දම් සයුර🙏☸️

Description
☸️ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී🙏

@damsayura1
Channel- https://t.me/damsayura1
Group- https://t.me/damsayura
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

2 months ago
දම් සයුර🙏☸️
2 months ago
මං ඉස්සර ගත කෙළේ පුදුම ජීවිතයක්. …

මං ඉස්සර ගත කෙළේ පුදුම ජීවිතයක්. තල් ඇට වලින් ඔළුවෙ කෙස් ඉදිරුව. දත් මැද්දෙ නෑ. එක රෙද්දක් විතරක් ඇඳ ගෙන ජීවත් වුණේ. ඒ කාලේ මං හරි දේ දැක්කෙ වැරදි දේ හැටියට. වැරදි දේ දැක්කෙ හරි දේ හැටියට.

එදා දවල් කාලෙන් පස්සෙ ගිජුකුළු පර්වතෙන් පහළට වඩින භික්ෂු සංඝයා පිරිවරා ගත්ත බුදු රජාණන් වහන්සේව දැක ගන්ට ලැබුණා.

මං බුදු සමිඳුන් ඉදිරියට ගියා. බිම දණ නමා ගෙන ඇඳිලි බැඳ ගෙන වන්දනා කළා. " පින්වත් භද්දා, මෙහාට එන්න. කියල උන්වහන්සේ මට වදාළ. ඒක තමයි උපසම්පදාව.

මං ඉස්සර ඇවිද ගෙන ගියේ අංග, මගධ, වජ්ජි, කාසි, කෝසල, ජනපදවල. දැනුත් මං එහි ඇවිදිනව. දැන් යන්නෙ ණය රහිතවයි. රහත් භික්ෂුණියක් හැටියට පිණ්ඩපාතෙ වළඳන්ට අරගෙන දැන් පනස් අවුරුද්දක් වෙනව.

මේ ප්‍රඥාවන්ත උපාසක මහත්තයා ඇත්තෙන් ම ගොඩාක් පිං කර ගත්ත. සියළු කෙලෙස්වලින් නිදහස් වුණ භද්දා භික්ෂුණියට යි ඔය සිවුර පුජා කරගත්තෙ.

මේ වනාහී භද්දා කුණ්ඩලකේසා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

2 months ago
"සොචති පුත්තෙහි පුත්තිමා"

"සොචති පුත්තෙහි පුත්තිමා"
පුතුන් ඇත්තේ පුතුන්ගෙන් ශෝක කෙරෙයි.

-නන්දති සූත්‍රය-

සත්ත්වයා සැපයකැයි සොයා ගොස් ළං කරගන්නා දෑ විසින්ම සත්ත්වයාව ශෝකයෙහි ගිල්වන්නේ ය.

5 months ago

කාමයෙන් සිදුවන දෝසවලින් පහව සුදෝ සුදු සකක් සේ පිරිසිදු බඹසර රැකීමේ ආනිශංස ඛුද්දක නිකායට්ඨකතාවේ දසසික්ඛාවල මෙසේ සඳහන් වෙනවා.

  1. පහ වූ සතුරන් ඇති බව. (සතුරන් අඩුයි)

  2. ඕනෑම ජීවිතයක දී ආහාරපාන, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නවාතැන්, බේත් හේත් වරදින්නේ නැහැ. ලැබෙනවා.

  3. සුව සේ සැතපීම :-
    (හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසු වන්නේ නැහැ, සිහිනෙන් ධාතු පිට වීම අධික බව නම් රෝගයක් වේ ද එය නැති වනවා, මනාව නින්ද යෑම. විටින් විට අවදි නොවීම, කට කෙළ පෙරීම, ගෙරවීම, දත්කූරු ගෑම ආදිය නැති වීම.)

  4. සුවසේ අවදි වීම :-(වස්ත්‍ර ලිහිල් නො වී නිදාගත් පරිදි ම තිබීම, කබ කඳුළු පිරි විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඬලක් පැවතීම.)

  5. අපාය බයෙන් මිදීම :-
    (බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් සිහි වන බව සිතට දැනේ, සතුට උපදියි. අපාය බය නැති වෙයි.)

  6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසිදිනක පත් නොවීම :-
    (බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙනවා, ලිංග විපර්යාසවලට ලක් වන්නේ නැහැ, පිරිමි – පිරිමි/ ස්ත්‍රී – ස්ත්‍රී ආදි අසම්මත කාමුක හැඟීම් උපදින්නේ නැහැ, තමාගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවන බැලීම, පර පීඩන අත්ත පීඩන කාමාශාව ආදි අසාමාන්‍ය කාමාශා සහිත වූවන් ලෙස නූපදීම, වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වීම.)

  7. ක්‍රෝධ නොකරන සුලු බව :-
    (මෙත් සිත උපදවාගන්න පහසුයි, තරහ සිත් දුරු කරන්න පහසුයි, අන් අයගේ ගුණ සිහි කරන්න පහසුයි.)

  8. ප්‍රත්‍යක්ෂ කොට කරන කටයුතු ඇති බව :-
    (තමා කරන කියන දේ හොඳින් දන්නවා, අමතක නොවීම, පිළිවෙළට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු වරදින්නේ නැහැ, යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් ගත හැකිය.)

  9. යටිකුරු නොවන බව :-
    (දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳ වැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු නොවීම.)

  10. බිම බලාගෙන නො යෑම :-
    (ඕනෑම කෙනෙකු සමඟ ඍජු ව හොඳට මූණ බලාගෙන කතාකරන්න පුළුවනි, හැංගෙන චරිතයක් වෙන්නේ නෑ, ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හට ගන්නේ නැහැ, කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි ඇඹරි කතා කරන චරිතයක් නොවීම.)

  11. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම ප්‍රියවන චරිතයක් වීම :-
    (බැහැර කරන/ අකමැති චරිතයක් නොවීම, සියලු දෙනාටම ප්‍රිය වීම, විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙයි. බිරිඳට සැමියා ප්‍රිය වෙයි, අවංක ආදරයක් හිමි වෙයි.)

  12. පිරිපුන් ඉඳුරන් ඇති බව :-

  13. පිරිපුන් ලකුණු ඇති බව :-
    (තමාගේ ශරීරයේ අංග මනාව පිහිටනවා, ලිංග දෝස හට ගන්නේ නැහැ, මනාව දෝස නැති රෝගාබාධ නැති ස්ත්‍රී/පුරුෂ නිමිත්ත පිහිටනවා.)

  14. කිසි තැනක සැක නැති බව :-
    (ඕනෑම තැනකට බයක් සැකක් නැතිව විසාරද ව යෑමේ/වාසය කිරීමේ වාසනාව ලැබෙයි.)

  15. නිරුත්සාහයෙන් කටයුතු සිදුවන බව :-
    (යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේ ම වැටීගෙන සිටින්න ඕන නැහැ. ගානට, සිතේ හැටියට කටයුතු සිදු වෙනවා.)

  16. සැප විහරණ ඇති බව :-
    (සැපවත් ජීවිතයක් ලැබෙනවා, නිතර නිතර පීඩාවට පත්වන චරිතයක් නොවීම, යමක් කොට සතුටු විය හැකි බව ලබනවා, පසු නොතැවෙන කෙනෙක් වීම.)

  17. කිසි තැනකින් එන බියක් නැති බව :-
    (ගිනි, ජල, සොර, රාජ, සත්ව ආදිය මෙන් ම මනුෂ්‍යය, අමනුෂ්‍යය ආදීන්ගෙන් බියක් නොපැමිණීම, අනවින ආදි බිය නොපැමිණීම, සෑම තැනක ම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම.)

  18. ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන් නොවීම :-
    (තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරටම පැමිණීම.)

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago