Nethu's personal Story

Description
Hi යාලුවනේ!

මේ චැනල් එකෙන් මගේ නිර්මාණ බලන්න පුළුවන්.
* නවකතා
* කෙටිකතා
* නිසදැස්
* ලිපි
* චිත්‍ර
අනවසරයෙන් share කරන්න එපා.
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

1 year ago

අමාවක - 20

" හැපි බර්ත්ඩේයි.. " ශෙනාලි කීවේ විනෝද්ගේ කොපුලක් මත සිපුමක් තබා ය.

" මතකයි නෙහ් " විනෝද් කීවේ ශෙනාලිගේ කොපුල මත ද සිපුමක් තබා ය.

" සැලූන් එකෙන් එන්නේ කීයට ද ? "

" මන් දහයට අපොයිමන්ට් එක දැම්මේ.. "

" ම්ම්...තව වෙලා තියෙනවා නෙ. " විනෝද් කීවේ ශෙනාලි දුන් කෝපි කෝප්පය අතට ගනිමිනි.

?❤️?❤️?❤️

" ශෙනූ..ඉවරයි ද ? " විනෝද් ඇහුවේ සෙරෙප්පු දාන ශෙනාලි දෙස බලා ය.

" ඔව් ඉවරයි..දෝණිගේ බෝතලේට වතුර එකක් ගන්නකෝ විනෝද්. " ශෙනාලි කීවේ බෑගය අතට ගනිමිනි.

" ඇයි ඔය දෙක දාන්නේ..අර ගත්ත එක හොඳයි නෙ. "

" ඒකේ හීල් එක වැඩියිනෙ. " ශෙනාලි කීවේ විනෝද්ගෙන් දෑස් සඟවමිනි.

?❤️?❤️?❤️

" විනෝද්... "

" ම්ම්.. "

" බර්ත්ඩේ ගිෆ්ට් එකක් එපා ද ? "

" ගත්ත ද මොනාහරි "

" හ්ම් ඔව්. "

" එහෙනම් දෙන්න. " විනෝද් කියද්දී ශෙනාලි සිනා වී ජනේලෙන් ඉවත බලා ගත්තා.

?❤️?❤️?❤️

" ශෙනූ..දෝණි එක්ක මෙතන ඉන්න.ඊළඟට අපේ නෝනිමේට් එක තියෙන්නේ " විනෝද් කීවේ උන් තැනින් නැඟිටගෙන යි.

" ඕල් ද බෙස්ට් විනෝද් " ශෙනාලි කීවේ දිළිසෙන දෑසිනි.

ශෙනාලිගේ සුභ පැතුම ද සිතේ දරාගෙන විනෝද් වේදිකාව වෙත ගියේ ඔහුගේ නම නෝනිමේට් වෙද්දී යි.

මේ ඩුබායි හි පැවැත්වෙන වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය කි. එහි නැඟී එන ව්‍යවසායකයා යන නාමය වෙත විනෝද්ගේ නාමය ද එක් වී තිබුනා.

වේදිකාව මත උන්නේ නාම නිර්දේශ වූ ව්‍යවසායකයන් දහ දෙනා යි. ඒ අතර විනෝද් ද උන්නා.

" වසරේ නැඟී එන ව්‍යවසායකත්වයට හිමි සම්මානය දිනාගනු ලබන්නේ...විනෝද් මෙත්මාල්.. " විනෝද්ගේ නාමය නිවේදිකාවගේ මුවින් පිටත් වෙද්දී ශෙනාලිගේ මුවේ සිනාවක් මැවුනේ දියණිය ද සිනා වෙද්දියි.

විනෝද් උන්නේ බලාපොරොත්තු පිරි මුහුණෙනි.

වසරවල් ගණනාවක් වෘත්තියෙන් රංගනයට දායක වූ ඔහු අද සාර්ථක ව්‍යවසායකයෙකි.

?❤️?❤️?❤️

" ගිෆ්ට් එකක් දෙන්න තියෙනවා. " ශෙනාලි කියද්දී ඇගේ දෑස් දිදුළනවා විනෝද් දුටුවා.

" මේ දුන්න ගිෆ්ට්ස් ඇති ශෙනූ.. " විනෝද් කීවේ ඇගේ කොපුලක් සිපගෙන ය.

" අනේ...එපා ද එතකොට ඒක " ශෙනාලි මූණ බෙරි කරගෙන අහද්දී විනෝද් සිනා සුනා.

" දෙන්නකෝ.. " ඔහු කීවේ දෑස් නටවමිනි.

" එහෙනම් ඇස් දෙක වහගන්න. " ශෙනාලි කියද්දී විනෝද් දෑස් පියාගත්තා.

මෙතරම් දිනක් විනෝද් වෙනුවෙන් තබාගත් ඒ තෑග්ග ශෙනාලිගේ දෑතෙහි වුනා.

එම පොට්ටනිය විනෝද් අත තැබුවේ ඔහු දෑස් හැර එය දෙස බැලුවේ පුදුමෙනි.

" මේ මොකක් ද ? " විනෝද් ඇසුවේ එය දිග හරිමිනි.

එහි වූයේ කුඩා දරුවෙකුගේ මේස් කුට්ටමක් හා කොළයකි.

ඒ කොළය කියවූ විනෝද්ගේ මුව සිනාවෙන් පිරෙද්දී ඔහු ඇයව වැළඳ ගත්තා.

" New baby coming soon.. " එහි වූයේ එය යි.

" කවද්ද දැනගත්තේ ? "

" පෙරේදා..ඊටපස්සේ චෙක් කරගත්තා. " ශෙනාලි කියද්දී විනෝද් ඇගේ නළලත දෙතොල් තැවරුවේ කළුවර අහස දෙස බලා ගෙන යි.

එහෙත් ඒ කළුවර නසාලන්න අද හඳ තිබුනා.

ඉතින් තම දිවිය එළි කරන්න පැමිණි ශෙනාලිව ද විනෝද්ට පෙනුනේ අඳුර නසන්නට ආ සඳක් ලෙසිනි.

?❤️?❤️?❤️

කමෙන්ට් එකක් දාගෙන යන්න.

අමාවක කියන්නේ ආරම්භයේ ඉඳන් ම කතාව දිගට දෙන්න බැරි වුන කතාවක්. වැඩ අස්සෙත් ලියන්න හිතුන නිසා ලිව්වත් වෙලාවේ ගැටලුවක් ඇති වුනා.

ඒකයි ගොඩක් ම දුරට කතාව ටයිප් කරන්න වෙලා නැති වුනේ.

ඉතින් රැඳී සිටියාට ස්තූතියි...❤️?

අලුත් කතාවකින් හමුවෙමු.ඒත් ළඟදි ම නෙවේ..නව මාස කිහිපයකින්.

හැමෝට ම ගොඩක් ස්තූතියි

නෙතූ 

1 year ago
1 year ago
1 year ago
1 year ago

" ඇත්තට පොලීසිය ආවේ ඉක්මනින් දන්නෑනේ ? " ලොහස් ද ඇසුවා.

" සමහරවිට ඇමෙන්ඩගේ අක්කගේ වැඩක් වෙන්නැති.එයාලටත් පරණ තරහක් තිබ්බා මූ එක්ක. " විනෝද් කියද්දී ලොහස් හා තේජාන් පුදුමෙන් ඔහු දෙස බැලුවා.

?❤️?❤️?❤️

" උඹ යන්නැද්ද ? " ලොහස් අහද්දී විනෝද් ඔහු දෙස බැලුවා.

" කොහෙද ? "

" ගෙදරට..නංගි බලන් ඇත්තේ. " ලොහස් කියද්දී විනෝද් ඔහුටත් රවා එළියට ගියා.

?❤️?❤️?❤️

ශෙනාලි උන්නේ ඔහු එන තෙක් බලා ය.

දියණියට කිරි එකක් සාදා දුන්නේ පිටි එකක් හමු වූ නිසා යි.

විනෝද් කීයට එයිදෝ'යි සිතමින් උන් ශෙනාලිට පුටුවේම දෑස් පියවුනා.

?❤️?❤️?❤️

කමෙන්ට් එකක් දාන් යන්න.

නෙතූ 

1 year ago

අමාවක - 18

" නංගි මේක තමා තැන..විනෝද් තාම ඇවිත් නෑ හැබැයි. " විනෝද්ගේ මිතුරා කීවේ කාරය තුළට ම වී සිට ය.

" මොකක් හරි ප්‍රශ්නයක් ද දන්නෑ " හදවත වේගෙන් ගැහෙද්දී ශෙනාලි ඇසුවේ බියෙනි.

" ඌ ෆෝන් එක ගන්නෙත් නෑ..ලොහස් ගන්නෙත් නෑ.තව ටිකකින් අරුන් ටික පැනලා යයි. " විනෝද්ගේ මිතුරා වූ තේජාන් කීවේ ඔරලෝසුවත් බලමිනි.

" මොකක් ද එයාගේ ප්ලෑන් එක වුනේ ? " ශෙනාලි අහද්දී තේජාන් ලතැවුනේ එය කියනවා ද ? නැද්ද ? යන්න සිතා ය.

?❤️?❤️?❤️

" නංගි මෙතන තමා තැන.ලොහස් ඉන්නවා කිව්වා තාප්පේ පිටිපස්සේ..මන් දරුවව තියන් ඉන්නම්...ඔයා කියපු නිසයි මන් එක්කන් ආවේ. අරූ දන්නවනම් මන් ඉවරයි. " තේජාන් කියද්දී ශෙනාලි දියණියගේ හිස සිඹ ඇයව තේජාන්ට දී කාරයෙන් බැස්සා.

ඇය ඉක්මන් අඩි තියා තාප්පේ පිටුපසට ගියා.

එහිදී ඇයට ලොහස්ව හමු වුනා.

" විනෝද්ට ප්‍රශ්නයක් වගේ. " ලොහස් කීවේ ශෙනාලිව දුටු විට යි.

" මේ තමා කැමරාව..මේකට ඌ තමා යන්න හැදුවේ. ඒත් මේක නංගිගේ වෙලාව. මොන ම දෙයක් නිසාවත් කරන්න යන දේ නවත්තන්නවත් වෙනස් කරන්නවත් එපා.මාව මැරුවත් එච්චරයි. " ලොහස් කියද්දී ශෙනාලි හිස සැලුවා.

" විනෝද්ගේ වොච් එක මන් ට්‍රැක් කළා. ඌව මෙහෙට ගේනවා ඇත්තේ.ඔයා ඉක්මනට වැඩේ කරලා එන්න.අපි ඊළඟට ප්ලෑන් සී එකට යන්. " ලොහස් කියද්දී ශෙනාලි හිස වනා තම කොණ්ඩය මඳක් සකසා ගත්තා.

?❤️?❤️?❤️

" වාඩි වෙන්න.මිස්..වාඩි වෙන්න. " අවුරුදු තිහක පමණ යුවතියක් කියද්දී ශෙනාලි ද ඇය හා සිනා වී අසුන් ගත්තා.

විනෝද් හා දියණිය මතක් වී ශෙනාලිගේ හිත කලබල වුනත් ඇය සිතා මතා ම සන්සුන් වුනා.

" අපි ඉක්මනට බිස්නස් එක ගැන කතා කරගමු නේද ? අපි අද මෙහෙන් යනවා ඒකයි. "

" හරි..අපේ බොස් කිව්වා වගේ ම කරමු.තව කියන්න දෙයක් නම් නෑ ඒ නිසා අපි ඇග්‍රිමන්ට් එක සයින් කරමු. " ශෙනාලි කියද්දී ඒ එක්ක ම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් නිවසට ඇතුළු වුනා.

" පො...ලිස් කවුද ඇයි ? "

" අපිට ඔයාව ඇරේස්ට් කරන්න වෙනවා."

" එහෙම කොහොම ද කරන්නේ ? "

" අපිට වොරන්ට් එකක් ලැබිලා තියෙනවා..මේ ගේ සර්ච් කරන්න වෙනවා අපිට..සර්ච් කුවික්ලි.. " පොලිස් නිලධාරියා කියද්දී ම නිළධාරීන් දහයක් පමණ මුළු ගේ පුරා ම යන්න ගියා.

ශෙනාලි බැලුවේ ජනේලට දෙස යි.

ලොහස් උන්නේ එහි ය.

ඔහු එන ලෙස හැඟෙව්වත් එය අපහසුය.

ප්ලෑන් එකේ නොවූ ලෙසට පොලිස් නිළධාරීන් විත් ය.

මඳක් පසුපසට ගිය ශෙනාලි ඉක්මනින් සැඟවී ම ඉවතට ආවා.

" හරියප්..ඉක්මනට යමු. " ලොහස් කියද්දී ශෙනාලි හිස සැලුවා.

" වැඩේ හරි ද ? " තේජාන් ඇහුවේ කාරය බල ගන්වමිනි.

" පොලීසියෙන් ආවා. ඉක්මනට යමන්..මන් අරුගේ වොච් එක ට්‍රැක් කළා...එහෙට යන්.. "

" එතන එකෙක්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා ඌව අතාරින්න කියහන්. " තේමිය කියද්දී ලොහස්ගේ මුවට සිනාවක් ආවා.

" යකෝ දැන්නේ මතක් වුනෙ.. " කී ඔහු ඔහුගේ කාර්යයේ නිරත වුනා.

?❤️?❤️?❤️

" වැඩේ හරි. " ලොහස් කීවේ ජයග්‍රාහී හඬිනි.

" ඉක්මනට ගනින් " තේජාන් කියද්දී ලොහස් ඔහුගේ හඬ මනාව සකසා ගත්තා.

" හෙලෝ.. " ලොහස් කියද්දී ශෙනාලිගේ හද වේගෙන් ගැහුනා.

" හෙලෝ කවුද ? " ඒ හඬ ගොරහැඬිය.

" පොලීසියෙන් පොට් එක වට කළා.ලොක්කව අරන් ගියා..ඕකව බස් හෝල්ට් එක ගාව දාලා වරෙන් ලොක්කව බේරගන්න. " ලොහස් කියද්දී තේජාන් අනෙක් පස හැරී සිනා වූයේ එතරම්ම ඔහුගේ හඬ වෙනස් නිසා ය.

" මූ ගාව චිප් එකත් තිබිලා බන්. " එහාපසින් ඇසුනා.

" ඔය චිප් එක වගේ නෙවේ..මෙහේ බඩුත් එක්ක හම්බුනේ.වරෙන්කෝ..ගේ සර්ච් කළේ පොලිස් බල්ලොත් ගෙනල්ලා.. "

" හරි අයියේ. මන් එන්නම්. " ඔහු කියද්දී ලොහස් ඇමතුම විසන්ධි කළා.

?❤️?❤️?❤️

වෙලාව මඳින් මඳ ගෙවී ගියේ ශෙනාලිගේ හදවත ගැහෙන වේගය ද වෙනස් කරමිනි.

ඔවුන් මේ බස් හෝල්ට් එක ඉදිරියේ ඉන්නේ කොයි වෙලේක හෝ විනෝද් එයි යැ'යි සිතමිනි.

තවත්

විනාඩි 5ක් ගෙවිණ.

වෑන් රථයක් හෝල්ට් එකේ නැවතී මඳකින් එය ගියා.

" ඒ උන්නේ විනෝද් තමා. " ලොහස් කියද්දී තේජාන් කාරය හැරෙව්වා.

කාරය නවත්තද්දී ම විනෝද් එයට ගොඩ වුනා.

ඔහුගේ අතක් පුරා ම රුධිරය ගලා ය.

දියණිය උන්නේ ඒවා පිසමිනි.

" ඇයි ගියේ නැත්තේ ? " විනෝද් තරහින් ඇසුවත් ශෙනාලි කිසිත් නොකී ය.

" මොකක් ද බන් උනේ ? " ඔහු ලොහස්ගෙන් ඇසුවේ තේජාන්ටත් රවා ය.

?❤️?❤️?❤️

" හරිනේ නංගි එහෙනම් ඇතුළට වෙලා ඉන්න. " ලොහස් කියද්දී ශෙනාලි හිස වැනුවා.

ශෙනාලි විනෝද් දෙස බැලුවත් ඔහු උන්නේ අහක බලාගෙන ය.

" ඌව රෑ වෙලා එක්ක එන්නම්. " ලොහස් කියද්දී ශෙනාලි හිස වනා ගෙතුළට ගියා.

ඒ ලොහස්ගේ මිතුරෙකුගේ අපාර්ට්පන්ට් එකකි.

ගෙතුළට ගිය ඇය විනෝද් ගැන සිහි කරමින් ම පුටුවට බර වුනේ නිදා උන් දියණියව ඇඳ මත තබා ය.

?❤️?❤️?❤️

" කවුද බන් පොලීසියට කියන්න ඇත්තේ ? " තේජාන් අහද්දී ලොහස් තොල පිට පෙරලුවා.

" ඉස්සෙල්ල කියහන්කෝ උඹ මගේ යාලුව ද කියලා..ම/ඟු/ල..එක්කන් යන්න කිව්වම එක්කන් ඇවිත්.. "

" හරි ඉතින්..අහපන්කෝ.. " තේජාන් කියද්දී විනෝද් ඔහුට රැව්වා.

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago