Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Telegram Info Sinhala

Description
@tginfo හි සිංහල අනුවාදයයි

සියලුම බීටා විස්තර සඳහා: @betainfosi

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 Monat her

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 1 Monat, 3 Wochen her

📣 BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
📣How to use free internet-: https://t.me/DR_EHI_TEAM/12429

Last updated 6 Tage, 6 Stunden her

6 days, 5 hours ago
**Telegram වලට** **Official Microsoft Copilot Bot**

Telegram වලට Official Microsoft Copilot Bot

මයික්‍රොසොෆ්ට් සිය AI සෙවුම් චැට්බෝට්, කොපිලොට් සඳහා නිල බොට් එකක් දියත් කර ඇති බව පෙනේ:
https://www.microsoft.com/en-us/edge/copilot-for-social

බොට් එක භාවිතා කිරීමට, ඔබ එය සමඟ ඔබේ දුරකථන අංකය share කර ගත යුතුය. මේ ආකාරයෙන්, Copilot ඔබේ රට verify කරයි. ඔබගේ දුරකතන අංකය ඉරානය සහ රුසියාව වැනි සහය නොදක්වන කලාපයකින් නම් එය වැඩ කිරීම ප්‍රතික්ෂේප කරනු ඇත.

බොට් වෙබ් අනුවාදයට සමානව links සහිත ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වයි. සහාය දක්වන links instant view ආකෘතියෙන් පෙන්වනු ලැබේ.

බොට් හට සීමාවක් ඇති අතර ඔබට දිනකට පණිවිඩ 30කට වඩා යැවිය නොහැක.

ඔබට එය මෙතැනින් උත්සාහ කළ හැකිය: @CopilotOfficialBot.

1 week, 1 day ago

තම නව මුදල් ඒකකය වන Telegram Stars භාවිතයෙන් Paid Features විකුණන ලෙස Telegram සියළුම Bot Developerලා ගෙන් ඉල්ලා සිටී.

Telegram විසින් බොට් සංවර්ධකයින්ට පණිවිඩ යවමින් කියා සිටින්නේ, ඩිජිටල් භාණ්ඩ සහ සේවා සඳහා ගෙවීම් ලබන ඕනෑම තෙවන පාර්ශවීය ගෙවීම් සේවාවක් Telegram Stars වෙත මාරු කිරීමට ඔවුන්ට අවශ්‍ය වන බවයි. ඒ සදහා ජූනි 12 වෙනිදා තෙක් සති තුනක කාලසීමාවක් ඇත. Apple සහ එහි App Store guidelines වල පීඩනය හේතුවෙන් මෙම තීරණය ගත් බව Telegram තවදුරටත් පැහැදිලි කරයි.

මෙම නව නීති, සංවර්ධකයින්ට නොයෙකුත් ආකාරයෙන් කනස්සල්ලට හේතු වී ඇත. විශේෂයෙන්ම සංවර්ධකයින්ට තම ගෙවීම් TON හරහා පමණක් ලැබෙනු ඇත. @tginfosi කණ්ඩායම Telegram Stars ගැන අප දන්නා සෑම දෙයක්ම සහ සංවර්ධකයන්ට ඇති ප්‍රශ්න සහ ගැටලු පිලිබදව ඔබව දැනුවත් කරනු ඇත.

මෙම වෙනස්වීම පිළිබඳව ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට අපි bot developersලා හට ආරාධනා කරමු.

https://tginfo.me/telegram-stars-en/

Telegram Info

Pressured by Apple, Telegram Forces Bot and Mini-App Developers to Accept Payments for Paid Features in Its New Currency — Telegram…

All bots must sell their paid features in a new currency — Telegram Stars. What does it mean?

**තම නව මුදල් ඒකකය වන Telegram Stars භාවිතයෙන් Paid Features විකුණන ලෙස Telegram සියළුම Bot Developerලා ගෙන් ඉල්ලා සිටී.**
1 month, 1 week ago
3 months, 1 week ago
SMS කේත යැවීමට Telegram වෙත සහය …

SMS කේත යැවීමට Telegram වෙත සහය වීමෙන් Telegram Premium ලබා ගැනීමට අවස්තාව

Telegram පරිශීලකයින්ට වෙනත් Telegram පරිශීලකයින්ට OTP කේත ලබාගැනීමට තම දුරකතන අංකය භාවිතා කිරීමට Telegram වෙත අවසර දීමෙන් Telegram Premium ලබාගත හැකි නව ක්‍රමවේදයක් Telegram විසින් දියත් කර තිබෙනවා.ඉන්දුනීසියානු පරිශීලකයෙකු විසින් මෙම විශේෂාංගය පිළිබඳ Screenshot එකක් @tginfoen වෙත එවා තිබෙනවා.

මෙම විශේෂාංගය “Peer-to-Peer Login Program” ලෙස හඳුන්වන අතර මෙය අදාල නියමයන් සහ කොන්දේසිද Telegram විසින් publish කර තිබෙනවා.

Telegram විසින් දන්වන ආකාරයට තෝරගත් රටවල් කිහිපයකට පමණක් මෙම සේවාවට සහභාගී වීමට අවස්තාව ලැබෙන අතර මෙයට දායක වන පරිශීලකයින්ගේ දුරකතන අංකය භාවිතයෙන් ඔහුගේ වියදමෙන් උපරිමය SMS 150 කට යටත්ව Telegram විසින් අලුතෙන් Log වෙන පරිශීලකයින් වෙත OTP යැවීමට බලාපොරොත්තු වෙයි.පරිශීලකයා අවම වශයෙන් යැවිය යුතු SMS සංඛ්‍යාව සම්පූර්ණ කළ විට ඔහුට Telegram Premium Gift Code එකක් ලැබෙන අතර SMS යැවීම සඳහා යන වියදම් පරිශීලකයා විසින් දැරිය යුතු වෙයි.

මෙහිදී OTP ලබන්නාට SMS එක වෙනත් පරිශීලකයෙකු තමා වෙත එය එවූ ලෙස පෙනෙන අතර එම දුරකතන අංකයද දිස් වේ.

මෙම සේවාව Android පරිශීලකයින් වෙත පමණක් මේ වන විට ක්‍රියාත්මක වෙයි.

කෙසේවෙතත් මෙම සේවාව ඉන්දුනීසියාව වැනි SMS පිරිවැය අධික රටවලට ක්‍රියාත්මක වේ යැයි අනුමාන කළ හැක.

#P2PL #Premium

4 months ago
**දැනුම්දීමකින් තොරව Telegram ගිණුමක් නිර්මාණය කිරීම**

දැනුම්දීමකින් තොරව Telegram ගිණුමක් නිර්මාණය කිරීම

Telegram නිල පරිවර්තන වේදිකාවේ, "Contact joined Telegram" බව පරිශීලකයින්ට දැනුම් දීමේ විශේෂාංගය අක්‍රිය කිරීම පිළිබඳ තොරතුරු දර්ශනය විය.

#iOS

4 months ago
***⭐*** **Telegram හි stories වල ගුණාත්මකභාවය …

Telegram හි stories වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම

Telegram නිල පරිවර්තන වේදිකාවේ, @tginfo දකින්නේ Telegram Premium ඇති පරිශීලකයින්ට ඉහළ ගුණත්වයෙන් stories බැලීමට හැකි වනු ඇති බවයි.

එය වේගයෙන් load කිරීම සඳහා storiesවල රූපයේ ගුණාත්මක භාවය අඩු කර තෝරා ගැනීමේ හැකියාව ගැනද එහි සඳහන් විය. මෙය හරියටම ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තවමත් නොදනී.

#Android

4 months, 2 weeks ago
***⭐*** **පුද්ගලික පණිවිඩ ලැබිය හැක්කේ කාගෙන්ද …

පුද්ගලික පණිවිඩ ලැබිය හැක්කේ කාගෙන්ද යන්න සීමා කිරීමේ හැකියාව

ටෙලිග්‍රෑම් Premium නොමැති පරිශීලකයින්ගෙන් පුද්ගලික පණිවිඩ පැමිණීම වැළැක්වීමට හැකි නවතම විශේෂාංගයක් සූදානම් කරමින් සිටින බවට ඉඟි කරන iOS සඳහා වූ ටෙලිග්‍රෑම් source code හි වෙනස්කමක් සිදු වී ඇත.

මෙම privacy settings හි නම "Who can write to me" ලෙස එහි සඳහන් වී ඇත. ඔබට පුද්ගලික පණිවිඩ එවිය හැක්කේ කුමන පරිශීලකයින්ගෙන්ද යන්න තෝරා ගැනීමට මෙමගින් ඔබට හැකියාව ලැබේ: "Everyone" හෝ "Contacts and Premium" යන option පමණක් මෙහි අඩංගු වී ඇත.

අනාගතයේදී මෙම විශේෂාංගය භාවිතා කළ හැක්කේ Premium සහිත පරිශීලකයින්ට පමණක් බව දැනට අපට තීරණය කල හැක.

නමුත්, දැනට ටෙලිග්‍රෑම් කේතයේ මෙම විශේෂාංගය පිළිබඳ සඳහනක් පමණක් හමු වී ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර එය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත, එබැවින් විශේෂාංගයේ අවසාන අනුවාදයේ යම් වෙනස්කම් තිබිය හැකිය.

#iOS

4 months, 2 weeks ago

Self-destructing Video Messages සහ Recording අතරතුර Pause කිරීම

ඉදිරි Telegram යාවත්කාලීනයේදී, එක් වරක් පමණක් නැරඹිය හැකි වීඩියෝ පණිවිඩ යැවීමට හැකි වනු ඇත. මීට පෙර, හඬ පණිවිඩ සඳහා සමාන විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.

මීට අමතරව, හඬ සහ වීඩියෝ පණිවිඩ යන දෙකෙහිම පටිගත කිරීම pause කිරීමට option එකක් හඳුන්වා දෙනු ඇත.

6 months, 1 week ago
**Telegram නැවතත් US App Store හි …

Telegram නැවතත් US App Store හි ඉහළින්ම

Telegram Messenger දැන් US App Store හි Social Media කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටී. App එක දැනට Facebook, WhatsApp, Threads, Twitter, Signal සහ Discord වලට වඩා .ore downloads ලබා ගනී.

සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම්වල, Telegram ඉහළම 20 අතර සිටින අතර එහි සැලකිය යුතු තරඟකරුවන් අතර එය දෙවැනි වන්නේ ByteDance යෙදුම් (TikTok සහ CapCut) වලට පමණි.

Statista වාර්තාවන් අනුව පසුගිය වසරේ එක්සත් ජනපදය Telegram හි සිව්වන වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළ බවට පත් වූයේ Audience Growth Terms වලට අනුවය. ඒ ඉන්දියාව, රුසියාව සහ ඉන්දුනීසියාවට පිටුපසින්.

#statistics

6 months, 2 weeks ago

Apple Vision Pro Headset සඳහා ටෙලිග්‍රෑම් හඳුන්වා දෙයි.

පවෙල් ඩුරොව් විසින් VisionOS සඳහා ටෙලිග්‍රෑම් අතුරුමුහුණතක සංකල්පයක් ඉදිරිපත් කරන ලදී.

Apple ආයතනය මගින් වැඩි දියුණු කළ රියැලිටි හෙඩ්සෙට් එක ද 2024 දී නිකුත් කිරීමට නියමිතව තිබීම මෙයට හේතුවක් වේ.

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 Monat her

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 1 Monat, 3 Wochen her

📣 BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
📣How to use free internet-: https://t.me/DR_EHI_TEAM/12429

Last updated 6 Tage, 6 Stunden her