Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

🇱🇰🔍Cylone Tube | දැනුමට යමක් 🌎🚀

Description
Join us to learn about the amazing things around the universe 😁

New discoveries
Strange strange pieces of work 😁
Mysterious 😱
Knowledge 😎
#Amazing_Facts 🧑‍🏭
#Discovery 🌎
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 18 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 2 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago

2 months, 2 weeks ago

අපේ රටේ ජීවත් වන බොහෝ උගත් යැයි කියාගන්නා සිංහල බෞද්ධයන්ට එක්තරා අසනීපයක් තිබේ. ඒ සෑම දෙයකම විද්‍යාත්මක බව සෙවීමේ පුදුමාකාර අසනීපයයි.
👉 මේ යටතේ ඔවුන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ආගම, ආගමික සාහිත්‍යය, ඇදහිලි විශ්වාස, සංස්කෘතික අංග ආදී සියල්ලේ විද්‍යාත්මක භාවය ගැන ප්‍රශ්න කරති. ඊට සමච්චල් කරමින් තමන් සාඩම්බර විද්වතුන් බව පෙන්වීමට උත්සාහ දරති.
👉 එහෙත් පාස්කුව සමරන විට ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම විද්‍යාත්මක දැයි මෙරට කිතුනු බැතිමත්හු කිසිදා ප්‍රශ්න නොකරති.
👉 දීපවාලිය සමරන ලංකාවේ හින්දු ආගමිකයෝ ශ්‍රියා කාන්තාව කිරි මුහුදෙන් මතු වීම හෝ කෘෂ්ණ දෙවියන් නරක අසුරයා පරාජය කළ කතාවේ විද්‍යාත්මක බව ගැන ප්‍රශ්න නොකරති.
👉 ලංකාවේ හජ්ජි උත්සවය සමරන ඉස්ලාම් භක්තිකයෝ නබිතුමාගේ පුත්‍රයා වූ ඉස්මයිල්ව දෙවියන් වෙනුවෙන් කැපකිරීම විද්‍යාත්මක දැයි ප්‍රශ්න නොකරති.
👉 මෙවැනි ප්‍රකට උත්සවවලට අමතරව යුරෝපය, අමෙරිකාව, ජපානය ඇතුළු විද්‍යාව දන්නා බව කියන රටවල පැවැත්වෙන විවිධාකාර ආගමික හා ආගමික නොවන උත්සව කන්දරාවක් තිබේ.
👉 ඒ බොහොමයක් විද්‍යාත්මක හෝ තර්කානුකූල දේ නොවුණද විද්‍යාවේ දියුණුවෙන් ඉහළටම ගිය ලෝකයේ මිනිස්සු තවමත් පැරණි ආගම් හෝ ඇදහිලි මත පදනම් වූ කාරණා වෙනුවෙන් නානා මාදිලියේ උත්සව පවත්වති.
👉 විද්‍යාව දන්නා ජපානය තවමත් පැරණි අත්භූත කතාවක් මත පදනම් වූ ශිෂ්ණ උත්සවයක් සමරන අතර, ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයේ පුරුෂ ලිංගවල ආකෘති ඉදිකරමින් විනෝද වීම මේ පිළිබඳ අපූරු උදාහරණයකි.
👉 ලංකාවේ සිංහල අවුරුද්ද යනු මේ ආකාරයේ දෙවියන් භූතයන් හා බැඳුණු උත්සවයක් නොව පෙර කී සියල්ලට වඩා ස්වභාව ධර්මයේ නියාමයන් සමඟ බැඳුණු උත්සවයකි. (ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කළ හැකිය.) එසේ වුවද අන් කිසිදු දේවවාදී ආගමක පවා නැති ආකාරයට සිංහල අවුරුද්දේ විද්‍යාත්මක බව ගැන පමණක් ප්‍රශ්න අසන සිංහල උගතුන් මෙරට බොහෝය.
👉 සැබවින්ම ඔවුන්ගේ හැසිරීම තුළ ඇත්තේ විද්‍යාව, ආගම, සංස්කෘතිය, මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය ගැන කිසිදු අවබෝධයකින් තොර ළාමක මුග්ධ බවක් මිස කිසිදු ආකාරයක විද්වත් බවක් නොවේ.
👉 ලෝකයේ සැබවින්ම විද්‍යාව දන්නා මිනිසුන් විද්‍යාව විද්‍යාව ලෙසත්, ආගම ආගම ලෙසත්, සංස්කෘතිය සංස්කෘතිය ලෙසත් පවත්වා ගත්තද, විද්‍යාත්මක දියුණුව අතින් ඉතා පහළ තැනක සිටින ලංකාවේ හීනමාන උගතුන් පමණක් සිය අනුකාරක විද්‍යාවේ පොල් කටුවෙන් ලෝකය වැසීමට උත්සාහ කරති.
👉 සංස්කෘතිය යනු විද්‍යාවේ අඩි කෝදුවෙන් පමණක් මැන බැලිය නොහැක්කක් බව ඔවුහු නොදනිති.
👉 විද්‍යාවේ දියුණුව සමඟ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන් සපුරා අහෝසි වී යනු ඇතැයි සිතීම යල් පැන ගිය ගල් යුගයේ මතවාදයක් බව ඔවුහු නොදනිති.
👉 ආගම් හා විද්‍යාව අතර පැරණි ලෝකයේ පැවති මාරාන්තික ගැටුම වෙනුවට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමික අයිතීන්ට ගරු කිරීම නූතන ලෝකයේ පිළිගත් මානව ආචාර ධර්මයක් බව ඔවුහු නොදනිති.
👉 ආගම් පමණක් නොව බොහෝ ආගමික නොවන සංස්කෘතික ක්‍රියාකාරකම්ද ඊනියා තර්ක බුද්ධියට අදාළ නොවන දේ බව ඔවුහු නොදනිති.
👉 මිනිසා යනු තර්කයෙන් බුද්ධියෙන් සියල්ල මැන බලනා මහදැනමුත්තෙකු නොව සිය තර්කයේ බුද්ධියේ සියලු බලය අතාර්කික ආශාවන් වෙනුවෙන් නාස්ති කර මිය ඇදෙන ජාගර ජීවියෙකු බව ඔවුහු නොදනිති.
👉 යමෙකු අහස ජය ගැනීමට පෙර තම මවු ඇකයෙන් පෝෂණය වී දෙපයින් සිට ගැනීමට සමත් විය යුතුය.
👉 තමන්ගේ සම්ප්‍රදාය සංස්කෘතිය වනාහී රටක් වශයෙන් අප පෝෂණය ලබන මවු ඇකයයි. එයට පහර දී බෝම්බ ගසා දෙපයින් සිට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත.
👉 විද්‍යාව, තාක්ෂණය ඔස්සේ අහස ජය ගැනීමට හැකි වන්නේ සම්ප්‍රදායෙන් සංස්කෘතියෙන් නිසි පෝෂණය ලැබූ මානසිකව සවිමත් ජාතියකට මිස විද්‍යාවේ සැතින් අධ්‍යාත්මය සිඳ ගත් හිස් බුද්ධිවාදීන්ට නොවේ.
👉 විද්‍යාත්මක දැනුම ගැන වහසි දොඩන්නන් මිස, විද්‍යාවේ, තාක්ෂණයේ, ආර්ථිකයේ මහා ජයග්‍රහණ ලැබීමට අපට හැකි වී නැත්තේ කුමක් නිසාද?
👉 ඊට හේතු බොහෝ තිබිය හැකි වුවද තමන්ගේ පදනම මත පා තබා ගත නොහැකි වීමද එහි එක් හේතුවක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුමය.
ඉසුරු ප්‍රසංග

2 months, 2 weeks ago
🇱🇰🔍Cylone Tube | දැනුමට යමක් 🌎🚀
2 months, 3 weeks ago

သင်္ကြန် - තින්ග්‍යාන් උත්සවය හෙවත් බුරුම නව වසර
------------------------------------------
හිසට ඉහළින් කුඩා සීනු හඬ නංවයි.දහස් ගණන් පහන් එළි දැල්වෙන අතර සුවඳ ධූමයන්හි ගන්ධය අවකාශය සිසාරා පැතිරයයි.
දුඹුරු පැහැ සිවුරු පොරවාගත් භික්ෂූන් පෙළ සැදී වැඩම කරන අතර තරුණියන් සිය ගණනක් ගෙවීයන වසරේ පවු ඉවත් කරගැනීමේ අභිප්‍රායෙන් කොසු අතැතිව සෑ මළුව ඇමදීමට සූදානමින් සිටිති.
මේ ශවේදගොන් පාය පැගෝඩාව ( පැගෝඩා = ස්ථූපයට කියනා තවත් නමකි).නව වසරට සූදානම් වන ආකාරයයි.රන් පැගෝඩාව ලෙස අනවර්ථ නාමයෙන් හඳුන්වන මෙම මහා ස්ථූපය.අවට රනින් බබලවමින් මියන්මාරයේ යැංගොන් නගරය මධ්‍යයේ වැඩ සිටී.මියන්මාරය හෙවත් බුරුමයේ ජාතික සංකේතය වන්නේ මෙයයි.
බුරුමයේ ඉතා වැදගත් සුවිශේෂීම උත්සවය
සෑම වසරකම අප්‍රේල් මස 13 සිට 16 දක්වා බෞද්ධ ආභාශය ගත් තින්ග්‍යාන් (သင်္ကြန်) හෙවත් බුරුම නව අවුරුද්ද මියන්මාර් ජනතාව ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
තින්ග්‍යාන් උත්සවයේ නිධාන කතාව.
----------------------------------------
තින්ග්‍යාන් උත්සවයේ නිධාන කතාවට හේතු පාදක වනුයේ බෞද්ධ ආභාශය ගත් හින්දු කතාවකි.
එක් අවධියක බ්‍රහ්මයන්ගේ අධිපති වූ අර්සි සහ දෙවියන්ගේ අධිපතිවූ ශක්‍ර දෙවිඳුන් (သိကြားမင်း - ඉන්ද්‍ර /ශක්‍ර ) හා ඔට්ටුවක් දැමුවේය.එහි කොන්දේසිය වූවේ පරාජිතයාගේ හිස ගසා දැමීමයි.අවසානයේ ඔට්ටුවෙන් අර්සි බ්‍රහ්මයා පරාජය වූ අතර කොන්දේසි ප්‍රකාරව ඔහුගේ හිස ගසා දැමුණි.ඉතිරි වූ ක්වන්ධයට ඇතෙකුගේ හිසක් සම්බන්ධ කළ අතර එමගින් ගනේශ දෙවිඳුන් උපත ලැබීය.
නමුත් එක් ගැටළුවක් විය,බ්‍රහ්මයාගේ බලගතු වූ අතර ඔහුගේ හිස සාගරයට දැමුවහොත් සාගරය වියළී යයි.පොළව මතට දැමුවහොත් පොළව විනාශ වේ.ආකාශයට දැමුවහොත් ආකාශය ගින්නෙන් වැසී යනු ඇත.
මීට පිලියමක් සෙවූ ශක්‍ර දෙවියන්,අර්සි බ්‍රහ්මයාගේ හිස දෙවඟනන් දෙදෙනෙකු වෙත භාර කළහ.එක් දෙවඟනක මාස දොළහක කාලයක් හිස තමා සන්තකයේ තබාගෙන තිබිය යුතු අතර එම කාලසීමාවට පසුව අනෙකා වෙත හිස ලබාදිය යුතුය.එසේ හුවමාරු කරන අවස්ථාවේ නව වසරක උදාව සිදුවේ.
තින්‍ග්‍යාන් උත්සවය
---------------------
බෞද්ධයන් මෙදින උදෑසන බුද්ධ වන්දනය සිදුකර,අෂ්ඨාංග ශීලය සමාදන් වීම සිදුකිරීම හා විහාරස්ථාන තුළ වැඩ වසන භික්ෂූන් හට දන් පිලිගැන්වීම සිදුකරයි.
මෙම තින්ග්‍යාන් දිනය ආ-ක්‍යා-නෙයි ( A-kya-nei ) හෙවත් ශක්‍ර දෙවිදුන්ගේ දිනය යනුවෙන්ද හදුන්වන නිසා ඔහුට උපහාර ලෙස පරිසරය ජලය ගසා තෙත් කිරීම සිදුකරයි.මීට අමතරව සමස්ත මියන්මාරය පුරා ජනතාව බුද්ධ ප්‍රතිමාව ජලයෙන් දෝවනය කර ජල උත්සවය ආරම්භ කරන අතර පසුව එකිනෙකාට ජලය ගසා ගනිමින් ප්‍රීති වීම සිදුවේ.මෙසේ ජලය ගසා ගැනීමෙන් ගෙවීගිය වසරේ පාපයන් සෝදා හැරීම අභිප්‍රාය වේ.

2 months, 3 weeks ago
🇱🇰🔍Cylone Tube | දැනුමට යමක් 🌎🚀
2 months, 3 weeks ago

2024 දී ලෝකයේ මධ්‍යසාර නොවන හොඳම පාන වර්ග 10,
1.🇲🇽 Aguas Frescas
2.🇮🇳 Mango Lassi
3.🇱🇰 Ceylon Black Tea ❤️❤️
4.🇮🇳 Chai masala
5.🇬🇷 Espresso freddo
6.🇨🇴 Lulada
7.🇻🇪 Papelón con Limón
8.🇯🇵 Hōjicha
9.🇹🇭 Thai Iced Tea
10.🇨🇺 Café Cubano
(tasteatlas)
Shone Waik

3 months ago

මධ්‍යකාලීන යුරෝපයේ ජනඝන්ත්වයෙන් අධික නාගරික ප්‍රදේශ කියන්නේ සම්පූරණයෙන්ම සනීපාරක්ෂක පහසුකම් නැතිව තිබූ කාලයක්. සාමාන්‍යෙන් 700 ක්‍රි.ව සිට 1600 ක්‍රී. ව දක්වා කාලය මධ්‍යකාලීන යුගය කියලා සලකනවා.
විශේෂයෙන්ම මේ ජනයා අධික නගරවල අපිරිසිදු කාණු පද්ධති, ඌරන්, එළුවන් වැනි සතුන්ගේ මළ අපද්‍රව විතරක් නෙමෙයි මිනිස් මළපහත් උදෑසනට පිරිලා තිබිලා තියෙනවා. ජනගහනය අධික වීමත් නිසා වැසිකිළි පහසුකම් එහෙම තිබිලම නැති තරම්. බකට් වලින් මළපහ විසි කිරීම තමයි සිරිත.එක්තරා කාල වකවානු වල ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍රා කිරීම සහ මළ පහ කිරිමත් පොදුවේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සුලබ දසුනක් වෙලා තියෙනවා.සාමාන්‍යයෙන් දිනකට මුත්‍රා ලීටර් දස දහස් ගණනින් නගරයට එකතු වෙලා තියෙනවා.මේවා කිසිම කාණු පද්ධතියක් තුලින් නිවැරදිව බැහැර වෙලා නෑ. දුර්ගන්ධය කොහොම වෙන්න ඇතිද.
අද හයි හීල්ස් දාන්නේ කාන්තාවන් වුණාට එදා ගැහුනු පිරිමි දෙපාර්ශ්වයම හයි හීල්ස් දැම්මා. ඒකට එක් හේතුවක් තමයි මේ පාරවල් වල පිරිලා තිබුණු මිනිස් මළ ද්‍රව්‍ය, සත්ව කොටස්,කුණු වූ එළවළු වගේ ජරාව පාද වල ගැවීම වලකන්න.
ඒ වගේම එකල කාන්තාවෝ ඇඳපු විශාල ගවුම් විලාසිතාව ජනප්‍රියයි. ගවුමේ ඉඟ හරියෙන් පහත කොටස විශාල වීම නිසා බොහෝ වෙලාවට කාන්තාවන් හට සිටගෙන කාටත් නොදැනී අදාල ශරීර කෘත්‍ය කරගන්න පහසුවක් වෙලා තියනවා.
මේ ආකාරයෙන් ජරාවට පත් වු නගරවලින් නිකුත් වුණු අධික දුර්ගන්ධය නිසා සෙන්ට් වර්ග නිෂ්පාදනය ඉහළ යන්නත් හේතු වෙලා තියෙනවා.රජු මැදිහත් වෙලා නගර වල අපිරිස්දූ ගන්ධය නැතිකරන ක්‍රමයක් හොයන්න කියලා ඉල්ලපු අවස්ථාන් ද තිබිලා තියෙනවා.
මේක මධ්‍යකාලීන යුරෝපයේ ගොඩක් ප්‍රදේශවල පමණක් නොවෙයි ගොඩක් වේලාවට්ට කාර්මික යුගය ආරම්භ වෙනකොටත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල තිබුණා.
අද ප්‍රංශය, ලන්ඩන් වුණත් එකල filthy cities කියලා තමයි හැඳින්වුනේ. මේ නිසාම මධ්‍යකාලීන යුරෝපයේ ඇති වූ වසංගත ගොඩ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. පාචනය, කොලරාව,අතීසාරය වගේ ඒවගෙන් පටන් අරන් ලක්ෂ ගණන් මියගිය බ්ලැක් death කියන භයානක වසන්ගත පවා ඇති වුණු එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ
මේක බොරු කරුණක් නොවෙයි. ඒ වගේම මේ ගැන පොඩි අයිඩීහා එකක් ගන්න BBC එකෙන් කරපු filthy cities කියලා පොඩි මිනි සිරිස් එකකුත් මේ ගැන තියෙනවා.
ඇත්තමට මේ ජරා ජීර්ණ සනීපර්ක්ෂන ක්‍රම නැති ඒව වාර්තා වෙන්නේ මෑත යුගයෙන්. මෑත කිව්වේ මධ්‍යකාලීන යුගයට. විශේෂයෙන්ම මුල් රෝම යුගයේ මෙවැනි තත්ත්ව වාර්තා වෙනවා අඩුයි.

4 months, 3 weeks ago

ඉතිහාස මීම් 1

1630 දී පෘතුගීසී සෙන්පති "කොන්ස්තන්ති නූ ද සා" විසින් ගෝවේ සිටි පෘතුගාල ආණ්ඩුකාරයාගේ අණ පරිදි පෘතුග්‍රීසි සෙබලුන් 1500ක් සහ ස්වදේශික සෙබලුන් 20000 ක් රැගෙන ගම් බිම් වනසා වනසා දරුණු ආක්‍රමණයක යෙදෙමින් සිංහල රජු අල්වා ගැනීම සදහා උඩරට කරා පැමිනෙනවා..
මොවුන් මෙසේ පැමිණෙද්දී උපක්‍රමශීලී ලෙස සිංහල සේනාව සමග "සෙනරත්" රජු ඌව ප්‍රදේශයේ පිහිටි එක්තරා කන්දක් උඩට පසු බසිනවා. පෘතුග්‍රීසි සෙන්පති සිංහල සේනාව පසුබසින සැටි දැක ජයග්‍රාහි විලාශයෙන් රජු සහ සිංහල සේනාව අල්වා ගැනීම සදහා කන්ද උඩට තම පිරිස මෙහෙයවන වා.
මෙවිට ඒ කන්දෙන් පලායන රජු සහ සේනාව පෘතුග්‍රීසි සෙන්පති සහ පරංගි හමුදාව කන්ද උඩ දෙදිනක් විවේක ගනිද්දී එම කන්ද හතර වටින් වටලනවා.
සිව්දිගින් පැමිනි සිංහල සෙන්පතීන් සහ සේනාව දුටු කොන්ස්තන්ති නූ ද සා තමන්ගේ අවසානය පැමිණ ඇති බව තේරුම් ගන්නවා.
" නුඹලා මෙතුවක් කල් සටන් කරේ තමන්ගේ අභිමානය උදෙසායි... නමුත් අද නුඹලා ට සටන් කරන්න වන්නේ තමන්ගේ ජීවිතය රැකගැනීමටයි...මේ සටන කෙලවර වන්නේ ජයග්‍රහණය හෝ මරණය යන දෙකින් එකකින්"
මෙසේ තම හමුදාවට ප්‍රකාශ කල පරංගි සෙන්පතිවරයා දින තුනකට පමණක් සෑහෙන බඩු භාන්ඩ ආදිය හැර අන් සියලු දෙයක්ම විනාශ කරන ලෙස අණකරනවා.
එදින රාත්‍රිය පරංගි හමුදාව කොතරම් බියකින් ගතකරේ ද කියනවා නම් තමන් ගෙ වරදවල් දෙවියන්ගෙන් කමා කරගනිමින් රාත්‍රිය ගත කරනවා.
පසු දින සිදුවූ දරුණු සටනින් පසු සෙන්පති කොන්ස්තන්ති සහ පරංගි හමුදාව සමූල ඝාතනය වෙනවා.
මේ ජයග්‍රහණයෙන් උදම් වූ සෙනරත් රජු සහ සිංහල සේනාව මහවැලි ගග අවට තිබූ සියලු පරංගි කදවුරු විනාශ කර දමා සතර කෝරළයෙන්ම පරංගීන් කොළඹ කොටුව දක්වා එලවා දමනවා.

5 months ago
  1. Maggie එක Kottu Mee එකට competition එකක් දෙන්න ගේන හැම product එකම වගේ ගොඩක් දුරට price එකෙන් වැඩියි. මිනිස්සුන්ට එතනම entey barrier එකක් හැදිල ඉවරයි.
    මම හිතනවා ගොඩක් දෙනෙක් කරන්න බෑ කියල හිතන් හිටිය දෙයක්, ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ ඔළුවෙ register වුන brand එකක් replace කරන්න පුළුවන් කියන එක ඔයාට මේ බිස්නස් කතන්දරෙන් තේරෙන්න ඇති. එහෙනම් එච්චරයි!
    Again - මම මේකෙදි ලිව්වෙ මට සාමාන්‍යයෙන් පිටින් බැලුවම පේන points වලිනුත් කිහිපයක්. තව ගොඩක් facts මේක ඇතුලෙ තියන්න පුළුවන්. කොහොම උනත් මේ points ටිකත් හොඳටම ඇති brand එකක් replace කරන එක Impossible දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න.
    මේවගේ Business Kathandara තව ඕනෙනම්, මතක ඇතිව මගෙ profile එක follow කරල තියාගන්න!
    ලංකාවෙ බිස්නස් වලට ජයවේවා!
5 months ago

මිනිස්සුන්ගෙ ඔලුවෙ රෙජිස්ටර් වුන සන්නාමයක් රීප්ලේස් කරන්නෙ කොහොමද?
Maggie සිට Kottu Mee දක්වා කතාව!
ලංකාවෙ මිනිස්සු Instant noodles කියල දෙයක් දැනගන්නෙ එක්දාස් නවසිය ගනන් වල අගදි. ඒ 1964 දි Nestle සමාගම Maggie brand එක ලංකාවෙ launch කරාට පස්සෙ. එච්චරම busy life එකක් තිබ්බෙ නැති ලංකාවෙ මිනිස්සු ටික ටික බිසී වෙන්න ගත්තෙ ඔය කාලෙදි. Maggie Noodles ඇණේ ගැහුවෙ ඒ busy life එකට. ඒක තමා Maggie ලෝකෙ පුරාම පාවිච්චි කරපු point එක.
ගෙදර හදාගන්න කෑම කියන එකට මුල් තැනක් දුන්න ලංකාව, ඉන්දියාව වගේ රටවල් වලටත් Maggie කියන එක හොඳ option එකක් කරන්න Nestle එකට පුළුවන් උනා. ඒ 2-minutes noodles කියන concept එකෙන්. Maggie කොහොමද ඉන්දියාවෙ market එක ඇල්ලුවෙ කියන එක ගැන හොඳ විස්තරාත්මක පැහැදිලිකිරීමක් තියෙනව Mushthaq Idroos කරන වීඩියෝ එකක. ඒක බලන්න Simplebooks channel එකේ.
ඔය මාකටින් කැම්පේන් නිසාම අදටත් ඉන්දියාවෙ මිනිස්සු instant noodles ඕන එකකට කියන්නෙ Maggie කියලා. ලංකාවෙ මිනිස්සුත් මෑතක් වෙනකන් එහෙම කලා. ඒත් ඒක දැන් වෙනස්! දැන් මිනිස්සු instant noodles වලට කියන්නෙ Kottu Mee කියලා!
අච්චර ලොකු economy එකක් තියන ඉන්දියාවට බැරි උනා තමන්ගෙ රට ඇතුලෙ Maggie එකට හොඳ competition එකක් දෙන්න පුළුවන් noodles brand එකක් හදන්න. ඒත් ලංකාවෙ කතාව ඊට වෙනස් උනා. මිනිස්සුන්ගෙ ඔලුවෙ register වෙලා තිබ්බ Maggie වෙනුවට Kottu Mee replace කරන්න Prima එකට ගියේ දශකයකටත් වඩා අඩු කාලයක්. (Prima 100% ශ්‍රී ලාංකික සමාගමක් නෙවෙයි. විදේශීය කොටස් හිමිකාරීත්වය සහිත සමාගමක්. ඒකෙ ලංකාවෙ operations වෙන්නෙ Prima Ceylon නම යටතෙ.)
DISCLAIMER: මෙතනින් එහාට ලියන්නෙ මේ Case study එකේදි මට පිටින් බැලුවම පේන කරුණු. ඇත්ත සිද්ධි වල මේව වගේම වෙනත් විස්තරත් තියෙන්න පුළුවන්. ඒ ගැන idea එකක් තියෙන අය ඉන්නව නම් පහලින් comment එකක් දාන්න.
---------------
කොහොමද Kottu Mee එක Maggie replace කලේ?
1. Brand Name - සරලවම ඒ Instant nooodles brand එකට නම දැම්මෙ ලංකාවෙ මිනිස්සුන්ට ජාතික ආහාරය වගේ වුන 'කොත්තු' කියන එකත් එක්ක. එතනම ලොකු miles ගානක් Kottu Mee එක Maggie වලට වඩා ඉස්සරහයින්.
2. Interest -Maggie වලට වඩා Kottu mee brand එක මිනිස්සුන්ගෙ පුරුදු වලට reach උනා. ලංකාවෙ මිනිස්සු එකට එකතු කරන්න පුළුවන්, වැඩි පිරිසක් එක category එක්කට ගොනු කර ගන්න පුළුවන් හොඳම point එක. Kottu Mee brand එකක් හැටියට ඒ නිලේ හොඳටම ඇල්ලුවා. පටන් ගත්ත දවසෙ ඉඳන් මේ වෙනකන්ම එයාලගෙ marketing campaign වල වැඩි කොටසක් cricket එක්ක සෙට් වෙලා තියෙනව. ඒවගේම Youth එකට සෙට් වෙන party vibe එක වගේ ඒවත් Maggie marketing campaign වල main point එකක්.
3. Target audience - Maggie එකේ main target audience එක උනේ Buying power එකක් නැති පොඩි ළමයි. (දෙමව්පියොන්ටත් ads target වෙනවා) අන්තිමෙදි කොහොම උනත් පොඩි එවුන්‍ට Maggie එකක් කන්න ඕනෙ නම් අම්මලට වදයක් දීලා කීයක් හරි ඉල්ලගන්න ඕනෙ. හැබැයි Kottu Mee target කලේ buying power එකක් තියෙන youth audience එකට.
4. Taste - Maggie ටිකිරි product එක තනිකරම පොඩි ළමයි target කරපු නිසා ඒකෙ රස ගොඩක් balance රසක්. සැරක් නැති තරම්. හැබැයි ලංකාව් කියන්නෙ සාමාන්‍ය වයසෙ පොඩි ළමයි ඉදන් සැරට කන්න පුරුදු වුන රටක්. Kottu Mee කියන එක මුල ඉඳන්ම ආවෙ සැරට. ඒක ලංකාවෙ මිනිස්සුන්ගෙ taste buds වලට ඉක්මනින් සෙට් උනා. දැන් Maggie brand එකත් Maggie Papare Kottu,Maggie Kottu, Maggie Daiya වගේ නම් වලින් ලංකාවෙ taste එකට reach වෙන්න products ගෙනාවත් ඒ හැම එකම fail. ඒව කාල බලල තියෙන අය අදහස comment කරගෙන යන්න.
5. Portion - පොදුවෙ හැමෝම මුලින්ම දැනගත්ත Maggie ටිකිරි product එක පොඩි ළමයි target කරපු නිසා ඒකෙ තිබ්බෙ 50G වහේ portion එකක්. සාමාන්‍ය වැඩිහිටියෙක් ඒක කනව නම් පැකට් දෙකක්වත් කන්න ඕනෙ. ඒත් Kottu Mee ආවෙම 80G වගේ size එකකින්. ඒක සාමාන්‍ය වැඩිහිටි කෙනෙක්ට ප්‍රමාණවත්. ඒ portion size එක ගැන ඔයාගෙ අදහස මොකක්ද?
---------------------------
Kottu Mee එක ලංකාවෙ මිනිස්සුන්ට පත්තියං වෙන්න ගත්ත කාලෙ ඉඳන් මේ වෙනකන්ම Maggie brand එකට බැරි වෙලා තියෙනවා Kottu Mee එකට කරට කර තරඟයක් දෙන්න. ඇත්තටම Nestle කියන්නෙ ලෝකෙ food and beverage category එකේ giant කෙනෙක්. එහෙම වෙලත් ඇයි? ඇතුලෙ තියෙන කතන්දර මොනවද කියල හරියටම දන්නෙ නැති උනත්, මට පිටින් පේන හේතු කීපයක් තියෙනවා. ඒතමයි,
1. Kottu Me එක ලංකාවෙමිනිස්සුන්ගෙ නිල හරියටම අල්ලපු එක. Brand name එකේ ඉඳලා taste එක, target audience එක දක්වා හැම point එකම Kottu Mee win කලා.
2. පොදුවෙ දෙපාර්ශවයම කරන marketing campaign ගත්තත් Maggie කරන වියදමට වඩා අඩු වියදමක් Kottu Me කලත්, දැන් Kottu Mee එකට හැදිල තියෙන brand loyality එකට reach වෙන්න Maggie එකට අමාරුයි.

6 months, 3 weeks ago
රටරටවල විවිධ හැඩයේ ස්ථූපයන්

රටරටවල විවිධ හැඩයේ ස්ථූපයන්
Several forms of stupa in Asia
🇮🇳🇱🇰🇹🇭🇱🇦🇲🇲🇰🇭🇳🇵🇧🇹🇯🇵🇨🇳🇹🇼🇮🇩
#Asia #Stupa #building

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 18 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 2 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago