වූ බවයි.

එසේම ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්රායල ප්රාණ ඇපකරුවන්ට අවශ්ය ඖෂධ සැපයීමට ද හමාස් සංවිධානය සිය කැමැත්ත ප්රකාශ කර ඇති බව සඳහන් ය.

*?️| January 17, 2024 03:21 pm
*?| ꜱᴏᴜʀᴄᴇ - www.adaderana.lk
?| ᴘᴏᴡᴇʀᴅ ʙʏ** @widuzer

????? ???? ?? ??

8 months, 3 weeks ago
***?*** **ඉරානයෙන් පාකිස්ථානයටත් මිසයිල ප්‍රහාරයක්**

? ඉරානයෙන් පාකිස්ථානයටත් මිසයිල ප්‍රහාරයක්

ඉරානය විසින් පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් දරුවන් 2 දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරය ජයිෂ් අල් - අඩි ත්‍රස්ත කණ්ඩායමට අයත් කඳවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ බවයි ඉරානය සදහන් කළේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළාදකින බව පාකිස්ථානය නිවේදනය කර තිබෙනවා.

මීට පෙර ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කරගනිමින් බව පවසමින් ඉරාකයට සහ සිරියාවට ද ඉරානය මෙලෙස මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණා.

*?️| Wednesday, 17 January 2024 - 15:05
*?| ꜱᴏᴜʀᴄᴇ - www.hirunews.lk
?| ᴘᴏᴡᴇʀᴅ ʙʏ** @widuzer

????? ???? ?? ??

8 months, 3 weeks ago

? ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ක්රියාකාරිකයෙකු මෙන්ම අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් අද (17) ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළේය.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ත්රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

එම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බව පෙත්සමේ චෝදනා කර තිබේ.

මේ තුළින් ආණ්ඩුක්රම ව්යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

*?️| January 17, 2024 02:52 pm
*?| ꜱᴏᴜʀᴄᴇ - www.adaderana.lk
?| ᴘᴏᴡᴇʀᴅ ʙʏ** @widuzer

????? ???? ?? ??

8 months, 3 weeks ago
™????? ???? | ???????? ??
8 months, 3 weeks ago
***?*** **හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත …

? හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත 24 දක්වා යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළැයි කියන සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනා ජනවාරි 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 18 මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඔහු අද තුන්වන වතාවටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

පසුගිය 30 වනදා දෙවනවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී පිටත්ව ගොස් තිබුණා.

*?️| Wednesday, 17 January 2024 - 14:25
*?| ꜱᴏᴜʀᴄᴇ - www.hirunews.lk
?| ᴘᴏᴡᴇʀᴅ ʙʏ** @widuzer

????? ???? ?? ??

8 months, 3 weeks ago
***?*** **චමින්ද විජේසිරි මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට …

? චමින්ද විජේසිරි මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට හේතුව හිරුට හෙළි කරයි (විඩීයෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයට, පක්ෂය සම්බන්ධයෙන් පැවති කලකිරීම් ද හේතු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

හිරු හාඩ් ටොක් විශේෂාංගයට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වයට තමන් සුදුසු බවයි.

*?️| Wednesday, 17 January 2024 - 14:05
*?| ꜱᴏᴜʀᴄᴇ - www.hirunews.lk
?| ᴘᴏᴡᴇʀᴅ ʙʏ** @widuzer

????? ???? ?? ??

8 months, 3 weeks ago
***?*** **ලිට්‍රෝ විකුණන්නේ මෙහෙමයි**

? ලිට්‍රෝ විකුණන්නේ මෙහෙමයි

ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ශ්රී ලංකා රජය තීරණය කර තිබේ.

ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්රී ලංකා රජය සතුව පවතී.

*?️| January 17, 2024 01:40 pm
*?| ꜱᴏᴜʀᴄᴇ - www.adaderana.lk
?| ᴘᴏᴡᴇʀᴅ ʙʏ** @widuzer

????? ???? ?? ??

8 months, 3 weeks ago

? වී වගාවට සැරසෙන ඩ්‍රෝන යානා

වී වගාව සඳහා පළමුවරට යොදා ගැනීමට නියමිත ඩ්‍රෝන යානා 100, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අද නිල වශයෙන් භාර දුන්නා.

මේ අතර, හඳුනා නොගත් පණු විශේෂයක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අක්කර 10,000කට අධික වී ගොයමට හානි කර තිබෙනවා.

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ, හුරුළු වැව යටතේ කුඹුරු අක්කර 10,400ක ප්‍රමාණයක මෙවර මහ කන්නයේදී වී වගා කර තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ, මේ වනවිට හඳුනා නොගත් පණු විශේෂයක් ගොයමට හානි කරමින් තිබෙන බවයි.

ගොයමට කෘෂි රසායන කොපමණ යෙදුවද මෙම පණු විශේෂය පාලනය කිරීමට නොහැකි බැවින් තමන් දැඅඩි අපහසුතාවකට පත්ව ඇති බවද ගොවීන් පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ පළමු වරට වී වගාවට පළිබෝධ නාශක ඉසීම සඳහා මහ කන්නයේදී ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලයන 250ක වියදමින් ආනයනය කළ ඩ්‍රෝන යානා 100ක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අද භාර දුන්නා.

ඒ, කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදීයි.

මෙම ව්‍යාපෘතිය යටතේ කෘෂි අංශ කුසලතා සභාව, දිවයිනේ වී වගා කරන සියලුම දිස්ත්‍රික්කවල පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට ඩ්‍රෝන යානා 01ක බැගින් බෙදා දීමට නියමිතයි.

පොළොන්නරුව ඇලහැර සරුබිම ප්‍රදේශයේ අක්කර 25ක භූමි ප්‍රමාණයක විහිදී ඇති බටුහේනවැව මේ වනවිට සම්පූර්ණයෙන්ම ආක්‍රමණශීලි ජලජ ශාඛවලින් වැසී ගොස් තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බටුහේනවැවෙන් පෝෂණය‍ වන ප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර 50කට ආසන්න ප්‍රමාණයක ගොවි ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.

බටුහේනවැව 2018 වර්ෂයේදී සහ 2022 වර්ෂයේදී දෙවතාවක් ප්‍රතිසංස්කරණය කළද මෙම ජලජ ශාඛ ඉවත් නොකළ බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ අතර තේ වගාව සඳහා යොදන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2,000කින් අඩු කිරීම, තේ ගොවියා රැවටීමක් බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

*?️| Wednesday, 17 January 2024 - 13:30
*?| ꜱᴏᴜʀᴄᴇ - www.hirunews.lk
?| ᴘᴏᴡᴇʀᴅ ʙʏ** @widuzer

????? ???? ?? ??

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 4 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 6 months ago

? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

? telegram channel - @rojgaarwithankit

? telegram channel - @RojgarwithankitRailway

? RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago