Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

💕𝓤𝓝𝓘𝓒𝓞ℛ𝓝 ℒ𝓞𝓥𝓔 𝑇ℛ𝓐𝓘𝓝💕

Description
We will show loving kindness to all
#UNICORN #LOVE_TRAIN
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month ago
ටිකම ටික වෙලාවක්

ටිකම ටික වෙලාවක්
අහගෙන ඉන්න පුළුවන් ද
මාව
හිත පුරාම දැනෙන දේ
අකුරක් නෑර කියන්න

ඔය ඇස් දෙකෙන් විතරක්
මුලු ලෝකයම දකින්න
පුළුවන් ද කියන්න
මොහොතක් නවතින්න...

1 month ago
දැන දැනම සුභ පැතුම නොලැබෙනා

දැන දැනම සුභ පැතුම නොලැබෙනා
බව දැනත්
බලාගෙන තව ඉඳියි අවුරුද්ද
ගෙවුනමුත්
පැතුම් අපි පුරන හැටි තරුව වැටුනත්
නැතත්
බලාගෙන හිඳුම නම් වේදනාවකි
මහත්....

2 months, 2 weeks ago

**ඔයා දැනටමත් ආදරවන්තයෙක් වෙන්න ඇති.. එහෙමත් නැත්නම් ආදරණිය ස්වාමිපුරුෂයෙක් වෙන්න ඇති… එහෙමත් නැත්නම්, අනාගතයේ ආදරවන්තයෙක් වෙන්න හීන දකින කෙනෙක් වෙන්න ඇති. ඉතින් කැමතියි නේද තමන් ආදරය කරන කෙනාට ආදර වදන් කියන්නට… අපිට ඉංග්‍රීසි ආදර වදන් නම් ඕනි තරම් හොයා පුළුවන්. ඒත් අපේ භාෂාවෙන්ම අපේ දැනෙන හැඟීම් කියන්න පුළුවන් නම් කොච්චර හොදද නේද? ඉතින් ඒක නිසා අපි හිතුවා, අද ලස්සන “ආදර වදන්” කීපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න.

බලන්නකෝ මේ පහල තියෙන ලස්සන ආදර වදන්….

හීන දුන්නු හිත

හිත ලග සක්මන් කලත් නුබ
එදා වගේ….
මා ඉදිරියේ සිටියත් නුබ
ආදරෙයි වගේ….
මා අසලින් ගියත් නුබ
නොදන්නා කෙනෙකු වගේ…
වෛර කරන්නේ නෑ රත්තරනේ
මට හීන දුන්නු හිතට නුබේ…..

මගේ රත්තරන්

ඉදහිට වගේ අපි මුණගැසුණා
සංසාරයේ පුරුදු ලෙසින්…
මා මැවූ හීනේ ඔබ මට හමු වී
ජීවිතයේම පුරුදු ලෙසින්
හෙලනා හැම හුස්මක් පාසා
සිහියට එන්නේ ඔයාම පමණයි
මගේ රත්තරනේ….
හැම දිනයකම, හැම භවයකම
ඔයා මගේම විතරක් වෙන්න

අහබු හමුවීම

එදා මට අහබු ලෙස
ඔබ හමුවුනා….
ටිකෙන් ටික කල් යත්ම
දෙදෙනා ලං වුනා…
අනාගතයේ සිහින දකිමින්
අපිද කාලය ගත කළා…
නොසිතු ලෙස මගේ
හද තුල ගුළි වුනා…

ජීවිත ජීවත් කරන ආදරය

ජීවිතය ජීවත් කරන්නට – ආදරය අවශ්‍යයි
ආදරය ලැබුණු විට – ජීවත් වෙනවා යැයි දැනේ
පැතු පෙම ජීවිතයට – ලෙංගතු වූ විට
ඒ සමග ජීවත්වන්නට සිතේ…
ඒ පෙමින් බැදුණු – සුන්දර ආදරය
විටක ජීවිතයට – සතුටක් තවත් විටක කදුලක් උරුම කර දේ
එසේ අපේ ජීවිත – ජීවත් කරන ආදරය
අපට හොරෙන් අපේ ජීවිතයෙන් – ඈත්ව යන විට අපට දැනෙන්නේ
අපේ ජීවිත – අපට හිමිනැති බවයි…!

සබද මා සබද

අහස තරුත් සදුත් හිරුත්
මිතු දමකින් වෙලී ගොසින්
හමන පවන සිසිල සමග
හොර රහසේ දීග ගොසින්
වයන තනුව තාල සමග
මොනවද රඟ දෙවයි තුටින්
කිමද සබද ඔබත් සමග
මා මෙතරම් බැදුනේ රිසින්

Chanux ✍️💝💐**#UNICORNS#LOVE_TRAIN

2 months, 3 weeks ago
පුන් පොහෝ දිනේ මෙත් සිතුවිලි

පුන් පොහෝ දිනේ මෙත් සිතුවිලි
බිහිවේවා ..

ගුණ දම් පිරුණු යහපත් සිත්
හමුවේවා..

මෙත් මුදිතා කරුණා දයා ගුණය
ඉතිරේවා ..

අමා දහම් සිසිලෙන් ලොව දස
දෙස නැහ වේවා ..

2 months, 3 weeks ago
ඉරිසියාවන්ත නෙලුම

ඉරිසියාවන්ත නෙලුම
ඉතින්..
කාලය මට බොහෝ දේ අහිමි කල සේම

ඔබත් අහිමි කල අයුරු
දැන්නෙන තැන නවතින්න
වරම් නැති අයුරු
ලොබ බඳින ඔය දෙනෙත
මට නැතත් හිමිවු
මට ලෝබ නුබෙ හිතට
තව තවත් ලන් වු

යන්න බෑ දුරක් මට
ඔබ නැති ව ලගකින්
යන්නෙපා දුරින් මට
දිවිය මගෙ  ඇති තෙක්

ළය පැලී මියදේවි
අසුන් කන්තක විලසින්

ඉදින්,
අයිතිය පසෙකලා
ආදරෙ කරමි රහසින්

#UNICORN #LOVE_TRAIN

2 months, 3 weeks ago
**ස්නේහයේ උණුසුමක..

ස්නේහයේ උණුසුමක..
තුරුල් වී සුසුම් මැද..
අහංකාර නපුරු ඇස් අතර මැද..
අතරමං වී වරක..
සවන් පත කොදුරමින්..
හද පුරා ආදරෙන්..
බහින හිරු සැදෑවක..
පපු තුරින් හිස තියන්..
හිත නිවෙන වචන මැද..
කොපුලතර හාදුවෙන්..
ආදරෙන් මත් වෙමින්..
දැනුනු ඒ පහස යට..

**අමුතු පහසකි අරුම..
දැනුනි ඒ පිට මැදට..
දෙනෙත් ඇර බැලු විට..
පේපරය පෙනුනි මට..
කඩ තුරා වෙන් එපිට..
මව අතෙහි කොසු මිටය..
තවත් නිදියනවද ඔහොම..
ඇහුවා මෙන් ඇසුනි මට..

අහෝ දුක නිමක් නැත..
සිහිනයද කෙලවරය..
කෙලවීම නිම නැතය..
මෙයින් මම නවතිමිය...
ආදරෙයි ♥️**
#UNICORN #LOVE_TRAIN

2 months, 3 weeks ago
හඩටත් නිවෙන තරමක්

හඩටත් නිවෙන තරමක්
දනී නම් නුබ එ බවක්
අවසර යදිත් ගමනක්
යන්නට මගෙන් ඈතක්

දෙනෙත නැගි කදුලක්
පිස දැමුවෙ රහසින්
එපා යන්නට මැනික
කියමින් දැවෙන පපුවෙන්

නුබ වටින තරමක්
දන්නෙ නැහැ නුබවත්
ගුගුරනා පපුවත්......

#UNICORN #LOVE_TRAIN

2 months, 3 weeks ago
තවත් එක වසරක අවසාන දවසක්..

තවත් එක වසරක අවසාන දවසක්..
එක් ගෙවුනු කාර්තුවක නිමාවට හෝරා කිහිපක්..
දුකත් සතුටත් අතර මැද දෝලනය වුණු..
කෙනෙකුට සාර්තක..
තවත් කෙනෙකුට හිතන්නවත් බැරි තරම් කටුක..
ගෙවුණු දින 365ක්..

ආපහු හැරෙන්න පුලුවන් නම්..
අපි අහමුද අපෙන්ම..
අපි අපි වෙනුවෙන් වැඩ කරාද කියලා..
ඔයා ඔයා වෙනුවෙන්..
ඔයාගෙ අනාගතේ වෙනුවෙන්..
ඇත්තටම අපි සාර්තකද..
ඒක දන්නෙ අපිමයි..
අපේ හදවතමයි..

**ඉතින් ලමයෝ..
ලොකු හුස්මක් අරන්..
හිතන්න..
අද දවසක්ම ඔයාට..
සැලැස්මක් හදන්න..
අලුත් 24 ට..
ඔයාව සාර්ථක කරගන්න..

අවංක හිතත් එක්ක..
ඔයාට වරදින්නෑ මගෙ ලමයෝ..
සාර්තකත්වයේ දොරටුව අභියස...
දැනෙන ඒ හැගීම..
කවදා හරි දවසක විදගන්න..
ඔයාට පුලුවන්..

හීන බොද වුණු..
මතක කතරක තනි නොවී..
අලුතින් ඉපදෙන කලු සුදු හීන..
ලස්සනම පාට කූරකින් පාට කරන්න..
බාදක මැදින් සතුට සැනසීම හොයන් පියාබන්න..
ඔයාටත් පුලුවන්..

අස්තීර ජීවිතයක..
ගෙවෙන ටික කාලෙකට..
සතුට සැනසීම එක්ක..
ඔයාගෙම හයියෙන්..
හිතේ ශක්තියෙන් නැගිටින ගමන්..
අපි පටන් ගමු..
හීන පාට කරන්න..
ඉතින් ,
කියන්න ගොඩක් දේවල් තිබුනත් හැමදාමත් වගේ වචන ටිකක් අහුලන් ඔහේ ගැටගහන් කියන දේ දැනුනනම් ඒක මට සතුටක්..
ආදරෙයි
**

#UNICORN #LOVE_TRAIN

2 months, 4 weeks ago
සැනසීමෙන් පිරුණු ලස්සන දවසක් වෙනුවෙන් මේ …

සැනසීමෙන් පිරුණු ලස්සන දවසක් වෙනුවෙන් මේ හදවතින් ම කියවන්න !!!!!!
" විශ්වය ට ස්තුතියි !!!!!
අද දවස සතුටින් පිරිලා !!!!!!
අද දවස සැනසීමෙන් පිරිලා !!!!!!
අද දවස සුබ ආරංචිවලින් පිරිලා !!!!
විශ්වයට ස්තුතියි හැමදේකටම !!!!!
මම විශේෂයි !!!!
මම පෙනුමෙන් ආකර්ෂණීයයි !!
මම වචනයෙන් ආකර්ෂණීයයි !!
මම ක්‍රියාවෙන් ආකර්ෂණීයයි !!
මම මගේ පෙනුම ට ආදරෙයි !!!
මම මගේ ජීවිතයට ආදරෙයි !!!
මම මං සතු සියලු දේ ට ස්තූතිවන්ත වෙමි !!
මම විශ්වයට ස්තුතිවන්ත වෙමි !!!!!
මම ධනය මා වෙතට ආකර්ෂණය කර ගන්නවා !!!
මම සතුට මා වෙතට ආකර්ෂණය කර ගන්නවා !!!
මම මානසික සුවය මා වෙතට ආකර්ෂණය කර ගන්නවා !!!
මම අවංක මිනිසුන් පමණක් මා වෙතට ආකර්ෂණය කර ගන්නවා !!!
මම මගේ සැබෑ ආදරය මා වෙතට ආකර්ෂණය කර ගන්නවා !!!
විශ්වයට ස්තුතියි !!!!
විශ්වයට අනේක වාරයක් ස්තුතියි !!!!!!!! "

හිනාවෙලා ඉන්න.....

2 months, 4 weeks ago
ලෝභ නැතිව උඹ ඉඹින්න තිබුනනම්..

ලෝභ නැතිව උඹ ඉඹින්න තිබුනනම්..
හාදු පොකුරු වැල් තොලඟින් දෙනවනම්..
ඉරිසියා හිතෙන්න මට ආදරේ දුන්නනම්..
ඔය ලයේ මට ඩිංගක් දැවටෙන්න තිබුනනම්..

අද රෑ එළිවෙන් නැතුව තිබුනනම්..
රෑ දුටු සිහිනේ අදවත් එලි වෙනවනම්..
උඹ ළය මත සැනසෙන්න තිබුනනම්..
මේ ආදරේ මතක මට ගන්න තිබුනනම්..

රස නහර පිනවන ඇඹුල් රස දැනුනනම්..
අඟුල් දමා ප්‍රේමයට රාගය ඇවිස්සුවානම්..
මල් දුමක් හුස්ම පුරා ඇදලා හිටියනම්..
මේ රාත්‍රිය දිගු වෙන්න තිබුනා එහෙනම්..

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago